කලවක අඟලක්....!!!

                                                           කලවක අඟලක්....!!!


    අනේ මන්දා කියන්න මාරසට නම් බැහැ. අර සුද්දෝ කියන උන් ලියපු පොත් වල තියනවා තොල් කිස් දෙන්න කැමති නැත්තේ සිංහල ගෑනු බුලත්විට කන නිසා කියලා. අද අපි ප්රතික්ෂේප කරන වලව්කාරයන්නම් ඒවට උත්තර නියමෙට දීලා තියනවා. නමුත් චාලි චැප්ලින් තරම් ඒ වගේ ජෝක් වලට කවුරුත් උත්තර දීල නැහැ.
චැපිලින්ගේ කෙටි සිනමාපටයක තියනවා හතර වටේ දුවලා නිරුවත් ‌පිළිමයකට ඇදුමක් අන්දලා නැවත චුට්ටක් උස්සලා ආතල් එකක් අරන් දුවන ආකාරය. මොකා කොහොම කිව්වත් අඩ නිරුවතද අපි ලස්සනයි කියලා දකින්නේ. අනේ රත්තරන් ‌මචංලා පිස්සුනම් කෙලින්න එන්න එපා ලෙනින් ස්ටැලින්වාදී ඩෙරිඩාලා පුකෝලා ගැන කතන්දර. මේ වගේ ආදර කතා ගැන කුණුගොඩවල් මාරස සතුයි. හැප්පෙන්න ආවත් කියන්නේ නැත්තේ ඒව ගැන ඉන්න සහ දේශපාලනිකව යමක් කරන්න හදන උන් මේ ලෝක‌ේ හිටිය යුතුයැයි කියන ආදර භෞතකවූත් ආධ්යාත්මිකවූත් බලාපොරොත්තුවක් නිසා.
කොහොම හරි කමක් නැහැ. ගැහැණියකගේ පූර්ණ නිරුවත දැක්ක ගමන් මිනිසා හිස් වෙනවා. ඒ වගේ නොවේනේ ගැහැනිය. පිරිමියෙක්ව දැක්ක ගමන් හිස් වෙනවා. පිරිමියා හිතනවා ඒකිට මාව මරු කියලා. ඒකිලා දන්නවා කිසිම මරුවක් නැහැ කියා. පාරේ යද්දිත් බස් හෝ මොන මගුලක යද්දිත් තමන්ගේ තාත්තාගේ මල්ලිගේ වයසේ උන්ටත් බගමනිය නොවේ කලවා කෑල්ලක් නිරුවත්ව තිබ්බම උන්ගේ සුරතාන්තයට ඇති කියලා වැඩිවියට පත්වෙන්න ආසන්න සිට සියලු කෙල්ලො ගැහැනු දන්නවා. ඒක සාමාන්යයක්. පට්ට ව්යාහාරක ආදරය කරන පිරිමි මේ වගේ දේ වලට කිපිලා ‌ගෘහ ප්රචන්ඩත්වය විනිවිදමින් පර පීඩක කාමයේ විකාරය වෙනත් පැත්තකින් පටන් ගන්නවා. ඒකට ධනේශ්වර නව ව්යවසායකත්වය දීල තියන උත්තර බලන්න මාරාසාද් මතක් කරන් සේඩිස්ටික් නිල් චිත්රපට වලට යන්න. අමාරුනම් ළඟම තියන හරක් මරණ මස්කඩයකට යන්න. මාර සෙක්ස් හමුවෛ්වි. මේව සම්බන්ධව මාරස ලියන්නේ රට පෙරලීමට නොවේ. ඔබේ දැනුවත් බවෙන් මාරසත් ඉගෙන ගන්න විතරයි. රෙද්ද අස්සේ ආදරය කියන්නේ බුද්ධාගම් හෝ කතෝලික මගුලක් නොවේ. ආදරයේ පදනම සෙක්ස් තමා. සෙක්ස් වලට ආදරයේ නාමයෙන් ශරීරයේ පදාසයක් ඇවැසි නැහැ කියන කතාව කවුරුත් දන්නවා
ස්ත්රියනේ. තොප දන්නවාද තොපේ ගවුම පොඩ්ඩක් ඉස්සුනාම පිරිමින් භාවනාවකට සම වදින බව. ඔව් මහා දේශපාලනික පිරිමින් පවා. නුඹලාගේ ඒ වටිනාකම වනාහී ජීවිතයමයි. ආරාධනා ඉරියව් වශයෙන් ජෙස්මන් මොරිස් කිව්වට ඒක ඊටත් ඒපිටින් තියන සංකල්පයක්. බුදුන් කිසිදා නොදුන් පන්සිල් පද පහට ''කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි'' කියන සිල්පදයත් එකතුවෙන්නේ එතනදී. මාරස කියන්නෙ වෙනම චරිතයක්ද මන්දා. බස් ඒකකවත් ඒ වගේ දෙයක් දැක්ක ගමන් බලන්නේ කවුද ඒ දෙස බලන් ඉන්න කස්ටිය කියලා. කණගාටුවක් නැහැ මරු. ගොඩක් බලන් ඉන්නේ වයසට ගිය අය. ඒක මරුනේ කියමින් තවත් සටහනකට ඉඩ තබමින් තව ටිකක් උස්සපන් කියමින් මේ සටහන අවසාන කරන්නම්. නමුත් මේ ලිවීමේනම් අවසානයක් නැහැ. මොකද වීදියේ අභිනයන් කවදාවත් ඉවර වෙන්නේ නැහැ. අවසානයේ වීදි ඡායාරූප කියන ස්වභාවික අභිනයන් ඩැහැ ගැනීම වනාහී ගෙදරම වෙලා. පුද්ගලික මනෝභාවයන් පොදුවේ සුසර කරන මාර කැමරා ඇස්. වීදි ඡායා රූප ශිල්පියන්ට ජයවේවා කියමින් මදකට සමුගන්නම්.
0


Powered by Blogger.