ගැහැනුන්ගේ විභව ශක්තිය
(Photographing India)
70 දශකය අග 80 ලබනකොටම මාරස පාසැල් දිවිය අතහැර සමාජ ජීවිතයට බහිනවා. හිරගෙවල් රෝහල් සහ වීදිවල ජීවිතය ගතකළ හැටි ලියන්න තව කල් තියනවා කියලා හිතෙනවා. ඒ ගායට ලියන ඕනෑම ලියන්නෙකුගේ අදහස කියලත් නොදන්නවා නොවේ. කොහොම කොහොම හරි අසූව දශකය මුල පාසැලින් එලියට පැනලා මහපාරට බැහැලා රස්තියාදු ගහන්න පටන්ගත්තේ එසේ මෙසේ තැනක ඉඳලා නොවේ. ද සොයිසා මහල් කියන තට්ටු නිවාසවල ඉඳලයි. ඉතින් මුල්ම කාලයේ නාට්‍ය සම්බන්ධව හැදෑරුවත් හිත ගියේනම් සිනමාවට. නමුත් සිනමාව හරහා නිශ්චල ඡායාරූපකරණය ගැන ආශාව ඇතිවුනේ සිනමාවට දෙයක් කරන්න තරම් ආයෝජකයෙක් හොයා ගන්න බැරිවුන නිසා. ඒත් නිශ්චල ඡායාරූප ශිල්පය සම්බන්ධව බවුන් වඩන කිසිවෙකුට සිනමාව අමතක කළ නොහැකියි. වැසිකිලියේ අඳුරු කාඹර අටවගන ඡායාරූපශිල්පය කරන කාලේ අතේ සතේ නැති අවස්ථාවල ඩිජිටල් ලෝකයකට ඡායාරූප ශානර මාරු වෙන්න පටන් ගන්නවා. පෝන් කැමරා ආවට ඒව හරිම සීමිත පරාසයකයි විහිදෙන්නේ. අර චින්තා කිව්වා වගේ මාරසට සිද්ධ වෙනවා භාගයක් තියන් දුරකතන ඇමතුම් ගනිමින් මිනිස්සුන්ට කරදර කරන්න. හැබැයි ඒකා කිව්වා වගේම පුද්ගලික දේවල් ගැන නෙවේ.
කොහොම කොහොම හරිහරිමං කැමරා නැතිව පාලුවෙන් හිටියත් ඡායාරූප සම්බන්ධව සිතීම නවත්වන්න නොහැකි වූ නිසාම අන්තර් ඡාලයේ රස්තියාදු ගහමින් ඇස හිටි ඡායාරූප ගැන ලියන්න ගත්තම ගණඳුරක තිබ්බ මහා පාලුව ටික ටික මෝදු වෙලා ඉවත්වෙන බව දැක්ක නිසා පාලුව තනිකම දැනුන හැම විටකම සයිබර් රස්තියාදුවට හිත ගියා. මොකද ඇල්කොහොල් වලින් කවුරු කිව්වත් පාළුව අඳුර නසාගෙන හදවත විකසිත කරගන්න බැහැ කියන කතන්දරය අත්දැකීමෙන් දන්නවා. ඉතින් මේ ඡායාරූපයට ඇස හිටින්නේ අන්තඅඳුරු පාලු නිමේෂයක කියන කතාව ඇත්තක්.
මේ ඉන්දියාවේ 1942 උපන් රඝු රායි කියන විශිෂ්ට ඡායාරූප ශිල්පියාගේ ආලෝක දඩයමක්. වීදියේ දඩයමක් කියලා නැවත කියන්න දෙයක් රඝු අපට ඉතිරි කරල නැහැ. ඇත්තට අර කවුද කොමන්ට් එකකින් කිව්ව වගේ රඝු රායිගේ ආලෝක දඩයම් වලට ආදරය කරන කතාවෙන් මාරසට ගැලවෙන්න ටිකක් අමාරුකමකුත් ඇති. මොකද ඔහු ඉතා සරළ ආම්පන්න භාවිත කරන අතර කතාවක් ආලෝකයෙන් තප්පරෙන් පංගුවකින් දඩයම් කරගන්න එතරම් සංකීර්ණ ක්‍රම අනුගමනය කරන්නේ නැහැ. හැම විටම සරලත්වයෙන් රසිකයන්ව වශී කරගන්න හැකි තාක්ෂණික සහ ප්‍රතිභාවේ මන්තරයක් රඝුට තියන බව සයිබර් රස්තියාදුවේදි විශ්මය දැනවූ කාරණයක්. කොහොමටත් කලාවේ හැම ශානරයකටම ඉන්දියාව විශ්මිත ආකාරයට අවතීර්ණය වෙන විශිෂ්ටයන්ගේ හැකියාව වෙනම සිතිය යුතු කාරණයක්. 1971 බංගලිදේශ විමුක්ති යුද්ධයේදි රඝු රායි ඓතිහාසික වැඩකොටසක් කර ඇති බවත් සැබෑවක්. ඉන්දියාවේ බොහෝ විශිෂ්ටයෝ වගේම එයා ඇවිත් තියන ගමනත් සරල නැහැ. ඉන්දියාවේ වීදි දිගේ ආපස්සට ආධ්‍යාත්මිකව ගිහින් ජීවිතය හොයන මිනිස්සුන්ට රඝු රායිවත් අමතක කිරීමට නොහැකි කියන කාරණයත් සැබෑවක් තමා. තවත් පැත්තකින් රඝු තරුණ ඡායාරූප මාධ්‍ය වේදියෙක් විදිහටත් ජීවත් වෙලා තියනවා. කලු සුදු වර්ණ කියන කතන්දරය දෙකක් විදිහට නොවේ එකක් විදිහට දකින ඇසක් රඝුට පිහිටලා තිබ්බ වගේ තමා රසිකයන්ට දැනෙන්නේ. තවත් පැත්තකින් ප්‍රවීන ලේඛකයෙක් විදිහට පොත් තිස් ගානකට වැඩියෙන් ලියල තියන කතාව සෙල්ලමක් නොවේ. "1974 A Day in the life of Indira Gandhi " කෘතියත් ඔහුගේ වැඩක්. ඡායාරූප ප්‍රදර්ශනත් පහළවකට ආසන්න ගණනක් කර ඇති බව පේනවා.
- පද්මශ්‍රී 1972 දී බංග්ලාදේශ යුද්ධයේ වැඩ සඳහා
- ඇමරිකා එක්සත් ජනපදයේ වසරේ ඡායාරූප ශිල්පියා (1992)
- ලලිත කලා ඡායාරූප ඇකඩමි සම්මානය - විලියම් ක්ලයින් 2019
- තොරතුරු හා විකාශන (I&B) අමාත්‍යාංශය විසින් 2017 දී ජීවිත කාලීන ජයග්‍රහණ සම්මානය