කළගෙඩි ලාම්පු සෙල්ලන්නම් එපා රනිල්

                                      කළගෙඩි ලාම්පු සෙල්ලන්නම් එපා රනිල්

ජනාධිපති ලේඛම් කාර්යාලයේ ඔබ පැවැත්වූ කතාව ඉතා හොඳින් ඇහැව්වා. ඔබ තුමාගේ ධූර කාලය අවසන් වෙන දවසටත් ‌වඩා දේවල් ඔබ ඉල්ලන්නට ඇත්තේ සද් භාවයෙන් විය හැකියි. නමුත් මාරසත් සිංහ පරපුරේ නිසා හෝ ඒවා ගැන දැනෙනවා. දැන් අලියටත් පොහොට්ටුවටත් බලයේ ඉන්න එකම තුරුම්පුව ජනමත විචාරණය පමණයි. මමයි රට ගොඩ ගත්තේ මමයි කෙරුමා කියලා කියන්න ප්‍රල්‍රවන් තත්වෙට වමත් වග කිව යුතුයි. නමුත් ලාම්පු කලගෙඩි සෙල්ලම් ඒ ආකාරයෙන් නොවේ වෙනත් ආකාරයකින් ගෙනාවේ නැතිනම් මහත්මයෝ සියල්ල විනාශයි. අහිංසක අපේ ඇල් කොහොල් බද්දෙන් විතරක් නොවේ බීඩි බද්දෙනුත් රට උස්සන්න හදන විකාරය නැවත කරලියට ඇවිත්. නිකන් ලලිත් ඇතුලත් මුදලි නැවත ඉපදිලා වගේ. ඔක්ස්පර්ඩ් ගේම් ගැන කතා කළ හැකි චන්ද්‍රිකාවක් ඒ ගැන කතා කරන්නේ නැහැ. මම අහලා තියනවා ඔබ තුමන් ලාගේ දියතලාවේ බංගලාවේ චන්ද්‍රිකාගේ විජයගේ මධුසමය ගැන. ඒ ගෙදර තියන ඒ දෙන්නා වූ සිහිවටනය හරිම ලස්සනයි. ‌මහා ලොකු ජනමාධ්‍යවේදී ඡායාරූප ශිල්පියෝ නැතිනම් පොටෝ කාරයෝ ඒක දමාවි. ඒක ඇත්තටම ලස්සනයි. මට ඔබලා ගැන කියවනකොට මතක් වුනේ පරණ කොළඹ යුගයේ ජී ඇච් පෙරේරා ලියපු කවි පන්තියක්. අර කැලණි විහාරෙට අයිති සිංහ පරපුර මේ කවිය කැලනියටම ගිහින් කියවත්වා. තාම මේවා වලංගුයි. දෙමල බස සම්බන්ධව ජී එච් ගේ වදන් දමිල සිජහල සම්බන්ධව විකාරයක් නොව දේශපාලන හැතිකරයේ දෙයක් බව මාරසට පසුව ලියන්නට ඔබලා ආදරය වෙත්වා.

පරලොවට පණිවුඩයක් -ජී.එච් පෙරේරා


ළඟදි ඔය පලාතෙන් බැල්ම ලා මේ රටෙහී
උපදින අය ඇත්නම් කාරියක් මම් කියන්නම්
කලදි අපට කිව්වේ නෑ කියා ඊට පස්සේ
වැරදි කියනවාටයි කල්තියා මේ කියන්නේ

රට බොහොම අසාරයි,ඉන්නවුන්ගෙත් විකාරයි
පිට ඔපයට සූරයි,කම්මැලියි,බාරදූරයි
අට පහ නොම තේරෙයි,වල් සිරිත් පාර බේරයි
පිට රටට වදාරයි,කාපු දේවත් වමාරයි

ගත සිත නැත උස්සා ආදි ඇත්තන් විලස්සා
එයිනි නොර වැස්සා ගෙන් හිඟා කෑම රිස්සා
පුටුව පිටම රස්සා වෙන්ට නම් සී පරිස්සා
විය යුතුය සුදුස්සා වී මෙහෙ එන්ට ලිස්සා

උගත යුතුය ඉංග්‍රීස් ඒ නමුත් පොඩ්ඩකින් බෑ
එහෙම ඉගෙන ගන්ටත් කාලයක් ලේසියක් නෑ
එයිනි ඔය රටේ බී.ඒ. වලින්වත් සමත් වී
පැමිණිය යුතු බැව් ඕනෑකමින් දන්නවන්නෙම්

සිහල බස කමක් නෑ,ඒ උගැන්මෙන් පලක් නෑ
ඉහල ගිය කෙනෙක් නෑ,ඉන් සකුත් පාලි කම් නෑ
අහලක උගතෙක්  නැත්නම් කොහේවත් ගොහිල්ලා
දෙමල බස ටිකක් වත් පාඩුවක් නෑ උගත්තොත්

සිහල සිරිත දැන් නම් තුට්ටුවක් නෑ වටින්නේ
නැටුම සහ පියානා සර්පිනා තාල ඕනෑ
මෙහි එන හෙටනිද්දා ගෑනු ඇත්නම් ඔහේදී
වැඩිය හොඳට මේවායේ සමත් වෙන්ට ඕනෑ

කොයික වැරදුනත් මේ නම් වරද්දන්ට   එපා
කළු හැම ලැබුනෝතින් වෙන්නෙ ඔක්කෝම පාඩුයි
ඔළු ගෙඩි බිම ගස්සා ,කාගෙනුත් ගන්ටත් පූජා
හම සුදුවට නැත්නම් සායමක්වත්  ගෙනෙල්ලා
https://jagathmarasinghe.wixsite.com/mare
05 01 20023


Powered by Blogger.