රෝගයටත් වඩා නිරෝගය දකින වෛද්‍ය පී ඇල් රාජසේකර සෘෂි වරයා.

                                         රෝගයටත් වඩා නිරෝගය දකින 

                        වෛද්‍ය පී ඇල් රාජසේකර සෘෂි වරයා.


        2021 පෙබරවාරි  01 දින මාගේ යෙහෙලියක් ‌කොරෝනා වලට හුමාලය  අල්ලන්න ගොසින් උනුවතුර  ඇඟේ හැලෙනවා. අන්දයි  බූතයි කොතරම් දේශපාලනික අත්දැකීම් තිබ්බත් මාරසත් විලම්බීත වෙනවා තමා. කෙලින්ම   කිරිබත්ගොඩ රෝහලට. පසුව රාගමට. රාගම තමා ඉන්නේ ප්ලාස්ටික් සැත්කම්වල විශේෂඥ වෙද්‍යවරයා සහ ඒ සම්බන්ධව පොරවල් කියලා මාරසට  මිතුරන් කියනවා. අල්ලන්න තියන මහා පරිමාන දොස්තරලාව ඇල්ලුවාට පස්සේ මේ රෝගියාට කියනවා මොකක්ද හිරවෙන ඇඳුමක් ඇඳන් ක්ලිනික් එන්න කියලා. රෝගියා කෑගහවා. දනවා දනවා කියලා. හුස්මත් හරියට පණ අදිනවා වගේ. රෝහලට කිව්වා විතරක් නොවේ තදින් තර්ක විතර්කත්  ගියා තමා. අවසානයේ මාරස තේරුන් ගත්තා ඒ අයගේ වෙද්‍ය ක්‍රමය එපමණයි කියලා. පසුව  දන්නා පමණින් මේවට උත්තර තියෙන්නේ සිංහල හෙළ වෙදකමේ කියලා ‌අවබෝධ කරගන්නවා. ක්ෂණික  දුරකතන ඇමතුමක් නාවුල හිටපු ගම්පහ වෙද මහතාගේ අකාලයේ මිය ගිය එකම පුතු මාරස කළණ මිතු චූලනී කුමාරගේ නගාට ගන්නවා. ඇයත් ආයුර්වේද ‌‌වෛද්‍යවරියක්. දැන් රාජ්‍ය ක්‍රමවේදයේත්  දුර ගිය නිළධාධාරිනියක් කියලා ආරංචියි.

           ඒ ලාංකේය පශ්චාත් නූතනවාදයෙන් පසු සිදුවූ සියල්ල මියගිය චූලනිටත් වඩා ඒ නාවුල ගම්පහ   වෙදමහතා ගැන මාරස පසුව ලියනවා. එයා රණහංස රසායනය ගැන මාරසට කියා දුන් අත් දැකීම් හමුවේ සියළු බටහිර වෙද්‍යවරුත් නිහඬ කලහැකි පරාග පරීක්ෂණ දැනුමක් නොවේ අත්දැකීම් මාරස සතුයි. නමුත් ඒ නැගනිය කියනවා නියම වෙද මහතා තමා හෙළ වෙදකම කරන  යක්කල ගොරකදෙනියේ ඉන්න රාජසේකර වෙද මහතා කියලා. 

      මාරස පිලිස්සුන ඒ රොගී නැගනිය සමග ඒ වෙද මහතා ගාවට යනවා. පිලිස්සුන කොටස් ගල් තොප්පියක් දාලා වගේ. කතාවක් නැහැ මාස තුනක් යද්දි සුවපත් වෙන්න ආරම්භ වෙනවා. අප දෙදෙනා කතා කරනවා ජ්‍යෝතිෂය හෙල වෙදකම පමණක් නොවේ පශ්චාත් නූතනවාදයත් වෙද කම දකින හැටි.  සමහර බෙහෙත් පැලෑටි හොයා ගන්න අමාරු වුනත් අන්තිමට ඒ ලප කැලැල් වියැකිලා යන්න  පටන් ගත්තා. මාර කතන්දරය තමා හෙළ වෙදකම කරන්නේ ස්වභාවයාට බාර දීමයි කියන කතන්දරය. මාරසට මෙතනදී බටහිර වෙදකම හෙල ‌වෙදකමට ද්විතීය කරන්න ඇවැසි නැහැ නොවේ එසේ කළ නොහැකියි හිතනවා. මේ දෙකේ  බෙදීම තියෙන්නේ  විකෘති දේශපාලන විකාර වාමාංශික කුලකවල දෘෂ්ටිවාදී වචනවල විතරක්ම  කියලා මාරස කියනවා.

   මාරස  අහනවා වෙද මහතාගෙන් මේ මොකක්ද කියලා. එතුමා කියනවා කසාය වලින් ශරීරය ඒ තත්වයට පත් කර හමාරයි. බේත් ගත්තත් නැතත් දැන් ඉතින් ස්වභාවයා ඒ සුවවීම බාරගෙන හමාරයි කියලා.

   රාජසේකර වෙද මහතා දවසක් මාරසින් අහනවා ප්‍රශ්නයක්. ඔයා හැමදාම බොනවා නේද? ඔයා බීමට ආසයි නේද. ඔයා සෑහෙන ගානක් ඕකට වියදම් කරනවා නේද? මම බේතක් දෙන්නම් දවසකට මීපැනි සමග ගුලියක් කන්න. ටිකක් කල් යනකොට අරක්කු විසින් පාලනය කළ ඔයා විසින් අරක්කු පාලනය කරන්න ගනී කියලා. පිලිස්සුන කෙල්ල පැත්තක. මේ කතා කරන්නේ මාරයා. අංගොඩ ගියත් නවලෝකේ හිටියත් තවත් රෝහල් ගනනාවක් ඇල්කොහොල් ඇඩිඩ් වලට කලේ සේලයින් වලට ‌පැරොන්ටවයිට් සහ ඒ අසාර්ථක වූ පසුව පොලිබියොම් සේලයින්වලට ගසා විටමින් ලබා දීම පමණයි. තවමත් විවිධ නම් වලින්  කරන්නේ ඒ විකල්පය පමණයි. අර පිස්සුව වැඩිවුනොත් ඒ කාලෙ ගහන ලාගර්ටීන් වෙනුවට ඩෝ යන මොකක්ද  ගෙනත් තියනවාලු. මේව ගැන කතා කරන්න දන්න කෙනෙක් ඉන්නවානම් මරු. කොහොමත් අර එංගල්ස් කිවව වගේ  භෞතික විද්‍යාවට සාපේක්ෂකව රසායන සහ ජීව විද්‍යාව යන්නෙ ඉබි ගමනේ නොවෙ කෙලින්ම කිනිතුලු ගමනේ . නිදහස් අධ්‍යාපනයෙන් වෛද්‍ය විද්‍යාලයේ  කොල්ලනුුුත් තවම මොකක් හෝ සටනක. ඒක එයාලා සැබෑවක්සේ දකිනා දේශපාලන සටනක්. ඒකට මානව නොවේ ප්‍රජාතන්ත්‍රනොවේ මොකින් හෝ අයිතියක් තියනවා. අයිතියක් නැතිනම් අයිතිය නැතිතැන පෙනී හිටපු තැන් අපට අමතක වෙන්න මහා කාලයක් තාම ගත වී නැහැ. 

  ප‌ෞද්ගලික විශ්වවිද්‍යාල වලින් අපි ආවා කියන වෛද්‍ය ශිෂ්‍යයන් හා ‌‌‌පුද්ගලික වෙද මහතුන් කියා ගන්නා විකාරයන්  නිදහස් අධ්‍යාපනයටත්  වඩා හපන්. දුක හිතෙනවා උන්ගේ මානසිකත්වය ගැන. සිිය  තාත්තලාගේ ධනයෙන්‌ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ගිය උනුත් මාක්ස් පැත්තෙන් ගත්තොත්  අහිංසක මිනිසාගේ සල්ලිම තමා නුඹලාට ප්‍රාග්ධනය සපයා තිබෙන්නෙත්. හිතන්  ඉන්නේ දෛවයෙන් ගියා කියාද. එසේ කතාවන් ජ්‍යෝතිෂයේවත් නැහැ. ඒ ගැන විකාර කතා කරන ජාතික ප්‍රභූන් ගැන ගොඩක්  අය කතා නොකරන්නේ ආදරය නිසයි.  

    රාජසේකර වෙද මහතා මාරසට ඇල් කොහොල් වලට කතන්දර කතා කරන්න ආවේ නැහැ. කෙලින්ම එක ගුලියයි. නෙල්ලි ගෙඩියක් තරම් අරගෙන මී පැනිත් එක්ක කන්න. අද මාරසව ඇල්කොහොල් පාලනය කරන්නේ නැහැ . මාරස ඇල්කොහොල් පාලනය කරනවා .ඉස්පිරිතාල වලින් කළ ප්‍රතිකාර වලට මාරස නම් වශයෙන් කතා කරන්නේ නැහැ. කෙලින් අහනවා සයිකො නැතිනම් සයිකෝ ඇනලයිස් මාර දියුනුයි කියා පිලිගන්නවා. තොප මානසික හෝ ඇල්කොහොල් රෝගියෙක් ආවත් අංගොඩ දා තොප බෙහෙත් බේසමේ තියෙන්නේ ඒ ඇනලයිස් නැතිනම් විශ්ලේෂන වලට අදාල කුමන බේතද කියා. දහයක් තියනවානම් කියන්න කියා අභියෝග කරනවා. මාරස ආවර්තිතා වගුවෙන්ම අහන්නම්. කෙලින් අහනවානම් ආවර්ථිතා වගුව කියන්නේ දෙවියෙක්ද කියලා අහනවා.  විහිලු කරන්න එපා. පසුගිය කාලේ මා ගාබ්භීරලා වගේ  නම් ඇති මහා පොරවල් සමගත් කතා කළා. ඒ අයගේ නාමයෙන් ඇල් කොහොල් ගන්නේ  මානසික දුර්වලයෝ. ඒ කියන්නේ අවසාන විග්‍රහය පිස්සෝ. 

      නමුත් මේ සියල්ලෙන් මාරසව ගලවාගත්තේ රාජසේකර වෙද මහතාය. මන්දා මගෙන්නම් සල්ලි ගනන් ගත්තේද නැත. කෙසේ වුවත් සල්ලි ගියත් මී පැනි හෝ තමන්ගේ බේත් ශාලාවෙන් දෙන බේත් කොච්චර ගනන් වුවත් කියන්නේ තියන වෙලාවට බැංකුවට දාන්න කියලාය. ඒ වගේම මම දන්නවා පාරම්පරික ‌‌‌වෛද්‍ය ක්‍රමයට අමතරම ආයුර්වේදයද උගත් රාජසේකරයෝ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද අංශයේ කතිකාචර්යවරයෙක් කියලා. ඒ සියල්ලන්ටමත් වඩා බෙහෙත් පැලෑටි ගැන පමණක් නොවේ ආයුර්වේද වෙද්‍ය සංහිතා පමණක් නොවේ චරක පඬිවරයාගේ පොත් නොවේ ශුසැත පඩිවරයාගේ පත පොත ගැනත් මනා නොව අති විශිෂ්ට දැනුමක් තියනවා කියලා දන්නවා. ත්‍රී පිටකයත් බයිබලයත් සසඳලා රෝගියාගේ මනස සුවපත් කරනවා. බැරිනම් තමන්ගේම දේවාලයට ගෙන ගොස් පාරම්පරික ක්‍රම ඇසුරින් මනස සුවපත් කරනවා.  මාරස කියන්නේ 80 දශකයේ දේවල් හොයා ගිය මහපාරේ අහිංසකයන්ගෙන් එක්කෙනෙක් පමණයි. කර්මඵලය නිසා ඉතිරිවූ දුක සතුටක් කරගත් අයෙක් තමා මේ ලියන්නේ.

      දන්නවා මාරස කියවන කවුරුත් මාරසින්  හොඳක් අහන්න ලේසියෙන් බැහැ කියලා. හොඳක් දැක්කොත් ඒක සැබෑවක් නම් පමණයි මාරස සටහන් තිබ්බෙත් තව දුරටත් තියන්නේත්. ඒකත් අහංකාරත්වයක් වෙන්න ඇති. නමුත් ඒක අද සරළව කිව යුතු වන්නේ  බොරු කියන්නේ නැහැ කියන කතාව සාධනය කිරීම සඳහා පමණයි. දැවුම් පිලිස්සුම් සම්බන්ධව රයිගම පරපුර වගේම පුලතිසි පරපුරත් මරු. නමුත් ගම්පහ දිසාව කියන්නේ මාර සමාජ සමීප දිසාවක්. රාජසේකර වෙද මහත්තයාව හමුවුනාම එක පැත්තකින් යාලුවෙක් හමුවුනා වගේ. තවත් පැත්තකින් ඥාතියෙක් හමුවුනා වගේ. අම්බේ, තාත්තයි අම්මයි දෙන්නම වෙද මහත්තයා ගාව ඉන්නවා. ඒ සියල්ලන්ටත් වඩා කෙලින්ම වමේ දේශපාලන සගයෙකුත් වගේ. මේ සියල්ල මැදින් රෝගීන්ට ආදරය වැක්කෙරෙන්න පටන් ගන්නවා. 

   කෙසේ නමුත් මම පනා පෙති කියන කතන්දරය අහගන්න රාජසේකර වෙද මහත්මයාට කෝල් කළා. හුඟ දවසකින් එයා කෝල් එකට කතා කළා. බුදුන්ටත් රෝගී තත්වයක් දුන්නා. මේ ලොව සැමට දුන්නා. කාටද නොදෙන්නේ. ඔව් මාක්ස්වාදීන් චලිතයේ හැටි කියාවි. අෂ්ටලෝක ධර්මයේ හැටි කියලා කවුරුත් මාර කතා කියලා තමන්ගේ වැඩ කරගෙන යාවි. මාරසත් එසේම තමා වුවත් මම පැරලයිස් වුනා කියලා රජසේකරයන්  කිව්වම මාරසට  කඳුලක් නොවේ කඳුලු ගංගාවක් ගලන්න පටන් ගත්තා. මාරස සමග සිටි පිලිස්සුනු තත්වයට ප්‍රතිකාර ගත් ඒ නැගනියටත් කඳුලක් ආවා

      කෙසේ උවත් ‌සෘෂිවරයා කිව්වේ ආදරයෙන්. රාජසේකර වෙද මහතා හෝ වෙද සෘෂිවරයාව  පැරලයිස්  වුනා කියන කතන්දර සහ ඊට සිංහල හෝ පාරම්පරික නම් ගම් ඇවැසි නැහැ. කවුරු හෝ පැරලයිස් වෙනවා කියන්නේ ජීවිතයේ හිතන්න කාලයක් දෙන විදිහක්ම තමා. ඒ මරණයක් නොවේ. මට මතකයි ඇපල් කොම්පියුටරයේ පියා මේ ‌ගැන මාර කතාවක් කිව්වා කියලා. ස්ටීව් ජොබ්ස්. ඔබ මලත් ඇපල් නාමය අහිමි වුනත් ඔයාගේ ඒ කතාව කිසිදා මිය යන්නේ නැහැ.

 රාජසේකරයන් තවමත් ඉතා හොඳ සිහියෙන් ඉන්නවා. තවත් එකක් කියලා අවසාන කරන්නම්. ඔබලා වගේ ‌කාටවත්  සුව කරන්න බැහැයි කියපු රෝගීන්  දහස් ගානක් සුවපත් කළ ඔබවන් නූතන සෘෂිවරයන්ව වට්ටන්න බැහැ. මේ කියන්නේ  සෙල්ලමක් නොවන බව මාරසයි කියන්නේ.  මාරසලා ලේසියෙන් අත්දැකීම් නැතිව වචන නොකියන බව කවුරු කවුරුත් දන්නවා. . අපි බලන්න නාවත් හැම වෙලාවෙම ඔයා ගාව ඉන්නවා . ඒ තරම් ආදරෙයි. 

    ඔබ ගැන සැබෑ දේවල් කවුරු නොලිව්වත් ඉඩ ලැබි විට මීට වඩා  දේ පසුව මාරසේ ලියවෙයි. ඔයාගේ  පරාම්පරික වෙදකම ගැන සිතීමේ විදිහ මාරයි. පාරම්පරික වෙදකම කියන්නේ නිකන්ම  ජීවිතය විනා අන් කිසි දෙයක් නැහැ වගේ තමා ඔයාගේ නිරෝධායන මනස ක්‍රියාත්මක වෙන්නේ. අර බුද්ධදාස රජු ගැන කියන කතන්දර නොවේ පුලතිසි සෘෂිවරයා සම්බන්ධවද ඇති ජනකතා සත්‍යක් බව රෝගීන්ට දැනෙනවා. චරක සංහිතාවේ  විචාරක ලිපියක තිබ්බා මතකයි රෝගියෙක් වෙද මහතෙක් ගාවට යනකොට දෙවියෙක් විදිහට හිතෙනවාලු. පසුව සාමාන්‍ය මිනිහෙක් විදිහට හිතෙනවාලු. සම්පූර්ණ සුව වූ පසුව හතුරෙක් වගේ  හිතෙනවා කියලා. මේවා දැනගෙනයි වේදය අනුදකින වෙදවරුන් ජීවත් විය යුත්තේ කියලා. නමුත් ඔබ ගැන කිව්වොත් සදහටම සෘෂි වරයෙක් තමා මාරසටනම්.

 ආදරෙයි සර්.  අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න.



                                                                                             https://youtu.be/8W_4zyS-Kc4

jagath marasinghe

22  04 2023


Powered by Blogger.