සෙනසුරු සංක්‍රාන්තිය 2023

               සෙනසුරු සංක්‍රාන්තිය 2023                  

     2020 වසර ආරම්භයේ සිටම වසර දෙකහමාරක් පමණ ලෝකයටම අමතක නොවන පාඩම් උගන්වා සෙනසුරු හෙවත් ශනි ග්රහයා නිරයන සම්මුතියට අනුව අද 2023 ජනවාරි 17 ව්යාහාරික පැය 18 විනාඩි03ට මකර රාශියේ සිට කුම්භ රාශියට චලිත වීමට නියමිතය. අර මහාවීරයෝ කියන්නා සේ මොනවා හෝ දෙයක් සිදුවෙමින් තිබෙනවානම් ඒ සිදුවන්නේ වර්තමානය තුලයි. සිදුවන්නට කුමක් හෝ ඇත්නම් ඒ වෙන්නේ අනාගතයේ තමා. මේ සම්බන්ධව බුදුන් වහන්සේගේ ධර්මය තවත් ගැඹුරට යනවා. ජ්යෝතිෂයේ කියන්නෙත් මොනවා හෝ මේ පොළව මත සිදුවෙමින් තියනවානම් ඒවා හේතු රහිතව සිදුවෙන්නෙ නැහැ කියලයි. අපි හේතු නොදැන ඉන්න කතාව වෙනම කතාවක්. මේවා සම්බන්ධව නූතන බටහිර විද්යාඥයින් පවා නොයෙක් පර්යේෂණ සිදුකරමින් සිටිනවා. තව මොනවා හරි වෙන්න තියනවානම් ඒවා සිදුවන්නේ අනාගතයේ තමා. සාරසංග්රහ වාදයක් මෙතනට පටල ගන්න අයත් ඉන්නවා. ඒ අයත් මොනවා හෝ දෙයක් සිදුකරමින් ඉන්නවා. වෙන්න තියනදෙයක් තියනවානම් ඒවා අනාගතයේ සිදුවේවි. ‌කොමිනියුස්ට්වාදය දක්වා වූ ගමනක් සිදුවෙමින් තියනවානම් මතක තබා ගත යුත්තේ සිදු නොවූ දේ සිදුවෙන්නේ අනාගතයේ කියලයි. යාන්ත්රික මතවාද ජ්යෝතිෂයට නෙලපු යුගයක් නිසා එක දෙයක් වී හමාරයි. ඒ ඒ සම්බන්ධව නිවැරදිතා මිනිසුන් තව තවත් ගැඹුරින් හොයා බලන්න ගැනීමයි. නමුත් පශ්චාත්ගෝලීයවෙළඳපොල සංකල්ප මත මිනිස් චින්තනයද වෙළඳපොළ කරණය වීමෙන් ගෝලීයවම මාකර්ට් චින්තකයෝ, ඉර්ෂිවරු විතරක් නොවේ මාකර්ට් බුදු වරුද බිහිවෙන්න පටන් ගත්තා. ඒ ගැන විස්තර කිරීම මේ සටහනට අදාල නැහැ. ඒවා වෙනම කතා කළ යුතු දේවල්.
කොහොම උනත් සෙනසුරු සංක්රාංතිය කියන්නේ ආධ්යාත්මික ශක්ති විද්යාවක් පමණක් නොවේ. රාමුවකට හිරවෙලා ශක්තිය ගැන හිතන්න ගියොත් ඒක ගිලිහී යනවා අනිවා. චින්තන විශ්වයේ මිනිසා මිනිසා විසින්ම හිරගෙවල් හදා ගන්නවා. අන්තිමට නිදහස් වෙන්න බැරිව ඒ හිරගෙදර තුළම නිදහස ජයගන්න හදනවා. ඒ ගැන කවුරු හරි වෙනස් විදිහකට හිතුවොත් සාරසංග්රහවාදියා කියලා නිකන් ඉන්නේ නැහැ. අන්තිමට අපතයා කියලා මොකක් හෝ උගුලක් අටවන කාරණයත් මිනිසාගේ චින්තන ඇබ්බැහියේ විරිතක් නොවේ සිරිතක්.
කොහොම උනත් වසර තියකට වරක් සිදුවන සෙනසුරු සංක්රාන්තියේ මකර රාශියේ සෙනසුරු ගමන්කිරීම නම් ලෝකයට යස පාඩම් ටිකක් ස්වභාවයා ඉගැන්නුව කියලත් හිතන්න හැකියි. මේ කාල වකවානුවල ගණිතයෙන් පස්සට ගිහින් ‌කාල අවකාශ තත්ත්වයන් සමග සැසැඳුවොත් ඒ ඒ සිදුවීම් වල වෙනසක් ඇතත් ඒ වෙනස්කම් ස්වභාවයාට වඩා දේශපාලනික ගොඩනැංවීමක් කියලත් දකින්න ලැබේවි. මේ සෙනසුරු සංක්රාන්තිය මත වසර දෙකහමාරක සිදුවිය හැකි දේ සම්බන්ධව ජ්යෝතිෂය තුලින් අනාවැකි කිව හැකියි. 2020 මාරස මේ වැඩේට බැහැලා කාලය නාස්ති උනා විනා පවතින වෙළඳ දේශපාන සමාජයෙන් වැඩක් වුනේ නැහැ. ඒ නිසා ඒවා කියන්න ටිකක් පහුකරන්න වෙනවා. නැත්නම් අපියි කලින්කිව්වේ කියලා වෙනම මාකට් වැඩ පටන්ගන්න තක්කඩි මාධ්ය ජ්යොර්තීර් වෙළඳ අවකාශයට සහයෝගය දීමක් වේවි. මේ තත්ත්වයන් හොඳින් තේරෙන අයත් ඉස්සර වගේම කතා නොකර තම තම චින්තන හිරගෙවල් සිරිතක් විදිහටම ආරක්ෂා කරගනීවි. ඒත් මේ සෙනසුරු කුම්භයේ ගතකරන කාලය ගැන අතීතය ගැන ටිකක් මෙනෙහි නොකර බැහැ. නැතිනම් මේ කරුණු කාරණා ‌‌ඓතිහාසික පසුබිමක් නැති දවල් හීන බවට පත්වේවි.
*සෝවියට් සංගමය විසුරුවා හැරීම සහ සීතල යුද්ධයේ අවසානය.
*පැරණි යුගෝස්ලාවියාවේ බිඳ වැටීම ඇතුළුව, ලොව පුරා රටවල නිදහස් ව්යාපාර රාශියක් ඇතිවීම.
*යුරෝපීය සංගමයේ ආරම්භය සනිටුහන් කරමින් Maastricht ගිවිසුම අත්සන් කිරීම.
*ඉන්දියාව ඔවුන්ගේ ආර්ථිකයේ නව ලිබරල් ප්රතිසංස්කරණ ආරම්භ කිරීම.
*සුදු දකුණු අප්රිකානුවන් දේශපාලන ප්රතිසංස්කරණ සඳහා ඡන්දය දුන් අතර එය වර්ණභේදවාදයේ අවසානයට හේතු වීම.
*Betty Boothroyd එක්සත් රාජධානියේ මහජන මන්ත්රී මණ්ඩලයේ ප්රථම කාන්තා කථානායකවරිය බවට පත්විම.
*එංගලන්ත පල්ලිය කාන්තාවන්ට පූජකයන් වීමට අවසර දීම.
*කල්ට් නායක ඩේවිඩ් කෝරෙෂ් සහ වාකෝ හි ඩේවිඩියන් ශාඛාව සඳහා යථාර්ථ පරීක්ෂාව.
*ඉරාකයේ ගල්ෆ් යුද්ධයේදී ඊනියා 'ස්මාර්ට් බෝම්බ' භාවිතය.
*Tim Berners-Lee ලෝක ව්යාප්ත වෙබ් ව්යාපෘතිය දියත් කිිිිරීම.
*පළමු කෙටි පණිවිඩය Sema Group හි ඉංජිනේරුවෙකු විසින් යැවීම ආරම්භය.
ආදී වශයෙන් බොහෝදේ ශනි කුම්භයට සංක්රාන්ති වීම සමග දැකිය හැකියි. නමුත් කාන්තාවන්ගේ ජයග්රණ සහ විද්යාවේ ජයග්රණ ගැනද විශේෂිත තත්ත්වයක් තියන බව පේනවා. කුම්භ රාශියේ සෙනසුරු චලිත වන නිමේශය සාජ ප්රතිසංස්කරණ සහ අනන්යතා දේශපාලනය සම්බන්ධ වැදගත් නිමේශයන් බවට අතීතයේ පත්වෙලා තියන කතාව කිසිසේත්ම නොසලා හැරිය නොහැකියි. ඒත් මේ වගේ නිමේෂයක ඉරාග ගල්ප් යුද්ධයේ ඊනියා ස්මාට් බෝම්භ සිහිවෙනකොට රුසියාව සහ යුක්රේන් යුද්ධය නිසා ‌ඇමරිකාවේ ජනාධිපත් ජෝ බයින්ඩින්ගේ කේන්දරය බලාගන්න කියලා කියන්න හිතෙනවා. මකරයේ සෙනසුරා චලිතවන නිමේශයේදි ‌යුද්ධය මුල්කොට හරි අන්යතා දේශපාලනයකට පාර කැපෙන කතාව ප්රත්යක්ෂයක්. වැඩි දුර යන්න ඇවැසි නැහැ මේ දිනවල සිදුවන සිදුවීම් සඳහා සෙනසුරු මකරයේ සිටි ඊයේ රාත්රී දහයේ ප්රවෘති ප්රකාශය බැලුවනම් පෙනෙයි සෙනසුරු මකරයේ අපේ කොදෙව්වේ අන්තිම රාත්රී ප්රවෘති වලින් සෙනසුරා කුම්භයේ චලිතවන කාලෙදි ස්වභාවයා ඉල්ලා සිටින දේවල භූගත නිවේදන.
අතීතයේ තල්ලු මත තමා වර්තමානය පවතින්නේ. වෙනසකට තියෙන්නේ වර්තමානය අනාගතය විසින්ද අදින කතන්දරයයි. ඉතින් වර්තමානය නැත්නම් මේ මොහොත ක්ෂණයක්වත් පවතින්නේ නැහැ. බුදුන් වහන්සේත් දේශනා කරල තියනවානේ ක්ෂණයක් ක්ෂණයක් පාසා ‌ලෝකේ වෙනස් වෙන හැටි. කර්ම පල වාදය ජ්යෝතිෂය පිලිගන්නවා. අතීතය සහ අනාගතයේ සන්නිවේදනයේ කියවීම තමා පලාපල කියලා කියන්නේ කියලා හිතාගත්තම දැනට ඇති. කොහොමත් ත්රාන්තිකව ගත්තත් අවිඤ්ඥානය සවිඤ්ඥානය වෙන්නේ අනාගතේදි තමා.
බුද්ධ පූර්ව යුගයේ හිටපු සමන්තන්, බද්රායන්, නාරායන් කියන ග්රහයන් ‌සෞරග්රහ මන්ඩලයට එකතුවීම නිවැරදිව කියනවා කියන්නේ විශ්මයක්. ඒ ග්රහයින්ට අද කියන්නේ යුරේනස්, නැප්චූන්, ප්ලූටෝ කියලයි. ඒ ඇයි කියලා අහපුවාම ඒ අනාගත වාක්ය මතුකරපු කාකබුද්දංජර යෝගි වරයා පිළිතුරු ‌දීල තියෙන්නේ කර්මපල වාදයෙන්. ඒ කියන්නේ ගෞතම බුදුන් වහන්සේටත් පෙර කර්මපල වාදය තිබිලා තියනවා කියන කතන්දරයමයි. ඒ කියන්නේ බුද්ධ ධර්මය නිවැරදිව සිතන විදිහක්නම් ඒක යවත්කාලීන කරණ බුදුන් වහස්සේලා ගෞතම බුදුන්ටත් පෙර සිටියා කියන කතාවමද? ඒවල සෙස්ස පස්සට තියන්න කියලා සෙනසුරු කියනවාද මන්දා.
කොහොම හරි සෙනසුරු කුම්භය සමග විච්ජේදනය වෙන අවස්ථාවල සමාජ දේශපාලන ප්රතිසංස්කරණ සිද්ධ වෙනවා වගේම විද්යාත්මක තාක්ෂණික ජයග්රහනත් යුද්ධ යුද්ධයෙන්ම හෝ වෙනත් මගකින් සමනය වීමත් සම්බන්ධව දීර්ගව පසුව කතා කරන්නම්. කාක්කෝ කෑ ගැහැව්වට පස්සේ තමා කුකුලෝ අඬලන්නේ. ඒකත් සූර්ය ගමන දැනෙන විදිහේ තවත් නිවේදන ස්වභාවයේ ප්රකාශනයක් තමා.
ලෝකායත ජ්යෝතිෂයෙන් ලෝකයේ අනාගතය ගැන කාරණා මතුකරගන්න සෙලෙන්සිගේ කේන්දරේ සහ පුටින්ගේ කේදර ගැන විතරක් නොවේ සියලු බලවතුන්ගෙත් කේන්දර බලන්න වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ජීවිතය ගැන අනිත් අයත් බලාගත්තනම් හොඳයි කියන කාරනේට ලංකේය දේශපාලනයත් නිදසුනක් තමා. මකර සහ කුම්බයේ අධිපති සෙනසුරා තමා. මේ රාශි දෙකටම සෙනසුරා ස්‌වක්ෂේත්රරයි. ඒ කියන්නේ බලයකින් යුක්තයි කියන කතාවමයි. බොහෝ ‌ජ්යෝතිෂ දුහුනන් අමතක කරන කාරණයක් තමා සෙනසුරු බලවත් වීමෙන් ශක්තිමත් වන්නේ එයාගේ නෙයිසර්ගික බලය කියන දේ කියලා. සෙනසුරා දුකට අධිපති කියන්නේ ආධයාත්මිකත්වය දකින සංකල්පයක් විදිහට මිනිසා විසින් මිනිස් ඉතිහාසයේ පැවැත්මෙන් ප්රත්යක්ෂ කරගත් නිසා. ඉතින් සෙනසුරුගෙන් නිර්මිත ප්රධාන බලය ලෝකොත්තර බලයක් තමා. සිද්ධාර්ථයන්ගේ ජන්ම පත්රයෙත් සෙනසුරු උච්ච වෙලා තිබෙනවා. වසර 2500ක් පස්සට ගැනලා වෙසක් පොහොයක් හොයා ගන්න එක ජ්යොතිෂ ගණිතයන්ට කජ්ජක් නොවේ. කෙටියෙන් කිව්වොත්ට ලෝකෝතර දියුනුව ඉහල යනකොට ලෞකික දියුනුව පහල යනවා කියන්නේ සැබෑවක්. ඒත් ඒක ශුභ ලකුණක් තමා. මේ සම්බන්ධව ජීවිතෙන් හොයන අයනම් මේ ගැන ජීවිතෙන්ම දන්නවා ඇති. සෙනසුරු මකරයේ විච්චේදනය වූ කාලයේ දේවල් සෙනසුරු කුම්භයේ විච්ඡේදනයෙදි වෙනස් වීම අනිවා උනාට මේ රාශි දෙකේම අධිපතියන් සෙනසුරුම තමා කියලා කවරු කවුරුත් දැනගත යුතුයි. ඉතින් ලෝකෝතර දේවල් ජය ගන්නකොට ලෞකික දේවල් ජය ගන්නේ මන්ද ගාමීව. නමුත් ස්වභාවයාගේ නියමයන්ගේ ප්රත්යක්ෂ මත යට කී විශේෂ සිදුවීම් ගැන කියන්න තියෙන්නේ එංගන්තේ ගියත් බළලා ඤාව් කිව්වට ඒ බළල්ලුන්ගේ ස්වරූප වෙනස් කියන කාරණය.

ඉතින් ශනි හෙවත් සෙනසුරු ‌නැතිනම් සෙනසුරු දෙවියන් සම්බන්ධව තව බොහෝ දේ මතුකිරීමේ සෙස්ස පස්සට දාන්න වෙනවා. ‌මොකද මේ ඇඟිල්ලෙන් ඇන සෙනසුරාව කියවන්න කිතිකැවීමක් විනා සෙනසුරා හරහා පලාපල කීමක්ම නොවේ.

https://jagathmarasinghe.wixsite.com/mare

17 01 2023

 



Powered by Blogger.