වේගය කියන්නෙත් පැන්ටසියක් තමා...........

                             වේගය කියන්නෙත් පැන්ටසියක් තමා...........


මේ මාරස ලියන මාරයා වෙබ් විරිතේ ඊ පවුරු පිටුවල වාහන වල සුන්දරත්වය ලියන්න ගත්තා. වාහන වලින් කාර් විශේෂ වෙන්නේ ධනපතිද නිර්ධනධන කියන කාරනයේදී කාර් පුද්ගලික කුටුම්බ අවකාශකට ගොනුවන නිසයි. නමුත් නිර්ධනයන්ද බොහෝ විට වාහන පාවිච්චි කරනවා. මොකද දියුනු සාහිත්‍ය කලා කාමී රට වලින් නිපන් කාර්මික යුගයේ සිට පසු තාක්ෂණික යුගය දක්වා උන්ට ඒ ප්‍රවාහන සාධකයේ නිපැයුමට කලාව මාර වුනා. අර පිරමිඩි වගේ සොහොනකට වඩා ඒ දෙස කලාත්මකව බලන්න තරම් ඇසක් අපට ලැබුනා වගේ. පිරමිඩයක් දැක්කම කවුරුත් විශ්මයට පත්වෙනවා තමා. ඒවල විද්‍යාව හොයනවා. මාරස කියවලා තියනවා ඊජිප්තුවේ මිත්‍යාව ඊජිප්තුවටත් ප්‍රශ්නයක් කියන කතන්දර. ඒ හරහා පුරාවිද්‍යාව දළු ලා නැගෙන හැටි කියවපුවම අතීතය ගැන නිකන්වත් සොයා නොබලා ලියන්න ගන්න අයටනම් සිනහ යන්නේ නැහැ. තව ගමන දුරයි කියලා හිතෙන්නේ අපි දැන් වයසක නිසා වෙන්න ඇති

වේගය කියන්නේ පිරිමි හැඟීමක් බව තන්ත්‍රයානය එහෙන් මෙහෙන් කියෙව්වත් දැනෙනවා. කාන්තාව වේගවත්ද කියලා තීරණය කරල තියෙන්නේ පිරිමි මනසින්. ඒකිලාගේ වේගය ඒකාකාරී කියලා කන්‍යාවන්ගේ කන්‍යාබාවය විනාස කරමින් කසාද බැඳ දරුවන් හදාවඩාගෙන උබතෝකෝටික ගැටලු වලට පත්වෙලා තියන වයස 60 පැනපු සියල්ලෝම දන්නවා. ඒකිලාගේ ගමනේ වේගය ඒකාකාරියි. හරියට අර ඉබ්බගෙයි හාවගෙයි ළමා කතාව සැබෑ උපමාවක් වගේත් දැනෙනවා. මේ වේගය ගැන කිව්වේ වේග මානසිකත්වය ගැන කතා කරන්නයි. ඉතින් වේගය ජයගන්නවා කියන්නේ කාලය ජය ගන්නවා කියන කතාන්දරයම තමා. මගේ අම්බෝ විද්‍යාඥයෝ මාර වෙන්නෙත් මාක්ස්ලා වගේ දාර්ශනිකයෝ මාර වෙන්නෙත් එතනදි තමා.
"ඉක්මන් කොටයි" කියන අපේ ජන පිරුල ඒවා න්‍යාය ගතවෙන්නත් පෙරයි කියලා තිබ්බේ කියලා "කැතකතුන්ගේ පතිවත" පොතේ මාරස ලියලා තියනවා. කොටින්ම යම් නිශ්චිත දුරක් වේගයෙන් ඉක්මනට යද්දි ගමනට ගතවන කාලය කෙටියි. මන්දගාමිව හිමෙන් යනකොට කාලය දිගයි. ඉතින් කාලයට අනුව ඉක්මන් කොටයි තමා. ඉක්මන් කොටයි කියන්නේ කාලයට අනුව. ඉතින් දුර බෙදීම කාලය වගේ ගනිත සූත්‍ර සිද්ධාන්ත බිහිවෙන්නත් පෙර බිහිවුන ඉක්මන් කොටයි වගේ ගැමි සැබෑ කතා අද වහරන්නේ හයියෙන් යන්න හදන ඒකාලා මග අනතුරු වී මැරෙනවා වගේ ගොන් පාට් කතන්දර වල පිරුලක් විදිහට. ඒවා අර අම්බලමේ පිනා ළමා කවි වගේ විකට වගේ පේන දාර්ශනික කතා කිව නොහැකියි. ඊටත් ඔබ්බෙන් ලයිප් හෙවත් ජීවිතය නොවේ ලෝක පැවැත්ම ස්පර්ශ කළ හැකි සැබෑ දේවල්.
මේ ටික ලිව්වේ මාරස වාහන වල ඇති කලාත්මක ලක්ෂණ සහ වේගයේ චිත්‍රාගාරය පාර දිගේ ලෙස දකින්න සටහන් මාලාවකට ඉබේම සේන්දු වුන නිසයි. කෙලින්ම කියනවානම් වේගයේ නැතිවම බැරි සාධකයක් තාක්ෂණය. කෙටියෙන් කිව්වොත් කාරෙකක්, ලොරියක්, කාරෙක මාර වෙන්නේ ඒක පුද්ගලිකව සහ කුටුම්බයේ මහන්තත්ව භාන්ඩයක් නිසයි. අනිත්වා අංක දෙක වෙනවා.
ඒ ධනේශ්වරයටත් ප්‍රාතමිකව තන්හාව නිසා කියලත් ලියන්න දේ ගොඩයි. නමුත් වේගයේ ආදරයට වාහනයක් පාවිච්චි කිරීම අපහසු නැහැ. මාරසටනම් වේගය ජයගන්න විටක් කාලා පාරට ගිහින් අනෙකුන් වේගය ජයගන්න හැටි බලා ඉන්න එක මාරම මාරයි. ඒ අස්සේ තමයි මාරසට දැනුනේ පෙරදිග පැරණි කරත්ත වැනි දේවල පවා තිබි සුන්දර නිර්මානාත්මක මෙහෙයුම්. පසුව ලෝක ආර්ථිකය තුළ වාහන නිර්මානාත්මකව සැකිල්ල යල් පනිනකොට එතන නිපන් කලාවේ ආදරය.
මේ සම්බන්ධව මාරස ඊපවුරට සටහනක් දැම්මා වේගයට පෙම් බඳින වැඩි දෙනෙකුට වේගයේ ස්වභාවය විඳින්න වාහනයක් ගන්න එකත් මේ කුරිරු ආර්ථිකය තුළත් මහා කජ්ජක් වෙන්නේ නැහැ කියලා. ඊට කොමන්ට් වැටිලා තිබ්බා ඒක කරන්න අමාරු වැඩක් වගේ කතන්දර.
ඒ නිසා තමා මේ ‌පොක්ස්වැගන් කාර්තුනක් මේ ලිපියට දැම්මේ. මහන්තත්ව කමට කියලා කවුරුන් හෝ කියනවානම් ආදරයෙන් පිළිගන්නවා. මොකද මගේ ගුරු වෘත්තියේ පළමු වැටුප 1980 දී 2800/= පමණ උනා මතකයි. ‌ජීවිතයම මහපාරේ ආතල් ගන්න පළමු තැන දුන් මාරසත් ගත්තනේ පොක්ස් වැගන් කාරයක්. ඒක අබලන් වෙනකොට තවත් ඇන්ජිමක් හොයන් තියලා ‌ඒක දෙවැන්න බවටම පත්කළා. එතකොට කාර් දෙකයි. නමුත් ස්වකාම ප්‍රීතියේනාමයෙන්‌ වේගයේ කලාත්මකත්වය නිසාම පොක්ස් වැගන්ම තමා. තෙවැන්න දුව ගෙනත් දුන්නා අතීත වේගයේ ආදරය මතක් වෙලා. ඉතින් අපි පෝසත්තු නොවේ. නව හිඟන්නෝ කිව්වත් වැරදි නොවිය හැකියි. ඒත් වාහනයක් පාවිච්චියේදී වාසි පැත්ත ගැන බොහෝ අය කතා කරන්නේ නැහැ. ඒ ගැන තවත් ලිපියක් ලියන්නම්. ගේම නම් නොවේ. සැබෑ දැක්ම. ඇත්තටම ආර්ථිකයටත් මනසටත් වැඩකටයුතු වලටත් ඇති පහසුව මාරයි. ඒ කියන්නේ සුදු අලියෙක් වගේ නොවේ මේ මගේ වේගයේ ආදරයයි කියලා බොක්කෙන් ජීවත් වෙනවානම්. කාරයක් ‌යතුරු පැදියක් වගේම කොම්පියුටරයත් කැමරාවත් මෙතනදී අමතක කළ නොහැකියි. වේගයට ආදර කිරීම තියෙන්නේ වෙන කොහේවත් නොවේ තමන්ගේ මනසේම තමයි යන තාන්ත්‍රික "කෝ ආන්" වගේ ධර්ම කතා වැනි දේ කියවනකොට දැනෙන දේ සැබෑවක්. හිත ඇත්නම් පත කුඩාද කිව්වාලු. හිත ඇත්නම් පත කුඩා වෙන කතන්දරය තියෙන්නෙත් පතේ නොවේ තමන්ගේ ඔලුවේම තමා කිව්වලු.
ඉතින් මේ පංපෝරිය ලිව්වේ මහමග නැතිනම් පාරදිගේ කියන්නේ චිත්‍රාගාරයක් ලෙස මිනිසුන් රස විඳිනවා කියන කතාව කියන්නයි. ඒ ලෝක පාර දිගේ චිත්‍රා ගාරයේ සුන්දරත්වයේ බලමහිම පෙන්වන්නේ චලිත වන වාහන ගැන ‌සුන්දරත්වය ලියන්නයි. ඒ තුල ඇති දේශපාලනය මාරසට ඇතැඹුලක් සේ ලිවිය හැකියි. නමුත් ඒවා සම්බන්ධව ලියවුනා වැඩිද කියලත් හිතෙන්නේ මේ තරම් ගැඹුරුයි වගේ පේන සරලම සරල මානසික වේගය ගැන ප්‍රායෝගිව විඳින කතාව කොච්චර සරලද කියලා දකින්න පාරදිගේ යනකොට පේන ස්වභාවික චිත්‍රාගාරය මරේ මරු කියල ලියන්නයි.
ඉතින් සයිබර් රස්තියාදුවේ ඡායාරූප දැක්මටම තවත් දැන්වීම් පුවරුවක් මාරස එල්ලනවා. ඒ පාරදිගේ චිත්‍රාගාරයේ "රථගායේ සුන්දරත්වය" කියලා. ඊ පවුරේ සටහන් දාන අතර තුර මාරස තව ලියාවී.
ඉතින් පාරදිගේ චිත්‍රාගාරය වනාහී ඇත්තටම මිනිසුන් දැකිය යුත්තේ මහ මග සැබෑ සජීවී කලා ගාරයක් විදිහට. නගර නිර්මාණ ශිල්පයේ අනුහස් බිහිවන්නේ එතනදි. මොස්කව් නුවර ගොඩනැංවීමෙදි ‌වී අයි ලෙනින් සහෝදරයාට ට්‍රිසියල් කොස්කි කළ මෙහෙයට ආදරයක් වශයෙන් තමා මාරස "පරවේණි" නාටකය 1985 දි නටලා ආණ්ඩු විරෝධියෙක් විදිහට හිරබත් කෑවෙත්. හැබැයි මාරසලා කන හැම දෙයක්ම කෑවේ වේගයේ සතුටින් තමා.
ඒ නාටකයේ එක් දෙබසක් නගරයේ සැලසුම් සම්බන්ධව ට්‍රිසියල් කොව්ස්කි ලෙනින්ට කියන කතන්දරය විශ්ව බුද්ධිනම් චරිතයට මාරස සබුද්ධිකව ඒ කාලයේ ජනතා වාදීව කවලා තිබ්බා කියලා කම්කරු මාවතට පියසීලී විජේගුණසිංහ සහෝදරිය ලියලා තිබි විචාරයේ අදහස් වලින් මාරස ගොඩක් වෙනස් මාවතකට යන්න. ඇති. ඒ විවේචනයත් මිනිසුන් කෙසේවෙතත් මාරසට ජනතා වාදය අරහන් වුන විවේචනයක්. වචනයෙන් පිළිගත්තේ නැහැ. හෙව්වා තමා නොවේ තාමත්හොයනවා මැරෙනකන්. වාහනයක් මගින් හෝ මානසික වේගය ජයගන්න බැහැ වාහනයකින් කිව්වත් ඒකත් එක්තරා විකල්පයක් වී ජීවිත වෙලා අවසානයි වගේ. ඉතින් යාන්ත්‍රික විද්‍යූත් වේගයට පසුබිම වූ නගරය නැමති වේදිකාවේ සයිකෝ රාමා හෙවත් අහස් බිත්තියම වෙන
නගරයේ සැලසුම ගැන 1985 පරවේණියේ තිබි දෙබසක් කියවා ඔබට දැහැන් මිදුමට අවසරයි.
"උඩින් විදුලි කම්බි ඇදලා- හරියට මකුළු දැල් බැඳලා වගේ. ඔය පාලම් දාන්න ඕනැත් යටින්. නැතිනම් නගරේ කළුවරයි. වේගෙන් යන වාහන වලට වෙනම පාරවල් වෙන් කරන්න ඕනා. වේගෙන් යන්න එපානම් කිචියටද ඕවා හදන්නේ. ගමත් නගරයක් විය යුතුයි.රෑත් දවාලක් වගේ තිබිය යුතුයි" (පරවේණී - 1985)
https://jagathmarasinghe.wixsite.com/mare
02 04 2023


Powered by Blogger.