ඉතාම දුක්බර කවියක් මතුවේ .....!!!
ඔව් පිරිමින්ට සියල්ල අහිමි වූ විට ඇතිවන වේදනාවේ ආදරනීයත්වය අපේ ලාංකේය ස්ත්‍රීවාදීන් ලෙස පෙනී සිටින සියලු කාන්තාවන්ට දැනෙන්නේ නැහැ කියන කතන්දරය මාරස කියන්න ගියොත් නම් ගොඩයි. දන්න අය දන්නවා. කිසිදා මාරස කියන්නේ නැති උනත් සටහන් වලට ඒකිලාව බේරලා කියන්න යන නිසා ගොඩක් දේවල් යට යවන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. අපේ පරපුරට හෘර්ද ශාක්ෂියක් කියලා මොකක්දෝ මගුලක් ඇති. ඒ ගැන වෙනම ලියන්නම්.
කොහොම උනත් මේ තොප්පියේ තියන විලම්භීත දැක්ම නැති උනානම් මාරයි කියලා හිතෙනවා. නමුත් ඒක මාරයි. මට මතකයි මාත් කරලා තියනවා. කෙල්ලගෙන් තරහා වෙලා යන පිරිමි කෙලින්ම හයිය ගන්නේ සාක්කුවට අතක් දාගෙන. කීප වතාවක් පිටකොටුවේ මේ වගේ සාක්කුවට අතදාගෙන යන පිරිමින්ගෙන් බේබදු මාරේ කෙලින්ම ගිහිල්ලා අහනවා ඔයාගේ කෙල්ල සමග තියන ආදරය අවුල් උනා නේද කියලා. වැඩිය නැහැ. මතකය පස්දෙනෙකු සමග තියනවා. පස්සේ කොටුව දුම්රිය පොල ඉදිරිපිට ඇති කොරෝනියල් එකට ගිහිල්ලා ආදරය ගැන කතා කරනවා.
කෙලින් කියන්න කතාවක් මාරසට තියනවා. මාරස දැකපු විදිහට ආදරයක් බිඳ වැටීමෙන් පිරිමි විඳින දුක මාරයි. නමුත් පිරිමින්ම ගීත සාහිත්‍යය ලියන නිසා විය හැකියි. කිසිම ගීතයකින් මේ පිරිමි වේදනාව ලියලා නැහැ. ආසයි කවුරු හරි කතා කරනවානම් උත්තර දෙන්න නෙවේ ආදරය කරන්න.
ඉතින් මේ කලු සුදු ඡායාරූපය මම අහුල ගත්තේ නිවියොක් වල "JAMES MAHER " කියන වෙබ් පිටුවකින්. ඉතින් මට එතනදි අපේ අහංකාර උනත් සනත් නන්ද සිරිගේ සින්දුවක් සිහි වුනා. මොකද මෙසේ මාරසද ගමන් කරන අවස්තාවල ඒක තමා හිතෙන් ගය ගයා යන්නේ.
ට්‍රොස්කි සහෝදරයා. ස්තූතියි. කලාව කියන්නේ තනි රටකට සීමා වූ දෙයක් නොවේමයි. ඒ නිසාම මාරසට ජීවිතේ නාමයෙන් මේ එදා අන්ත අසරන මාරස පපුවෙන් ගය ගයා වැඩ්ඩා වගේ බොරුවක් ලෝකයට පෙන්වමින් ගිය කාලය මේ වීදි ඡායාරූප ශිල්පියා නැවත මාරස කඳුලක් පරිසරයට වාෂ්පයක් වගේ එකතු කරන්න ඇති.
ආදරය කියන්නේ වේදනාවක් තමා. වීදි ඡායාරූප කියන්නේ ශිල්පියෝ තවත් පැත්තකින් ගත්තොත් ජීවිතයේ බෝධිසත්වයෝ වගේ කට්ටියක්. ආදරෙයි වීදියට බැහැපු හැම කැමරා ශිල්පියෙකුටම.
https://youtu.be/iyCVsw1XRmU