සියනෑවේ ආදර සන්ථාගාරය

                                                      සියනෑවේ ආදර සන්ථාගාරය

      රාජ්‍ය වර්ෂ 2015 - 2019 කියන්නේ මාරස අපල කාලයක්. ඒක මාරයි. අතින් නහරයක් අරන් අර සුශ්‍රැත සංහිතාවේ කියනවා වගේ පපුවට දැම්මේ නැතිනම් ජීවිතයට කෙලවෙන කාලය. මතකය කියන්නේ මාර ආදර කතාවක්. ‌ගැහැනු කිසිවෙක් මාරස අත්හැරලා යන්නේ නැතිව ඇති. ඒකිලාට ගෞරවයක් දෙන්න මාරස කියන්නේ යන තත්ත්වයකට මා පත්කරන්න ඇති. කොහොම උනත් තනිවී සිටි මට බේත් හේත් දිදී යම් චරිතයක් මට ඒ කාලයේ සමීප වෙනවා. මම ඒකිට කියන්නේ ගොඩෝ කියලා. සැමුවෙල් බෙකට්ගේ ‌ගොඩෝ එනකන් කියන නාටකය ගැන සුගතපාලද සිල්වා සමග බොහෝ දේ මාරස කතා බහ කළ හැටි මතකයි. මම දන්නවා හැම මිනිහෙක් සම්බන්ධවම තියන බලාපොරොත්තු ගොඩෝ එනකන් වගේ තමා කියලා. ආදරය බලා ඉන්නවා විතරයි මිනිස්සු. කිසිදාක එන්නේ නැහැ. නමුත් අවසානයේ හිතා ගනීවී ඒ නාපු එක හොඳයි කියලා. ගොඩෝ ගැන වැඩිදුර යන්න කාරණයක් නැහැ. මම පෙම්වතියන්ට කියන්නේ ගොඩෝ ලා කියලයි. චාමර වීරසිංහ වගේ ප්‍රථම ප්‍රේමයේ ප්‍රලාප කියන්න මාරසට බැහැ. ඇයි දන්නවාද? ඒවා නිකන් මානසික මානසික විකාර විකාරම කියන්නේ සින්ඩ්‍රෝම පැත්ත අතහැරලායි
              කෙසේ හෝ ඒ කාලයේ ‌මාරස ගොඩෝ මට චරිතයක් සිහිකරනවා. මේ ඊ පවුරේ එක එක බුද්ධිමය වැඩ කරන ගයන්ත ‌ඔයාගේ ඥාතියෙක් කියලා. බලපුවාම හරියටම හරි. ඒ කියන්නේ අපේ අම්මගේ අම්මගේ මල්ලියෙකුගේ පුතාගේ පුතෙක්. ඉතින් 1974 වගේ කාලෙක අලුත්ම විෂයක් වුන සංඛ්‍යානය තමා ගොඩක් මාරස ඇකඩමික් වලට විරෝධය පාන්න හදාරන්න ඇත්තේ. රුක් සටහන් සිහිවෙනවා.
කොහොම හරි ඥාති පැත්තෙන් කොච්චර වයස පරතරයක් තිබ්බත් මේ මාරස මල්ලියෙක්. මේකා අමුතූම මිනිහෙක්. සියනෑව සම්බන්ධව පුදුමාකාර ජානගත විශ්මිතයක් ඇති පොරක් තමා. මේ සන්ථාගාරය කියන සංස්කෘතික කේන්ද්‍රය දාන කාලේ මාරසට  මතකයි. ඒ සම්බන්ධව දාපු ඡායාරූප ගැන මම හිතුවේ මීරිගම ටවුමේ හදාගත්ත තවත් කඩයක් කියලායි. නමුත් ‌මාරස ඊයේ (2023 01 04 ) මේකගේ ගෙදරට ගියා. ගේ ඉස්සරහා පිටම සන්ථාගාරය තියනවා. ඒක මාරයි.
              වට පිට පරිසරය කෙලින්ම සියනෑවේ ගොරක ගසකින් ආවරණය වෙලා වගේ. නිදහස් කියන්නේ සියනෑවේ නිදහස් දෙවියන් විදිහට දයානන්දයන්ද සැලකූ සකල කලා වල්ලභ රජුගේ අවතාරය එහේ මෙහේ හොල්මන් කරනවා වගේ ගයන්තයත් එහේ මෙහේ දුව දුව මට ලස්සන කතාවක් කියනවා.
ඒ කතාවෙන් වැදගත් වෙන්නේ ඉක්මනටම මහගම සේකරගේ සහ කේ ජයතිලකගේ එකතුව  ඉවර කරනවා කියලායි. ඊට පස්සේ ඒකා අඬනවා. මොකද හේතුව කේ ජයතිලක පුස්ථකාලයට රාජ්‍ය මුදල් ලැබුනත් දැන් පොත් වේයෝ කන තත්ත්වයකට පත් වෙලා කියලා. ඒක මාර කතාවක්. කේ‌ ජයතිලකලා සේකරලා ‌මිනිස් ආදරය දිනා ගත් මිනිසුන් විනා දේශපාලනීකරණය නොවුන මිනිස්සු. ධනේශ්වර ක්‍රමයක කියලා අර්ථ දැක්වුවොත් ඒ වගේ මිනිසුන්ගේ අතීත විභූති භෞතිකව නොවේ ආධ්‍යාත්මිකවත් විනාශවෙලා යනවා තමා. 
නමුත් මේකාගේ සංස්කෘතික ආයතනය තියෙන්නේ කාගිල්ස් අයිස්  ක්‍රීම් පැක්ටරිය ගාව. මරස ඒකගෙන් අහනවා ඇයි මේ අයිස්ක්‍රීම් පැක්ටරිය මෙහේ කියා. කෙලින්ම කියන්නේ එක වචනයයි.
වතුර වතුර.
            මොකද සියනෑවේ හොඳම වතුර තියෙන්නේ ඔය සන්ථාගාරය තියන හරියේ. ඒ වතුර වීදුරුවක් බීල බලන්න. මාර බරයි. බඩ පිරෙනවා. වතුර කියන්නේ පාටක් නැති බරක් නැති නිකම්ම නිකන් දෙයක් කියලා හිතුවට සියනෑවේ ඇතැම් නිශ්චිත ප්‍රදේශ වල වතුර තමා වතුර. බත් නොකා වතුර බිබී ඉන්න හැකියි වගේ
අනික පණ්ඩුල මල්ලියා කියනවා මට ඉතිරිය කරන්න පෙර මහගම සේකරගේත් , දයානන්ද ගුණවර්ධනයන්ගේත්, කේ ජයතිලකගේත් පොත් පමණක් නොවේ සකල එකතුවක් සන්ථාගාරයේ තැන්පත් කළ යුතුයි කියලා. මේ ගයන්ත සැබෑවටම පන්ති කරන සැබෑ ගුරුවරයෙක්. තමන්ගේම වත්තේ තමන්ගේ ධනය ශ්‍රමය සියල්ල කැප කරමින් සියනෑවේ ලස්සනම ගම්මානයක ඒ සන්ථාගාරයට යන්න ලැබීම මාරස දකින්නේ මාරසේ පෙර පිනක් විදිහටයි. 
              මචං මල්ලියෝ. උඹගේ සන්ථාගාරය දීප්තිමත් වෙන්නේ උඹ ගෙවන සරල ගැමි ජීවිතයෙන්. ඒ සිදුරෙන් ආලෝකය පේනවා නාභි ගතවෙලා. සන්ථාගාරය කියන්නේ ඇත්තටම දැනුමේ චින්තනයේ නව මාවත් වලට පන දෙන ගර්භාෂයක්. 
ආදරෙයි මල්ලි මචං.

ඇහැළ මලින් ගස් පිරිලා
බලන්න හරි ලස්සනයී
අඹ රඹුටන් ජම්බු ඉදිල
අද හැමතැන හරි හැඩයි
ඇහැළ මලින්..
දොඹ ගස් යට මල් හැලිලා
සුවඳක් හැමතැන දැනෙයි
වළිකුකුළන් හඬලන විට
අහන් ඉන්න හරි හිතයි
ඇහැළ මලින්..
ගස්වල දළු සෙලවෙනකොට
ඇඟට හරිම සීතලයි
ඉගිලෙන අර සමනලයින්
අල්ලන්නට බැරි හැඩයි
https://jagathmarasinghe.wixsite.com/mare


25 01 2023


Powered by Blogger.