තෙවැනි ඇසක ආදරය විනිවිදිමි.

                                                         තෙවැනි ඇසක ආදරය විනිවිදිමි.

                 අදවන විට නැතිනම් චලිතවන සමාජ බුද්ධිමය කුලක ‌දෙස බැලූ විට ජනතාවට නැතිනම් හුදී ජනතාවට වඩා උන් බලය අතින් ඉදිරියෙන් සිටී. 80 දශකයට පසු සංවාද වනාහී ‌වෙළඳපොළ සංඥාවාදී වෙනම බුද්ධිමය මාකට් ගේමක් බවට පත්වී හමාරය. ඒ ඒ කල්ලි කණ්ඩායම්වල අවංක අදහස් මත කොමන්ට් ලයික් නොව ලයික් වත් දමන්නේ කීප ‌දෙනෙකු පමණි. කිසිදා මේ ගෝලීයකරන වෙළෙඳපොල තාවකාලිකව හෝ ජයගෙන ඇති සංඥාවාදී වෙළඳ දැන්වීම් නොව දාර්ශනික වෙළඳ දැන්වීම් කලාව සමග මාරසට හැප්පෙන්නට බැහැ. සිංහයන් හෝ නරි රංචුවක් සමග නොව අවැසි මතවාදී සහ ආරක්ෂක චේතනයක් නැති ගායට ලියන මාරසට කිසිසේත්ම තනිමම මේවා සමග හැප්පෙන්නට හිතුනත් ‌ආදර මත් වතුර ජීවනය සමග ජීවත් වන විට ඒකලාට ලියන කාරනා පසුදා ඔන්ලි මී කරන්නේ බොහෝ දුර සිතා මතා නොව දේවල් තේරෙන දැනෙන නිසාමයි. ඉන්ද වැදගත් වන්නේ සියලු කල්ලිකණ්ඩායම්  මාරසේ කාචයෙන් පේන්නේ වමේ වගේ. මාරසට දැනෙනවා ඇති ‌දැන් ‌මුන්ව මම සත පහකට දේශපාලනිකව ගනන් නොගත්තත් මේකලා මාර අවංකයි කියන කාරනය. මේකට මාරස ගෙන තිබෙන්නේ එක් පියවරක් පමණයි. ඒ කොතෙක් දුර ගොස්ද යත් මේ කල්ලි කණ්ඩායම් වල කිසිවෙක් මාරස සමග දුරකතනයෙන් කතා බහ කිරීම පවා ප්‍රතික්ෂේප කරනවා. මනෝවිශ්ලේශනාත්මකව මේ අය දකින දේශපාලනික වචන වලින් නිර්මිත සැබෑවන් මාරස හිස් මුදුනින් පිළිගත්තද මේ අයගේ මනුෂ්‍යත්වය නොව මිනිස් කමවත් කොහේදැයි මා සොයන්නේ නැහැ. ඒ ගෝලීයකරණයේ ආර්ථික දේශපාලන සංස්කෘතික බිඳ වැටීම් නිසා කියාද මාරස දකිනවා මුත් තවත් පැත්තකින් මේ තත්ත්වයන් සම්බන්ධව ආගමික ධර්ම සහ ‌වේද වේදාන්ත පැත්තෙන් සිතන විට ජ්‍යෝතීර් වේදයෙන්ද මේ දේ අනිවාර්යෙන් දකිනවා. වරක් මාරස ලියා ඇති රුසියාවේ පුටින්ගේ සිතීමේ ක්‍රමය ලෙනින්ගේ ඉතිරි බිතිරි වූවා කියන්නේ සංවර්ධනාත්මක දයලෙක්තිකයේ ඇත්ත ඒකා අනුදකිමින් ඒ යුධමය ක්‍රියාදාමයන් සමග කෙලින්ම යුක්රේනයේ නොවේ යුරෝපයේම සීත කාලය අල්ලන් කරන්නා වූ ජිඩිටල් දේශපාලන පාහර කම් වලටත් අභියෝග කරමින් කරගෙන යන මෙහෙයුම්. කෙලින්ම ප්‍රග් ධනය ක්ලවුඩ් හෙවත් ගණනය කිරීම් වලට ගෙනිහින් අප රටටත් කෙලවපු කෙලවිල්ල. අනේ මන්දා කියන සුරතල් විඤ්ඤානවාදී වචනය කියන්න වෙන්නේ ඩිජිටල් කියන්නේ හේතුවාදී කොවුර්ගේ  යාන්ත්‍රික භෞතික වාදය අපෝහක භෞතික වාදය කියලා හිතන් ඉන්න දේශපාලකයන් සහ ඉත්තන්ට නොවේ. ඒ ක්ලවුඩ් (වලාකුළු) ප්‍රාග් ධනය නරඹන වාමාංශික සහ වාමාංශික දේශපාලන ඉත්තන්ට නොවේ. ඒ නලුවන් ලෙස රඟන එදා ඉතා වටිනා ගැමියන් වූ ආදර ලොක්කා කියන සනුහරේට. 
             අපට නය දෙන දේශපාලන කතා වලට මක්වේවිද යන්න මාරස ඇඟිල්ලෙන් ඇන කිව්වේ පුටියාගේ ලෝකයේ ආර්ථික යුද්ධය  අර හිට්ලර්ගේ ආර්තික යුද්ධය  අතහැර කතා කළා මෙන් අපේ සියලු ආර්ථික විග්‍රහ නොව සැලසුම්ද විසූවියස් ගිණිකන්ද පාමුල සාදන ලද කඩදාසි ගෙවල් බවට පත්වීම නියතයි කියා නොවේ එසේ නොවන්නා වූ හේතු සාධක තිබේනම් පාටකයන්ගෙන් ඉල්ලමින්. මමයි රජා වන ලෝකයක් නිසාද දන්නේ නැහැ. මොකද මාරසනම් හදවතින් උනත්  දේශපාලනිකව ආදරය හිතුන කෙනෙක් අගයනවා විනා  කිසි කෙනෙක් හැඳිනුවත් නැතත් මග හරින්නේ නැහැ. ඒ මගේ පොරත්වය කීවා කියා හිතනවානම් හිතා ගන්න. වරක් මාරස අර බණ්ඩාරණායක සම්මත්‍රන ශාලාවේ පොත් ප්‍රදර්ශන ගැන ලියා තිබෙනවා. කිසිවෙක් බැලුවේ නැහැ නොවේ බැලුවා. නමුතු මේ කොළඹ කේන්ද්‍රීය කල්ලි කණ්ඩායම් වලට තමා ‌ඒ දේවල් හොඳින් තේරුන් ගන්න දැනුම තියෙන්නෙත්. ඒ වගේම මනුෂ්‍යත්වය තියෙන්නෙත්. මාරස සමග තරහක් ඇතිවෙලා ගැටුම් පටන් අරන් නැහැ. නමුත් සම්මුති වශයෙන් සම වයසේ එක්තරා ගුරුවරයෙකු වශයෙන් දකින්න පුළුවන් එකෙකු සමග ගැටුම් ඇති 
         මේ ඊයේ පෙරේදා මාරස ලිව්වා යම් කලා කාරයෙකු බෝධිසත්වයෙක් කියා. බෝධිසත්වයා යනු එක් එක් කල්ලි කණ්ඩායම් වල සහ පුද්ගලික නැන පමණින් කියන දේවල් ඉවසනවා විනා සංවාද කරන්න මේ ගෝලීය ධනවාදයේ හෝ විනාශ කාරී වෙනස් යුගයක් ලෙස හෙට වෙනත් දාර්ශනිකයෙක් අර මාක්ස් මෙන් ව්‍යුහයට කඩා දැමිය හැකියි. ඒ චලිතය වශයෙනුත්. අනිත්‍ය වශයෙනුත්. ග්‍රහයන් වෙනස් වීමෙන් හෝ වීශ්වීය ශක්තියක් හෝ වෙන යම් මගුලකින්වත් කියා හෝ හිතන්නට මාරසට ආගමික වෙන්න බැරි ඇයි කියන කාරණය මාරස හදවතින් ආදරය කරමින් විචාර කරන කවුරුත් දන්නවා. හිතන්න හැකියි මේ මම ලෝකයට ලියනවා කියා. නැහැ මේ ලියන්නේ ලෝකයන්ට තමා. නමුත් නාභිය මා ආදරය කරන විකල්ප දේශපාලන දවසක් හරි ආදරය කරපු නුඹලාටයි.  
                   මේ ටික නොකියා බැහැ. තවත් දෙයක් කියන්න තියනවා. මාරසත් හරිම දක්ෂ සෝක ප්‍රකාශ ලියන්න කියන කතාව මාරස අත්දැකීමෙන් දන්නේ ඒවා ගැන පාටකයන් කීප දෙනෙක් දුන් දුර කතන ඇමතුම් නිසා නොවේ. ඒවා නැවත කියවන කල මාරසට කඳුලු එන නිසා පමණයි. කෙනෙක් කියනවානම් පරපීඩ කාමය දාර්ශනිකව ස්වභාවයට සාධාරණයි කියා, ‌මාරස ඒත් බෝධිසත්වයෙක් කිව්වම උන් ලියන බෝධිසත්වයන්ට විරුද්ධව කතා කරනවානම්. පරකාම පීඩනය වනාහී අප දන්නේ දේශපාලනිකව විනා එක් එක් දාර්ශනිකයන් කියන කතාන්දර වලින් නොවේ කියලා දකිනවානම්. සම්මුතියක් වශයෙන් බුදුන් දාර්ශනිකයෙක් නොව ධර්මඥ්ඥයෙක් කියලා දකිනවානම් ඒ සම්බන්ධව ඒ කාලයට සාපේක්ෂකව කියන වෙනස් වන සංකල්පයකට නොව අපේ අපේ තාත්තා කවුද කියා අම්මා කියන දේ අසා ජාන පරීක්ෂණ නොකරගන්නවා සේ මහා වීරගේ මහා දේවල් අප ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මේවා වැරදි කියා මාරස මේ වන තෙක් කීවේ නැහැ. වැරදි වන්නේ ඒවා නොව එකම දෙයක් පමණයි. මා ඒකට කෙලින්ම කියනවා පාරේ ඉන්න හිඟන්නෙක් මාරස බෝධිසත්වයෙක් සේ දකිනවා කියා. සටනට ඒවි මාර පොරවල්. ඒත් මාරසේ දුර්වල මානසික ස්වභාවයක් ඒ මොහොතේ තිබ්බොත්. ඔව් වාස්තවිකත්ව හේතුමත හෝ නැතිනම් කර්මපල වාදයේ හෝ ග්‍රහ චාරයේ හෝ දෙවියන්ගේ කැමැත්ත මත හෝ අර ඒ කාලේ ට්‍රොස්කි සහෝදරයා නොව ( මක් නිසාද ඒකා සිංහලෙන් කියෙව්වත් මොකෙන් කියෙව්වත් වචන දර්ශන වරදාගෙන් නැහැ. අර බුදුනුවන් වගේම තමා වගේ කියලා පසුවට මාරස ලියයි. ඒ සියල්ලම මහා වීර සමග සසඳන්නට හැකිද කියන කාරනය ගැන දැනුවත්වයි මේ ලියන්නේ.  ( කොරෝනා වලින් මිය ගිය මේවා සම්බන්ධ මහා පොරවල් ගොඩක් ගැන ලියන්න හිතුනත් මාරස ලියන්නේ නැහැ. මන්ද මාරස හිටපු මතයක් තියනවා. සරත් පොන්සේකා සමග අතිනත අල්ලා ජනාධිපති වරණය කරන ‌විට මාරස කතුවැකියක් ලිව්වා තමා. ඒ කතුවැකියක් නොවේ. හැම්ලට් කුමාරයා සිහිවී විලියම් ‌ක්ෂේස්පියර් හැම්ලට් කොම්පෙලෙක්ස් කියා මනේවි‍ද්‍යයන්ට සිතන්න නමක් දුන් හැම්ලට් දකින දෙයක් තියනවා. තමන්ගේ රාජකීය තාත්තා මළ දවසේ ඒකා දකිනවා හැම්ලට්ගේ අම්මාගේ  මිනිහා යන සංකේතාත්මක වචනයෙන් මිනිසුන් පට බැන්දා වූ  ඒකා තාත්තා මළ දවසේ ජනේලයකින් එබී බලන විට අම්මා බාප්පා වූ ඒකාත් සමග රමනයේ යෙදෙන බව අති සතුටින්. නමුත් අද අපේ භාෂාවෙන්නම් කැරි විදිහට හැමිනෙන බව.  ඒක දැකපු හැම්ලට් කුමාරයා වේදිකාවේ ඒප්‍රනය නැතිනම් තිරෙන් ඉදිරියට එනවා. ඒ ගැන සුගතපාල සිල්වා ගුරුතුමාත් සුගතපාලද සිල්වා සමග කතා කර ඇති දේවලුත් රංජිත් ධර්මකීර්තී ගුරුතුමා සමග කතා කළ දේවලුත් ඉඩ ලැබුනොත් මාරස කියන්න ලෑස්ති නොවේ මේ ලියන්නේත් ඒ ඇසුරෙන් ලබා ගත් දේවල් තමා. කිසිදා මාධ්‍ය සාකච්චාවකට හෝ පෙරවදනක් ලියාගන්න හෝ වෙනත් වාසියකට මාරස කිසිවෙක්ව ඇසුරු කර නැහැ. ඒ නිසා මා කිව්වා ඒ හැම්ලට් කුමාරයා තමාගේ අම්මා තමන්ගේ තාත්තා මියැදී මිහිදන් කළ දවසේම ඒ අනියම් නොවේ සාම්ප්‍රධායිකවත් ආගමිකවටත වඩා මනුෂ්‍යත්වයේ අධම බව. හැම්ලට් ඒ කාරිය දැකලා සමීප රූපයක් සහ සමීප රුවක් විදිහට තිරයෙන්න්නේ එලියට ඒ ඉලිප්සාකර කාලක් වගේ කොටසේ ඒප්‍රනයේ දකුණු පසට විත් කියන්නේ වේදිකාවට. 
       කවුරු ආචාර්යවරු කොහොම කිව්වත් සයිමන් සර් සහ මම ඒදා හිටියේ මධු සුරතාන්තයේ විය හැකියි. චින්තන ධර්මදාස ලියන්නේ ඇත්තද කියලා මම දන්නේ නැහැ. මම දන්න චිංතන කියන්නේ මේ ලියන චිංතන නොවේ. ගොඩක් වෙනස් ආදරණීය සහ ලෝකය ගැන හදාරණ කෙනෙක්. ඒ දේ ඒකා ලියන දේ තුල ලියනවා. ඒත් ඉතින් අපි පරයි තමා. නමුත් ඊට වඩා වැඩි ධාරිතාවක් තියන වාහනයක් බුද්ධිමය අවංක සදාචාර වාහනයක් තියාගෙන් මේ දැන් මොකද කරන්නේ කියලා අහන්න මාරයාට නැති උනත් මාරස කරන මාරෙට අයිතියක් නොවේ ආදරයක් තියනවා.
         සයිමන් නවගත්තේගමයන් ඒ කාලේ දවසක හැම්ලට්  නාටකය ගැන මාරස කතා කළ ගමන්ම පරල වෙලා සරම පිටින්ම ඉඳගෙන හිටපු පුටුව උඩට නැගලා කිව්වා ‘ටු බී  ඕර් නොට් ටු බී" කියලා. අම්මට හුඩු හැම්ලට් චරිතය ශුද්ධ ඉන්ග්‍රිසියෙන්ම කොටසක් කළා. ඒ ටික අපේ කාලේ සිංහලෙක් කියවපු කේ ඩී පීගේ පොතක තිබ්බේ අනුර්තන එකම ඒක පද ටිකයි ඒ් සිද්ධිය සම්බන්ධව හැම්ලට්ගේ අවසාන උත්තරේ
කොච්චර ලස්සනද? ඒ  කියන්නේ අම්මා බාප්පා එක්ක නොවේ මොකා එක්ක හිටිටත් ඊටත් වැඩි දෙයක් උනත් වැඩක් නැහැ මගේ අම්මා වුන උඹ උඹ ආදරය කළ තාත්තා මළ දවසේ ඒ වේදනාව ගැන අබමල් රේනුවක කණගාටුවක් නොදැන පස්වනක් ප්‍රීතියද ඉක්මවා යන කාම සුඛාස්වාදී ප්‍රීතිය තාත්තගේ දේපලද අයිති ඒකාගේම මල්ලී ඔබේද පුතා වන මගේ බාබ්බා සමග රමනයේ යෙදෙන්නේ කොහොමද කියන කතාව නොවේ. 
හරි කෙටි සදා නොමැරෙන ප්‍රශ්නයක් අහන්නේ. මළ ගෙදර බත් සීතල වන්නටත් ප්‍රථම නුඹ ඒ දේ කලේ ඇයි කියලයි. 
කේ පී ඩී මතකේ විදිහට අනුවර්ථනය කිරීමට හරි වචනය නැති උනත් ඉන් ද්වනිත වචනය හරියටම ‌ඒ විදිහට ලියලා තිබ්බා මාරසට මතකයි. බස් එකක කියෙව්වේ කියලත් මතකයි. ජාඇල හරියෙදි. ඒක මතක හේතු පසුව ලියන්නම්.
               මළ ගෙදර බත් සීතල වන්නටත් ප්‍රථම" කියන පද වැලේ හඬ මට පසු කාලෙක ආදරණීය නොවේ වේදනාත්මක චෝදනවාක් උනා. ඒ මාරස හෘර්ධ ශාක්ෂියට. මම කෙලින්ම නව ජවිපෙට විරුද්ධ වුනේ නැහැ. ඒක දර්ශනයෙන්වත් ධර්මයෙන්වත් මොන මනෝවිශ්ලේෂණයකින්වත් විසඳන්න ලේසි නැහැ.මේ කියන කාරණයෙන්හා පසු මා ජවිපේ ගැන හොඳක් ලියන්න දෙයක් ඉතිරි වෙලා නැහැ කියලා හිතුනා. කලබල වෙන්න එපා. මාරස මාකට් එකට ගැලපෙන දේ ලියන්න උත්සාහ කරනනේ නැහැ. එසේනම් තම දැනුමෙන් ජ්‍යෝතිෂය මේ ක්‍රමය තුල විකුනලා තට්ටු ගෙවල් ගහලා අවසාන වෙලා ගොඩක් කල්.                අද වන විට ගොඩක් පුදුම විදිහට ජීවිත කැපකරපු සංවිධානයක් ජවිපෙ කියන්නේ. ඒ සියල්ල මාරස දැක්ක. නමුත් කිසිදා හිතවතකේ විදිහට විනා ඇතුලේ වැඩ කරලා නැහැ. හිතවතෙක් විදිහට අනෙක් සංවිධාන වල මිතුරන් සාමාජකයන් අතරත්  මාරස හිටියා කියලා දන්න අය දන්නවා. නමුත් මාරස ඒකලාට විරුද්ධ වූ තැනදි මම හිරේ ගියේ විප්ලවීය සංවිධාන ලෙනින් වාදී පැරණි ක්‍රමෝපායන් ලංකාවට බද්ධ කරන්න ගිය අමිහිරි න්‍යායාත්මක තැනේදි. කොටින් කියනවානම් තමන්ට ඇවැසි උන් බංකරයක් වෙන්න ඉඩ දුන්න කාලයක මාරස මරණයෙන් බේරුනේ බෝනස් එකකට. මොකද ඒක රජයේ වරදක් විදිහටවත් ජවිපේ වරදක් විදිහටවත් මාරස පිළිගන්නේ නැහැ. ඒක විප්ලවවාදි න්‍යායත්මක කේඩරයේ සිතීමේ වරදක් නිසා සංවිධානයකට එසේ කරන්න සිදුවීම අනිවා. ඒ කියන්නේ ඒකලාම කියපු න්‍යායෙන් ‌තොර භාවිතය අඳයි කියන කාරණයමයි. සමහර විට මේකට හැප්පෙන්න සමහර මා දන්න අය එන්න හැකියි. තරහා වෙන්න ඒපා කියලා මා ඒකලාට කියන්නේ නැහැ. ලංකා මෑනිගේ ආර්ධ ආත්මීය ‌රෙදි ගලවන්න ගියාම නුඹලාව නිරුවත් උනොත් මාරසට කිසිත් කළ නොහැකියි. බය කියන දේ දැන් ඇත්තෙම නැහැ. බෝනස් එකට ජීවත් උනාද ග්‍රහයෝ නිසා ජීවත් උනාද කියන දෙවියන් නිසා ජීවත් උනාද නැත්නම් ජනතාව නිසා ජීවත් උනාද කියන කිසිවක් නැහැ. ඇතුලේ වැඩ කළාට එදා ජවිපේට සැබෑ ආදර භක්තියක් තිබ්බ තමා. ඒ ජාතිකත්වයත් සමග තමා. ගුනදාස අමරසේකරගේ ගණදුරු මැදියම දුටුවෙමි අරුනලු කියන පොත රංජිදම් මම ප්‍රේමලාල් පමණක් නොවේ එකල ජවිපේ නොසිටි ඒත් ජවිපෙට ආදරය කළ කලක් දේශපාලන මංඩලයේ සිටි සිරගෙදරදි පමණක් අතිජාත මිත්‍රයෙකු වූ මට කොලු තාත්තා කිවූ බණ්ඩාර තෙන්නකෝන් සහෘදයාද කියවා ගොඩක් දේ කතා කළා තමා. උපාය මාර්ගය සහ වැඩපිලිවෙළ යටතේ ඒ පොත මාරයි කියලා බණ්ඩාර තෙන්න කෝන් සහෝ තමා කියා දුන්නේ. නිකවැරටිය පොළේ මයියොක්කා වික්කා කියලා ආරංචි වෙලා දැන් වසර17යි. ඒකා මා සමග ඒකතුවී නේපත්‍යාගාරය යට කියලා ලියපු නාට්‍ය අත්පිටපතක් තියනවා. නමුත් හමුවෙන්න කළු රංජිගෙනුත් ඇහැව්වා. උත්තර නෑ. ජීවත් වෙනවා. හමුවෙන්නේ නැහැ. මාර ආදරණීය මනුෂයෙක්. මට වඩා වයසයි. මන්දා තාත්තා නැති මට තෙන්නේත් ඒ අවුරුදු දෙකේ තාත්තා උනාද කියලා. ඒ කියපු දේවල් ඒ අහගෙන හිටපු මහා නවකතාවක්. ඒවා මට ලියන්න වෙලාවක් නොවේ වුවමනාවකුත් නොවේ ආසාවක් නැති එකට කමක්න. ඒක දිග කතාවක්.
                   එදා පැමිණි කඳුලක මනෝවිශ්ලේෂනයත් සමග කතා කළේ ත්‍රී පිටකයටත්, බයිබලයටත්, ලෙනින්න් වෙලුම් වලත්, දාස් කපිතාල් සහ ඒංගල්ස්ලා ආදරයටත්, විජේවීර ගැන හිරගෙර ජවිපේ නොව මාරස බේබද්දෙක් විදිහට හිටිනකොට රංජිදම් ගුණරත්නම්, බන්ඩාර තෙන්කෝන්, කෑගල්ලේ ගුණවර්ධන සහෝදරයා, ‌ලෙස්ලි සහෝදරයා ගෙන් මාරසස ඒ කාලේ හෘර්ධ ශාක්ෂිය ඒ වගේම කියලා දැකපු මිනිහෙක්. නමුත් අද ජවිපේ ගැන මම විවේචන කරන්නේ නැහැ. මොකද මම ඒක ඇතුලේ අද නැති නිසා. ප්‍රශ්න පිටින් තිබ්බත් අද එයාලාට බලපාන දේශපාලනික සමාජීය ජ්‍යාතන්තර හේතු සාධක සහ සාමාජිකයන්ගේ සම්මුති සම්භන්ධ ධනාත්මක දේවල් හෝ සෘණාත්මක දේවල් මාරස දන්නේ නැහැ. ඒ නිසා නිකන් හිතලු ලියලා වානිජ ප්‍රහසන නොවේ අති ග්‍රාම්‍ය විකට කතා ලියන්න මාරස කැමති නැත්තේ සම්භාව්‍ය වෙන්න නොවේ. සරල පිස්සෙකුකු වන් ඒ ජීවිතයෙන් ඔබ්බට යන්න අකමැති නිසා වෙන්න ඇති. නමුත් ඒ අවස්තාවේ දුක හිතුනා කියන කතාව කියන්න මට කාගේ කාගේ පක්ෂ වලින් අවසර තිබ්බත් ඒ කාලේ ජවිපෙන් ගොඩක් අවසර තිබුනා කියලා දැක්කත් ඔයාලා ඒ වගේ දේවල් දැක්කම හිරු දුටු පිනි මෙන් තන අගින් වියැලිලා ගියා. ඒ තමයි චලිතය. චලිතය අනිත්‍යය කියන්නේ ධනේශ්වරය වෙනස් කරනවා වගේම තේරුන් ගන්නනත් ලේසි පහසු දෙයක් නෙවේ කියලා හිතෙන්නත් අවුරුදු හැටක් පනින්න වෙයි කාට කාටත්. මතක තියා ගන්න කාලය සාපේක්ෂයි කියන කතාව. ඊට වඩා හොඳයි කියන කතාව සෙස්ස පස්සට දාන්නම්
     ඉතින් මේ ටික ලිව්වේ මෙන්න මේ ටික ලියන්නයි.
දැන් මම මේ කාලේ මගේ යථ හෝ පැන්ටසිය කියලා කවුරු කිව්වත් ආර්ථික අර්බුදයේ භාව නාගරික වීදියේ ඉඳන් කතා කරන වීදි ඡායාරූප ශිල්පයට ආයෙත් යනවා. ඒ අර කලින් ලිපියේ ලියල තිබ්බ සෝබනී අමරසිංහ ගැන ලියලා ඒකුන්ගේ ඇස් තමා ඇස් කියන කතන්දරයට දේශපාලනිකව තවත් විදිහකට කඳුලු සලන්න තමා නොවේ වෙනත් විදිහකට කඳුලු සලන්නත් නොවේ          කඳුලයි සිනහවයි දෙකේම පැවැත්ම ඇස් කියලා කියන්නයි ඒ ලියලා ඇත්තේ.
        මට මතකයි තාම ලෙනින් සහෝදරයාගේ "අනුුුුභූති වාදී විවේචන පොත."
      මාරසට අනුව ජවිපේ තරම් යාලුවන්ගේ පොත් වලට වංචා කරපු මිනිස්සු සහ පොත් හොරකම් කරපු මිනිස්සු කොහේවත් හිටියේ නැහැ. මාරසත් අනුබල වුනා පැත්තකින් සිට වෙන්න පුළුවන් අපේ හොඳම තරුණ කාලේ. සෝවියට් දේශයේ සම්මන්ත්‍රන වලින් ලෙනින් වෙලුම් මිටි මිටි පන්නපු හැටි මතක් වෙනකොට මම ඒ කාලේ හිතන් හිටියේ මාර විදිහට වැඩක් වෙයි කියලා. නමුත් මාරසට දැන් පිස්සු හින්දා වැඩක් වෙනවාද නොවෙනවාද කියන කතාව තීරණය කළ යුත්තේ මම නොවේ. එක භාෂාවකින් ජනතාව කියමුකෝ. තවත් භාෂාවකින් කරුමය කියයි. තවත් භාෂාවකින් දෙවියන්ගේ කැමැත්ත කියයි. තවත් භාෂාවකින් ඒක මනෝ භාවය කියාවි. කාරි නැහැ. 
     ලෙනින්ටනම් සීත කාලයේ වැටෙන පිස්සෙක් වගේ හිටපු ටින් බෙලෙක්කයවත් වැදගත් උනා. ඒ වගේම නගර නිර්මාණ ශිල්පය ගැන ලියපු ට්‍රිසියල් කොව්ස්කිලවත් වැදගත් වුනා. ඒවා කෘප්සකයා ලියපු ලෙනින් හා අපේ ජීවිත පොතේ තියනවා. දැන් ඒක ආයේ මාරස ගන්න ගියා ටිකක් ලියන දේවලට බලා ගන්න. රුසියාවේ ඒ මුද්‍රන දැන් නැහැ. වෙන කාගෙද තියනවා කිව්වා. එතනත් තිබ්බේ නැහැ. සමහර විට ඒක උස්සපු ඒකා කිසිත් වැඩක් නොකර මැරිලා නැහැ. පිට රටක ඇති. අනේ යකෝ.
              ඒ කාලේ අපි සිගරට් ගහන නිසා පුද්ගලික මනෝවිද්‍යාව කියනවා කියලා ප්‍රොයිඩ්ලාව ප්‍රතික්ෂේප කළ සහෝදරයෝ අද ශරීරයෙන් අංශ භාගීන්ද දන්නේ නැති වුනත් එදන් සැබෑ අංශබාග රෝගීන්ලා හිටියේ. ඉතින් අද නුඹලට තියෙන්නේ රුසියාවේ පද්ධති මනෝවිද්‍යාව කළ විගොස්කිලාව අත හැරලා ඉන්දියාවේ ඇම්බෙට් කාර් හරහා විප්ලවීය අග්නි සැරක් දුන් ට්‍රොස්කිලාවත් අත් හැරලා අර ඒ කාලේ සමාජ සත්වා යථාර්ථවාදයෙන් නිපන් පෙුායිඩ්ල සමග ගිහින් ලාංකේය සියලු මිනිසුන් පරලොව යන්න කිට්ටු වෙද්දි ජීවිතය දානයක් කියලා හිතාගෙන කාලෝ කොවූර් අනුදැකි කාලෝ පොන්සේකයි ‌සෝමවංශ අමරසිංහයි වගේ පාංසු කූලය දීල මැරෙන්න අන්තිම කැමති පත්‍රය ලියන එකයි කියලා මාරස කිසිදා කියන්නේ නැහැ. නමුත් නිර්මාන කරන්න හිතෙනවා. කරන්නේ නැත්තේ එලි දක්වන්න ආයෝජකයො නැති නිසා. ලියනවානම් ලියන්න දන්නවා. සිරිලාල් කොඩිකාරගේ රංචාගොඩ ලමයාව පෙරැලූ නැවුම්පසේ ගොළු දිමීත්ට අරන් ගොලුවෙක් වගේ. අපි ෂොලහොව්ල වගේ ලෝක සාහිත්‍ය කරන්න යන මිනිස්සු නොවේ. කැමරාවක් ගන්න සල්ලි නැතිනම් වීදියේ ජීවිතයේ දුක රස විඳන මිනිස්සුත් නොවේ. දුක ‌දුකට හේතුව හොයා යන මිනිස්සුත් නොවේ. ලෝකය විඳින මිනිස්සුත් නොවේ. ලෝකය දුකයි කියන මිනිස්සුත් නොවේ . වෙන හැම දෙයක්ම හරියි කියන මිනිස්සුත් නොවේ. මිනිසුන්ගේ භාවයන් නරඹන මිනිස්සුත් නොවේ. අවසාන උත්තරය දෙන්නම්. යකො සාමාන්‍ය මිනිස්සු. මිනිස්සු කියන්නේ මිනිස්සු. 
              තැනට ආවා. මේ වීදි ඡායාරූපය සයිබරි රස්තියාදුවේ සංචාරයේ නියැලී ‌මගේ ආදර ලෝකයේ එලිය සහ අඳුර සොයන අරගලයක කෑල්ලක් දැක්ක තැනක් . මාරස දකිනවා යුරෝපයේ ස්ටීව් මැකූරි වීදියේ අභිනයන් තාක්ෂණික කලාවෙන් ආලෝක දඩයම් කරන මාර පොරක් කියලා. මේ අර යුද්ධයක් අවස්ථාවක ගත් නූතන මොනාලිසා කියන ඇස යනු පාරහෞතික හා ගුප්තශාස්ත්‍රමය සංකල්පය. 
            තෙවන ඇස හෙවත්ධා තුන්ම වන ඇසේ  අදහස නම් සාමාන්‍ය ඇසට ගෝචර නොවන දේ පිලිබඳ අවබෝධය හා දෘශ්ථිය ලැබීමයි. තෙවන ඇස යනු හෞතිකව ස්පර්ශ කල නොහැකි මනසේ කොටසක් කියලයි ලෝක ඉතිහාසයේත්  සඳහන්. මෙය ඇස් දෙකට මැදින් ඊට මදක් ඉහලින් නළලේ  පිහිටා ඇති තැනක් බවට විශ්වාස කෙරේ. තවද මෙය සත්වන චක්‍රය (යෝග) ලෙස පිලිගැනේ. මෙය සංකේතියව  පෙති දහසකින් යුත් නෙලුම් මලකට උපමා කර ඇත.
තෙවනි ඇස ලැබීම යනු අධි මානසික හැකියා අතරින් ගත් කල නූතනයේ ඉතා ඉහල ගනයෙහි ලා සැලකෙන අධිමානසික හැකියාවක් වෙනවා කියලයි කියන්නේ. මිනිස් සිරැරෙහි පවතින චක්ර 7ක් පිලිබදව යෝග විද්යාවේදී කියවෙනවා. තෙවැනි ඇසට අදාල චක්රය වන්නේ ආඥා චක්රය කියලත් නම් වෙනවා. මේ චක්රවල ශක්තිය ඉබේම ක්රියා නොකරන බැවින් ඒ සදහා මනා පුහුණුවක් අවශ්ය වෙන නිසා භාවනාමය යෝග ඇතුලු තන්ත්‍රභාවනාමය අභ්‍යාස පවා මේ සඳහා මිනිසුන් උපයෝගි කරන්වා තියන බව ඉතිහාස සටහන්ම වල තියනවා. ගුරැ ඇසුරද ඉතාම වැදගත් බවත් කියවෙනවා. තනියම මෙවැනි දේ අත්හදා බැලීමට යෑමෙන් යහපතක් වෙනුවට අයහපතක්ම වෙන බව මගේ මතය වෙයි කියලා කියවුන අවස්තාත්ලි බහුලයි කුණ්ඩලනී යෝග වඩන අය මේ පිලිබදව දැනුවත් වූවාට යෝග විද්යාවට ආදුනික අය ⁣මේ පිලබදව දැනුවත් නොමැති නිසා අද මේ ගැන මෙසේ කියන කතාව ලේසියි නිසා මෙසේ ගොඩක් අය ලියනවා ඇති
නලල මැද පවතින මෙම ආඥා චක්රය 3rd eye,තෙවැනි ඇස,දිවැස ,ඍෂි ඇස ලෙස එක් එක් අයුරින් හදුන්වනු ලබයි..මෙය ශක්ති මය අධ්යාත්මික ඇසක් මිසක භෞතික ඇසක් නොවෙයි.නලල මැදි වනසේ කපා බැලුවත් මෙය සොයාගත නොහැක.මනුෂ්යයන් ගේ මුල් සම්භවය සිදුවන කාලයේ ස්වාභාවිකව පිහිටියාවූද මේ වන විට නෂ්ඨ වී ගිය හැකියාවක් වන අතර සාමාන්ය ඇසක පැහැයට වෙනස් වූ නිල් පාට දම් පාට ඉන්ඩිගෝ පාටට හුරැ අදාල චක්රයේ පැහැයෙන් මෙම තෙවෙන ඇස දීප්තිමත් වෙයි. (මෙය විඤ්ඤාණ වාදී අදහසක් කියන අය දයලෙක්තික විද්‍යාවට විරුද්ධයි කියන අය ඉන්නවානම් ඒ ගැන අටුවා ටීකා නොවේ ඇයි එසේ කියන්නේ කියා ලිව්වානම් තමා මරු)
තෙවෙනි ඇස විවර කරගත් අයෙකුට විශාල අධිමානසික හැකියාවන් ප්රමාණයක් ලබා ගත හැකිය.ඒවා අතරින් පර සිත් කියවීම.දෙවියන් අමනුෂ්ය යන් දැකීම සහ එම ලෝක දැකිය හැකිය එමෙන්ම ඒ අය සමග මනසින් කතා කරන්නද හැකිය.අනාගතය දැකීම, පෙර ආත්ම සහ අනාගත ආත්ම දැකිය හැකිවීම,හිතකින් හිතකට පණිවිඩ සන්නිවේදනයද කල හැකිය,ඊ⁣ට අමතරව ඕනෑම දුරක ඇති දේවල් ද දැකිය හැකිය. ( ගොඩක් වෙලාවට ඒ කාලේ මාක්ස්, ඒංගල්ස්ලාගේ ලෙනින්ලාගේ වන් අයගේ විශේෂිත ලක්ෂන දකින අයට අන්තිම උත්තරය වුනේ- ඒ ශුවිශේෂයක් කියන සංකල්පය. නමුදු ඒක ලිස්සා යාමක් කියන කතාවට ප්‍රොයිඩ්ලාගේ ඒකීය රේඛා පෞද්ගලිකත්වයට ඉඩ නොදෙනවා කියපු සමාජ සත්තාවට නොවේ මාක්ස් ලෙනින් උත්තරය කුමක්ද යන්න ‌හෝ ඒ සැඟවූ හෝ සැඟවුන විදිහ හෝ නැතිනම් වගකිව යුතු එහිම නියැලෙන අයගේ උත්තරය මාරසට නොවේ කාට කාටත් වැදගත්.)
තෙවැනි ඇස විවර කරගත් අයෙකුට විශාල අධිමානසික හැකියාවන් ප්රමාණයක් ලබා ගත හැකිය කියා කියැවෙනවා. ඒවා අතරින් පර සිත් කියවීම.දෙවියන් අමනුෂ්ය යන් දැකීම සහ එම ලෝක දැකිය හැකිය එමෙන්ම ඒ අය සමග මනසින් කතා කරන්නද හැකිය.අනාගතය දැකීම, පෙර ආත්ම සහ අනාගත ආත්ම දැකිය හැකිවීම,හිතකින් හිතකට පණිවිඩ සන්නිවේදනයද කල හැකිය,ඊ⁣ට අමතරව ඕනෑම දුරක ඇති දේවල් ද දැකිය හැකිය. හැබැයි මේ තෙවැනි ඇස පිළි නොගත්තත් මාක්ස් එංගල්ස්ටනම් විතරක් නොවේ ඇල්බට් අයිස්ටයින්ටවත් මේ චතුස්ක පරිමානාත්මක විශ්ලේෂණයෙන් ගැලවී යන්න නොවේ ගලවා දාන්න ටිකක් නොවේ ගොක් අසීරු වෙනවා.
තෙවනි ඇස ලැබීම යනු අධි මානසික හැකියා අතරින් ගත් කල නූතනයේ ඉතා ඉහල ගනයෙහි ලා සැලකෙන අධිමානසික හැකියාවක් වෙන බව පමණක් නොවේ මිනස් සිරැරෙහි පවතින චක්ර 7ක් පිලිබදව යෝග විද්යාවේදී කියැවෙන කතාන්දර වලටත් මේක බද්දයි. තෙවැනි ඇසට අදාල චක්රය වන්නේ ආඥා චක්රය කියලයි නම් වෙන්නේ. තවදුරටත් හදාරණකොට කුණ්ඩලිනී යෝග වඩන අය මේ පිලිබදව දැනුවත් වූවාට යෝග විද්යාවට ආදුනික අය ⁣මේ පිලබදව දැනුවත් නොමැති ඉතිරය හදාරණ දුහුනන්ට ඉඩ දීම මාරස යුතුකමක්.
තෙවෙනි ඇස විවර කරගත් අයෙකුට විශාල අධිමානසික හැකියාවන් ප්රමාණයක් ලබා ගත හැකිය.ඒවා අතරින් පර සිත් කියවීම.දෙවියන් අමනුෂ්ය යන් දැකීම සහ එම ලෝක දැකිය හැකිය එමෙන්ම ඒ අය සමග මනසින් කතා කරන්නද හැකිය.අනාගතය දැකීම, පෙර ආත්ම සහ අනාගත ආත්ම දැකිය හැකිවීම,හිතකින් හිතකට පණිවිඩ සන්නිවේදනයද කල හැකිය,ඊ⁣ට අමතරව ඕනෑම දුරක ඇති දේවල් ද දැකිය හැකිය කියා තිබෙන්නේය යන්න විවිධ දෘෂ්ටි කෝන වලින් අන්තර් ජාලයේලියා තබෙනවාද ඇත.
අර බෝදි සත්වයා කිව් සැනින් තමනට පෙරදිග අපේ කොදෙව්වට කිට්ටු ( ඉන්දියාව සමග විදේශිකයන් දැමූ නීති මාරස පිළිගන්නේ සැබෑවේ නොව සත්‍යයේද ‌රබහක් විදිහටය) පිළිගන්නේ අර වාද මේ වාද හරිය කියාය. ඒවා බෙදී වෙන්වී සම්මුති වශයෙන්ද පරමාර්ථ වශයෙන්ද නොව ඒවාද ඛන්ඩනය වී හමාරය. මේ නිසා අප ඒකිනෙකා අතර ආදරය තබාගෙන මේවා හදාරා ජය ගන්නවා විනා මේ ගෝලීය වෙළඳ ආර්ථිකයේ වෙන මගුලක් නැත. තිබුනානම් කවුරුන් කතා නොකළත් බටහිර පුටියා කියා කීවොත් ඒකා යුරෝපයට ගසන්නේ ‌යුක්රේනය හරහා නේටෝවත් හරහා කියා දැනෙනවා ඇත. ඒසේ කරන්නේ ජ්‍යාතන්තර වෙළඳපොල බලය පවතින්නා වූ නැගෙන හිර සමග යුද්ධයක් නිසා බවද දැනෙනවා ඇත අයි ඒම් පී අරමුදල් වලටද අද කෙලවා තිබෙන්නේ පුටියා යන සමාජවාදී කොමිනියුෂ්ට් වාදයෙන් බිහිවූ පුටියා කියා මින් පසුවවත් මහා දාර්ශනිකයෙින් ලියනු ඇතැයි බලාපොරොත්තු වන මාරස වනාහී විශාල දාර්ශනික හෝටලයක් ගැන හොයන ඉදිරි කානුවේ ඉඳගෙන සිටින හිඳන්නෙකු වීමට පුලුවන. නුඹලා මේ හිඳන්නානාද දැක මහා බරපතල අදහස් ඉදිරි පත්කරන්නේ බලය සඳහාමය. නමුදු නුඹලාට කිසිදා ඒ හමුවෙන්නේ නැති බව හිඳන්නා දන්නේ හිඳන්නාගේ අම්මා කොච්චි පැල හිටවන්නේ ඉඳුල් වතුර දානා තැන හිරු නැගෙන පැත්ත බලා බව දන්නා නිසාය. බොහෝ වැඩ කරුවන් දැන් මැරි මැරී යන කාලය උදා වී හමාරය.
දැන් කෙටියෙන් කිව හැකිය. ස්ටීව් මැකූරීට තෙවැනි ඇසක් තිබේ. ඕනෑම කාලකන්නියෙකුට තෙවැනි ඇසක් තිබේ. අර ලෙනින් කිව්වා මෙන් අප දකින්නේ ද්‍රව්‍ය නොව ද්‍රව්‍යයේ ප්‍රතිභිබ්බයයි කියන සංකල්පීය ත්‍රිමාන තලයටද මේ අසුවෙන්නේ නැත. ඒ කියන්නෙ දෘෂ්ටිය දෘෂ්ටි විතානය හරහා යටිකුරු ප්‍රතිබිම්බය උඩුකුරු කොට නැවත දෘෂ්ටි විතානය හරහා ඒ දැක්ක දෘෂටියේ සංකල්පය විජානනය කරන අයුරුද ඡායාරූප ශිල්පියාට කෙසේ වෙතුදු වීදි ඡායාරූප ශිල්පියෙකුටනම් කෙටි අදහස මදිය. බාලය.
කෙසේ උවද වීදි ඡායාරූප ශිල්පීන්ට විශේශිත පැත්තකිනුත් සියලු සැබෑ ඡායාරූප ශිල්පීන්ට ඒ පැත්ත වන් ඊටම සමගාමී තවත් චූටි අංශක ප්‍රමාණයක් පැන් දිශා වලිනුන් නලලේ මැද තෙවෙනි අහැක් නිර්මාණය වන්නේය. ඒ සෘග්වේදයේ සහ වේද වේදාන්ත වල යෝගීන් යන නූතන ව්‍යාපාරික බුද්ධිමතුන් යයි කියාගන්න ා පිරිසක් නොව ස්වභාවයේ නිර්මානාත්මක ව්‍යුුහ පරිණාමයෙන් ස්වභාවිකව මෙන්ම මිනිස් ශ්‍රමයේ පරිනාමයෙන්ද එසේම විශ්ව පරිනාමය ඕස්සේ දකින විට ග්‍රහචාරයෙන් නොහොත් අහස සහ සමාන්‍ය මිනිසාගේ ප්‍රත්‍යක්ෂ ජීවිතයේ අනාධිමත් කාලයක සැබෑ පරිචයෙන් පැමිණි දැනුමකි. ඒ දේවත්වය කිව්වාටද කාරයියක් නැත. මොක කිව්වත් මේ මාරස දැක්ම නිවැරදි නැතිනම් කතා කිරීමට අයිතියක් තිබේ කියා කිසිවෙක් කිව යුතු නැත ඒ කතා කරන දේ මාරස දැක්කා ර්‍ව සහ හැදෑරුවා වූ ප්‍රත්‍යක්ෂට පිටින්නම් මාරස කතා කරනු ඇත. නැතිනම් අනේක වාරක් බුදු බව පතමින් ස්තූති කිරීම මාරස නියමයක් බව දන්නෝ දනිති
ඉතින් ආලෝක නාභිගතවීම අලෝක පරාවර්ථනය බිහිවූ පසු භෞතික තාක්ෂනයෙන් කාච සම්බන්ධළු සොයා ගත් පසු නොව ඊට පෙරදු මේ කාචයන් ගැන සැබෑව හොයන්නට උඩරට පලාතට ගොස් අදටද ලංකේය‌ බුද්ධිමය විද්වත් දේශපාලන නාමයෙන් ඇස්කණ්නාඩි හදන්නා වූ කුල පරම්පරාවට වූ දේ විමසිය යුතුය. ඒ සෙස්ස පස්සට තබමින් කියන්නේ නම් නැවත කියන්නේ සැබෑ ඡායාරූප ශිල්පීන්ටද තිනෙතක් හෙවත් ඇස් තුනක් තිබෙන බවය.
පුරාෂයේ කුණ්ඩලිය කියා වෙනම ශානරයක් ආසියාවෙන්ති පටන්යේ ඇති වූ වේදයක් වූයේත් මේ සැබෑව දැකි ආකාරයක් නිසාමය. කොටින්ම එරමිනියාවේ සකල විශ්වීයත්වයන් වන් පද්මාසනයෙන් සිටින මිනිසාගේ ත්‍රිකෝනාකාරයට අනුව නැබ හෙවත් පැවැත්මේ පෙකනිය කඩන ලද බුරිය නාභිය වූයේද ඊ‌ට පෙරදිග ඒක මාන ‌වෛද්‍ය විද්‍යාවට අසුනොවන දෑ පෙරදිගට අසුවුවද ඒවා ගැන සැබෑව කතා කරන්නේ ඉන්ජිනේරුවන් සහ විශේශඡ්ණ දොස්තරලා පමණය කියා කියන්නේ අත් දැකීමෙනි. අර වරක් ජේ ආර් පී සූරියප්පෙරුම නැමති අත්තනගල්ලටද, මිනුවන්ගොඩ ආසනයටද චන්දය ඉල්ලා පරාජ වූ පමණක් නොව ජවිපේ ආරම්භයටද ශුුධන් ‌ග්‍රන්තයක් ලියා පසුව ජවිපේ එදා කී ආකාරයටම පුච්චා දැමීමෙන් දුදනා නොව සුදනාදැයි සොයාගැනීමට කිසිදු කතාවක් නොකියන ඒකාද ජවිපේද මොක්කුදැයි අසන්නට නොසිතෙන්නේ සූරියප්පෙරුම ‌ එදා මාර විදිහට ලෝකය විනිවිදි බව දන්නා නිසාය. අවසානයේ ඒකා කොහේ ගියේද ඉන්නවාද මලාදැයි කිසිත් නොදන්නේ බටහිර රටක අධ්‍යාපනික විශ්ව විද්‍යාලයන් විසින් කාල අවකාශයක තත්ත්වයන් නොසලා දුන් මාරාන්තික ගේම් වලින් පසු අපද ඉගෙන ගත්තේ උන්ගේ රාමුවේ නිසා බව දැන් නම් හොඳින්ම කාටත් වැටහෙනවා වන්නට හැකිය. අපේ පුතුන්ට දූට වැටහෙන්නේ මේ ගෝලීය කරණය ‌හෝ පශ්චාත් නූතන වාදය කියා නොව අර ආතර් ශ්‍රී ක්ලාක් වැන්නන්ගේ විශ්ව ගම්මාන හෝ නගර යන සිහින කල්පිත සාහිත්‍යයෙන්ම විය හැකිය. ඒවානම් අද පවතින සිහින කල්පිත සාහිත්‍ය සම්භාව්‍යය සාහිත්‍ය කෘති වලටද මරේ මරු වීමට පුලුවන නොව වී හමාරය.
ඉතින් මේ අහු මුලු මාරස ඇද ගත්තේ මේ ස්ටීව් මැකූරි නම් අද්විතීය වීදි ඡායාරූප ශිල්පායා පකිස්තානයේ -pezhawer- හි සරණාගත කඳවුරෙකදි ගත් "ඇප්fගන් දැරිය යන ඡායාරූපය නිසාය.
ඒකා විසින් පසුව ඒකියම ගත්තාද නැතිද යන්න තීරණය කළ යුත්තේ සහෘද අප හෙවත් ජනතාවමය. ඒකා ඇස් දකින්නේ මාරම මාර විදිහකයට. මේ සම්බන්ධව මාරස සටහන් කීපයක්ම තබා තිබේ. ‍
තාම බ්ලොග් පාටකයින් ලංකාවේ තියා කොහේවත් ඉන්නවාදැයි මාරස විශිවාස කරන්නේ නැත. භාෂා හතලිස් ගානකින් පරිවර්තනය කළ කාව්‍යකත් රබහක් දැකිය හැකි අන්තර්ජාල තාක්ෂනික සයිබර් ලෝකයේ යථ හෝ වෙනත්ක මානයකින්ක පොරක් වන්නට කුමක් හෝ දැක අපි ජීවත් වීමට වාසනාව හෝ අවාසනවාබ බලපෑවයිද නොදනිමි.
මාරසද කල්ලි වාදී වූවානම් ඒ ඒ කල්ලි විසින් උඩ දමන අදහසට අනුව ‌මොනවා හෝ කියන්නට හැක. මේ මාරස කරන්නේ ගායට ලියන බව පමණක් කීවෙමි. ගාය යනු පැන්ටසිය කීවාත් යථ කීවාත් මාරසට කම් කිම්. දෙගොල්ලන්ම මම මාරස දන්නේ ජීවිතෙන් හදාරා නොව හැදෑරී බව උන් දන්නවානම් ඒ ඇතිය. කලිලි වාද අනුව හදාරා ලියන්නට මාරසට නොහැක. නමුතු නුඹලා මාරස අවුස්සා ආතල් ගන්නට ආවොත් මාරස හොඳ හොඳ ලියනවා කියන්නේවත් නිශ්ශප්ද වන්නේ වත් කියන්නේද නැත. මන්ද ආදරයට ආයුධ නැති බව සැබෑවකි. සියලු කල්ලි වාද කරන්නේ කුමක්දැයි මාරස දන්නේ නැත. නමුදු උනට ලව්ය. ඒ උන්ටද ඒ මිසක් වෙන කිසිදු ආයුදයක් නැති බව දන්නා නිසාය. ලාංකේය සියලු දේශපාලන පශ්චාත් හෝ විප්ලව වාදී හෝ මාක්ස් වාදී හෝ මොන මොක වාදී හෝ සියලු සංවිධානයන් සමහර අවස්ථාවලදී අරහං වූවාට ඒකලා ආදර තරුණයන්ගෙන් නිපන් සංවිධාන බැවින් මාරසගේ ආදරය මී පැනි වන්ය. මීපැනි සමහර කාල අවකාශ වලදී වියැකී ගල් වනු ඇත. නමුදු මීපැනි උනගේ දුර්භික්ෂ යුගයේ උනගේ පරපුර පෝෂණය කරන්නා සේම මිනිසාට පමණක් නොව තවත් සත්ව ප්‍රවේනීන්ට ප්‍රයෝජනවත් අයුරෙන් සළකන බව හැදෑරීමේදී පෙනේ. මහා දේශපාලන වාදීන් දුරකතනය පවා මෙහෙය වන අයුරු අත් දැකීමෙන් දනිමි. උනට වඩා ඩයලොග් මොබිටේල් සහ උනගේම ඉත්තන් වූ සන් ටෙල් එයා ටෙල් මරුය. මාරස ආරම්භ කළ දා සිට ඡායාරූප ශිල්පය ගැනද චිත්‍රකලාව ගැනද කොටින්ම දෘෂ්‍ය කාව්‍ය අවකාශ ගැනද ලියා තබා ඇත. නමුදු ලයනල් වෙන්ට් ඡායාරූප ශිල්පයෙන්ද පොරක් නිසා ඒකා දෘෂ්‍ය කලාවේ පමණක් නොව කලා ආධ්‍යාත්මිකත්වයේ පොරක් ලෙස තබා වැඳ නමස්කාර කර පසකින් සරණ යමි.
ලෝකයේ එකද ස්ටීල් ඡායාරූපයකවටවත් නම ගිය කිසිදු චිත්‍රශිල්පියෙක් ලයික් දැම්මේ නැහැ නොව. කොමන්ට් දැම්මේද නැත නැත නොව අඩු ගනනේ කිසිත් ප්‍රකාශ කළේද නැත. ඒ සම්බන්ධ ප්‍රජාත්‍රන්ත්‍ර වාදී මගුල් අදාල නැත. ඒ වනාහී ගෝත්‍ර වාදයයි. ඒ වනාහී බටහිර චිත්‍රශිල්පයේ සහ බටහිර ඡායාරූප ශිල්පයේ ඇති කුහක කමයි කියන්නේ මා බටහිරට ගැති නොවන නිසා නොසිතන්න. අවසාන ප්‍රතිවිරුද්ධ උත්තරය වන බටහිරවත් පෙරදිගවත් මාරසට කිසිදු නමක් නැති නිසා බව සකලනවානම් මාරස පිනා යනු ඇත.
අවසාන වශයෙන් මෙසේ කියමි. ‌තුන් වෙනි ඇහැක් ලාංකේය චිත්‍රශිල්පීන්ට නැත. න්‍යායාත්මකව පමණක් ඇත. නමුදු තාක්ෂණකික ගැටලු නිසා ගනන් ගත නොහැකි වුවද පොන් පොටෝ ගසන ලාංකේය හැමට තෙ ඇසක් තිබෙනවා මෙන් දැනේ. දකින දේ‌ ඇඳීම නොව සිතන දේ ඇඳීම නව තාක්ෂණික කැමරාවෙන්කේ බිහිවූ ඡායාරූප ශිල්පීන්ටද පොදුය.
සෝලියස් මැන්ඩිස් යුගයෙන් පසු බිහිවූ චිත්‍රශිල්පීන් ගේ අහංකාර කමට උනගේ කැපවීම කරනකොට ගෙනම ආදරෙයි කියමින් ලාංකේය තත්ත්වයන් අඩු වුවද ලයනල් වෙන්ට්ලාගේ සිට පැවත එන ඡායාරූප ශිල්පීන්ට පමණක් නොව ලෝක වීදි ඡායාරූප ශිල්පීන්ටද ගරු කරමින් මේ තුන්වැනි ඇසේ ආදරය අවසාන කරන්නම්.
ආදරෙයි මැකුරී . මිනිසුන්ගේ ඇස් කියන්නේ දෘෂ්ටිය. අනෙක විශේෂයෙන් ගැහැනුන් හිනාවෙන අඬන තැන. විශේෂයක් තියනවා. කවුරුත් අඩනකොට සර්වාංගයෙන්ම අඬනවා තමා. නමුත් ඉස්සර වෙන්නේ ඇස්. පස්සෙයි කට ඇද වෙන්නේ. ඊට පස්සේ කොච්චර කෑ ගැහැව්වත් මිනිස්සු විපරිතව එක්කො හිනාවෙනවා. නැතිනම් උනුත් විපරිත වෙලා බලා ඉන්නව නීල උත්පලම තමා. ඒ දෑස් දිගටි වෙලා කඳුලු හලන්න ගත්තට පස්සේ අපේ කඳුලු වැක්කෙරෙන්න පටන් ගන්නවා. මේ වගේ අවස්ථාවල පොලීසිවල වැඩි දෙනෙකුගේ කඳුලු ගලන්නේ නැහැ කියලා හැට පැන්න මාරස අත් දැකීමෙන්ම දන්නවා.
නමුත් හැට පැනපු මිනිහෙක් අහලා තියනවා කතාවක් පොලීසි කියන සංකල්පය ගැන දන්නා අයට කියන්න ඕනා. ‌කතාවක් තියනවා පොලීසි ඔලට තියෙන්න ඇවැසි විනිවිද පේන ඇස් කියලා. ඇස් දිහා බලන්න බැරි පොලීසියක් ඉතා උසස් බුද්ධිමය නිළධාරින් ඉන්නකොටත් නිර්මානය වුනේ නැති දේශපාලනික සමාජීය යථාව කියන්න සකල කලා වල්ලබයන්ගේ අතීතය අරන් කතා කරන්න මාරස ලෑස්තියි තමා. නමුත් ඒක චන්ඩි කමක් නොවේ කඳුළක්. මාරස ඉතා හොඳින් දන්නවා මේ ගෝලීය වෙළඳ මගුලේ කලාවක් කියලා නිර්මානය වෙන දේ වලට මොකද වෙන්නේත් කලා කාරයින්ට මොකද වෙන්නේත් කියන කාරණය. ඉතින් මචන් වෙලාවක මාත් එක්ක අඬන්න වරෙල්ලා. දන්නවානේ මොනවද අරන් එන්න ඇවැසි කියලා. ආදරෙයි මචං.
ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැලවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්...
ඔබේ සිරිපා පුදන්නම්...
කෙලෙස් මල පිරි නුවර අතහැ‍ර
බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආයෙමි පොලෝ තලයේ
අනේ පිහිටක් නොමැති වූ විට...
ඉහළ නිල්වන් අහස ‍විනිවිද
නැඟෙන ඔබගේ යෝධ බුදු බඳ
මගේ නෙත සිත මෝහනය කර
මගේ කුදු බ‍ව පසක් කර ඇත...
පද රචනය - මහගම සේකර
ගායනය සහ සංගීතය - පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
https://youtu.be/9CjLTVGx8Fc
https://jagathmarasinghe.wixsite.com/mare
01 2023


m


Powered by Blogger.