උන්ගේ ඇස් තමා ඇස්

                                                          උන්ගේ ඇස් තමා ඇස්


     වයසට යනකොට මතක ලියනවා කියන්නේ හංස ගීතය කියනවා වගේ වැඩක් කියලා මාරස නොදන්න පුංචි බබෙක් නොවේ නමුත් හංසයා කිරෙන් වතුර වෙන්කරගන්නා කතන්දරය තවත් මාරයි. ඉතින් අද අළුතින්ම මතුවෙන පරම්පරාවට ඒ හංස ගීත මාර වෙනවා කියන කතන්දරය මාරස විතරක් නොවේ කවුරුත් දන්නා බව දන්නවා. මේ කියන්න යන්නේ සොබනී අමරසිංහ කියන නිලිය ගැන. ඒ කාලේ මිනුවන්ගොඩ නාලන්දෙට අපේ අයියලා චිත්‍රපට ගෙන්වලා ආධාර දර්ශන කියලා පෙන්වනවා. අනේ මන්දා. අපේ අයියානම් මළා. ඒ අයියගේ යාලුවෝ ජීවත් උනත් මම ඒගොල්ලන්ගෙන් දකින්නේ හදවත මැරිලා රූප කායක් විදිහට ජීවත්වීමේ අරුමයද විහිලුවද මම දන්නේ නැහැම නොවේ. කියන්න ලැජ්ජත් නොවේ. උන් මැරිලා ජීවත් උනත් මාරස තාම ඒ අයියගේ මිතුරන්ට ආදරේ නිසා නිහඬ වෙන්නම් කියන්නම්. ඉතින් ගැටවරයෝ කියන චිත්‍රපටය 71 ආසන්නයේ මිනු නාලන්දා රඟහලට අපේ අයියලා වගයක් ගෙනාවා. ඉතින් අපි බලන් ඉන්නේ චිත්‍රපටයටත් වඩා ප්‍රොජෙක්ටරය  දිහා. ඒක අර ටවර් එකේ ලංකාවේ පලමු නිශ්චල  චිත්‍රපටය පෙන්නනකොට මැජික් ලාම්පුව කියලා ගල් ගැහුව කතාවට දෙවැනි නැහැ. කොහොම හරි ගැටවරයෝ මාරස බලන්නේ ගැටවර කාලේ. ඒ කියන්නේ උගුරු ගැටේ කැඩිලා ලිංගිකත්වයෙන් මුසපත්වන කාලේ. ඉතින් අපේ පවුලේ අක්කලා අයියලා ඒ කාලේ සම්භාව්‍යයිද මන්ද? දැන් අල වෙලාද මන්දා කියන්නේ ඒක එහෙම තමයි වෙන්නේ කියන්නේ

     නමුත් ඒ ගැටවර කාලේ ගැටවරයෝ පිල්ම් එක සිත් ගත්තේ ගැහැණියකගේ ඇස් නිසා. ගැහැනුන්ගේ ඇස් බලන් අතේ රේකා පිහිටන හැටි කියන්නත් තරම් ඒ කතාව දුර ගියා. ‌ඒ සෝබනිය නිසා. කිසිදා මම ඇයව අද වනතුරු  භෞතිකව ඇහැට දැකලා නැහැ. නමුත් ඒකිගේ ඇස් වලින් ලත් මොකක්ද භාවමය හැඟීමක් නිසා අද වන විට විශේෂයෙන්ම ගැහැනුන්ගේ ඇස් දිහා බලලා අතේ රේකා විතරක් නොවේ ග්‍රහයෝ ගැනත් කියන්න රටාගත විඥ්ඥානයක් ඇති වෙලා ඇති. 

කොහොම උනත් ඉතින් ගැටවරයෝ සහ මඩවල එස් ශූරින්ල ගැන ලියනු කුමට. ආර්ට් කියන්නේ ආර්ට්නේ. හදවතේම නොමැරී ජීවත් වන මිනිසුන්. ඉතින් අළුත් කොල්ලො කෙල්ලන්ට ගැහැනුන්ගේ ඇස් ගැන වඩා අවධිවෙන්න කියලයි මේ කියන්නේ . අයි සෙක්ස් කියලා පැත්තකුත් තියනවා. අයි ලව් කියලා තව දුරටත් ඒක විභේදනය වෙනවා. ඒවා පසුව කතා කරමු. සෝබනී අමරසිංහ ඉන්නවාද මැරිලද කියන්න මාරසට ඇවැසි නැහැ. මොකද ඒකිගේ ඇස් දෙකෙන් ගැටවර කාලෙදි ගත් මොකක්ද සංවේදිත්වයක් හැම ගැහැනියෙකුගෙම ඇස් වලින් මාරසට අදත් දකින්න පුලුවන්. මතක තියාගන්න. ගැහැනු කතාකරන්නේ කටින් නොවේ. හිනා වෙන්නෙත් කටින් නොවේ. ආදරය කරන්නෙත් අන් කිසිවකින් නොවේ. උන්ගේ ඇස් තමා ඇස්.

හීන හතක් මැද විමනක් සැදුණයි

සීත සඳුන් සුව ඒ තුල මැවුණයි
වාසනාවෙ මල් හදවත පිපුණයි
ගීත නාද දෙව් ලෝකෙන් ඇහුණයි
හීන හතක් මැද විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුල මැවුණයි

නීල නුවන් ගැබ සෝක වලාවෝ
නීල නුවන් ගැබ සෝක වලාවෝ
වේදනාව ගෙන හද අඹරෝරේ
ඈතින් පොර තෙරපී ඇඹරේ
දෑසෙ කඳුලු වැල් රූරා වැගිරේ

අකාලයේ වැසි දිය ඇද හැලිලා
සෝක සුසුම් ගඟ ඉවුරු තලාලා
වාසනාවෙ මල් අකලට මැරුණයි
ප්‍රේම ලෝක රන් මන්දිර කැඩුණයි

හීන හතක් මැද විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුල මැවුණයි


ගායනය - ලතා වල්පොල
සංගීතය - ඩබ්ලිව්. ඩී. අමරදේව
ගී පද - මඩවල එස්. රත්නායක
ගැටවරයෝ චිත්‍රපටියෙන්
                                                                                                        https://jagathmarasinghe.wixsite.com/mare
                                                                                                                                                                     06 01 2023


Powered by Blogger.