සමරණායකලාට කිසිදා බොල් පිනි බිඳුවක් විය නොහැක


                අපට සිංහල බෞද්ධ කියන නාමයෙන් හෝ  ඕල්කොට් නාමයෙන් ආ විවිධ කතන්දර බොහෝය. ඒවා ගැන හෙල බෞද්ධ විද්වතුන්ද කතාකර තිබෙන බව මාරස නොදන්නවා නොවේ. මස් මාලු කෑම ගැන බුදුනුවන් ගිහියන්ටවත් භීක්ෂූ භික්ෂූන් වහන්සේලාටවත් ඇවැත් පනවා නැත. මන්ද ගිහියන්ට අවවාද දුන් දේ කැටිකර ඇති මහා මංගල සූත්‍රය ගිහියන්ට ‌වචනයක් කතා කරන්නට ඉඩ දී නැත. පතිරූප දේශ වාසෝච කියමින් පරිසරයෙන් පටන්ගෙන ඒ අවසාන වන්නේ ගිහියන්ටද ‌බුද්ධ රාජ්‍යට ගිහියෙක් වශයෙන්ම සෝවාන් විය හැකි බව දේශනා කිරීමෙනි. කට පුරා, සිත පුරා මත් පැන් බී කසලයන් වල දමන තෙක් ශාඛ්‍යන් බලා සිටි සර්කානි සාඛ්‍යසිංහයන්ගේ මැස්සන් වහන කුනුවෙන්න පටන් ගත් මළ සිරුරද බුදුනුවන් විත් සිය දෑතින්ම මිහිදන් කළ බව සුජිත් අක්කර වන්ත ලියා තිබූ ආකාරය මාර බව මාරයා කීප විටක්ම ලියා තිබේ.  සර්කාණී  සුද්ධෝදනයන්ගේ  මළනුවන් වූ දෝතෝදනයන්ගේ පුතෙකි. බුදුනුවන්ගේ සහෝදරයෙකි. ඒකා බේබද්දෙක් වුවත් කිසිදු විට කිසිවක් එකතු කළේවත් කිසිවෙකුට ඊර්ෂියා කළේ නැත. ඇත්තටම සර්කානී සාඛ්‍යසිංහ වනාහී සෝවාන්ය. සර්කානී සෝවාන් ගාමීය. එනිසාම සර්කානී බුද්ධ රාජ්‍යයේය. බුද්ධ පුත්‍රයෙකුට  අගෞරව කිරීමට බුද්ධ සිතීමට අයිතියක් නැත. ‍
           සුජිත් අක්කරවත්ත නැමති ඉතිහාසය කවියෙන් ලියන කවියා මේ දේ කීප තැනකම නුවනින්  දැක සේම ලියා තිබෙන නිසා මා ඊට මහන්සි වීම විකාරයක් නිසා අනෙක් ඡේදයට පනිමි.

           දැන් බුදුනුවන්ට වඩා ලොකුවී තිබෙන්නේ දොස්තරලාය. ඉන්ජිනේරුවන්ය. ඊටත් වඩා ලොකු සාමනේරයන්ටත් වඩා පහත් යැයි සිතෙන දෙදහෙන් පසු තරුණ විය ලැබූ ටූ කේ භික්ෂූන් වහන්සේලා විවිධ මාතෘකා ගනිමින් බුදුදහම ගැන බුදුන් වදාල නැති කාරනා කියන්නේ තරුණ මදය නිසායැයි සිතම්.

           කොටින්ම මාරස දන්නා පමණින් සිංහල ‌බෞද්ධ බුදුදහම ලෝකයට යාමට මාර පොතක් වූ ධම්ම පදය අත තියාගෙන හිස ගසා දමන තැනට ගියේ වීර කැප්පැටිපොලය. ඒ ගියේ ධම්ම පදය කියවමිනි. අවසාන මොහොතට පෙර කැප්පැටිපොල තම මිතුරු  බුද්ධිමතකෙුට ඒ පොත දී මේ ඉන්ග්‍රීසියෙන් ප්‍රකාශ කරන්නට කී වදන හරිදැයි හොයන්නට අපේ යුගයේ මාරසද නාවුල ප්‍රදේශයේ කැප්පෙටිපොලගේ ඥාතීන් සොයා මෙහෙයුමක් කරන ලද්දේ ආතල් එකට කියා අද කියන්නට හැකිය. නමුදු ඒ වැරදිය. තව කෙකෙුට ඇවැසිනම් කිතල් එකට කියාද කිව හැකිය.

           කෙසේ හෝ කැප්පැටිපොළගේ අත් බඳින්නට හදන විට සුදු මහතුන්ගේද දෙනෙත් වල කඳුලුය. නමුත් කරන්නට දෙයක් නැත. ඒ දේශපාලනය නැමැති ප්‍රචන්ඩ කැත සංකල්ප වල නීතිය. සමාජවාදය යටතේ ෂා රජුගේ බල්ලාටද ‌රතු හමුදාව වෙඩි තබා ගාතනය කරන ලද බව සත්‍යක්නම් මේවා නිකම්ම නිකන් කතන්දර පමණි. මතක තබා ගත යුත්තේ තොපට එසේ වුවද සාමාන්‍ය අපට මේවා අනේක විධ ප්‍රශ්නයෝ නොව පිළිකුල් සහගත ප්‍රශ්නයන් බවය.

        මාරස ටූ කේ පරම්පරාව කීවේ 2000න් පසු තරුණ වියට පත්වූ කස්ටියට විනා කේ කේ ගේ අතුරු ශබ්ද කෝෂ වලින් නොවන්නේමය. එතනදීද කිසිවෙක් මාරසෙන් ප්‍රරස්නයක් අහන්නට හැකිය. ඇයි දැන් කේ කේ සහ ඉන් නිපන් ගැහුනුන් ප්‍රධාන සාහිත්‍ය ගැන මොකුත් නොලියන්නේ කියාය. කෙලින්ම ප්‍රරශ්නය එහෙන් මෙහෙන් ඇසෙනා කළ මාරසට දීමට පිළිතුරක් ඇත. 

          ඒකලා හේතුවාදය නිසා විශ්වාස නොකර නමුත් බරටන්ට් රසල් සමග එකම විශ්ව විද්‍යාලයේ සිට රසල්වත් හොල්මන්කළ අනන්තය දුටු මිනිසා නමින් පොස්ට් උඩ දමා වනන්නේය. ඒබ්‍රහම්ටී කොවූර්ගේත් ගුරුවරයා වූ බර්ටම් රසල් විශ්වයේ කළුවල හොයා ගැනීමට දායක වූ රාමනුජන්  සමග කතාවට ඒන්නේ නැත. නමුත් අපේ හේතුවාදී විද්වතුන් නලින්ද සිල්වාගේ නාත දෙවියන් සමග තර්ක කරන්නේ නිකන් විද්‍යාවේත් විද්‍යාවේ දෙවියන්ටද ඉහලින් සිටින මහා බ්‍රහ්මයන් වාගේය.

             මේ දිනවල රාම නුජන් අනන්තය සොයා ගිය මිනිසා විදිහට පෝස්ටුවක් ඊ පවුරේ පල වන්නේ නිකන් මහා උජාරුවෙනි. රාමනුජන් ගැන උන්ම කළ සිනමා කෘතියනම් මාරය. හේතුවාදීන් කළ යුත්තේ මේ සැබෑ රාම නුජන් චිත්‍රපටයේ ශ්‍රිත සම්බන්ධව රාමනුජන්ව රසල්ට නොතේරෙන්නේ මන්දැයි සොයා බලා ලිවීමය. නිකන් බයිලා වලින් කම් කිම්.

             නලින්ද සිල්වා යනු වේගයෙන් තරහා යන වේගයෙන් සංසිඳෙන සිතක් ඇති තමන්ම සිතන්නට හැකි සිතක් වර්ධනය කරගත් මිනිසෙකි. රාමනුජන් කවුදැයි ඔහුගෙන් නොදන්නා අයට ප්‍රශ්න කළ හැක. නමුත් ශ්‍රිතයක් යන්න කුමක්දැයි නොදැන ගියොත් කුණුහරුප නොවන හරාත්මක කුණුබසකින්ම ඔබට පිළිතුරු ලැබෙනවා නියතය. සමහර විට මේටික දැම්මා කියාද මට ඒ භාෂාවෙන්ම පිළිතුරු ලැබෙන්නට නියමිත වන්නට හැකිය. නමුත් මා ඊට ආසාය. එසේය ප්‍රොයිඩ්. ඒ මගේ නිව්රෝසියාව වීමට හැකිය. නැතිනම් රත්පිත් මහන්තතත්වය විය හැකිය. මාරස ඊට කියන්නේ ඒ මගේ හැටි කියා පමණි. ‌ප්‍රොයිඩ්ට වන් විමෝචනයන් අන් කාටවත් නොතිබි බව ස්ටාලින් යුගයේ ජීවිතය නිම කළ පද්ධති මනෝ විද්‍යාව බිහි කල විගෝස්කි ගැන කතා නොකරන්නේ මන්ද. ඒවා ලාංකේය ලුම්පන් මනෝ විශ්ලේෂණ සමග ගැටෙන්නට මාරසට නොහැක්කේය. මන්ද ඒකලාගේ ඉන්ගිරිසි සුපිරි නිසාය. ඒකලාගේ ඉංගිරිසි සුපිරි වන්නේ අළුත් කඩේ උසාවිය ඉදිරි පිට සැරි සරණ ඉංගිරිසි සාහිත්‍ය කළ උගතුන් එදා නම් බ්‍රිස්ටලයට දැනුම දුන් නිසාය. අදනම් ඒ සිදුවන්නේ සංකේත ප්‍රාග්ධනය හරහාය. මාක්ස්වාදයේ සුචරිත වන් සුචරිත චරිත සුගතපාලද සිල්වා නාට්‍ය වේදියා පැනයක් ඇසුවා කියා මාරසට කීවේය. කල්ල තෝනි කීවේ ඉන්දියාවෙන් මෙහි ආ මිනිසුන්ටය. නමුත් ඒලෙස වෙනත් උපායන් වලින් වෙළඳබඩු හෝ සංකල්ප ගෙනා උන්ට ඇති වචනය කුමක්ද කියාය. සුගතපාලද සිල්වා සර් මට කීවේ භාෂාවේ පොර සුචරිත කියාය. ගත් කටටම කීවාලු ඒකලාට කිව යුත්තේ කල්ල කඩත්තලයෝ කියා.

                ඉතින් කල්ල කඩත්තලයන් ලියන නව සංකල්ප පොත් පත් කවි වලින් මටනම් තේරෙන්නේ අතලොස්සක් පමණි. ඒ කල්ල කඩත්තලකමම මේ ‌මහා ලේඛකයන් යැයි සිතන මාධ්‍ය සොයා ගමින් නගරයට පැමිනෙන පොරවල් වීමට තතනන පිරිසද සාධාරණය. මහා කල්ල කඩත්තලයන්ව සම්මුක පරීක්ෂණ වලට බා ගන්නා සම්මුක පරීක්ෂණ නිළධාරීන් මෙන් පෙනී සිටිනා මාධ්‍ය වේදීන් මෙන් පෙනී සිටින මළ මිනී වලටද අදාලය. ඒකලාට කිව යුත්තේ අජිත් සමරණායකයන් වන් අය ගැන සොයන ලෙසය. මොහාන් සමරණායක ද එසේමය. මා මිත්‍ර  සයිමන් නවගත්තේගමගේ මරණය මට පළමුව දැනුම් දුන්නේ බූත ඩබල කියා නම් ලත් රසික රන්දිකය. මම එවකට ලේක් හවුසියේ සිටි කතෘමණ්ඩල අධ්‍යක්ෂක කරු පරණවිතානයන්ට දැන්වීවී. එයා මට කීවේ ඔබ ඒ ගැන ලියන්න කියාය. නමුත් මම මගෙන්ම ප්‍රශ්න කරගත්තේ තිස්ස අබේසේකරත් අජිත් සමරණායකගේ ශෝක ප්‍රකාශ වලට ලොල් වූ සඳ මා මොන ඇටිකෙහෙල් ගෙඩියක් කියාමය. මොහාන් සමරණායක වන් ‌වමේ දේශපාලන ඉතිහාසය ගැන කතා කිරීමටවත මාධ්‍ය වේදය ගැන කතා කිරීමටවත් තවෙකෙක් ඇතැයි මා දන්නේ නැත. රුසියානු නොව්ස්කියෙන් පටන් ගෙන සමරණායක අයියා කොහෙන් නවතීද කියා අප දන්නේ නැත. දැන් මාරසට වයස හැට තුනක් ලබයි. නමුත් තවමත් එකෙකු මිය ගියත් මුන් දෙදෙනාම අයියලා තමාය. යන්තම් හෝ දෝෂයක් ඇතොත් කමාව. නමුත් තර්කයක් ඇතොත් කියන්න තිබෙන්නෙ මෙච්චරය. ගෝලීය මල විකාර ආර්තික දේශපාලනයේ තර්ක යනු වෙළෙඳ දැන්වීමිය. තර්ක කරන්නට ඇවැසි කස්ටිය ඉක්මනින් ගෙදරටම විත් හමුවන්න. මන්ද දෙකේ දෙකේ පොලු පාරේ උස්සන් යන්නට මාරස අකමැති නිසාය. ඊටත් ඔබ්බෙන් ඔබට ඇවැසිනම් අනෙකාටද ඇවැසි වනු නියතය. කොහොමත් මේ අජිත්ලා දෙන්නා මාධ්‍ය ගැන දන්නේය. ආදරය ගැනද දන්නා බව සනත් බාලසූරියද දන්නා බව දන්නේය. එනිසාම ලෝකයම දන්නේය. 

         මාධ්‍යදේව එකෙකු මළ නමුත් තවම ‌අනෙකා ජීවතුන් අතරය. අනෙකාද මරේ මරුය. කොච්චර මරුද කියන්නේනම් මේ අජිත් අයියලා දෙන්නාට මාරස වචනයක් වත් කියන්නේ නැත. ඒ ආදරය දැනුමේ සුසංයෝගයමය. නමුත් එක් අජිතයෙකුගේ දේශපාලනය ගැන සමහරු පට්ටා ගසන්නේය. මාරසනම් ඒ දැනුමේ යථාව සොයන්නේය. අජිත්ලා දෙන්නාටම වැරදුනේ නැත

    දෙදෙනාම සෝවියට් රුසියාවට පෙම් බැන්දේය. ඒ සැබෑවට සෝවිට් රුසියාවට නොව පොදු සමාජ අරගලයේ සමානාත්මතාවයටම වන්නේය. තොප දෙදෙනාටම ආදරෙයි. මා දන්නා පමණින් දේශපාලනිකව සතපහක්වත් මුන් දෙදෙනා සොයා ගෙන නැත. බඩ ගින්නේ අනන්තාප්‍රමාණ කාලයක් දුක් විඳින්නට ඇත. දිනක් අනුරුද්ධ ප්‍රදීප් හෙළ උරුමයෙන් ඇසූ පැනයකට අජිත් සරමරණායකයන් පිලිතුරු දුන්නේ නිදහස්වය. නැහැ. මම සත පහක්වත් අරන් නැහැ.  මම තාම මම ලෙස ජීවත්වෙනවා යනුවෙන්ය. මාරසද කවදා කතා කළත් කොයි මොහොතේ කතා කළත් දැනට ඉතිරිව ඉන්නා සැබෑ අජිතයන්ගෙන් මොහාන් මාරය. ඒ භාෂාව නොව ඒ ගීතිකා හෝ ගාතාවන් භාෂාව මාරය. කෙලින්ම තමන් දන්නා දේ කියා දෙන්නා වූ ඔබ ගැන මාරසටනම් ඇත්තේ නොනිමි ගෞරවයකි. ඒ සිංහල  බෞද්ධද නැතිනම් දෙමලද විකාර කම් කිම්. ඒවා ගැන අප කතා කරන්නේ සැවොම මනුෂ්‍යයෝ කියා සංකෘතික විභේදනයන්ගේ ගතිකත්වය පමණි. ඒඅවස්ථාවන් විග්‍රහ කරන සඳ දේශපාලනය එතනට ඇමිනෙනවා නියතය. ඒ විෂයන්ගේ දයලෙක්තිකයි සැබෑ  මාක්ස් වාදීන් දනී. මාක්ස් වාදය මොන වේදය වේද අද මාරස ඉතිරිව ඉන්නා ජනමාධ්‍ය පියානන් කෙනෙකුවන් අජිත් අයියාට දීර්ඝායුෂ වේවා පතමි. 

       අනෙකාට වෛර කරන්නේ තමන්ගේ වෛරයම බව කියන්නා වූ පොරොඩියානු සංකල්ප අවතාර මෙන් නැගී සිටිනවා පෙනේ. අනුන්ට වෛර කරන නුඹලාගේ මානසික බිජුව තොප තොපටම වෛරකර වෙනතෙකු පිට පවරනවා කී ‌ඒකුන්ගේ අර්ථ  දැක්වීමද මාරය. ආදරය ඇත්තේ එතනය. ඒවා බර කතාය. දැනුමැති කණ්ඩායම් කරුවන් ලියන දේ මාරය. නමුත් නූගතුන් අතරමන් වන්නේය. නූගතුන් කියා කොටසක් ඉන්නා බව විකල්ප කියා මාරස නොකියන නමුත් බුද්ධිවාදයෙන් ඉහල ගිය මහපොළොවට වඩින්නට කිසිදා නොහැකි කණ්ඩායම්ද දැන ගත යුත්තේමය.

   ජගත් මාරසිංහ                                                                                                                                                          

 29 12 2023

https://jagathmarasinghe.wixsite.com/mare








Powered by Blogger.