බිලාල සූත්‍රය සොයා යන ගමනක්.

                                             බිලාල සූත්‍රය සොයා යන ගමනක්.

                සම්භෝගය නම් වචනයේද අර්තයන් බොහෝ තිබේ. බිලාල යනු බළලාය. බලලාගේ සම්භෝගය ගැන කියන්නට ගියොත් කොටියාගෙන් පටන් අර අර ජන කතා වල තිබෙන කොටියා සහ බලලාගේ වෙනස් කතන්දරද කියන්නට සිදුවෙනවාය. බළල් බැලලියන්ගේ සෙක්ස් මාරය. කොටින්ම මාරාසාද් හරහා සාද් ඈපානන්ව සිහිවී සේඩිස්ටික් හෙවත් අනෙකාට තලා පෙලා ලිංගික මනස ප්‍රීණනය කරන දේවල් සම්බන්ධව සොයා යන්නට හිතෙන්නේය. මේ වීදි ඡායාරූපය විශිෂ්ටය. මන්ද බිලාලයන් සම්භෝගයේ යෙදන අවස්තාව උන්ට කොහේ උනත් කම් නැත. අප දකින්නේ මේ බැළලියට රිදවීමක් කියාය. නමුත් සත්ව බැලලියන්ද මිනිස් බැලලියන්ද ඒ රිදවීම සතුටක් සේ ගත්තේ නැතිනම් අපේ ඉතිහාසයේ සියලු දේ වල දමන්නට සිදුවන්නේය.

අපව පිනවන තවත් පිරිසක් සිටී. අප ඒ බව කියන්නේ නැත. ඒ මොඩල්ස්ලාය. ඒකිලා ගමන් කරන්නේද බිලාල නැතිනම් බලල් ගමනය. කොටින්ම බළලුන් වනාහී ආදරයේ සංකේතයක්ම වන්නේය. සෙක්ස් වල උපරිමය. බිලාල ගමනට ඇත්තේ බලල් කකුල් ගමන් කරනා ආකාරයමය. මොඩල්ස්ලාට ගමන් ක්‍රම අනන්ත අප්‍රමානව තිබෙන බව ඉතිහාසය අපට උගන්වා තිබේ. නමුත් බිලාල ගමන තමරම් ලස්සන වෙනත් ගමනක් ඇතිදෝයි කියා සිතෙන්නේ වල් කමට වන්නට කියා යමෙක් සිතනවානම් ඒකත් මාරය. මොකද ඒකා සිව්පාද ඇති සත්වයෙකු උවද ඒකා පාද තබන්නේ ඒකම සරළ රේකාවකය. මාර කෙලිය වන්නේ ඕනෑම ළඳක් ඒ විදිහට පාතබා ඇවිද යන විට පිරිමින්ට හෙවත් ප්‍රතිපක්ෂයට පමණක් නොව ඒකලාගේ චින්තතන යය මාරයි කියා නිර්මාණය වී සිටින ගැහැනුන්ටද මාර දෙයක් සිදුවීමය. බිලාලයා කියන්නේ බලලාය. බළලා බල්ලා සහ අලියා කැලෑවේ සිට අප සමග පැමිණි හැටි සම්බන්ධව රස විඳීමට සයිමන් නවගත්තේගමයන් ඉපදෙන බවයක මාද නැවත ඉපදිය යුතුද කියා සිතේ. අනේ චුට්ටක් මත්වී පරිසරය ගැන සත්ව සීපාවාගේ ආදරය සහ ශක රජුගේ සහ ස්වභාවයේ ආදරය ගැන දොඩමලු වන්නට නැවත ඉපදීම ගැන දාර්ශනික කතා පසක තබා අපි නැවත ඒවා ගැන කතාකරන්නටවත් පමණක්වත් සිහිනයෙන්වත් ඉපදේවා  කියා ප්‍රාර්තනා කරන්නට මේ නිමේෂය මාරසේ කමටහන් කරගත්තා සේය.

කවුරුන් කෙසේ කීවත් ආදරයේ පදනම අර මාක්ස්ලා පමණක් නොව බුදුනුවන්ද කී පරිදි සෙක්ස්ය. අල්ලා ගැනීමේ සංකේතය බලලාය. මේ වීදි ඡායාරූපයේ ඒ සිව්පාවුන්ගේ දෑස් කදිමට ආලෝක දඩයමට ගොදුරු කරගෙන තිබේ. මේ ඉන්නේ සත්වයන්ද නැතිනම් මිනිසුන් වන අපිමදැයි කියන්නට ආලෝක දඩයමකට ගැනීමට ඒ ශිල්පියා කොතරම් සමත් විය යුතුද? බිලාලයන් ගැන කියන්නට මාරස තව දුරටත් ගියහොත් ජීවිත කාලයම ඒ වෙනුවෙන් කැප කරන්නට සිදුවනු ඇත. නමුත් වීදියක ගත් මේ ආලෝක දඩයම සිතා මතා සැලසුම් කර ගත හැකි නොවේ. ක්ෂණයකින් ඒකා මාර දඩයමක් කර ඇත. මිනිස් ඉතිහාසයම දඩයම් කරගත්තා සේය. නමුත් ඡායාරූප ශිල්පියාගේ නම සයිබර් රස්තියාදුවේ හැම තැනම ගියත් ‌සොයා ගැනීමට බැරි විය. කමන්න. මේවා අද විකිනෙන ඡායාරූප වේ. ඡායාරූපයක් විකිනීමට පටන් ගත්විට ඒ සැබෑ අඩයමේ අයිතිකාරයාව මැකී යනු නොව මකා දමනු නියතය. ඒ ධනේශ්වරයේ කලාවට ඇති ආදරයේ අනාදරයේ කුහක කම බව අපි දනිමි. ඉතින් කැලේ සිට අප සමග ගෙදරට පැමින වෙනම සංස්කෘතික අවකාශයක් බිහිකල බිලාලයින් ‌දිනේවා!

බිලාල ගමනේ යන ස්ත්‍රීන් දිනේවා නොකියමි. මක් නිසාද සදා දිනමින් සිටින නිසාය. කාම සම්භෝගය ආදම් සහ ඒවාටත් සොදොම් නුවර ගිනි තැබ්බත් කුමන නීති රීති වලින් වහන්තරා කරන්න හැදුවද ඒ කරන්නට බැහැමය කියන කතාන්දරය ධනේශ්වරය විසින්ද හැමදා සාධනය කරමින් සිටින්නා සේය. 

උඹලාගේ වාරය පැමිනි විට මොර දෙන ඥාව් ඥව් ශබ්දය සප්ත ස්වරයද ඉක්මවා ගොස් අපේ හදවත් භීතියෙන් වෙවුලුන් කන්නේ උඹලා එසේ සෙක්ස් ඉල්ලන විට අපේ කවුරුවත් මැරෙයිදෝ වන මනෝ සංකීර්ණයකිනි. අනේ කෑ ගහපල්ලා. ඒ අන් කිසිවක් නොව ආදරයේ වේදනාවේ හඬයි. වේදනාව යනු ආදරයේ අනුවේදනීය දිව්‍යමය ස්වභාවයයි. සිකුරාගේ ආදරයේ සප්ත ස්වරයේ ඛණ්ඩනයයි.

https://jagathmarasinghe.wixsite.com/mare

05 01 2023



Powered by Blogger.