ඔව් ‌තවත් බෝධිසත්වයෙක්ම තමා !

                                        ඔව් ‌තවත් බෝධිසත්වයෙක්ම තමා !


                     මේ ඉන්නේ රත්න ශ්‍රී කියලා නැවත හඳුන්වා දීමට ඇවැසි නැහැ. නමුත් මේ ඉන්නේ බෝධිසත්ව ගුනෝපේත චරිතයක් කියල විස්තර කරන්න ගියොත් වම්මු මාරස සමග ගහගන්න ඒවි. වම්මු ගහගන්න එනවා කියන්නේ සාමාන්‍යම දෙයක් වෙලා අවසානයි

මට රත්න ශ්‍රී විජේසිංහ හමුවෙන්නේ සයිමන් නවගත්තේගයමන් විසින් පහන් දල්වා විවෘත කළ සුගතපාලද සිල්වාගෙන්ද ආශීර්වාද ලත් උපේකා කේන්ද්‍රයේදී. ඒක කිව්වේ නිකම්ම නොවේ. භෞතික වාදී ඉතිහසය සම්බන්ධව වෙනම කතන්දරයක් කියන්න වෙන්න ඇති. ඒක සාස්තර කියන ආයතනයකටත් වඩා ඒ කාලේ ජීවිතයේ ආධ්‍යාත්මික ශක්තියේ ආදරය හොයන්ගිය කතන්දරයක් වගේ. නමුත් දවසක් එනවා මම පිස්සු නටන අවධියක මට ගොඩක් උදව් කළ නීති වේදියෙක් වුන දක්ෂ ගායකයෙක්ද වන සුදත් හඳුන්ගේ සමග අමුතුම පොරක්. මට ‌දැනෙනවා මේ කවුද කියලා. සුදත් මට කියනවා මේ ජගත් රත්න ශ්‍රී කියලා. 

මම යනවා අතීතයට. ඒ කාලේ හිටියා ජවිපේ වැඩ කළ කැලනි කැම්පසයේ පොඩි හාමුදුරුවෝ කියලා කෙනෙක්. පස්සේ එයා ගම්පහ දිසාවේ රවි ගමගේ කියන නමින් සිවුරු හැර ජවිපේ ලොකු වැඩ කොටසක් කරන්න ඇති. මට මතකයි මහගම සේකර යථාර්ථවාදී කලාකරුවෙක්ද කියන නිර්මාණ සංවාද කුලකය පැවැත්වූ කොළඹ විශ්වවිද්‍යාලයෙ‌ේ සම්මන්ත්‍රනය මෙහෙය වෙව්වේ කැලනි පොඩි හාමුදුරුවෝ කියන රවි ගමගේ කියලා. ඒ කාලේ මම රත්න ශ්‍රීව හමුවෙන්න යනවා ඒකා සමග. පරාක්‍රම කොඩිතුවක්කු කිවිඳානන්ට මාරස අමතක වුවත් රවි ගමගේව මතක ඇතැයි සිතනවා. අවසානයේ කිව යුත්තක්ද තියනවා . ජවිපේ සහ පෙරටුගාමීන්ට විතරක් නොවේ තවත් අය දන්නවා. ලිබර්ටි ප්ලාසා ඒකේ බිල්ලට තියන් එයත් අවසන් ගමන් ගිය බව අපට වඩා හොඳින් එදා ප්‍රා සහ අනෙකුත් සංවිධාන නොදන්නවා උනත් මාක්ස්වාදී විකල්ප කල්ප හුකල්ප සංවිධාන නොදන්නවා නොවේ.

මට මතකයි ඒකා යන ගමන් රත්නේ ගැන මට කිවූ කව් පද. රත්නේ කවිපෙල කියන්නේ  70 දශකයටත්ට 80 දශකයටත් අමතක කළ නොහැකි කව් පෙලක්. ඒ ගැන වෙනම ලිවිය යුතු නිසා සෙස්ස පස්සට තියා මේ කව් පද ගන්නම්. කියන කව් පද

වස්සානය නේද සර්

......වසා කට 

ගසාලා කම්මුලට 

උනාලා චීවරය

අනුපාදිශේස පරිනිර්වානයෙන්..........

                  මට ඇඬෙනවා සර්. දවසක් ඒකා අපේ ද සොයිසා මහල් නිවාසේ නිදාගෙන ඔයාගේ මේ කවිය කියලා කියනවා විප්ලව වාදියා කියන්නේ බුදු කෙනෙක් කියලා. එදා එයා විනිවිද කියන සඟරාවට කවියක් ලිව්වා. ඒක මගේ පොත් ගොන්නේ කොහේ හෝ ඇති. ඒකේ ලිව්වේ රත්නශ්‍රී සිහිවෙන්න පැදුරු කඩමල්ල මත විප්ලවවාදියා බුදුවෙලා කියලා. කතන්දර ගොඩක් තියනවා. ඒ කවිය ලියවිලා එදා විප්ලවවාදී අසපුවක් උන ගෝතමී විහාරයට ගියා. ජෝර්ජ් කීට්ගේ චිත්‍ර නරඹමින් අපි දෙන්න ඔයා ගැන කතා කළා මන්ඩාවල හාමුදුරුවන් සමග. එයාට දැන් මතක නැතිව ඇති. මම හිරගෙර ඉන්නකොට ඒ විහාරයත් ශුද්ධ කළා කියලා ආරංචි වුනා. රතන හාමුදුරුවන් සමග ඒ විහාරය ගාවින් යද්දි මේ සියල්ල මතකයට ආවා. මේ සියලු මතකයන් සමග මම ඔබව දකින්නේ බෝදිසත්වයෙක් විදිහට. ඔබ සමග මාධ්‍ය වේදියෝ මොනවා කතා කරනවාද මා දන්නේ නැහැ. ඔබ සමග කවිය නොවේ බුද්ධ ධර්මයටත් ඔබ්බෙන් දේ ගැන දොඩමලු වෙනකොට තමා හිතෙන්නේ ඔබත් ඇවිත් බෝධි සත්වයෙක් කියලා. කමන්න දුහුනන්ට. 

රත්න ශ්‍රීගේ ගීත මාර වෙන්නේ පද වලටත් වඩා ජීවිතයෙන්. සේකර තරුවට පසු පෑයූ ‌තරුවක් නොවේ. වල්ගා තරුවකුත් නොවේ. රත්නේ ඔබ අපට නිහාරිකාවක් වගේ. ඒ ගැන පසුව කියන්නම් අහසේ ජ්‍යොතිෂයෙන්ම. කොතරම් දේ තිබ්බත් ජනතා වාදී කියලා හැඳුනත් මේ ගීතයෙන් මාරස මුසපත් වුනේ රත්න ශ්‍රී නට නටා අපත් සමග සදාකාලිකවම ජීවත්වෙන බව දැනුන නිසයි. ආර්ට් කියන්නේ ඒකට. ආදරෙයි .අහස තරම් නොවේ වලාකුලු තරම්. මොකද වලාකුලක් යද්දි ආයෙත් වලා කුලක් එනවා වගේ ඔබ මා සමග ඉන්නවා. සෙස්ස පස්සට තියලා නැවත කියන්නම්. අහස නොවේ අහසින් ඔබ්බටත් ආදරෙයි කියලා. ඉතින් මට  කිරුළ පැත්තකින් තියලා සමාධියකට යන්න අවසර.

කිරුළ මුතු ලිහි සර සර හඬින් වැගිරෙනා..

සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැළපෙනා..
නටනවා නෙවෙයි වැහැරුනු දෙපා වෙව්ලනා..
තන තන තාන තම්දෙනා
තන තන තාන තම්දෙනා

දිළිසෙනා සේම කරළිය දිළෙන්නෙ නැතී..
වන්නමක් සේම සුමිහිරි තානමක් නැතී..
සකියනි ගිරෙන් ගිරට පැන යන්නට..
ජීවිතෙන් බැරී..
සකියනි ගිරෙන් ගිරට පැන යන්නට..
ජීවිතෙන් බැරී..

කිරුළ මුතු ලිහි සර සර හඬින් වැගිරෙනා..

සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැළපෙනා..
නටනවා නෙවෙයි වැහැරුනු දෙපා වෙව්ලනා..
තන තන තාන තම්දෙනා
තන තන තාන තම්දෙනා

රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇතී..
නලල් පට මාල හත්පට සින්නවී ඇතී..
සකියනි රිදී කාසි සොලවන්නට..
බෙර පදය මදී..
සකියනි රිදී කාසි සොලවන්නට..
බෙර පදය මදී..

කිරුළ මුතු ලිහි සර සර හඬින් වැගිරෙනා..

සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැළපෙනා..
නටනවා නෙවෙයි වැහැරුනු දෙපා වෙව්ලනා..
තන තන තාන තම්දෙනා
තන තන තාන තම්දෙනා
                                                                                                                                 https://youtu.be/HBsNQ8Er0Yk

https://jagathmarasinghe.wixsite.com/mare

06 01 2023


Powered by Blogger.