දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට

                      දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට

        ලොව පුරා සිටින කාන්තාවන් පරම්පරා ගණනාවක් තිස්සේ පෘථිවි භූමියේ ජලය ආරක්ෂා කරගත්බව ඉතිහාසයේ සිටම සටහන් වී ඇති කාරණාවකි. දාර්ශනිකයෝද ලොව පුරා සිටින විද්වතුන්ද මේ ගැන කතා කර ඇති දේවල් අනන්ත අප්‍රමාන වීමට පුළුවන. කාන්තාව සහ පරිසරයේ ඇත් ස්වභාවිකත්වයේ රේකාව නිකන් අර අහසත් පොළවත් වෙන් කළ නොහැකි බව කියන්නට දාර්ශනික චිත්‍ර ශිල්පීන් අතරමංවූවා වැනි කතාන්දරයකි. කොටින්ම අහස පොළව වෙන්න කළ හැකි වුවද තනි සරළ රේඛාවකින් වෙන් කිරීම කිසිදා කළ හැකිද යන්න පවතින ගොඩනගා ගත් සංකල්පයෝ පවතින්නේ සුමට තලයක සුමට වස්තුවක් මෙන් උපකල්පන වපරිසර යටතේය. කොටින්ම රාහු සහ කේතු යන චිත්තමාත්‍ර ග්‍රහයන්වත් එවැනි උපකල්පිත වපරිසරයක තියා ජ්‍යෝතිෂය දැනුමේ ගොඩනැංවීම් සිදු කර නැතිවා සේය. ඒ ප්‍රත්‍යක්ෂය සහ යථාර්ථය අතර ගැටුම සම්බන්ධවද සටහනට අදාලව සෙස්ස පස්සට තබමි.
         නග්න ඡායාරූප ශිල්පීන්ගේ වටිනාම ඡායාරූප බෝහෝමයක් උදෑසන හිරුඑළියෙන් ස්වභාවික පරිසරයේ සිට ගත් ඒවාය. ඒවා විඳින විට කාන්තාව සහ ස්වභාවික පරිසරෙයේ අනුලෝමව සමානුපාතික හැඟීම පිරිමි හදවත කම්පනය කරයි. කාන්තාවන්ට ඒ සම්බන්ධව මවිතයට පත්වීමට දෙයක් නැත. මන්ද ඒකිලා ජීවත් වන්නේ ස්වභාවික පරිසරයේය. චන්ද්‍රයාට සමගාමීව උනගේ ඔසප් චක්‍රයද හැඩ ගැසී ඇත. චන්ද්‍රයාගේ ගමන නොදත් බටහිර වෙද්‍යවරු පවා රවුම් සටහනක් කරකවමින් දරුවකු ගැබ් ගත් දා සිට වෘතාකාර කාඩ් බෝඩ් චක්‍ර කරකවා දරුවා බිහිවන කාලය කියන්නේ චන්ද්‍ර චලිතයේ පදනමින්ම වන්නේය. ලිංගික ආශාවේ සිට සරු කාලය පමණක් නොව කිරි එරීමේ සිට වඳ ස්ත්‍රියක් දක්වාම මේවා අතීත මිනිසුන්ගේ පූර්වාදර්ශ තුළ සටහන් වී තිබේ. ඒවා විදිමත් චක්‍ර සේ නොදැකි බර්ටන් රසල්ගේ ගූඨ හිනාව නලුවෙකුගෙන් හෝ රාම නුජන්ගේ ජීවිත කතාවේ චිත්‍රපටයෙන් දැක ගැත හැකි වීම ගැන මාරසට සිහිවන්නේය.
     ගැහැනියකට මුල් තැනක් දෙමින් ග්‍රහ තාරකා ජ්‍යොතිශ්ශාස්ත්‍රයේද ස්ත්‍රී ජාතක පල යනුවෙන් වෙන් කර කාන්තාව විමසන්නේ ස්වභාවයාගේ පදනම් සහගත අත්දැකීම් මතය. ඒ ස්ත්‍රී පුරුෂ ‌හේතුවාදී දේශපාලනයකින් පමණක් විග්‍රහකරන්නන්ට කිව යුත්ත චන්ද්‍රයානම් කියනවා සේය. ඒ අනේ පව් කියා වන්නට පුළුවන. 
නමුත් ස්ත්‍රිය සහ පුරුෂයා යනු එකම ජීවේන්ද්‍රීයක ‌ද්විත්ව ස්වරූපයක් සේ සලකන කල දයලෙක්තිකයේ දර්ශනිකයෝ නම් ඇඟ බේරාගෙන ස්වභාවයා සහ කාන්තාවන් ගැන සැබෑව දකින්නට නව මානයන් බිහිවී තිබේ. 

      මිනිස් සිරුරේ ජල ප්රමාණය 50-75% පමණ ‌වන බව සැබෑවකි. ජලජ ජීවීයෙකුගේ සිට මිනිස් පරිනාමය ගැන වාද විවාද බොහෝ අය නොදන්නා කරුණක් නොවේය. මිත්‍යා කතාවක් ලෙස ප්‍රචලිත දිය  කිඳුරියෝද මාරය. ඒකිලාගේ අර්ධයක් මාලුවාගේ හැඩයයි. ඉතිරි අර්ධය මිනිසුන්ගේ හැඩයයි. ඉතින් පුරුෂ සිරුරේ 50-75%  ජල ප්‍රමාණයේ ආධ්‍යාත්මිකව නටන ස්ත්‍රීත්ව මහිමය ගැන යාන්ත්‍රීක භෞතිකයෙන් මිත්‍යා කතා කීවාට ආධ්‍යාත්මිකව ගත්කළ පුරුෂ ශරීරයේ ජල පරිමාවේ ඇති ස්ත්‍රී ලලනාවියෝ වනාහී දියකිඳුරියෝමය. මාරස දවසක් කාන්තාවකගෙන් ජල කිඳුරියන් ගැන ප්‍රශ්න කරන සඳ ඒකි හිනාවෙමින් මාරසින් ඇසුවේ අපට වඩො ජල කිඳුරියෝ කොහෙද බන් වෙන කියාය. මාරසට තද වී තර්කයෙන් එදා ඒකීලා බිඳ දැමුවත් අද සිහිවන්නේ මාරස එදා පුරුෂ සිතීම අනේ පව් කියාමය.
            වර්ෂාව  එන විට අපේ කාන්තාවන්ද බය හිතෙන කතා කියන්නේය. දර නැති කතා සහ හෙබ්බිරිස්සාවෙන් පටන්ගෙන මහා විනාශකාරී දේවල්වර්ෂාව නිසා ඇතිවන බව කතා ගොතා පිරිමින්වද කලබල කරනවා සේය. නමුත් වයසට යන විට පිරිමින්ට තේරෙන්නේ ඒකිලා පිරිමින්ව අන්දා වැස්සට ආදරය කරන බවය. වැස්ස උන්ට ජොලිය. වැස්සේ තෙමෙන්නේ ඒ නිසාය. පිරිමි වැස්සේ තෙමෙන ගැහැනුන්ට බැන වදින්නේ ලෙඩ වුනහොත් උනට කරදයක් නිසාදැයි සැක සහිතය. සැබෑව වන්නේ වැස සහ පරිසරය වනාහී උනගේ ජීවිතයට කිට්ටුය. වතුරක් දුටු විට චන්ද්‍රයා දුටු විට උන් ප්‍රීතියෙන් පිනා යන්නේය. 
      කාන්තාවන් ඔසප් වූ දින සිට ලෝකයේම චන්ද්‍රයා මුල් කරගනිමින් ජලය සම්බන්ධව පිරිමින්ගේ බැල්මක්වත් ලබන්නට නොදී ග්‍රහන්ගේ සත්දින යනතෙක් පිරිමි ඇසක් නොගැටෙන්නට කාඹරයක තනිකිරීමක් කොටහලු මගුලක් විම සම්බන්ධවද ‌ප්‍රචන්ඩ ලිංගික පිරිමි ආසාවේ විභවයන් සහ ලේ සහ සසග සම්බන්ධවද ආදරය මැකීයන ප්‍රචංඩ හදවත් ගැනද සෙස්ස පස්සට තියන්නේ අර බ්ලයින්ඩ් පෝල් ‌සෙක්ස් සිහිකරමින් ලේ දැක තෘප්තිමත් වී කෙල්ලක්ව ඝාතනය කළ විශ්ව විද්‍යාල සිසුවාටද තුති කරමිනි. අනේ ඇල්කොහොල් පොදක්වත් නොබී ඒ කරපු දේට මධුලෝලියෝ ඒකාට වෙරකරනවා මෙන් තුති පිදියද හැකිය. මන්ද ඇල්කොහොල් බී ඒ දේ කළානම් සියල්ල ඇල්කොහොල් පිටින් යනවා ඇත. මත්බව නැතිනම් මානසික රෝග පිටින් යනවා ඇත. දොස්තරලාද නීති විද්වතුන්ද බිහිවන්නේ මේ පවතින දේශපාලනික මඩ වලේම විනා අන් තැනක නොවන්නේය. මානසික රෝගද  පව්ය. ඒ තත්වය උදාවූ මේ වෙළඳ කාලකන්නි දේශපාලනයද හේතුවාදය අරක් ගත් ගෝලීය ප්‍රචන්ඩ විකාර වෙළඳ සංකල්පද මිනිසුන් අමතක කර දමා ඇත. ඒ කොල්ලාවන් අයටද මීඩියා වලටද ආදරය හ‌ෝ ජලය තේරෙන්නේ නැත නොව තේරෙනවාය. උත්තරය සරලය. ජලය දියරයකි. රුධිරයද දියරයකි. නමුදු සියලු දේශපාලන වමේ ශිෂ්‍යසංවිධාන නායකයන්වත් ඒ සම්බන්ධව දේශපාලනික දාර්ශනික සටහනක් ‌වත් ඉතිහාසයට නිකමටවත් එක් කළ යුතු නොවන්නේද? සෙස්සෙන් කොටසක් පස්සට තබා ලේ වතුර සම්බන්ධව  මේ කෑල්ල ලිව්වේ අනිවාර්යෙන්ම මේ සටහනට අදාල නිසාය.
    සියල්ලන්ටමත් වඩා තියුනු කතාවක් වන්නේ ගැහැනියකගේ ගර්භාෂයේ ජල මල්ලේ කළලය බිහිවී වැඩෙන කතාන්දරයයි. අද වන විට නූතන විවිධ පර්යේෂකයන් මතුකරගෙන ඇත්තේ අම්මාගේ හෘර්දයේ ආමාශයේ පෙනහල්ලේ සහ කටහඬේ ශබ්දයේ ශක්තීන් මුල් මාසයේදීම ගර්භාෂ කළලය තේරුන් ගන්නා බවය. අද පිළිගන්නේ දරු ගැබ් දැරූ ගැහැනුන්ගේ කුස තුළ සිටින කලල් ජීවියා යනු සිතීමක් ඇති ජීවියෙකු බවය. මේ සම්බන්ධව වැඩි විස්තර ප්‍රසව හා නාරි ‌‌වෙද්‍යවරයෙකුවන විශේෂඥ වෙද්‍ය දොස්තර උපාලි මාරසිංහ ගේ වෙබ් පිටුවලින් ඔබට හැදෑරිය හැක. අහස සහ කාන්තාවගේ සහ කලලයේ විශ්මිත භාවයන් ගැන උපාලි දොස්තර මහතා සමග සුහදව කතා බහ කිරීමට මාරසට හැකිවූයේ කාලයකට පෙරය. මේ ජලමල්ලේ කතාව ස්වභාවයේ ජලයේ ඇති ශක්ති ප්‍රභවයේ ආදරය ගැන කතා බොහෝය. කොටින්ම ජනකතා පරයමින් විද්‍යාත්මකයැයි කියන කතන්දරද බොහෝය. 
          දැන් ජලයේ සන්නිවේදනය ගැන කී කතාන්දර ගැන අවධියෙන් සිටීමට හෝ හොයා බැලීමට කුලප්පුවක් මාරසට ඇති නිසා සයිබර් රස්තියාදුවේදී ‌මාරස දුටු මේ ඡායාරූපය දුටු විට ඇස සිටින්නට ඇත.  මේ 2021 ජාත්‍යන්තර ඡායාරූප සම්මාන උළෙලේ ප්‍රබෝධමත් ජයග්‍රාහී ඡායාරූප ගොනුවකින් අහුලාගන්නා ලදී. ඇන්ජලික් බොයිසියර් (Angélique Boissière) කෙලින්ම ගැහැනු ඇසක් පමණක් නොව ශරීයක් කියා සොයා යාමේදී හැඟී යන විටද අමුතුම විශ්මිත කම්පනයක් පහල වූ බව සැබෑවකි. නමුත් ස්වභාවයෙන් විය යුත්තද එසේම නිසා ඒද කලාවේ ආනන්දයේ විද්‍යාවක්ම වන්නේය.
ශිල්පිනය නියමිත ප්‍රමානයට පසුබිම බොඳ කර ඇත. ජල පීඩනයේ ප්‍රමානය ඇගේ සිරුරේ ජල වැදි තරංගාකර රැලි තරංග ප්‍රස්තාරයක් සේ මොහොතක ෂටරය ඔබා ඇත. ජලය ගැන කිසිදු බියක් චකිතයක් නැතිව ඈත ජලකඳ දෙස ඈ බලා සිටිනවා වැනිය. ජලාසයක අවසානය ආකාශයම වන්නේය. ඈත අහස බලන ඇස්දෙක වනාහී ස්වභාවයෙන් භාවනායෝගී මනසක සංකේතයක්ම වන්නේය. කාච විවරය විශාලනය අරමුන ‌තීවුර කර පසුබිම බොඳ කිරීමට ගැහැනිය සහ වතුරකට සීරු මාරු කළ හැක්කේ භාවනාත්මක භාවනාවකමින් විය යුතුය. පිරිමින් මෙන් ගැහැනුන් කලබල නැති බව පිරිමින් අත් දැකීමෙන් දන්නවා නියතය. ඒකිලා කලබල වන්නේ ඒකිලාම දකින පිරිමින්ගේ අත්තනෝමතික ආදරයෙන් පමණක්ම වන්නා ‌සේය. තම රටේ පමණක් නොව ලෝකයටම වතුර සහ ගැහැනිය සම්බන්ධව මොකක්දෝ දෙයක්මෙන් සියලු ගැහැනුන් දන්නා නොදන්නා මෙන් පේන  වැදගත් පාඩමක් සිහිකල ඇන්ජලික් ශිල්පිනියට තුති. ලාංකේය සැබෑ තතුදත් ස්ත්‍රීන්ගේද නොමද ආදරය මේඡායාරූපයට දැනෙනු ඇත. නමුත් මේ ඡායාරූපය දෑස් ලොකු කර බලනා කළ සිහිවන්නේ අර අප වන්දනා විනෝද චාරිකාගොස් පිරිමින් හෝ අයියා කෙනෙක් විසින් ගන්නා සරල ඡායාරූපයක් කියාය. ඒ ඡායාරූප කියවීමේ අඩුවය. නමුත් ඡායාරූප ශිල්පීන්ගේ ලෝක සම්මාන වනාහී සූර්යාලෝකයේ කතාමය. උන් පළමුව තාක්ෂණයටද දෙවනුු අදහසද තෙවැනුව විශ්මිත සංකල්පීය දැනුමටද මුල් තැන දීම තවම ප්‍රශ්න කරන්නට තරම් දීනයන් වී නැත්තා සේය.

     චන්ද්‍රයා සහ ගැහැනියත්, සූර්යා සහ පුරුෂයාත් එකම ජීවේන්ද්‍රියක ද්විත්වයක් උවද ඒ ‌චින්තන විශවයන් දෙකෙහි සදා තනික ගැටුම වනාහී අෂ්ටලෝක ධර්මය යන කතාන්දර වලින් හැර තවමත් විසඳා ගත හැකි පැති ව්‍යාකූලය. නමුත් ජලය සහ ස්ත්‍රිය සම්බන්ධව ජීවිතයෙන් කියවීම් සැබෑ කලාකාරයෝ මනාව නිර්මාණය කරඇති බව ජීවිතය විඳින්නෝ නොදන්නවා විය නොහැකිය. 
ජලය යනු සැබැවින්ම ජීවිතයයි. පුරුෂ රත්නයන්ටද ජීවිතය යනු ගැහැනියක් සේ පෙනීමේ මාගල දිග හැරීම මාරස සෙස්ස පස්සට තබන්නේ මේ සටහනට තරම් නොවන නිසාය.
*******************************

දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට
අරුත් සුන් වදන් පවසන ගිරවු දොඩමලු
හෙටත් නගපුදෙන් ඔය කිචිබිචිය සුළු සුළු
අරුත් සුන් වදන් පවසන ගිරවු දොඩමලු
හෙටත් නගපුදෙන් ඔය කිචිබිචිය සුළු සුළු
තිගැස්සී සැනින් ඔබ විය යුතුද බියගුළු
දකින්නට ලැබෙයි අපටත් සිසිල අරුණළු
දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට
ඔබේ පිය වදන් පුදදෙන සහන සිතිවිලී
අරන් එයි පෙරන් අපමණ සුවය සැනසිලී
ඔබේ පිය වදන් පුදදෙන සහන සිතිවිලී
අරන් එයි පෙරන් අපමණ සුවය සැනසිලී
සුගන්ධය ලෑබූ දින ඇත අවට වෙලි වෙලී
සඳෙන් රැස් හැලෙයි කුමටද සහන තරු එලී
දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට

(ගායනය- එච් ආර් ජෝතිපාල
https://youtu.be/OYZ0rIA6Jfs)
https://jagathmarasinghe.wixsite.com/mare
28 01 2023

 



Powered by Blogger.