ඇබ්බැහියක භාවරූප - ක්රිස් ආර්නාඩ් (Chris Arnade)

                          ඇබ්බැහියක භාවරූප                   

                                     ක්රිස් ආර්නාඩ් (Chris Arnade)

         ක්රිස් ආර්නාඩ්(Chris Arnade) යනු ඇමරිකානු ඡායාරූප ශිල්පියෙකි.ඕල් වීදියේ බැඳුම්කර වෙළෙන්දෙක් ලෙස වසර විස්සක් සේවය කර තිබෙන බව සඳහන්.2011 දී.
බලන්න මාරස ඇස සිටි මේ ඡායාරූපය දෙස. වර්ණ දෙස. පසුබිම බොඳකර කලු වර්ණ රොදක් මැදින් මේ කාන්තාවගේ ඇබ්බැහියේ භාවමය තත්වයන් ආලෝකයෙන් දඩයම් කරගෙන ඇති අපූරුව. බැලූ බැල්මට අපට අසුනොවන ඒ මුහුනෙන් ආත්මයක වේදනාවන් ආලෝක දඩයමට ගොදුරු කරන් තියන අපූරුව. ඒ කාන්තාවගේ ආත්මීය අසරණ කමට සමාජ දේශපාලන ප්රවනතා කොතරම් වගකිව යුතුද යන්න ක්රිස් අපෙන් ප්රශ්න කරන්නේ මොන තරම් සංවේදී ආධ්යාත්මික ආලෝක පාලනයකින්ද? ඇබ්බැහිය නැමති පුරුද්දක් නිසා මිනිස් ජීවිතයේ මොන තරම් දේවල් නෂ්ටාවශේෂ බවට පත්වෙලා තමාගෙන් ඈත් වෙනවාද? කිසිදු සංකේතීය කියවීමක් හරහා රසිකයාට ඇඟිල්ලෙන් ඇන පෙන්වන්නේ නැතිව ක්රිස් ඒ ඇබ්බැහි වුන කාන්තාවගේ වේදනාවත් සතුටින් සිටීමට දරණ උත්සාහයත් ඒ සියල්ල තුලින් මෙවන් තත්ත්වයන්ට සමාජ දේශපාලනික තත්වයන් කොතරම් දුරට වගකිව යුතුද යන්නත් වීදි ඡායාරූප ශිල්පයෙන් සංගීත සංදවනියක් කරල තප්පරෙන් පංගුවකින් අපේ හදවත සසල කරනවා වගේ. කොහොම උනත් මේ දේත් සටහන් කළ යුතුයි. ක්රිස් ආර්නාඩ් කියන්නේ දේශපාලනිකව සමාජ වාදියෙක් කියලයි සඳහන් වෙන්නේ. ඒත් ඔහුගේ සමාජවාදී ඇසෙන් යමකට ඇබ්බැහි වූ මිනිසුන්ගේ වේදනාව රසික අපට පේන්න සලස්වන්නේ රසික අපේ නෙතින් උනන කඳුලත් කාචයක් කරගෙන වගේ. ඇත්තටම අපේම කඳුලක් කාචයක් කරගෙන මේ ඡායාරූප ශිල්පියා ඇබ්බැහියක තියන බරපතල කම් සම්බන්ධව අපේ ජීවිතයේ බුද්ධිමය නිම්වලලු පුලුල් කර ජීවිතයේ ගැඹුර පෙන්වන්නේ විප්ලවීයව උවත් අපට ඒක දැනෙන්නේ මිනිස් ජීවිතයේ අල්පේක්ෂ කඳුලු හරහා. සියල්ල ඇබ්බැහියක් ‌වී සැනසුම් සුසුම් පමණක් හෙලන්නට වී ඇති ලෝක වෙළෙඳ සමාජ ක්රමයක ඇත්තටම මේ ක්රිස් පෙන්වන්නේ වෙනින් කාවවත් නොවේ. විවිධාකාර ඇබ්බැහි වලින් පීඩාවට පත්වුන අපවම නොවන්නේද? සමාජ වාදයේ ගැඹුරුව මානවීයත්වයද මේ. ඔබගේ ඇබ්බැහියේ ඡායාරූප මාරසට දැනෙන්නේ ඔබ අප මුහුණ ඉදිරියෙන් අපේ ආත්මීය භාවයන් පෙන්වන අප භාවයන් අපටම දැකිය හැකි කැඩපතක් තියනවා වගේ. ජයවේවා ක්රිස් ආර්නාඩ්. ඔබත් රටකට සීමා වූ මිනිස් ආත්මයක් නොවේ. ‌සීමා මායිම් නැති ‌මිනිසුන් අතර ලෝකයේම ආදරයේ දෙවියෙක්.
අද්විතීය වීදි ඡායාරූප ශිල්පියෙකු වීමට ඔහු 2012 දී ඔහුගේ ඡායාරූප ලබා ගැනීමට පටන් ගත්තේය. අවට සොබාදහමේ සුන්දරත්වය පෙන්වීමට හෝ මිනිසුන් ජීවත් වන ප්රීතිමත් අවස්ථාවන් පටිගත කිරීමට ඔහු ඡායාරූපකරණය භාවිතා නොකරයි.
මිනිස් සමාජයේ දරුණුතම සහ බරපතලම ගැටලුවක් වන ඇබ්බැහිය කෙරෙහි අවධානය යොමු කිරීමට ඔහු වීදි ඡායාරූපකරණය භාවිතා කළේය.
ආදරෙයි ගොඩක්.
https://jagathmarasinghe.wixsite.com/mare
13 01 2021

Chris Arnade


Powered by Blogger.