කකුලක් කියන්නෙත් ජීවිතයක්
කකුලක් කියන්නේ කකුලක්. මිනිස්සුන්ට විතරක් නොවේ සත්තුන්ටත් කකුල් තියනවා. සමහර සත්තුන්ට විශාල කකුල් ප්‍රමාණයක් තියනවා. අපා , දෙපා , සිව්පා , බහුපා නමින් නොයෙක් ගාතා පවා තියනවා. කකුල් නැති සතුන් බඩගානවා. කකුල් වෙනුවට විකල්පය වෙලා තියෙන්නේ සර්වාංගය වෙන්න ඇති. ඒ බඩගානා සතුන්ට ස්ප්‍රිචුවල් හෙවත් ආධ්‍යාත්මික ශක්තිය වැඩී කියන කතාවනුත් ඉර්ෂි වරු කියලා තියනවා. ඒවා නිකන්ම අහක දාන්න හැකි කතා නොවේ. ගෝත්රවාදී මිනිසුන්ගේ සිත් දිනාගැනීමට හෝ අවලාදයට නොවේ මේ කියන්නේ. මේස, බංකු වලටත් කකුල් තියනවා.
නමුත් මේ කතා කරන්නේ ඒ ගැන නොවේ. පාදයක් ආලෝකයෙන් දඩයම් කරගත් අරමුණක් ගැන. කතාවක් නැහැ. ඇඟිලි වලින් නෘත්යාභයාස පමණක් නොවේ භාවයන් මතුකරන මේ පාදය බැලේ නටන කෙල්ලෙක් කියලත් හිතන්න හැකියි. නමුත් වැදගත් වෙන්නේ මේක පිරිමියෙකුගේ පාදයක්ද යන්න පසක ලා කෙලින්ම ස්ත්‍රී සිරුරක් මතුවෙනවා කියන කතන්දරයයි.ඒක පිරිමි ගැහැනු ඔළු වලට වෙන් වෙන් වශයෙන් වැටෙන්නේ මේ ඡායාරූපයේ තියන මෘදුබව නිසාමයි. අනික සුලැගිල්ලේ සිට දනහිස හෘදය හරහා හිස පැත්තට දිවෙන එක් නහරයක එළිට අඳුර ශිල්පියා නාභි ගතකරලා තියනවා. කෙලින්ම ඡායාරූපයේ නාඩිය වෙන්නේ ඒ නහරය තමා. මෘදු ආලෝක ප්රතිබිම්භවව පසුබිම් කරන් ඒ නහරයේ ඇති සැබෑව මතුවන්නේ සුළැඟින්ලෙන් පටන් අරන්. අනේ පාදයක සුළැඟිල කියන්නේ පා ඇඟිලි වලද සුරතලා. මහපටඟිලනම් හස්ත රේකා ශාස්ත්රයේ නීතිය සහ තර්කය වගේම පාදයේත් චන්ඩියා තමා. කරාටේ, ගුජරාටේ, මරාටේ පමණක් නොවේ අත් පහරට වඩා පා පහර බලවත් කියන තයිකොන්ඩෝ සටන් කාරයොත්, චයිනා පුඩින් කියන සටන් ශිල්ප කාරයොත්, සරම් භරම් සිරම් බරම් කියන පොලු කාරයෝත්, අංගම්පොර ජාතික පොර කියන සටන් කාරයෝත්, මේ ගැන නිල ශාස්ත්රයත් සමග එකම දෙයක් වටකරලා හදාරණ බව මාරස නොදන්නවා නොවේ.
තුන්මුල්ල පනින චයිනා පුඩින් නැතිනම් චීනාඩි කාරයෝනම් මහපොට ඟිලත් යටි පතුලේ ඊට යටින් ඇති මස්කුට්ටියත් පිටින් ඇති මාපොටඟල ඇටයත් භාවිතා කරලා සතුරාට පහර දෙන්නේ අතකින් විරුද්ධ පැත්තකින් අල්ලලා බලය දෙගුන කර. ආයේ මැරෙන්නම තමා ඒ සෙල්ලම යන්නේ. අනිත් හැම ශිල්පයක්ව ආත්මාරක්ෂාවට උනත් තුන්මුල්ල පැනපු එකෙක් සටනට එනවානම් මාරසනම් දුර තියාම ෂේප් ටෝක් දාලා ලීක් වෙනවා අනිවා. මොකද මීගමුවේද මොරටුවේද හිරගෙදරද කාලයක් ජීවත්වුන මාරස දැකලා තියනවා ඒකලා රාග බෝල සෙල්ලම් කරන හැටි. රාග බෝලය කියන්නේ වේවැල් වලින් ගොතන ලද සහැල්ලු අමුතුම ස්වභාවික බෝලයක්. වේවැල් දෙනියේ පහුකර යනකොට ඒවා දැක්කම ආස හිතුනත් මාරස අහක බලා ගන්නේ අනේ ඒක මාරසට බැහැයි කියලා දන්න හින්දයි.
80 දශකයේ අග මාරස මැගසිමේ ඉන්න කාලෙදි රාග බෝල සෙල්ලම දිහා බලා හිටියා. විජේවීරගේ බොඩි ගාඩ් කියල කියපු මාතර අමරේ අයියා කියන්නේ මාර වැඩ කාරයෙක් තමා. මන්දා ඇස් දෙකට දැකලා තියනවා මිනිසුන් පනහක් වගේ ශක්තිමතුන් පෙරලා බිම දාපු හැටි. එයත් එක්ක විහිලු කරන්න ගිය අනිත් වාට්ටුවේ පිරිසක්ව. මිය ගිය රාගම සෝමේත් රාග බෝලය ජීවිතේ කරගත් අය. ඇයි යකෝ මුන් දෙන්නම 71 ගත්තම යාපනේ හැමන් හිල් හිර කඳවුරෙත් ශරීර ශක්තිය ගැන ජීවිතෙන් හදාරපු වුන්. ඒ විතරක්ද ඒ කාලේ හිටපු හිරකාර දුහුනෝ කියන විදිහට එල්ලුන් ගහේ බාර් එක්සයිස් කරපු වුන්. ඒ ගැන ලිවීම නතර වෙන්න මාරස ඉන්නකන්නම් ඉඩ ලැබෙන්නේ නැහැ. නමුත් ලිවීමක් නව තරුණ පරපුර අතර පැටව් ගහන්න තව කාලයක් යන බව මාරස දකිනවා. මේ වගේ අය සමහර වෙලාවට වයස සමග අහිංසකයෝ විදිහට කොහේ හරි ඇති. නමුත් ඕනම දෙයක් වලංගු යම් කාලයකට විතරයි. ඒක අපි කවුරුත් දන්න දැනගත්තත් නොදන්නා වගේ ඉන්න පිරිසක්.
රාග බෝල සෙල්ලම කියන්නේ තමන්ගේ ශරීරයේ වැඩි කාලයක් ඒ වේවැල් බෝලය තියාගෙන ඉන්න එක. ඒ බෝලෙට උරහිස් වලිනුත් ඔළුවෙනුත් නිකටෙනුත් විතරක් නොවේ පුකෙනුත් ලිංගයෙනුත් පාද වලිනුත් ටච් කර කර ශරීරයේ සර්වාංගයේම බෝලය පාස් කරනවා. අනේ අම්බේ. ශරීරයේම වැඩිකාලයක් බෝලේ තියාගන්න හැටි දැකලා මාරසත් නිකන් කරලා බැලුවා. එදා තමා මාරසට තේරුනේ ශරීර සටන් මාරසට උරුම නැහැ නිකන් කටුස්සෙකුටත් වඩා දුර්වලයි කියලා. ඒ සමගම මොලේ සටන් ගැන අවධානය යොමු වෙන්න ඇති. ඒ මොළේ සටන් වල දක්ෂයන්ට කියන්නේ ගොඩ ඉඳන් නැව් පෙරලන්න හැකි දක්ෂයෝ කියලයි. ඒකත් තව පැති තියනවා. මොලේ සටන් දක්ෂයන්ද කුහකයන්ද කියලා. හැබැයි වැදගත් මහා විද්යාඥ්ඥයෝත් අන්ත කැත වැඩ කරලා අලුත් නියම ලෙස ගෙනත් පොරවල් වෙලා තියනවා.
ඒ සමගම ජ්‍යෝතිෂයෙන් විපරිත රාජ යෝග පිහිටපු අයටත් ගොඩ ඉඳන් නැව් පෙරලන්න හැකි මොළේ සටන් කරන්න ඇත්ත හෝ කුහක නාභියක් තියනවා කියලත් මාරස දන්නවා. වැඩි දුර විශ්ලේෂණයට වර්ථමාන ජනාධිපතිගේ කේන්දරය විශ්වාසයකින් මාරසට ලැබිලා නැහැ. දුන්නනම් කරනවා තමා. ඒත් මාධ්ය්ය ජ්‍යෝතිෂ කාරයෝ නම් කියනවා රනිලයන්ට විපරිත රාජ යෝග තියනවා කියලා. හැබැයි ගොඩ ඉඳන් නැව් පෙරලන්න හැකි කතාව මාර කතන්දරයක් වෙනවා මේ කියවීමෙන්.
දැන් පාදයක තවත් පැත්තක් ගත්තොත් බස්වල ජැක් ගහනවා කියලා කතන්දරයක් තියනවා. බස් ජැක් වල ආරම්භය කකුල් පෑගීමෙන් තමා. ඒක කවුරුත් දන්නේ ඒක නොකරපු ඒකෙක් හෝ විඳ නොගත් තරුනියක් නැති නිසාද කියලතු හිතෙනවා. ඒකත් මාරයි. සම්පර්ණයෙන්ම මිනිස් ලිංගික ස්නායු පද්ධතිය මන්දාකිනියක් වෙන්න කාන්තාවකගේ සුලැඟිලට යාන්තමින් පිරිමියෙකුගේ සුළැඟිල්ලක් ස්පර්ශ වීම ප්‍රමාණවත් තමා. ඒක සාධනය කරන්න කිසිවෙකුට තවත් විද්‍යාවක් ඇවැසි නැහැ. මේක මානසික ස්පර්ශ බහු විද රැවටීමක් නොවේ මාර මානසික ස්වරූපයක්. අනේ සෙනග ගැවසුන තැනක කොතරම් නම් ගැහුනු කකුල් කියලා පිරිමි කකුල්වලට කකුලෙන් ස්පර්ශවී අවසානයේ ලජ්ජාවට පත්වන මිනිස්සු ගැන කතා කරලා වැඩක්නැහැ. ඒක අර නානකොට ඇඳිවතේ චූ කරගන්නවා ඒත් ඒක කිසිවෙක් පිළිගන්නේ නැහැ කියන මාරස කැත කතුන් පොතේ ලියා ඇති වගේ ආතල් දෙයක්ම තමා. කොටින්ම ප්‍රසිද්ධ රහසක්.
නමුත් මේ ඡායාරූපය දැකපු ගමන් මැවෙන්නේ පුරුෂ පාදයක් නොවේ. ඒ කලු සුදු ආලෝකකරණය මෙතරම් සුමට කරන්න ඡායාරූප ශිල්පයේ බුදුවරයෙක්ම විය යුතුයි වගේ දැනෙනවා. සැබෑවටම කලා කාරයෝ බුදුනුවන්ගේ ශ්‍රී පාදයෝද චිත්‍ර වලද පිළිම වලද නිර්මාණය කර තිබෙන්නේ ස්ත්රීත්වයේ ආදරයේ සුමටත්වයෙන්. ආදරයේ අවිහිංසාවේ සිරී පාදේ යන සමනලුන්ගේ තටුවල තියන මෘදු බව ඒ ශිල්පියෝ මොනතරම් සංයමයකින් නිර්මාණය කරලා තියනවාද යන්න මාරයි. කතා ඇවැසි නැහැනේ. භාෂාවෙන්ද ඒක එහෙම තමා. කෙලින්ම බුදුනුවන්ට කියන්නේ අමා මහ මෑනි කියලයි. කොයි පදය ගත්තත් කොයි චිත්‍රය ගත්තත් ඒ කතාව එහෙම තමා.
නමුත් මාරස කෙලින් කතාවක් කියන්නම්. ඡායාරූප ශිල්පයේ නග්න ඡායාරූප කරණයේදිත් මෘදු බව සම්බන්ධ සමස්ත භාව විච්චේදනයකදිත් ශරීරයේ නැවුම් නාභි ගත කිරීම මාරයි.