ආදරෙයි නලින් සර් විතරක් කියන්නම්.

                          ආදරෙයි නලින් සර් විතරක් කියන්නම්. 


වම සැබෑවක් කියන මිනිසුන් අතර මාරසත් වමේ කියලා පටන් ගන්නම්. මාරස ආසයි දිගට ඇදන් යන්න. මහ පාරට ආවොත් ඒකටත් වයසට ගියත් ලෑස්තියි තමා. ඒව ඉතින් අසූව කියන අපිත් දන්නා පැන්ටසි දශකයේ ආතල්නේ.
අපේ පරපුරේ සහ යුගයේ හැටිද ග්රහයන්ගේ හැටිද දන්නේ නැහැ. නමුත් කවුරු මොක මොකා මොනවා කීවත් මාරස මේ ටික ලිවිය යුතුයි. ඒ ලියන්නේ තෙම්පරාදු වුන මාධ්යවේදි පරපුරට නොවේ තෙම්පරාදු නොවූ මාධ්ය වේදීන් ඉන්න පරපුරට සහ බ්ලොග් වෙබ් කියවන ආදර නව පරපුරට. අපි දැන් වයසක පරපුරක වයසට නොගියා කියලා හිතන කස්ටියක් බන් කොල්ලො කෙල්ලනේ.
‌ කෙලින් කියන වචනය කියන්න බැහැ. මොකද කෙලින් කිව්වොත් ඒක වෙන පැත්තකින් මනෝවිශ්ලේශනාත්මකව ගන්න හැකි නිසා. හිංගලෙන් කියනවානම් රෙද්දේ මනෝවිශ්ලේෂණයක් අයිති නැහැ. කෙලින් ජාතකය ගෙනියන්න හැකි භෞතික සහ මානසික ශක්තිය ගැන කියන මාර කතන්දරයක් ඒකේ තියනවා. නමුත් මේ සටහනට ඒක අදාල නැහැ. කෙලින් කියන්නත් බැරි වක්රව කියන්නත් බැරි දේ ගැන කොහොමද හිතන්නේ කියන කතාව විද්යාත්මකවත් දේශපාලනිකවත් කතා කරන්න හැකි උනත් ඒ ගැන නිදහස්ව දැක්කේනම් න්. එයාගේ අද දේශපාලනය මාරසට කම් කිම්. අද එයාගේ මහින්ද හෝ වෙන මගුල් ගැන ලියන්න මාරසට පිස්සු නැහැ. තිබ්බොත් බේත් ගන්න හැටි දන්නවා.
නලින්ද සිල්වා පුද්ගලිකත්වය හොයනවානම් හැම එකාගෙම එකීගෙම ඒක හොයන්න වෙනවා. නමුත් මාරස මේ ලියන්නේ නලින් ද සිල්වා ගේ නොවේ නලින්ද සිල්වා ශ්රී මතානන් ගැනයි. ඒක ලිව්වේ කැපිල්ලකට නොවේ. කරුණාකර අර අයින්ස්ටයින් ගැන වෙබ් වාර්ථා නැතිව සිංහලෙන් අහගන්න නලින්ද සිල්වා හැර වෙන කවුරුවත් නැහැ කියලා මාරස කියන්න බිය නැහැ. තව අය ඉන්නවා. නමුත් ඒකලාට ඒ භෞතිකය සමාජ දේශපාලන තලයට ගේන්න බැහැ. නලින් ද සිල්වා විද්වතාගේ පළමු විප්ලවීය හදවත් සසල කළ මාර කතන්දරයක් තියනවා. ඒ කියන්නේ යථාර්තයේ පැවැත්මට අභියෝග කර වාස්තවිකත්වය ගැන. මෙන්න මෙතනදි නිකන් කයිවාරු ගැහැව්වට සියලු වාමාංශික බුද්ධිමය කණ්ඩායම් බිඳ වැටුනා. පසුව නිකන් ජාතික මත වාදයක් බිහි වුනා. ඒ ගැන කෙලින්ම අගේ කළ යුතුයි. කාලය අවකාශය කියන සියලු සිද්ධාන්ත දැන නලින්ද සිල්වා වාම දේශපාලනයෙන් ගණිත නාමයෙන්ම අයින් වෙනවා නොවේ. බින්න වෙනවා
අපි අසූව දශකයේ . අසූව දශකය කියන්නෙ පරපුරක් දේශපාලනික වුන කාලය. ඒ 1980 කියලා ගත්තොත් මාරස "පරවේණි" කියලා නාටයක් නටවනවා. ඒ නිසාම මාරස හිර ගෙදර වසර දෙකක් පමණ ගත කරනවා. ඒත් ඒ නාටකය බලන්න පැමිණි ප්‍රභූ වරුන් ගොඩයි. රංජිත් ධර්මකීර්ති මාරස නායක ගුරුවරයා පමණක් නොවේ අසූූ දශකයෙ රැඟුම් පාලක මංඩලයේ නම් කීමටවත් නුසුදුසු මහාචාර්ය ආචාර්යවරු ඉන්නවා. රේඛාව සිනමා පටයේ මෙයාල සහභාගි කරගත්තේ ලෙස්ටර්ට පිස්සුද අහන්න තරම් ආවේගයක් ආවා අයත් එතන හිටියා කිව්වාම ඇවැසි ඇය තේරුම් කනී.
නමුත් අපි තරුණ වියේ ඒ කාලකන්නි රාජ්‍ය විකාර නිදාගත් දහසක් මහාචාර්ය ආචාරයවරු අතරින් මගේ අත අල්ලා ලුම්බිණියෙ බිම බලන් කතා කළේ නලින් ද සිල්වා පමණයයි.
කෙලින්ම අපි ඩයෝජනිස්ගෙන් පටන් අරන් විනාඩි ගණනකින් එදා තිබ්බ භීෂණය ගැනත් දොඩමලු වුනා තමා. මොනවාද බොන්නේ සර් කියලා ඇසූ විට කිසිත් එපා මට වතුර වීදුරුවක් දෙන්න කිව්වත් මතකයි. ඊට පස්සේ වසර දෙකකට මම හිරේ ගියා කියමුකො. නමුත් සැබෑව හිරේ ගියේ නැහැ. හිරු පායනවා වගේ තාමත් පායනවා.
තව දෙයක් නොවේ දහසක් දේ කියන්න හැකියි. ඒක නලින් ද සිල්වා නම් ‌විද්වතා කියන්න සැබෑවෙන් අවසර නැහැ. කියන්න හැකි විවිධ නාම රූප ඇතත් ඒ එකක්වත් නලින් ද සිල්වාට ගැලපෙන්නේ නැහැ.
මාරසට ඇවැසි නලින් රජ කරන්න නොව රජ කෙනෙක් නැවත බහු බූත කොදෙව්වක රජ කරන්න. ( නලින් සිල්වාද පුරවැසියෙකි. ඒකා මහින්ද සමග කරන ගණුදෙනුව මේ සටහනට ඇවැසි නැත. නමුත් මේ සටහන සමග ඒ බද්ධ කරන්නට ගියොත් අනිත් උන්ගේ රෙදි ගැලවිය හැකි දක්තයන් මාරස අත ඇති බව පමනක් කියමි.)
කැමති උනත් නැති උනත් නලින් කියන්නේ කවුරුන් කෙසේ කීවත් නලින් තර්කයෙන් පමණක් නොව ආදරයෙන්ද, දේශපාලනයෙන්ද , ජාතිකත්වයෙන්ද, මාක්ස්වාදයෙන්ද, අනේ මාරස නොදන්නා හැම පැත්තෙන්ම මාර පොරක් බව මාරස දනී. සර් දැන් වයසයි කියලා මාරස දන්නවා. ඔව්- අපි කවුරුත් හෙට මැරෙයි. නමුත් නලින් සර් මිය ගියවුුුන් අතරත් ඔයා ජීවත් වෙනවා. ජාතිකත්වය සම්බන්ධව කතා කළ සහ වැඩක් කළ අනගාරික ධර්මපාලලා වන් විද්වතුන් අතර අයිසෙක් නිව්ටන් ඉක්මවා අයින්ස්ටයින්ගේ විශ්වීය චක්‍රීයත්වය කියන ගණීත සූත්‍ර පමණක් නොව හෙගල්සේගේ සට කාල්චා මාකස්වාද අනුදැක ‌‌ට්‍රොස්කි සහෝවද දැන කියා විචාරා අප කලාපයේ සැබෑ දාර්ශණිකත්වයටත් වඩා තන්ත්‍ත්‍ යානයද පපුවෙන්ම හදාරා තේරවාදයේ සැබෑව සොයාගත්තා ඊට පෙම් බැඳි නොව සැබෑවේ ආදරයට සියල්ල පසක ලා ආදරණීය බුද්ධත්වය සොයා යන ගමනට මාරස හිස නමා අවසානය.

වැලිතල අතරේ හෙමිහිට බසිනා

වැලිතල අතරේ හෙමිහිට බසිනා
නේරංජන නදියේ - ගයා හිස
වැඩ සිට බුදුවුණදා...
තිලෝහිමි - මොක්සුව ලද මොහොතේ
සමාධී... භාවනා

සමාධී... භාවනා

හිම කඳුවැටියේ... සීතල හෙවණේ

හිම කඳුවැටියේ... සීතල හෙවණේ
චන්දන තුරු පීරා
චන්දන තුරු පීරා
හැපී එන - මල් මුවරද රසිනේ
සමඟ මුසු කෝමල මද පවනේ...
ගැටීලා ...පාවෙනා
ගැටීලා ...පාවෙනා


සත්සර නගලා - ටික ටික සෙලවී
සත්සර නගලා - ටික ටික සෙලවී
සිරිමා බෝ හිමිගේ මනෝහර
පලුපත් අතු රිකිලී
නටා ගිය - තාලෙහි රස දැනුණා
සරාගී ජීවනා...
සරාගී ජීවනා...
සඟ මෙත් මෙහෙණී - දකුණේ ශාඛා

සඟ මෙත් මෙහෙණී - දකුණේ ශාඛා
සිරිලක ගෙන ආ දා -
සිරිලක ගෙන ආ දා -
සිටම තව මහ මෙව්නා උයනේ
නටයි කොළ - වන්නම ලෙස මහ බෝ
සූමීරී නාදෙනා

සූමීරී නාදෙනා


Powered by Blogger.