බෝල බෝල මැටි



                                                       බෝල බෝල මැටි

(මේ ඡායාරූපය ඊ පවුරේ  ‌පළ කළ සටහනිකන් බව සලකන්න.)

බෝධිසත්ව හෝ කිසිදු සංකල්පයක් නියත නැත. බෝධි සත්වයෝද නියත නැත. ඒ බව කීවේ බුදුනුවන්ය කියාද සම්මුතියක් වශයෙන් ගත හැක. නියත වනවා කියන දේවල්ද නියත නැත. හිරු පායනවා කියන කතාව ගතහොත් ඒද නියත නැත. විද්‍යාවන් ගොඩක් අතරින් අද දේශපාලන බලයේ විද්‍යාව කියන පරිදි නියත ඇත්තේම නැත. වෙනත් විද්‍යාවන් තව බොහෝ තිබේ. මේ නිසා බෝධිසත්ව ගුනෝපේත ලක්ෂනද දකින්නේ හදවතේ විදිහ හෙවත් ජීවිතයෙන් නො‌වේ . අර සයිමන් නවගත්තමගේ සුභ යහ යස නාටකයේ වන්දි බට්ට නායකයෙකුගෙන් යස ලාලක තිස්ස චරිතය මෙසේ අසයි. " තොප වැඩ කරන්නේ පොතේ කියන විදිහටද ? නැතිනම් රජතුමා කියන විදිහටද?

ලංකා ශාන්ත වනාහී සුනිලයන්ගේ පුතුය. සුනිලයන්ට අප ලව්ය. නැතිනම් ආදරේය. ඒකා ගැන සුනිලයන් මොනවා කිව්වත් මාරසට බොහෝ ගැටලු ඇත. එදා ආදරය කාටත් බොහෝ දෙනෙකුට තිබිය හැක. මාරසටනම් නැත. ඒ සාධනය කිරීමට අයිවෝ ඩෙනිස් සහ නදීක ගුරුගේගේ මාර සංගීතය නොව දේශපාලනික කතන්දර ගැන සිතිය යුතු බව මාරස කියන්නේ වක්‍ර රේඛාවක ආකාරයෙන් නොව සෘජු මානවීය හිරු කිරණ සලකාය.
සූර්යා පොරක් හිතා ගොඩ නගා ගත් නිසා පොරක්ය. නමුදු මේ තියන කතන්දර කලාව විදිහට තන අග පිනි බිඳක් නිසා සූර්යා පවතිනවා කියාද කතන්දරය වෙනස් කළ හැක. ඒවා කතන්දරය. ඒ සත්‍යය කියන මිත්‍යා කතන්දරය කියා මාරස කියන්නේ කොවුර්ට සහ කාලොට නොව බර්ට්‍රම් රසල්ටය. නමුතු සැබෑව ඒ නොවන්නේමය.
ඒ ගැන ඕනාම පුතෙකු පෙනී සිටිනවා කියන කතාව අටලෝ දහමේ සැබෑවකි. අප දැන් අටලෝ දහම පසුකර බොහෝ කල් ගත වී තිබේ. නමුදු අටලො දහම දයලෙක්තිය හෝ අපෝහක හෝ ද්විගටනාත්මක හෝ ද්වන්ධනාත්මක කියන කතන්දර ගනනාවක දාර්ශනික තලයෙන් මොකෙකු හෝ විස්තර කරනවානම් මරුය. කීරිති බාලසූරිය සකියා හිටියානම් කෙලින්ම ඒකාට කියන්නට හැකි මේවා සෙවීමට ශ්‍රමයක් වැය කර සියල්ල අත හැර රට දමා ගිය වුන්ද අතරමන් වූවන්ද බොහෝය.
මේ මාරස ගත්තේ සාහිත්‍යයමය අර්තයකින් අපි බෝධිසත්ව ගුණෝපේත කියන්නේ ගෞතම බෝධිසත්වයන් වහන්සේට හිරවී නොවන වගය. ඒ සංකල්පයකි. මේ ගැන නොදන්නා නොව දැනගෙන දේශපාලනයේ කැරලි ගසන පිරිස මීටත් වඩා දේ දන්නා බව දන්නෙමි. ඉතින් උනද සැබෑව නොකියන අහංකාරකම සේම කවුරුන් නොකීවත් මාරසට ලංකාටද කියන්නට දෙයක් ඇත. ඔබ ජීවිතයේ අහංකාර නැහැ කියා කීප දෙනෙකු කියනවා ඇත. නමුදු මාරස දෙහියාගාත නිවසට ආවේ ඒකල සිට උගුර ගැටේ කැඩුන විට වන්නට හැකිය. සුනිල් ශාන්ත මොකා උනත් කතෝලික ද මොන මගුලක්ද දක්ෂයෙක්ද සිංහල බෞද්ධද හෙල ගීතදැයි මාරස කියවීමේ ඇත්තාය. නමුත් නැත්තා කියා කියන්නේ කෙලින්ම සිංහල බෞද්ධ පදනමේ සිට නොව අපේ මිනිස් සමාජයේ සිටය. ඒ අහංකාරකම ජනකවියාගේ තිබ්බේ නැත. සේකරගේද නැත . තිබ්බේ කාගෙද යන්න මාරස අටුවා ටීකා සමග කවදා හෝ එකතු කළද වැඩක් නැත. මන්ද ඒ එකතු කිරීම වනාහී ලංකේය ජීවිතයේ මුකය සහ අධො ව්‍යුහය කියා නොලියන්නේ ලියන්නාටද අපහසයක් වන නිසාය.
ලතින්ම ඇමරිකානු රටක කෙල්ලකුගේ හෝ වෙනත් දෙයක්න ගැන
යමක් ලියවූවානම් ඒවා පොත් විදිහට එලි කිරීමට කැමති වනු ඇත. යම් පැත්තකින් ඒවාට සුනිල් විජේසිරිවර්ධනයන් වන් අපව කලාවෙන් මුසපත් කළ සියල්ලො වග කිව යුතුය. කොටින්ම දස දහස් ගණන් තරුණයන්ට හේතුවාදය කියා දී ඒකුන්ව මළ නොව මරා දැමීමද බලා ‌සිට නොව දාර්ශනිකව බුදුනුවන් බදා ගන්නා දාර්ශනිකයන් සේ පෙනී සිටින්නේ ඔව්හු නොව උන් පස්සේ ගොස් බලය හදා ගන්නට තතනන අර චැප්ලින්ගේ ගෝල්ඩ් රෂ් සිනමා පටයේ රත්තරන් සොයා යනවා මෙන් මීඩියා හොයා ගමින් එන තරුණ කොල්ලන්ය.
අතීතයක්ද සිහිවේ. යම් ‌පුද්ගලික ජීවිත ගැටලුවක් නිසා මා දිනක් අතුරලියේ රතන හිමියන්ගේ පිටස්තර කාඹරයක සිටියෙමි. නමුදු මාරස මධ්‍යම රාත්‍රියේ විමසිලිමත් වන්නේ හොඳ හොඳ සෙල්ලම් සිදු වන්නේ ඒ යාමයේ නිසාය. පන්සලක මත් ලෝලී නොවන්නට මාරස වග බලා ගන්නේ පිරිවෙන් ගුරුවරයෙක් නිසාය.
හොල්මනක් පැමිනේ. කවුද කියා ඇසූ විට කීවේ මා නිලියන් සමගත් නලුවන් සමගත් ඇසුරු කළ හැකි සහ දකිත හැකි මාධ්‍යයවේදියක් වන්නට සදහම් සෙවනට පැමිනි බවය. මා කෙලින්ම මේ බව රතන ස්ථිවරයන් වහන්සේට පැවසූ විට වසවර්ති මාරයාවද දඩයම් කළ අහිංසක පෙනුමෙන් රතන ස්ථිරවයෝ ඒ චීවර ධාරියා නොව සාමනේර පොඩි නමව අල්ලා ගත්තා මතකය. නමුදු කෙලින්ම අප මැදිහත් වී ඒ පොඩි හාමුදරුවන්ව කුරුණෑගල පන්සලටම යවන්නට කටයුතු කළාද මතකය. සැබෑ සායනික ‌රෝගීන්ය. මා වෛද්‍ය වරයෙක් නොවුනත් මේවාට බයිපෝලා නම් මානසික සායනික රෝග ලක්ෂ ණ ඇති බව අත්දැකීමෙන් දැන සිටියා කියාද කිව යුතුය. මන්දා මේ ලාංකේය ඉතිහාසයේ මාර පැතිකඩවල් නිසාය. මතක කියන්නේ මතකය. කවුරු කවුරුත් දැන ගත යුත්ත් මතක යනු මකා දැමිය නොහැකි සැබෑවන් බවය. නැතිනම් වීර කාව්‍ය චරිත මනෝ විදයාවේ නාමික න්‍යායන් වීමටවත් රාවනා කාලයේ වීර චරිත එසේ නොවන්නටත් දේශපාලනික ගන්දබ්බතාවන් නොව දුර්ගන්දයන් ඇති විය නොහැක.
අද ඒ නලු නිලියන් සමග ඇසුරට පැමිණි සාමනේර මනු සතා මොනවා කරනවා ද ඉන්නවාද නැතිද යන්න සෙවීමට වද දෙන්නේ මාරස හදවත පමණක් බව තිර සේම මාරස දනිමි. මේවා අනන්තය අප්‍රමානය.
තවකෙකුට ආදරය අරහන් කීවොත් එසේමය. මේ මම පොර වීමට දඟලන සමාජයේ අලුත උපන් දරුවන් දැන් ලොකු මහත් වී ඇත. ඒකුන්ගේ ක්‍රියා කලාපය ගැන රනිලයෝ මාර විග්‍රහයක් කරන ලද්දේ පෑනෙන්ද මොකෙන්ද කියා මාරස දන්නේ නැහැ නොව දැනගෙන හිටියේ බොහෝ කල් සිටය. ඒ රෙද්දේ පශ්චාත් නූතනවාදයක් නොව හන්දුරු ගැටය. ඉතින් ලංකා ශාන්තට නොව ලංකාවටත් නොව කොදෙව් සප්ත සරණිය අනු දකින මොකාලා හෝ මොකීට කිව යුත්තේ සුනිල් ශාන්තයන් මාරසේද සප්ත ස්වරයේ බුදු වරයෙක් බවය. නමුත් මහා ජනතා වාදියෙක් ලෙස සුනිලයන්ව සැලකූ සැමට සුනිලයන් යනු කවුදැයි අවිඥ්ඤානිකව හෝ කියා දෙන ඔබ මාරය. මාරස කීවේ හොඳක්ද නොහොඳක්ද කතාවක් මාරසට අදාල නැත. පොරක් වීමේ සංස්කෘතියේ ආරම්භය සම්බන්ධව මාරස ඉදිරි ගායට ලියන සටහන් වලට ආධාරකයක් විදිහට පමණක් ලිව්වෙමි.
ජීවිතයේ හඬ විනා වෙනත් හඬක් නින්නාද කිරීමට ශ්‍රමයේ අත් සහ ඇඟිලි ඉස්සෙන්නේ නැත කියා උදාහරණ කියන්නට කියා කිසිවෙක් සමග ගේමට එන්නට මාරසට කිසිදු අවශ්‍යතාවයක් නැත. ඔබ දක්ෂයෙක් බව පිලිගනිමු. අර්නස්ට පොරතොට පියතුමාගේ ආදරය විෂය මූලික නොවන්නේය. මහා අධ්‍යාත්මික ගුණ කඳක් බව මාරස නොදන්නවා නොවේ. ඔබ නොසිටියානම් සිනමාවේ අධ්‍යාමිකත්වය අපට නොදැනෙනු ඇත. දක්ෂයෙක් බව දනිමු. නමුදු මේ මාරස කියන්නේ වෙනත් දෙයකි. කොටින්ම සුනිලයන් වනාහී අද සැබෑ සුනිලයන්ව පරයා වෙනත් වෙළද දැන්වීමක් බවට පත්වෙමින් තිබෙන බව මාරසට දැනේ. . අපි බෝධිසත්ව ගුනෝපේත යන්න යෙදුම සාධාරණය. ඒ සාහිත්‍යකාමී උපකාරක යෙදුමකි.
නමුත් ලංකා ශාන්තයානෙනි. අප ඔබට ආදරය කරන්නේ සුනිල් ශාන්තගේ තිබි සැබෑ අවේගශීලී දේ වම්මුන් අගේ කළ නිසා වන්නේ ඒ කාලයේ වන්නට හැකය. තවමත් පිරිසක් ඒ තානමේම ඇති උවත් නැති පිරිස වෙනුවෙන් ලියන්නේ ඒව ඒ කාලයේ හිතුවක්කාර කම් මිස අන් දෙයක් නොවන වගය. ඒවා වැනුවේ සමාජවාදී හිතලුවන් හෙවත් අද වචනයෙන් පැන්ටසි කාරයන්ද යන්න හෙට අනිද්දා මොක මොකා හෝ ලියවනු ඇත කෙලින්ම සුනිල් ශන්තයන් හරහාද පැමිනි ආගම් වාදයක් නැත. තිබ්බානම් ඒ මරුය. මොකද ඒ සාමාන්‍යයකි. නමුදු තිබ්බේ ආගමික දේශපාලනයයි. මේ සම්බන්ධව ආගමික දේශපාලයට විරුද්ධව මාක්ස්වාදය ගැන දැඩිව කතා බහ කරන නදීක ගුරුගේ මැදිහත් වූවානම් මරුය. නමුත් මාරස කෙලින් කියන්නම්. මෙවැනි අබියෝග පෝස්ට් වලට කිසිදු යකෙක් පිළිතුරු දීමට ඉදිරිපත් වන්නේ නැත.ඒ අන් කිසිවක් නිසා නොව මංපොර වීමට සිතා සිටින සමාජ ක්‍රමයක සිහිනයකට සියල්ල සින්න වී හමාර නිසාය. දැන් අරගලයේ ඵල අප භුක්ති විඳිමින් සිටිමු. අරගලයේ අවසාන ජයග්‍රහනය වූයේ රනිල් වික්‍රමසිංහ රජ වීමය. අර රනිල්ගේ කාලයේ ජාතික ගීය ‌ඔපෙරා තාලයට කී ගායිකාව මතකද? ඒ ගැන ගිය විවේචන චින්තන නම්ලත් අයගේ පපු ගබඩාවේ තිබෙන්නට හැකිය.
කලකට පෙර නොව බොහෝ කලකට පෙර සටහනක් ගැන ලියන්නේ ලියන මාරසට හේතු ඇති නිසා. නමුදු මාරස හමාර කීමක් විදියට මෙසේ කියන්නේ ලංකා සාන්තට නොවේ . සුනිල් ශාන්ත කියන ආධ්‍යාත්මික හඬට. මාරසට අරකගේ ආවේ කොයි රටේ හඬද කියන කතාව අදාල නැහැ. ඒක සිංහලද දෙමලද ‌බෙන්ගාලිද කියන කතන්තර ඇවැසිනම් හැන්දෑ වෙලාවක භාගයක් අරන් හෙල්මට් අරන් ආවොත් විනා වෙන සම්භාව්‍ය උත්තර නැහැ තමා.
නමුත් සුනිලයන් සහ අර්නර්ස්ට් පොරුතොට පියතුමා නැතිනම් අප පරපුර කලාව හරහා ජීවිත පුළලු කර නොගත් අසරන නොහොබිනා උන් වෙන්න තිබ්බ. ඒතනදි ඔබ දෙපලම විශේෂයෙන් 80වට බුදුවරු වෙන්න ඇති.
නමුත් මාරසට ගැටලුවක් තියනවා. කෙලින් උත්තර දෙන්න හැකි අයගෙන් අහනවා. මේ තුළ ආගමික දේශපාලන ප්‍රශ්නයක් මුල්දුවන්න මුදුන් මුලක් තිබුනාද නැතිද කියන දර්ශනයෙන් වල දාන ගැටලුව. පෙරුම් පුරලා අහන්නේ නැහැ කියලා කියන්නේ කවුද කියන කතන්දරය දැන ගන්න නොවේ හේතුව දැනගන්නයි. අන්න එතනදි මේ පිරිසව වර්ග වෙන්නේ ජාතික පුස්ක කාලයේ කොයි රාක්කයටද කියන කතන්දරය මාරස දන්නවා. මේට සරල කතාවක් නොවේ සම්භාව්‍ය විදිහට ලියපු හෝ නොලියපු ලිපියකට අදාල නොවන වැල කතාවක තිබ්බ කතාවකින් අවස් කරන්නම්
" ඒකි මාත් එක්ක යාලු උනේ පේට්ටිය තියනවා කියලා. අන්තිමට කෝ කියලා අහපුවාම කිව්වේ මොනවාද පෙට්ටි කියන්නේ කියලා.,
(පව් අහිංසක කෙල්ලෝ)
https://youtu.be/xRiglareR9c
https://jagathmarasinghe.wixsite.com/mare
11 01 2023


Powered by Blogger.