විජේවීර කම්රේට්ට ආදරයෙන් ලියමි. ( ලිපි 01)

     විජේවීර කම්රේට්ට ආදරයෙන් ලියමි. ( ලිපි 01)
   මම දන්නේ නැහැ ඔබගේ පක්ෂයේ අර්ධකාලීනව හෝ පූර්ණකාලිනකව වැඩ නොකරපු එහෙත් යම් යම් සැබෑ මතවාද සඳහා කැමැත්තක් තිබි මාරසවන් අපතයෙක්ගේ ලිපියක් පිලිගනීද කියලා. අනික ද්විගටනාත්මක  භෞතිකවාදයෙන් කෙසේ වුවත් මනුෂ්‍යත්වයෙන් ඒවා පිළිගන්න මානසිකත්වයක් ඇති බව  දැන ගත්තේ බේබද්දෙකු වශයෙන්  මාඅල්ලාගෙන ගොස් මැගසින් බන්ධනාගාරයේ හිරකරන ලද ඉන්දුලංකා ගිවිසුම අවස්ථාවේ ඔබ ගැන ගොඩක් දේ ඒ සගයින්ගෙන්ම අහගත් නිසයි. ඒක මගේ අවාසනාවටත් වාසනාවටත් හේතුවනවාද කියන සාධක මා පිළිගන්නේ නැහැ. ඔයාලාගේ පරපුර මොන තරම් සාපේක්ෂතාවාදය පිළිගත්තත් ඒකෙන් මහා ප්‍රාතිහාර්ය පෑවත් මාරසට ඒක තාම දැනෙන්‌නේ නැහැ. සමහර විට මගේ භෞතික විද්‍යා දැනුම අඩුවක්ද සිතීමේ අඩුවක්ද නැතිනම් ඔබ නිර්මිත සංවිධානයෙන් වදාරන ද්විගටනාත්මක භෞතිකවාදයේ අඩුවක් නිසැදැයි මට හොයන්න වුවමනාවක් නැහැ. ඒක හොයන්න ගියාම රෙද්දේ ගුරුකුල වල අතරමං වෙනවා විනා ‌අන් කිසිදෙයක් නොවන බව මාරස නොබියව කියනවා. 

   නමුත් ඔබ ගැන මා විරුද්ධ වුනේ එක් අවස්තාවකදි පමණයි පක්ෂගත නොවූ මාක්ස්වාදය හොයන තරුණයෙක් විදිහට. ඒ ඒ කාලේ ස්වයං තීරණ දීමේ අයිතිය සම්බන්ධව. ඒ ගැන ඒ කාලේ නාට්‍ය නටන මා සමග කතා කරන්න ආපු කට්ටියේ ප්‍රධාන සහෘදයෙක් ලිබටි ප්ලාසා එකේ බිල්ලට තියන් බිල්ලට ගත්තා කියලා ආරංචියි. අන්තිමට ඉතින් සහෝ ඒ වගේ ගොඩක් කස්ටිය ආ ගිය තැන් නැහැ. 

         නමුත් ස්වයං තීරණ අයිතියට මාරස විරුද්ධ වුනේ පරංගි මාක්ස්වාදීන්ගේ හෝ ඇන් ජී ඕ නැටි වල එල්ලිලා නොවේ. කෙලින්ම මාරසේ හදවතේ භාෂාවෙන්. ලාංකේය සමාජයේ මාක්ස්ව ගත්තේත් බුදුනුවන් හරහා නොවේද යන්න ගැන කතා කරන්න සම්භාව්‍ය හාමුදුරුවරුන් ගණනාවක් ඉන්නවා. ‌පොල්වත්තේ බුද්ධදත්ත මහා නාහිමියන්ටත් වඩා ඉත්තෑපානේ මහා නායක හිමියන්ටත් වඩා මහා නායක හිමිවරුත් අදටද පිළිගනනා බඹරැන්දේ සිරි සීවලී හිමියන් පමණක් නොවේ කියා කියාගෙන කියාගෙන ගියොත් මාරසට  වෑත්තෑවේ හිමියන්ගෙන් උඩු යටිකුරු කළ ශ්‍රේණියකින් නවත්තන්න වෙනවා. ඒ ටිකනම් ලංකාවේ ඉතා හොඳන් ඉත්තෑපානේ මහා නායක හාමුදුරුවන් වහන්සේ දන්නවා නියතයි. උන්වහන්සේ ගාවට ගියොත් නියමෙට කියා දෙන බවත් දන්නවා.

   ඔබ ගැන කියපු මාර කතන්දර දෙකක් මට මතකයි ඒ මැගසිමේ. බණ්ඩාර තෙන්නකොන් සහෝදරයා පූර්ණ කාලිනකයෙක්. එයා පක්ෂේ කෙල්ලක් සමග ආදරය සම්බන්ධතාවයක් ඇතිවුනා. ඔබ කුරුණෑගල ජනාධිපතිවරණයට ගමන් කල රථ පෙලපාලිය නවත්වා ඒ දෙදෙනාව සම්බන්ධ කිරීමට ඒ ගෙවල් වලට ගිහින් කතා කළා. ඊට පස්සෙයි ඔබ රැස්වීමට ගිහින් තියෙන්නේ කියන කතාව ඇත්තක් නොවේ නැත්තක් උනත් ඒක මාරසට ඇත්තක්. මොකද ඇත්තක් නැත්තක් හොයන්න අර රෂෝමාන් වගේ පිල්ම් බලලා තීරන ගන්න ජීවිත හිඟනනෙක් නොවේ මාරස.

          ඉතින් රෝහන කම්රේට් ඒ කාලේ 87 ඒ මැගසින් බන්ධනාගාරයේ ඒ කාලේ පීබී සහෝදරයා කියන‌ කෙනත් මේ ලඟදි මිය ගියා කියන කතාවත් බොරුවක්ලු තාම ජීවත් වෙනවාලු පැත්තකට වෙලා.

       1971 කෑගල්ලෙන් පසු බෑපු ‌ජාත්‍යන්තර දේශපාලනය ඇතැඹුලක් වන් ලෙස්ලි සහ ඉන්ගිරිසි භාෂාව පමණක් නොවේ ජීවිතයම දත් ගුණවර්ධණ කම්රේට්ත් ජීවතුන් අතර ඉන්නවා කියා දන්නවා. දැනට වසර දොලහකට පමණ පෙර අර මැගසිමේ ඔබේ කෑමත් පර්යේෂණය කළ බණ්ඩාර තෙන්නකෝන් සහෝදරයා , ඔව් අර බාල සහෝදරියක්ව පවතින නීතියෙන් ඔබත් කසාද බැඳගෙන ඒ කාන්තාවට ස්ථිර නීතිමට සාධකයක් පවතින සමාජයෙන් දිය යුතුයි කියපු ඔබට මාර දෙයක් කියන්න ඇවැසියි. ඒ කාලේ කුලියාපිටිය පැත්තේ සිට මැගසිමට පැමිනි ප්‍රේමලාල් කම්රේට් මට කිව්වා ඔයාගේ බත්පත පවා පරික්ෂා කර තමා ඔයාට කන්න දුන්නේ කියා. ඔව් අදත් ජීවත් වෙනවා ඇති. 1971 කැරැල්ලේ ඔලුවේ මූනිස්සම් තවමත් තියන බණ්ඩාර තෙන්නේ නැමති මිට්ටා. ආදරයේ වීරයා. මටනම් හිතෙන්නේ ඔයාට ඒකා ගොඩක් ආදරෙයි කියලා. ඉතින් රෝහන කම්රේට් මාරසට අක්මුල් නැහැ කියන්නේ වෙනත් මුලක් තියනවා කියන කතාවයි. වැඩි දුර විස්තර කුමට මුලක් නැතිනම් ගසක් පවතිනවානම් අක් මුල් නැතිව වෙනත් පැත්තකින් මුලක් පවතිනවා නියතයි. ඉතින් ඒක ආධ්‍යාත්මික හෝ ස්ප්‍රිචුවල් එනජි තියා මොන දෙයක් හිතුවත් මාරසට කම් කිම් රෝහන කම්රේට් 

    මිනිස්සු මළයි කියා භෞතිකව හිතන ඔබට ඔබ නොමලා කියා ආධ්‍යාත්මික පැත්තකින් හිතන මාරසට මේ දේ ලියන්න බැරි ඇයි. මේ දෙක දයලෙක්තිකයෙන් දෙකක් කිව්වේ කවුද? දයලෙක්තිකය නැතිනම් ද්විගටනය යනු දෙකට බෙදීමක් කියා ඔබ කිසිදා කියා නැහැ කියා මා දැන ගත්තේ මැගසිමේ ඔයාගේ පැරණි මිත්‍රයන්ගෙන්.

    ඔයාගේ අති පැරණි මිත්‍රයන් කීප දෙනෙක්ද මා හමුවීී තිබෙනවා. අනේ මොන අතුලද මන්දා වික්ටර් අයිවන්වනම් හමුවෙන්න බැරිවුන නිසා උත්සාහ කළත් මහන්තත්ත්වයක් නැති මහන්තත්ව කම මාරසට අරහන්. ඒක රාවයක් විදිහටම තිබිලා රාවය නිරාවරනය වී අවසන් වුනාද මන්දා. නමුත් ඒකත් පොඩි බඩුවක් නොවේ. බණ්ඩාර තෙන්නකොන් ක්ම්රේට් හෙවත් සහෘදයානම් ඔබ ගැන මාරසට කියා දී තිබෙන්නේ දිව්‍යමය කතන්දර. ඔබ භෞතික වගේ කතා කළාට මාර ආධ්‍යාත්මික නායකයෙක්ද කියලා හිතෙන තරම් දේවල්. මේ මොහොතේ මේක ලියන එකෙන් මාරසට කිසිත් නැති බව මාරස ඉතා හොඳින් දන්නවා. මොකා දුන්නත් මාරස බාරගන්නේ නැහැ කියලා අන් සියල්ලෝම දන්න බව දන්නවා කියන්නේ නිකන්වත් එවන් දේ සම්බන්ධව චැට් කරන්නවත් එපා කියන්නයි.

     තවත් යාලුවෙක් හිටියා.  උඩරට පලාතෙන් පී බී අයියා කියලා. රෝහන කම්රේට් එයා කොහේද නුවර පැත්තේ ඉන්නවා කියලා ප්‍රේමලාල් කිව්වා. නමුත් ඇඩ්රස් නැහැ. මට මතකයි කකුල් දෙක දෙපැත්තට දාගෙන හිර ගෙදර ඉන්න ඒකා උදේ රෑ පොත් කියවනවා. දවසක් ආදරය ගැන කතා කරද්දී අපෙන් ඇහුවා ආදරයේ ගාමකත්වය මොකක්ද කියලා.  එතන සිටි ‌අප කිව්වා    සහෝදරයාම කියන්න  කියලා. කෙලින්ම ඒකා කිව්වා ලිංගිකත්වය කියලා. ඒකා ඒ කියපු යුගයට සමානුපාතිකව ටිකක් පස්සේ තමා එක්ස් කියන කස්ටියත් එතනට ආවේ. නමුත් ඒ සියල්ලම නිශ්ප්‍රභා වූවා කියා මාරස හිතන්නේ නැහැ කම්රේට් හැංගුනා සමහර විට අපි නොදැකපු සහෝදරයෝ සමග නැතිනම් අප නොදකපු දේවල් සමග ඉදිරියේ යලි ඉපදෙනවා වගේම යලි මතුවෙයි. ඒ ඉතින් ස්වභාවයාගෙ හැටිනේ . නේද කම්රේට්

     ආ තවත් කතාවක් කියන්න තියනවා. මේ අද ඉන්න ගුණරත්නම් ගැන ඉතින් ඔබ ඔබගේ ආධ්‍යාත්මික සහ භෞතික ශක්තිය එකතු කරලා තීරණ ගන්න හැටි අනාගත පරපුරට ගැටලුවක් උනත් අපේ පරපුර තීරණයක් ගනීවි. නමුත් අපේ අන්තරේ රංජිදම් ගුණරත්නම් කියන්නේනම් මාර විදිහට මාරසට දැනුනා. එයාට කියන වචනයක් ලිව්වොත් පන්සල් පල්ලි කෝවිල් සහ අනෙකුත් ආධ්‍යාත්මික ආයතනත් කළබල වෙනවා අනිවා. ඒ නිසා කම්රේට් මම රංජිදම්ට ආදරෙයි විතරක් කියන්නම්. නමුත් භෞතික සමහර අවස්ථාවල රංජිදම්ටත් විරුද්ධවූ තෙන්නේ සහෝගෙන් පී බී සහෝ ගෙන් මළවුන් අතර වුනත් ගුණවර්ධන සහෝ ගෙන් විතරක් නොවේ මේ වන තෙක් නම නොකියන ලද ඔබට බෝම්බ ගහන්න විත් අතක් නැතිකර ගත්තා වූ කියා ජනප්‍රවාදයට එකතු වූ ශීලා සහෝගෙන් අහගන්නවානම් තමා නියම උත්තර ලැබෙන්නේ. 

       ඉතින් කම්රේට්

              අදට ඇති. තව ලියන්නම්. අර කොටස් මේ කොටස් මාරසට නැහැ. ලියනවා විතරයි. කෙසේ නමුත්  1987 මැගසින් බන්ධනාගාරය කියන්නේ දැනුම් විශ්වවිද්‍යාලයක් බවට පත්කරගත්තේ තොප විධිමත් සිතීම විසින් නිසා තොපට ගෞරව කළ යුතුයි. මාරස ඊට විරුද්ධ වූයේ ස්වයං තීරණ ගැනීමේ අයිතිය කියන කඳුලකින් පමණයි. නමුත් ක්ම්රේට්. ඒ සහෝදරත්වයේ ආදරය මා මගදී නොමල නිසා ඇස් තාම පේනවා. තනිකර රතු ලේ සහ කහ විමුක්තිය සහ සුදු සූන්‍යත්වය වගේ. කෙනෙක් ඇහැව්වොත් මාරසෙන් ප්‍රශ්නයක් නුඹේ පාට කුමක්ද කියා මේ පාට තුන එකතු වී සැදෙන තැන ආදරයේ පාටට මා ආදරෙයි කියලා කියනවා. නමුත් රතු වර්ණය ප්‍රධානයි කීවොත් මාරසට ගොඩක් දෙනෙක් විරුද්ධ වෙයි. ඒ නිසා මේ රතු වර්ණය පැරණි ත්‍රාන්තික වර්ණයමද කියා සැකයි කියා ලියන්නම්.

   දවසක් විරුද්ධවාදියො පිරිසක් මෙත් වඩන මිනිසෙකුගෙන් කියලා අපි කියන්නේ නැහැනේ එයා ජන භාෂාවෙන්ම ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙනවා. නැතිනම් සරළම හාමුදුරුවන් වහන්සේ කෙනෙක් වෙනවා තමා.

අහනවාලු උඹගේ අත පය කපනවා කියපන් උඹ කුමනවාදීද කියා.

අහන උන් බලාපොරොත්තු වෙන්නේ අවිහිංසාවාදී නොවන කතන්දරය.

ඒ හාමුදුරුවන්ගේ ඇගිල්ලෙන් පටන් අරන් බෙල්ල කපනකන්ම කියනවාලු මම අවිහිංසාවාදී ‍වෙමි  කියලා.

     මේ කතාව මාරස ලිව්වේ අවිහිංසාවාදයේනම් ලේ විලයි කියන කතාව අපි ගාන්දි චිත්‍රපටයෙන්ම දන්නවා. තව දේ ගොඩයි. කහපාට මෛත්‍රියට එන්නත් රතුපාට අවකාශ ගොඩක් පසුකරන්න වෙනවා. මේවා ස්වභාවයේ නියාම ‌වගේ. මේවා පිටුපාමිනුයි සිතන මිනිසා ගමන් කරන්නේ.

   නමුත් මාක්ස් කම්රේට්‌ටත් ලියන්න හිතපු දේ මේ මොහොතට ලියවුනා. තවත් මොහොතකට  මම ඔයාට කතා කරන්නම්. විස්තර කියනවා වගේම උත්තර ‌ලැබෙනවා. ඒ ඔබ නොකිව්වත් අන්තිමට පැහැදිලි කර ගත්තාම  මිනිස්සු කියන දේ වලත් ඔබ ඉන්නවා තමා. ඉතින් සුව. 

     ඔබ පැතූ විදිහට ආයේ එන්නේ නැහැ. ඔබ ගැන කරල තිබ්බ චිත්‍රපටයනම් අන්තිම විහිළුවක්. මන්දා ඒ ගැන ක්ම්රේට් විසින් නිර්මාණය කළ අධ්‍යාපන අංශකියපු කිසිම විවේචනයක් හරි දෙයක් කියලා තියනවා ඇහැට දැක්කේ නැහැ. කණගාටු වෙන්න එපා. වපුරපු දේ තමා ලැබෙන්නේ කියලා බයිබල් කතාව ඉතිහාසික විදිහට  පිළිගන්න වෙන තැනක්. ඒක අවලාදයක් වන්නේ බාගෙට කලාව කරන මිනිස්සුන්ටයි. මොකද අඩුම ගානේ ගාන්දි හෝ චැප්ලින්ගේ ජීවිත කතා චිත්‍රපටයට නගාපු රිචට් ඇටෙන්බරෝගේ පිල්ම්වත් හදාරන්න තිබුනා නේද කියා මතු ආත්මයක හෝ දවසක ආපු වෙලාවට උන්ගෙන් අහන්න.

        ඔබත් තාම ජීවත් වෙනවා. ඒවා ගැන තර්ක කරන කාලයක් නොවේ විජේවීර  කම්රේට්.  ජයවේවා ක්ම්රේට්. අපි හමුවෙන්න දෙයක් නැහැ. අර මහා වීර කිව්වා වගේ යමක් පටන් ගත්තා කියන්නේ ඒ දේ සිදුවෙලා ඉවරයි. ඔවි මලක් පිපෙන්න පටන් ගත්තා කියන්නේ  ඒ මල පිපිලා ඉවරයි. පස්සෙ වෙන්නේ පරවෙනවා කියන කතන්දරයමයි. නමුත් දැන් ඔබ පිපෙනවා දැකි මළ පිපී ඉවර වෙලා ඉවරයි මහා වීරයන්ට අනුව. 

    නමුත් තවත් මළක් පිපෙනවා නියමයි. ඔයාගෙ වචන වලින නොවේ දැක්මෙන් ආදරේ එකම එක වචනයක් ජීවිතය වෙනවා ‌විජේවීර ක්ම්රේට් . නැත්නම් මචන්

 නැවත පිපෙන මල් සියල්ල පොදුවේ මල් මිසක් අන් කිසිවක් නොවේ.

    පැය කීපයකින් මිය ගියත් සේපාලිකා මලත් මාර මලක්. මසකට එක් වරක් පුන් සඳ පායනවා වගේ පැය කීපයක් පිපිලා ලොවටම සුවඳ දීලා මිය යනවා. පසුව ඒ නම අරන් පිපෙන දුඟදැති මිනී මල් සති ගනනක් සිටීවි. ඒත් ගඳයිනේ කම්රේට්. 

ජීවිතය කියන්නේ පුද්ගලයෙකුගේ දිගු ගමනක් නොවේ . ඒත් මිනිස් සමාජය කියන්නේ ආදර සංසාරයක් වගේ දෙයක්. ‍

**********************************

ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමුවූ පායන්න දෑස මානේ උණුහුමට ගින්දරී ගෙනියන්න මාගෙ ගවේ මේ හිතම සුන්දරී දිගු දෑසේ බැල්ම ඔබගේ ඇයි සොදුරු ඔය හැටී ඇස් පියෙන් අදී කෑලි කැපෙන රලු රාත්‍රියේ කීරි ‍ගැහෙන සිත අනුහස අයදී ප්‍රේම‍යේ එය පමණක් ශේෂය වී නම් පුර්වාත්මයේ ඔබ ගැවසෙන මා සිත අවිනීතයි අවනත නැති නෙතටද අවිවේකයි හුදකලාව අවනඩුවක් ගෑණු ළමයෝ ඉටි රූපෙ අපූරුව විදින්න මං හරි ආසයි පින්තූරේ වගේ ඔබ හිනැහෙන කොට මට ලෝබයි අහිතක් හිතන්නෙ නැති නම් මං හරි ආදරෙයි කියාගන්න බැරි කමින් හිත බරයි ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි හුදකලාව අවනඩුවක් ගැණු ළමයෝ

https://youtu.be/xImJup_cuZo

ජගත් මාරසිංහ‍

21 04 2023

https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.