උපතක ආදර ආලෝක දඩයම්...!

                                                උපතක ආදර ආලෝක දඩයම්...!                     



      මාරස සයිබර් වීදි රස්තියාදුව කියන්නේ පාලුවට පටන් අරන් ආදරයෙන් අවසාන කරන දෙයක්. නමුත් ඒ ගමන දෙදෙනෙකුට එක තැන සිට කළ නොහැකියි වගේම දෙපැත්තකම සිට කළ නොහැකියි. ඇයි දන්නවාද? සයිබරය බිහිවෙනවාට අනුගාමීව මිනිසා පුද්ගලික ගුහාවල් හදා ගත්ත නිසා. ඒක හරියට අර ඩයිනෝසර් කියන පරිසර බලවතාගේ කාලේ වගේ. මාරස දන්නා පමණින් පරිසරයේ බලය පවතින්නේ ඒ නිමේශයේ සිටින බලවන්ත ජීවී සතුන් පරිසරයේ බලය අතට ගන්නවා. කොටින්ම පරිනාමවාදය සම්බන්ධව විශේෂඥයින් නොවුනත් යම් දාර්ශනික කියන පදනමකින් සිතන්න දන්නා අයගේ සිතීම් ඒවාට සමාන වෙනවා. නමුත් ධර්මයෙන් හිතපුවාම ඒක වෙනස්. ඔව් දර්ශනය කියන්නේ සැබෑව වෙනත් පැත්තකින් ගොඩනගා ගත් මතවාදයකින් ඒ දෙස බැලීමක්. ධර්මය කියන්නේ පවතින දේ පැහැදිලි කිරීමක් කියන  අපේ ගෞතම බුදුනුවන් කී කතාව අහක දාන්න ලේසි වෙන්නේ නැහැ.  ධර්මයද දර්ශනයද කියන සංවාදත් ආයේ කැරකිලා දර්ශනයම බවට පත්වෙනවා වගේ දෙයක්. දර්ශනය ලොකුකරන් කතා කරන බොහෝ දෙනෙකු අවසානයේ පාංසුකූලය වගේ සරල ආගමික චින්තනයකින් මිය ගොස් අවසාන ගමන්ගොස්ද අවසාන නිමේශයක් මේ නිමේෂය.

      මේ ඡායාරූපය සයිබර් රස්තියාදුවේදි ඇස සිට මාරස ඇහිඳගත් ඡායාරූපයක්. ඡායාරූපය ගැන කියනවානම් ඒ ගැහැනිය මවක් වුවත් කෙල්ලකට ආසන්න වගේ පේන්න මුද්දක් සහ වලල්ලකුත් තියනවා. තරුණ මවක් බව ආලෝක දඩයමින් හැඟවෙනවා. කොයි රටේත් ඒක එහෙම තමා. අනික නියපොතු පාට කරලා. පළපුරුදු ගැහැනියක් නොවේ වගේ නිදා සිටින කොට්ටෙනුත් මනාව පේනවා. නිදා සිටින ඇඳවත් අස්පරස් නොකර දරුවගේ බඩ ගින්න නිවනවා. දරුවගේ බඩගින්න වගේම පැවැත්මේ මවකගේ සතුටත් ආලෝක දඩයමට ගොදුරු කරන්.  කෙල්ලන්ව කසාද බැඳල ලමයි වදපු කාලෙත් ඔහොම තමා කියලා තාත්තලා වුන අළුත් පරන පිරිමින්ට දැනෙන ඡායාරූපයක්. පිරිමි සංඥාවක් නැහැ. අභිරහසක් විසඳෙනවා. තාත්තලාගේ භූමිකාව තුල ආදරය ගැනත් මතුවෙනවා. යුගලන පවුල දේශපාලනිකව අහෝසිවිය යුතුයි යන කතාව න්‍යායාත්මකව සාධණය වුනත් ඒක ශිෂ්ටාචාරයක් තුල අප හිතන විදිහට මැජික් එකක් වගේ වෙන්නේ ළදරුවලිප්පු සිතීමකින් පමණක් යන්නත් හැඟවෙනවා.
     අවට ලෝකයක් ගැන ඒකිට ගානක් නැහැ. මවක් පැවැත්මට සාපේක්ෂකව ලදරුවාට කිරි උරාබීමට ඉඩ දෙන විට සූන්‍යත්වයට පත්වෙලා වගේ. එතකොට මාක්ස් කියන ලද පොදු පවුල යුගයේ දරුවන්ට අම්මලායි සිටියේ. බේදයක් නැහැ මගේ කියන හැඟීමකින් තොරව කුස ගින්නේ කෑ ගසන දරුවෙකුට වටේ පිටේ අම්මලාට කිරි එරෙනවා. 
  මාරසේත් පියා මියගොස්  තියෙන්නේ මාරසට වයස මාස නවයක් වූ තැන. ඒ අඩුව මේ ලිවීම් තුළ ඇති. ඒ අවස්ථාවේ අම්මා සිහිසුන් බැවින් මගේම වයසේ අයෝමා නංගිගේ අම්මා තමා මට කිරි දීල තියෙන්නේ කියලා කියනවා. ඒ කියන්නේ බාප්පගේ බිරිඳ. 
     මේ ඡායාරූපයට ගොදුරු වූ මවගේ මුහුණ මාර සංතෘෂ්ටියකින් පිනා ගිහින් භාවනා කරනවා වගේ. අර තන්ත්‍රයානයේ කියනාකාරයෙන් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් වගේ.
       උපත හඳුන්වා දීම ඔබ සහතික කළ උප්පැන්න ඡායාරූප ශිල්පීන් බවට පත් වන වගේ ඡායාරූප කරණයේ තවත් ප්‍රවනතාවක්. උපත සිදුවූ මොහොතේ අහස් සිතියම තුළින් දරුවාගේ අනාගතය ගැන බිහිවූ ජ්‍යෝතීර් වේදය වගේම උපත සිදුවූ විට සහ පුද්ගලිකත්වයේ සහ පොදුබවේ සමරු සටහන් කිරීමට ආලෝක දඩයක්කාර ඡායාරූප ශිල්පීන් කැමරාව බිහිවූ පසු විශාල වැඩකොටසක් කර තිබෙනවා පමණක් නොවේ කරමින් සිටිනවා. thehousefwild වෙබ් අඩවිය හරහා යන රස්තියාදුවේදි තමා මේ  ඡායාරූපය දැක්කේ. සමහර ජාතිකවාදීන් හිතන බව දන්නවා අපේ රටේ අම්මලා තරම් දරුවන්ට වෙනත් රටවල අම්මලා සලකන්නේ නැහැ කියලා. පැවැත්මේදී ලෝකය එක යායක් වෙන බව දකින්න උපත් රූප මගින් පෙනෙන නිසා මේ ඡායාරූපය දාන්න මාරස හිතුවේ ලාංකේය උපත් ඡායාරූප හිඟයක් නිසාම නොවේ. නමුත් උපත් ආලෝක දඩයම් ලෝකයේ මිලියන බිලියන ගනන් තිබ්බත් ඡායාරූප ශිල්පයේ තාක්ෂණික සහ අරමුණේ සංකල්පයෝ ජයගත් ඡායාරූප තියෙන්නේ අතලොස්සක් තමා. 
මේ ගැන සංකල්පීයව හිතන්න පැති කොච්චර දේවල් තියනවා ද යන්න මහගම සේකරගේ දැක්ම මුහුදු පුත්තු නාටකයේ කවියක් ගීතයක් වූ තැනක තියනවා මතකයි. ඒත් කවිය තිබ්බත් ඒ කොටසේ ගීතය හොයා ගන්න අපහසු උනා.
(සමාජ ජාලාවල අන පරිදි එක් තන්පිඩුවක් සැඟවීමට සිදුවීම සම්බන්ධව වික්ටෝරියන් සලාද ඇස් නැති  පාටකයින් කමත්වා)

“බිලිඳු තොලක කිරි සුවඳ උරන්නයි
ළමැද දෙතන පුඩු උඩට හැරෙන්නේ
කුසෙහි පුතුට නිදි යහන සදන්නයි
පළල උකුල පටු ඉඟට ලැබෙන්නේ
නියම කලට තන කිරට පෙරෙන්නයි
නහර පුරා ලේ දහර දුවන්නේ
පුතෙකු නොමැති කල ඒ කිරි ලේමයි
සිරුර දවන විස බවට හැරෙන්නේ”
‌ මුහුදු පුත්තු නාටකය කියන්නේ "පෙඩ්රිකෝ ගාර්ෂියා ලෝකා" ගේ "යෙර්මා" නාට්‍යයේ අනුවර්තනයක්. එතනිදිත් මේ ලොකයේ තිබෙන කලාවේ ආනන්දයේ ජාති වාදය අහෝසි කර දානවා.

මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පාකරලා
මගෙ දෝතට පුතු ආවා
සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා
සුදු පාටින් ටිකිරි හිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා
වෙරළෙන් කිරි කවඩි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා
තවත් කෙනෙක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා
ඒ කවඩියි මේ පබළුයි එක නූලේ අමුනනවා
ඒවායින් හවඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා..
https://bit.ly/3jf9MRE

තාත්තා කවුරු උනත් මාතෘත්වයට ඒක තරම් වෙන්නේ නැහැ කියන්නේ ස්වභාවික පැවැත්මේ මාර කතන්දරයක් වගේ පේන්නේ අප ජාතිකවාදී පන්ති සමාජයක ජීවත්වෙන නිසාද කියන ගැටලුවේ යථ මේ ගීතයෙන් මනා සෞන්දර්ය වේදයකින් ඉදිරිපත් කළ නිසාම මිය නොයන ගීතයක් වෙලා වගේ.
කොහොම උනත් මේ ඡායාරූපයේ කිරි උරාබොන මවගේ මුහුණින්ම තප්පරෙන් පංගුවක ආලෝක දඩයමකින් thehousefwild හි මේ ඡායාරූප දඩයමේ හිමිකාරය කොල්බි යනු නිව් යෝර්ක් ප්‍රාන්තයේ වෘත්තීය උපත් ඡායාරූප ශිල්පිනියක්. ඇය 2018 දී පවුල් ඡායාරූප ගැනීම ආරම්භ කළ අතර 2019 දී උපත් ඡායාරූපකරණයට යොමු වෙලා තියනවා.
ආදරය සොයා යන මිනිසාගේ නිම නොවන ගමනේ උපතේ ආදරය ආලෝකයෙන් දඩයම් කරගන්නා සැමටත් කොලබීටත් ආදරෙයි කියමින් මේ සටහනේ නැවතීමේ තිත විරාමයකට තියන්න අවසර!!!‍
jagathmarasinghe.wixsite.com/mare
30 01 2023

Colby is a professional birth
photographer in upstate New York.




Powered by Blogger.