මේ දූෂණයක් නොවන්නේ ද?

                                          මේ පිරිමි  දූෂණයක් නොවන්නේ ද?

               වීදියේ යුවල ගැටුමක්, ආක්‍රමණශීලී පිරිමියෙක් තරුණ දුක්බර කාන්තාවක් බිත්තියට හේත්තු කර තබාගෙන සිටීම, ප්‍රචණ්ඩත්වය ලිංගික අපරාධ, සෘණ නාගරික නගර වීදි ජීවිතය, සබඳතා ගැටලුව යන පරිවර්තන වැකිවලින් තම මේ පින්තූරය දාලා තිබ්බේ. නමුත් මේක දූෂණයක් කියන්න බැහැ ඒ කෙල්ලග‌ේ අභිනයන් වලින් දැක්කම. නමුත් සැබෑවටම මාරස යම් පැත්තකින් විරුද්ධ වූවා සේ කාට හිතුනත් ඒබ්‍රහම් ටී කෝවූර්ටත් යම් කිසි ගරුත්වයක් තියනව තමා.

    එයාගේ ජීවිත කතාව සියල්ල දන්නවා ඇති. මොකද මාක්ස්වාදයේ තියන අපෝහක කියන කීර්ති බාලසූරියලාගේ වචනයටත් වඩා පැරණි වමේ දයලෙක්තික භෞතිකවාදය කියන කතාවට වඩා ජවිපේ ගේන ද්විගටනාත්මක ‌භෞතිකවාදය වන් ගෝත්‍ර කතා නොදන්නා ලදරුවන් ඉන්නවානම් ඒක හීනයක්.
      නමුත් කොවුර් කියන්නේ පිස්සු හැදෙන පොරක්. කොවුර් ගැන කතාව නැවත කියන්න ඉතින් නලිද සිල්වා මතක් නොකර බැහැ. මොකද කොවූර්ලගේ භෞතික හේතුවාදයේ මුල් පියා බර්ට්‍රන්ඩ් රසල් හොයාගෙන යන්න වෙනවා. නලින් ද සිල්වා දවසක්  මගේ ලෝකය ගැන කියනකොට මාර සිනමා පටයක් ගැන කියනවා. ඒ කියනනෙ විශ්වයේ කළුවල කියන කතන්දරයේ විශ්කම්භය සොයා යන විට ගණිතමය ශ්‍රිත වලින් මහා වැඩ කොටසක් සාධනය කළ කෙටි කාලයකින් මිය ගිය රාමනුජන් නම් ගණිතඥයාගේ තිබි ආධාත්මික ශක්තිය සම්බන්ධව. ඒ සිනමා පටය බලන්න. නැවත කිව නොහැකියි. කොවුර්ලාගේද ගුරුවරයා වුන රසල් රාමනුජන්ගේ ඒ ආධ්‍යාත්මික ශක්තිය සම්බන්ධව කතා කරන්නේ මාර නිවුන විදිහට. මන්දා ලාංකේය හේතුවාදීන්ට නිවෙන්න හැකිද කියලා. ලංකාවේ එංගල්ස් නිව්ටන්ව යාන්ත්‍රික භෞතිකවාදියෙක් කියලා මාක්ස් එංගල්ස්ලගේ විචාරයට අහුවුන හැටිවත් දන්නවාද දන්නේ නැහැ. කොටින්ම නිව්ටන්ව නොවේ ඒ න්‍යායන් අභාවයට ගෙනියන අයින්ස්ටයින් මාරයි කියලා දන්නේ නලින් විතරද කියලත් සමහර වෙලාවලට හිතෙනවා. හිතෙන දේ කියන්න ගියොත් ගොඩක්  අයගේ සිත් රිදෙන බව දන්න හින්දා නිකා ඉන්නවා.
  ඒබ්‍රම් ටී කොවූර් තවත් පැත්තකින් තර්කානුකූල පොරක් තමා. මට මතකයි එයා ජූරි සභාවක සාමාජිකයෙක්. එක නඩුවක් යනවා. ඒ නඩුව ස්ත්‍රී දූෂණයක් සම්බන්ධව. අවසානයේ ජූරිය ඒකමතිකව තීරණයක් ගන්නවා මේක ස්ත්‍රී දූෂණයක් නොවේය ස්ත්‍රියගේ කැමැත්තෙන් සිද්ධ වුන දෙයක් කියලා. මෙන්න මෙතනදි කොවූර් නැගිටලා කෙලින්ම කියනවා මේක ප්‍රතීක ශක්තියක් මත ඇතිවූ තත්ත්වයක් කියලා. ඒ කියන්නේ පිරිමි සතෙකුට ගැහැනු සතෙක් බාහිර බලවේග නැතිව හමුවුනොත් අර කුකුලාගේ කුකුල් ගතියට කිකිලියන් අවනත වෙනවා මෙන් නැතිනම් බලුබලල් සත්වයන් ගැනද පවසමින් කොවුර් කියනවා ප්‍රතීක තත්ත්වයන් මත  ගැහැනියක්ද තනිකරගත් විට පිරිමියෙකුට යටත් වීම අනිවා කියලා. ඒ දඩමීමා කරන් ස්ත්‍රියකගේ පහස විඳීම දූෂණයක් කියලා.  ඒ නඩු තීන්දුව කොවූර් වෙනස් කරනවා. අවසානයේ ඒක ස්ත්‍රී දූෂණයක් කියා සාධනය වෙනවා. මේවා ඇත්තටම මාර මතක තමා. 

       මේ ඡායාරූපය දැක්ක ගමන් හිතෙන්නේ ඒ කාන්තාව කැමැත්තෙන් ආදරෙන් ඉන්නවා කියලාද? නැහැ මේක ආක්‍රමණශීලී පුරුෂ ලිංගිකත්වයේ මහාමාන ප්‍රචණ්ඩ කැත අනීතික වැඩක්. ගැහැනුන්ව සත්වයන් වශයෙන් පාවිච්චි කිරීම අධමයි. ආදරය කියන්නේ ඇන්දවීම හෝ පාදඩ ආකාරයට ගැහැනුන්ව තම ලිංගිකත්වයට පොළඹවා ගැනීම නොවේ. කොවූර් අපේ සංස්කෘතික විශ්වයට කළ අනිසි බලපෑම් සම්බන්ධව මාරස තව දුරටත් කතා කරන්නම්. නමුත් මේ කතන්දරය සැබෑවටම කොවුන්ගේ තිබ්බ මානව දයාවටත් වඩා මනුෂ්‍යත්වයේ සැබෑවක්. පිරිමින් මතක තබා ගත යුත්තේ ගැහැනියක් යනු කිකිලියක් හෝ බැලලියක් හෝ නැතිනම් බැල්ලියක් කියා නොව ඇයද මනුෂ්‍යයෙක් කියා පමණයි. දන්නා පමණින් කාම සූත්‍රයේවත් අනංග රංගනයේවත් සෘග් වේදයේවත් ස්ත්‍රී ලිංගික සත්වයන් තනිවූ විට ඒ එන මානසික කම්පනය සැබෑවක් වුවත් මිනිසුන් වශයෙන් ඒ දඩමීමා කර ස්ත්‍රීන් සමග සම්බන්ධ වීමනම් හරිම තිරිහන් වැඩක්. මහා කුහක වැඩක්. කතා කරන්න නම් වශයෙන් ආවොත් කොහෙන් කෙලවර වෙයිද කියලා කියන්න ගීතයක් අහමු. අපි ප්‍රචන්ඩත්වය පැත්තක තියලා ගැටවරයෝ චිත්‍රපටයේ සෝබනී එකල කිව් ස්ත්‍රී ව්‍යාකූලත්වයේ ආදරය අහමු.

හීන හතක් මැද විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුල මැවුණයි
වාසනාවෙ මල් හදවත පිපුණයි
ගීත නාද දෙව් ලෝකෙන් ඇහුණයි
හීන හතක් මැද විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුල මැවුණයි

නීල නුවන් ගැබ සෝක වලාවෝ
නීල නුවන් ගැබ සෝක වලාවෝ
වේදනාව ගෙන හද අඹරෝරේ
ඈතින් පොර තෙරපී ඇඹරේ
දෑසෙ කඳුලු වැල් රූරා වැගිරේ

අකාලයේ වැසි දිය ඇද හැලිලා
සෝක සුසුම් ගඟ ඉවුරු තලාලා
වාසනාවෙ මල් අකලට මැරුණයි
ප්‍රේම ලෝක රන් මන්දිර කැඩුණයි

හීන හතක් මැද විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුල මැවුණයි

ගායනය - ලතා වල්පොල
සංගීතය - ඩබ්ලිව්. ඩී. අමරදේව
ගී පද - මඩවල එස්. රත්නායක
ගැටවරයෝ චිත්‍රපටියෙන්
https://youtu.be/rTqlcrUsU2c
06 01 2023


Powered by Blogger.