ඥානය සාංගීක කළ ඇත්තෝ

                                 ඥානය සාංගීක කළ ඇත්තෝ

දුන්න දුනු ගමුවේ ය කියන ජන කවි සිහිවේ. මේ ඉන්නේ සුචරිත සහ පියසීලිය. අපේ කාලයේ තකට තකය. ඒ කියන්නේ වයසට නොයන ආධ්‍යාත්මික පරපුර අප පමණක් නොවන්නට හැකිය. තව ඉන්නවාද ඇත. නොයින්නවාද ඇත, අප පමණක් වෙන්නටද හැක. අපේ කාලයේ සිටි මේ දෙදෙනා අප ජීවිතය නොමැරෙන ජීවිතයක් බවට පත්කිරීමට කළ මෙහෙය අනන්තයෙන් නැවතිය නොහැක. අපේ පරපුර විසිස් ඒ විහිදුවා ඇත. මේ දෙදෙනාම ඇකඩමික් අධ්‍යාපනයේ සාහිත්‍ය පමණක් නොව දේශපාලනයේද මාර පොරවල්ය. මේ දෙදෙනා ගැන ලියන්නට බ්ලොග් සටහන් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන්නේය. ජනතා විමුක්ති පෙරමුනේ නිර්මාණ සංවාද කුලකය වනාහී මේ දෙදෙනාව ලාංකේය සාහිත්‍ය කලා ආදරය ආදරයක් කිරීමට පෙරට ගෙනා මාර ආදර අවධිය මාරසට මතකය. එදා මාර සම්මන්ත්‍රන කීපයක් වුවත් නොන සම්මන්ත්‍රන යුගයක් විදිහට අදටද කිව හැකිය. ඒ සම්මන්ත්‍රන වලින් එහෙන් මෙහෙන් අහුලා ගත් කෑලි නූතනයේ එහේ මෙහේ වපුරණ බව මාරස නොදන්නවා නොවේ. කෙසේ හෝ වපුරන කතාව මාරය. ඒ ආගමික විඤ්ඤාණයෙන් වපුරන ලද දේ ඒකලා නෙලා ගත යුතු නිසාය.

මෙටා හෝ පේස් බුක් හෝ මොක වුවද මාරස මෙටා වෙන්නට පළමු කීවේ ඊ පවුර කියාය. මන්ද සීගිරියේ අප මුතුන් මිත්තන්ද ගී ලෙසම කුරුටු ගා ඇති නිසාය. යුගයක භාෂාව පසු යුගයක කවි වන්නේ එක් යුගයක් පසු යුගයක දාර්ශනික වන බව නිසා බව සැබෑවකි. නමුදු ඒ යුගයේ සිට මේ යුගය දක්වා ඇති පිම්ම සරල රේකීය හෝ සර්පිලාකාරයයි මාරස පිලි ගන්නේ නැත.

නමුත් මාරස 80 දශකයේ මුල සිට ආදරය සොයා ගියේ ලෝකයේ ආදරය ජය ගැනීමට නොව මාරසගේ ආදරය හොයා ගෙනය. ජනතා විමුක්ති පෙරමුනේ අධ්‍යාපනද මොන අංශයද මා නොදනිමි. නමුදු සොවියට් සංස්කෘතික මන්දිරයේ ආදර සාහිත්‍ය සොයා යන කාලයේ නිර්මාණ සංවාද කුලකයේ පොර නන්දනය. පසුව දේශපාලන ‌අධෝ වියුහයේ ගමනේදී මට කැලනි කැම්පසයේ පොඩි හාමුදුරුවන් හෙවත් රවි ගමගේ හමුවන්නේය. ඒ සම්බන්ධව වැඩි දුර කතා කිරීමට කමල් පෙරේරා සහ කමල් පී අලහකෝන්ද ඇවැසිය. ජීවත් වන බව දන්නවා විතරය. ජීවතුන් අතර නැති සුනිල් මාධවද සිටියානම් මාරය. සුනිල් මාධවගේ පියා වන මා වෙනත් මාවතකට ඇද දැමූ කවියා වන මීමන ප්‍රේමතිලක විසින් ලියන ලද එක් කෘතියක් පල කිරීමට අවසර ඉල්ලා දෙන මෙන් මා සිලුමිණ කතෲ කැනල් පාරේ නිශාචරයා කියා මාරස හදවත හොල්ලන ලද රංජන්ට කිව්වා මතකය. ඒ ප්‍රභාකරන්ගේ රාජ්‍ය යුගයයි. ඒ පිටුවහල් කර ගනිමින් සියල්ල නිහඬ වන්නට ඇත. නමුත් මෙවන් කාලවළ තැබෑරුම් අවධියෙන් බව මාරස දන්නේ අද නොව ඒ කාලයටත් පෙර සිටය.

දවසක් මාරස විසින් ලියපු"හංස පූට්ටුව පොත ඒ කාලේ දේවතා සහ දේවතාවියන් වූ සාහිත්‍යය විශ්වය කිමිදෙමින් මාරස යනවා කොළඹ විශ්ව විවද්‍යාලයට. සුචරිතට ඒ කාලයේ තරහින් නොවේ මාරස කියන්නේ විශ්ව විද්‍යාලයේ තියන බල රේඛාවන්ගේ ගැටුම් කියලයි. මට පියසීලි කියනවා මගේ පොත අරන් සුචරිතට දුන්නද කියලා. මම කියනවා නැහැ කියලා. අප දෙන්න අතර සංවාදය පටන් ගන්නවා. ඒකි කියනවා සුචරිත කියන්නේ බ්‍රශ්ටයෙක් කියලා. අනේ ඒ කාලේ කියන දේ හැඟුනත් ඒ වචනයේ කිසිත් මම දන්නේ නැහැ.

නමුත් මම පයින් යනවා නිදහස් මන්දිරය හරහා බ්‍රශ්ටයා යන්නේ අර්ත හොයන්න. පරණ ටවර් හෝල් එක හරහා පයින් යනකොට බෞද්ධ සම්මේලන ය සහ අනිත් පැත්තෙන් සුදර්ශිය සහ අර චීනා ගහපු සම්මන්ත්‍රන හන්දියේ සුචරිත දෙන්නෙක් සමග එනවා. මම කතා කරනවා. මම මාගේ හංස පූට්ටුව පිරිනමනවා. මෙයා ඒදා ඒතන තිබ්බ ගසකට පය තබා පොතේ තිබුන ගානයි තව වැඩිපුරත් කීයක් හරි දෙනවා. ආදරයෙන් මතක් කරනවා. ‌ශ්‍රමය වැය කර ලියපු පොතක් . ඒක අප ඔබට ගෙවිය යුතුයි කියලා. මා ඒවෙනුවෙන් කැපවෙලා තියනවා අදටත්. නමුත් ඒ අස්සේ මට මාර තැනක් සිහිවෙනවා. මොකද අර පියසීලි සහෝදරිය කීවේ ඒකා බ්‍රශ්ටයා කියපු කතාව. අනේ මාරස මේක හොයන් යනවා පුස්තතකාල වලටත් රාක්ක පීරණවා. උත්තර නැහැ. මගේ යාලුවො ඉන්නවා ගාමන්ට් ප්‍රෙෂ්ට් වල. උත්තර නැහැ. නමුත් මට දැනගන්න ඇවැසියි පියසීලි කියපු බ්‍රෂ්ටයා සුචරිතට වැඩ කරන්නේ කොහොමද කියන කතාව. අපි කෝම තේරුන් කරන්නද? මේකිලා මේකලාගේ තිබ්බේ කෙලින්ම සම්භාව්‍ය සාහිත්‍ය වචන.

අන්තිමට මට හමුවෙනවා කම්කරු මාවත පත්තර විකුනන සහෝදරයෙක් බොරැල්ල හන්දියේ ‌අර ලේඩිරිජ්වේ ගාව. මම පුස්තකාල තෙම්පරාදු වුන විදිහ ඒකට කියනවා. ඒකා කියනවා පොඩ්ඩක් ඉන්න සහෝදරයා මේ කෑම වෙලාව මේ වැඩේ කරනකන් කියලා. අන්තිමට පැය බාගෙට විතර පස්සේ ඒ සහෝදරයායි මායි තේ බොන්න යනවා. මම මගේ ප්‍රශ්නේ අහනවා. මාර්ග ආයතනයේ ශබ්ද කෝෂයෙන්වත් තේරුන් ගන්න බැරි වදන ගැන කියනවා ඒකේ තේරුම ගිලිහී යන්නා කියලා.

මන්දා . දැන් මේ ගැන කතා කළ හැකි මා කිසිදා නන්නාදුනන එරික්ලා සර්පයලා අනේ මන්දා නම් ගොඩයි. විදර්ශන කියන ඒ කාලේ පොඩි ඒකා දන්නවා. ඒකාලා වාගේ උන් දන්නවා උන්ගේ බිස්නස් එකට විතරක් උඩ දාන්නද මන්දා. කෙසේ උවත් උඹල දෙන්න නැතිනම් සාහිත්‍යයේ අනාථාගාරයක් බවට ලාංකේය සාහිත්‍යය කලා හදවත් ගල්ගැහෙන්න ඉඩ තිබ්බ. නමුත් නුඹල දෙන්නත් නුඹලට ආදරය කරන හෝ ආදරය වගේ පෙන්වන සකල මිනිසුන්ගේ වැඩි පිරිසක් අකමැති උනත්. .... රත්තරන් සුචරිතයන්ටත් පියසීලී විජේගුනසිංහයන්ටත් මා නිවන් සුව පතනවා.

19 01  2023



Powered by Blogger.