වස බෙහෙත් ගඳයි සුළං

                                                      වස බෙහෙත් ගඳයි සුළං

             
      මම වරක් දෙවරක් නොවේ සිතින්නම් දහස් වරක් කතා කරන චරිත අතර සරත්චන්ද්‍රයන්   සයිමන් සහ සුගතයන් මළ පසු 80 ආදරය ගැන හොයන මාරසට තියෙන්නේ වේදනාවක් නොවේ. වේදනාව යනු කුමක්ද කියලා හොයන කුලප්පුවක්. 
           රත්නශ්‍රී ගැන මම දන්නේ අර ලිබර්ටි ප්ලාසා ඒකේ බිල්ලට තියන් මරා දැමූ රවි ගමගේ හෙවත් ගම්පහට පාලිත වූ කැලනි කැම්පස් ඒ කාලේ පොඩි සාදුගේ හිටන්. රත්නශ්‍රී කියන්නේ මහගම සේකරට පස්සේ ආපු කතන්දර මාරස කෙලින්ම ප්‍රතික්ෂේප කරනවා. මොකද රත්නේ කෙලින්ම හැම දෙයක්ම දකින්නේ කවියෙන් ගීතයෙන්. ඒකා බත් කනකොටත් කන්නේ එහෙම. දරාගන්න බැරි මානුෂිකත්වය කවියක් වෙලා ආධ්‍යාත්මිකව වැයෙනවානම් අර කොසොඹ රුකෙන් බෙලි රුකෙන් විතරක් නොවේ ‌අපේ තුන්තරා බෝදියෙන්ද දැනෙන දේ දැන ගන්න ඇවැසිනම් රත්නගේ ඇස් දෙක බලපුවාම මට නම් ඇති. මොන මගුලක්ද සුගත් ජීවිතය ගීතයක් උනාට පස්සේ .මට දැනෙනවා ඒ ඇති කියලා.
           රත්නේ ලස්සන සින්දුවක් ලියලා දීලා. ඔබ හඩ ගැන සංගීත සුසරතාවන් ගැන කියන්න මා මහා විචාරකයන්ට වඩා පොහොසත් කියන්නේ මා ඒවා අහන රසිකයෙක් නිසා. මමත් ඔබත් හමුවන්නේ නීතිමය ගැටලුවක් උදාවුන කාලෙදි මගේ. සුගත් හඳුන්ගේ කියන්නේ ලස්සන හදවතක් තියන මිනිසෙක් කියලා රත්නේ දන්නවා අනිවා. වචන නැහැ උසාවියට ගියත් වචන දෙකයි තුනයි. ඒ හෘර්දශාක්ෂිය මා දැක තිබෙනවා. 
හරි අපි  ගීතයට ලගු කරමු.  සමහරු කියයි සුගත් හඳුන්ගේ වනාහී මහින්ද වඩවන්න ගී කියපු මිනිහෙක් කියලා. මාරස කෙලින්ම කියනව ඒ ගයපු ගීත වලට ආදරෙයි කියලා. ඒ ඇයි කියන කාරණය කියන්න එන පරංගි වාදියෙක් කෙලින්එන්න කියලාත් කියනවා.
           මේ රත්නේගේ ගීතය. සුදත්ගේ ගායන ලලසාව මාරස කෙසේ කියම්ද ? කිව යුත්තේ එකයි දිගටම ගයන්න කියලායි. මේ ගීතයේ තියෙන්නේ අයියා සහ මල්ලි කෙනෙකුගේ අන්තර් සම්බන්ධය. අයියලා හැමදාම පිස්සු කෙලිනවා තමා. ඒත් ඒ අයියා. ඒ අපේ සංස්කෘතික හැඩ ගැස්මේ ආදරය. නමුත් ඒකා මළ පසු අපිත් අයියලා වෙනවා. මන්දා? මේකේ දයලෙක්තිකයද පැත්තකින් තියලා රත්නේ පද වලින් මේ කරන මාර ආදරය කුමක්ද කියලා. මම දන්නවා රත්නේ. ඔයා වැඩ කරන්නේ ඔලුවට  වඩා හදවතින් කියලා. ලස්සන ගීතයක්. හදවතින්ම අර මේ වගේ ගීත කියන්න හැකි වෙරලියද්දට නොවන බවටත් කතා ලියන්න හැකියි
              නමුත් අයියා මල්ලී කියන කතාව මාර බලරේකාවක  දෙපැත්තක විභේදන ලක්ෂණයක්. අයියා මල්ලී කියන්නේ නිකන් ශරීර නොවේ. ඒක ඇතුලේ සංස්කෘතික දේශපාලනික දේශපාලන මහා කතන්දර බලයක් තියනවා. හදවතින් ආදරය කරන අයට කාලයක් ගිහින් තමා මේ ඉසව්ව අහුවෙන්නේ. ලෝකයම එපා වෙනවා නොවේ . සහෝදරයන්වද  මරලා දාන්න හිතෙන චිත්ත විභේදනීය අවස්තාවන්. 
රත්නේ හෙවත් රත්නශ්‍රී මේ ගැන දන්නවා. උසාවියේ ඉතා මානුෂික වැඩ කොටසක් කරමින් සිටින සුගත් හඳුන්ගේද සිය කාරයේදී පවා ගී ගයන  කලාවේ යථාව හොයන අමුතුම විද්වතෙක් බව මාරස දන්නවා. තව කියන්න දේ බොහෝ ඇති නමුත් සෙස්ස පස්සට දාන්නේ මේ ගීතය නිසයි.
               ඇත්ත අපි හැමදාම වැඩිහිටි පරපුර වෙච්ච අයියලා සමග ගැටෙනවා ඒක මාරම ආදර දුක්බර කතාන්දරයක්. පස්සේ අයියලා මළාට පස්සේ අපි අයියලා වෙන කතන්දරයඊටත් වඩා මාරයි. මෙන්න මේ කතන්දරයේ දාර්ශනික ධාර්මික ඇත්ත නැත්නම් සැබෑව ලියන්න හැකි රත්නශ්‍රී තමන්ගේ කාරිය නියමෙට කරලා තියනවා.
           මතක තබා ගත යුත්තේ විශේෂයෙන් යම් කලා සංස්කෘතික අවකාශයෙන් කළානම් ඒ සම්බන්ධව අරක් ගත් රාජ්‍යයටත් වඩා මාක්ස්වාදී කියන කුහක සංස්කෘතියක් ඒක මගදී කපා හරිනවා ඇති යන කතාන්දරයයි. නමුත් මාරසේ මතය අයියලා සහ මල්ලිලාගේ දේශපාලනික ආදරය ධර්මයෙන්ම රත්නේ ලියා ඔබ ගැඹුරු හඬින් කිව්වා කියන කතාව පමණයි. 
                   අයියා මල්ලී කියන කතන්දරය සෙල්ලමක් නොවේ. ඒක බලය සම්බන්ධ දේශපාලනික කතාන්දරයක්. අයියලාට අපි ගරු කළ යුතුයි. නමුත් ඒකලා ගේන සංකල්පයන් ගැන මල්ලී හැම විටම විමතියකින් නොවේ විරෝධාකල්පයකින්. මාර ද්විත්වයක්. කෙලින්ම මාක්ස්ලා කියපු අපෝහකයත් හමුවෙන තැනක්. ගහලා මරන්න හිතෙනවා දර්ශනයෙන්. නමුත් ආදරේ ධර්මයෙන් පෙරට එනවා. පිස්සු හැදෙනවා. මේවා කවි කරන්න හැකි ඉතින් රත්නෙට පමණද කියලාත් හිතෙනවා. නමුත් ඒ කටහඬ සමග වේරලියද්දගේ හඬ අයියා වුනා වගේ දැනෙනවා. මල්ලි උනත් අන්ධ  අයියාගේ දෘෂ්ටිවාදය මල්ලී පුරවන අයුරු අපූරුයි.    මල්ලි විදිහට කීවත් ඒ ගැමි සප්තනාදයේ සුසරත්වය ඒකාගේ හඬන් ද්වනිත වෙනවා අනිවා. ලස්සන සින්දුවක් කියන්න මම කැමතියි. ඒ වගේම අපේ මිනිසුන්ට  තේරුනත් නොතේරෙනවා වගේ පෙනෙන අයිය මල්ලි පරතරයේ දේශපාලනයට වඩා දේහ පාලනය රත්නේ නියමෙට අල්ලලා .තියනවා. කියන එකාලාත් බබ්බු නොවන හින්දා නියමෙට අල්ලනවා.
"වස බෙහෙත් ගඳයි සුළං  මං නොදන්නවා නොවේ"
                    ආදරෙයි සුගත් සහ රත්නේට. අයියලාගේ මල්ලිලාගේ ගැටුම පිරිමි ගැටුමකි. ඒ සමාජවාදී හෝ කොමිනියුස්ට් සමාජයකවත් අවසාන නොවන ප්‍රතිවිරෝධයක් බව මාක්ස්වාදයද ඇතැඹුලක් සේ දන්නා රත්නේද දන්නේය. ගීතය ගයන ඔබ උසාවියේ කටයුතු වලින් ඊටත් වඩා දන්නා බව දනිමි. ගීතය කියනා අනිකා වනාහි වේරලියද්දය. අප 80 නොදනීද ඒකාගේ දක්ෂතා. මාරයි. මාර වින්දනයක් ලැබෙනවා. ඒක ඔස්සේ අතීතයට ගියාම මාරම මාරයි වගේ දේ සම්බන්ධව සෙස්ස පස්සට තියන්නම්.

අන්ධකාරයෙන් එහා
දෑස පෙනෙන මානයේ
මං නොදන්න ලොවක් ඔබට
පෙනෙනවාද මල්ලියේ
අන්ධකාරයෙන් මිදී
සිනාසෙන ප්රභාතයේ
නැවුම් ලොවක අසිරි කොහොම
කියම්ද  අයියන්ඩියේ
නිල් වනන්තරේ පුරා
මල් සුගන්ධයෙන් පිරේ
වනන්තර ඉතිං කොහේද
හීනයක් ද මල්ලි යේ
සුන්දරයි ළවැලි තලා
රම්ය වෙරළ තීරයේ
කැලි කසල වෙරළ පුරා
මං නොදන්නවා නොවේ
ඇල් පවන් හමා බසීවි
රන් කරල් මතින් ගමේ
https://youtu.be/WBxsxItqBeA
25 01 2023




Powered by Blogger.