13 සහ රනිල් සහ සිවිල් යුද්ධ

                                                13 සහ රනිල් සහ සිවිල් යුද්ධ

දැන් පරංගි මාක්ස් වාදීන්ට සැපද? ඉන්දියානු ආධාර මත යටින් තියෙන්නේ 13 ව්යාවස්ථාව ගැන. නැවත සිවිල් යුද්ධයක් . ඔයා ආසද ඒකට. නැවත විකාරයක් වෙනවා අනිවා. රෝහන විජේවීරගේ ජාතික ගැටලුවත් නැවත කරලියට ඒවි. අනේ ඉන්දියාවට කියන්න තියන දේමයි රනිල්ට කියන්න මාරසට තියෙන්නෙත්. අනේ පව්.
පරංගි මාක්ස්වාදීන් ඉතින් කවි සින්දු ලියාවි. වෙන දෙයක් ඒ අය කරලා නැහැ. මාක්ස්ව ගොඩ ගන්න නානප්රකාර ගොඩනැංවීම් කරාවි. සිවිල් යුද්ධයක් නැතිව රනිල්ගේ ඉතිහාසයත් සමග කිසිදා ලංකාව පාලනය කළ නොහැකියි කියන කතාව කැලනි විහාරයේ සිටම වික්රමසිංහලාට ජන ගතයි කියන කතන්දරය ඉතිහාසය සම්බන්ධව මහා දේ කියන සුජිත් අක්කරවත්ත දන්නවා. ඒකාත් පශ්චාත් පරංගියෙක් වෙන්න හදනවාද මන්දා. ඒකා රනිල්ගේ මාධ්ය ලේකම් වෙලා හිටියා කියලාත් දන්නවා. ඒකා චින්තන ධර්මදාස සමග කළ සාකච්ඡාවක් දැක්කා. දුක හිතුනා.
බලමු ඉන්දියාවේ ආධාර සහ රනිල් 13 ගේන හැටි. විපරිත රාජයෝග තියෙන්නේ ඔයාගේ කේන්දරයේ. රටේ කේන්දරයේ නොවේ. මනුෂ්යකම දන්න පරම්පරාවක ඒ කියන්නේ ඩී ආර් විජේවර්ධනයන්ද ඇතුලුව උපන් රනිල්ට කියනවා 13 ගේනවා කියන්නේ තවත් සිවිල් යුද්ධයකට මුලපුරනවා අනිවා. ඒකට ධනේශ්වරය ආසයි. මොකද සිවිල් යුද්ධයක් නැතිව ලංකාව පාලනය කළ 40න් පසු එකෙක්වත් නැති නිසා. පරිස්සමින් කියලා කියන්නේ නැහැ. අනිවාර්යෙන්ම නැවත සිවිල් යුධමය වාතාවරණයක් ඇතිවේවි. ජ්යාතන්තරයේ සිටින අපේ රටේ උන් ගන්න පියවරයන් ඉදිරියට බලා ගත හැකි වේවි. ඉන්දියාවට පිස්සුද රනිල්ට පිස්සුද යන කතන්දරය ඉතිහාසය විසින් විසඳනවා නියතයි.
කෙලින්ම දේශපාලනය කියන්නේ ආර්ථිකයට වඩා ආර්ථිකය කියන්නෙත් දේශපාලනය. ඔය ආර්ථිකය ගන්නා හැම ජ්යාත්න්තර තීන්දුවක්ම දේශපාලනිකයි තමා.
13 කියන්නේ අංක විද්යාවෙනුත් අසුභ වචනයක්. 13 වාට්ටුවක්වත් යුරෝපීය පැන්ටසි මගුලකවත් නැහැ.. ලාංකේය සිංහල දෙමල මුස්ලිම් සහ අනේක විධ ජාතීන් 13 ඉන්දියාවේ විදේශ ඇමතිගේ නියෝගය අහන් නොසිටියත් හෙට අනිද්දා ඊ පවුරටනම් ගොඩක් වැඩ තිබේවි. පිස්සුද මන්දා.
රනිල් වික්රමසිංහ මිථුන ලග්නයේ කියලයි මාධ්ය ජ්යෝතිෂ කාරයෝ කියන්නේ. පරිස්සමින්. විපරිත රාජයෝගය නොවේ. සරලව කියනවානම් මිතුරන්ට ආදරය කරන සැමෝවම සතුට කිරීමට හිතන මිතුන ලග්න කාරයන්ට වැරදෙන තැන පිස්සු හැදෙන තැනක්. මට දැනෙන්නේ අර ගල්කිස්සේ හිටි ජේ ආර් කේන්දර බලපු කෙනා දැන් මිය ගොස් ඇති. ඒත් ඔයාලගේ පන්තියට කේන්දර බලන පොරවල් ඉන්නවා කියා මාරස දන්නවා. ටිකක් බලාගත්තනම් හොඳයි කියලයි හිතෙන්නේ. කරුනාකර ඒ බලන කෙනාට කියන්න වෛදික ජ්යෝතිෂයත් සමග මිථුනයට බරපතල අපල තියනවාද කියලා බලන්න කියලා. ලංකේය ලග්නය කුම්භය කියලාත් කියන්න. ගෝචර ඵල හොඳින් බලාගෙන කරගෙන යන වැඩේ හරියට කරන්න ශක්තිය ලබා ගන්න. ලාංකේය ජනතාවට අසාධාරණයට පාරට බහින්න කේන්දර ඇවැසි නැහැ. හර්තාලයේ සිට නොවේ සුද්දාගේ ඉතිහාසයේ සිටම ඒක සැබෑවක්. උත්තර නැහැ. අපේ ලාංකේය මිනිසා දේශපාලනිකයි තමා. පොන්නයෝ කියලා කවුරු කිව්වත් ලාංකේය ජනතාව මානවීය දේශපාලනික මිනිස්සු බව ජීවිත පූජාවලින්ම සාධනය කර තිබෙනවා. රනිල් කියන නාමයේ ගුරු ලඝු එකතුවත් තුනම තමා. මුලු නමම ගත්තත් තුනම තමා. ඉතින් ඔබ සම්බන්ධ කොහේ ගියත් තුන තමා මාර වෙන්නේ. ඉතින් දහතුනෙන් පරිස්සම් වෙන්න කියන්නේ ඔයාට නොවේ ජනතාවට. දහතුන තුනයි ඒකයි හතරයි කියලා අරන් අතීත සැබෑ පේන වලට පිටින් ගිහින් ඩඩ්ලි සේනානයක වගේ කෙලව ගන්නේ නැතිව අර කා වගේ සාදුලාගේ පැන්ටසි බණක්වත් අහන්න කියලයි මාරස ආරාධනව. පරංගි මාක්ස්වාදීන් පතන ලද යුද්ධය යලි කරලියට පැමිනීම වැඩී ඈතක නැතැය සූර්යා කියනවා සේය. අනේ ඒ සාහිත්‍යට වඩා මස් ඉඹුලාගේ සාහිත්‍ය මරුය. ඒකත් පරංගි මාක්ස්වාදීන් නාන ගඟේ නාන්න ගිය බව දැනුනි. කරුණාකර ඔලුව පිහිදාගෙන ගොඩට විත් ගෙදර ගොස් පෑන අතට ගනින් මචං.
දකුණ නැගෙනහිර බටහිර උතුරද
එක කොඩියේ හෙවණේ
එකමැ දැයක් වී මහ බලයක් වී
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ
කන්දට කෙන්දට කොන්දට හුරුවී
රන් වන් අත සුරුවී
විපත පවා සැපතට හරවාලා
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ
වැටුණත් නැඟිටිමු වැටි වැටි නැඟිටිමු
නැඟැ නැඟැ යමු දියුණේ
බාධා වලටද බාධා ගෙනැ දී
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ
වීර විකුම් පෑ ආදි මුතුන් ගිය
පාර අපේ උරුමේ
නෑර ඔවුන් මඟ සූර ලෙසින් වැද
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ
https://youtu.be/UVmozQfgRok

https://jagathmarasinghe.wixsite.com/mare
25 01 2023
ඟෛ් 
අදහස
බෙදා ගන්න


Powered by Blogger.