අමතක කරන්න බැහැ. අපට ඔබ අමතක කරන්න බැහැ




                ජීවිතය ගැන  හිතනකොට සහ එක පාරටම හිතෙන අවස්ථාවලදි මරණ බයෙන් ජීවත් වන මිනිසා කෙලින්ම ජීව විද්‍යාවටත් වඩා වෙද්‍ය විද්‍යාව පැත්තට ගිහින් දෙවියන්ව සරණ යනවා තමා. අර කතාවක් තියනවා “දියේ ගසාගෙන යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා” කියලා. ඒ වෙලාවට වටේ පිටේ මාර කතිකයෝද එකතු වී මාර කතා කියනවා. සිංහල බේත් ගනින්. මේ අත් බේත කරපන්. නැතිනම් අහවල් සූත්‍රය ගායනා කරව් කියන්නා වූ දේවල්. නමුත් අසරණ මාරකයකට නැතිනම් සිද්ධාර්ථ ගෞතමන් වහන්සේ දේශනාකර ඇති පරිදි ඒ අවස්ථාවේ  ප්‍රඥ්ඥාවන්තා කලබල වෙන්නේ නැහැ. නමුත් මාහාමාන විදිහට කතාකරන සිංහල සම්ප්‍රධායික වරුත් අන්තිමට මැරෙන්න ගිහින් තියෙන්නේ ඉන්ගිරිසි ඉස්පිරිතාල වලට කියන කතාව මාරසත් එක්ක වාද කරන්න ආවොත් බ්ලොක් කරලා නිකා ඉන්නවා. එතනින් කියවෙන්නේ සිංහල වෙද්‍යවරුන්ම සහ අනෙකුත් සාම්ප්‍රධායක දොස්තර මහත්තුරු තම විෂය දන්නේ නැහැ කියන කතාව නොවේ. දේශපාලනිකව ඒ වෙද්‍ය ක්‍රමවලට පීදෙන්න පුංචි හෝ ඉඩක්වත් නැහැ කියන කතාවයි. කොටින්ම ආයුර්වේදයේ උගන්වන ‌ආචාර්ය මහාචාර්ය වරුන්ගෙන් අහනවා රස වෙදකම ගැන මොනවද කියන්න තියෙන්නේත් කියලා. යූ ටියුබ් කෑ ගහන අයගෙනුත් අහනවා. රස වෙදකමේ ලාංකේය දායකත්වය රස දිය කරා දිවෙනවා. ඒ ගැන කියන්න මාරස ශබ්දකෝෂයේ වචන ඕන උනත් අත්දැකීම් ගොඩක් වැඩි විය යුතු බව දන්න අය දන්නවා.


රස අයිති චීනයට ඉන්දියාවට විතරක් නොවේ. ලංකාවටත් අයිතියි. ලස්සන වෙන්න වාජිකරනය ජය ගන්න අරාබියේ බාබලා රස බෙහෙත් ඕන තරම් කාපුවාවේ. අනිත් රටවල කෙල්ලන්ට වඩා කොටින්ම නයිජීරියා කෙල්ලන්ට වඩා සිංහල කෙල්ලො සිංහල කාන්තාවෝ මාර පිරිසිදුයි කියලා කියන වෙබ් මහත්තුරුන් දැන ගත යුත්තේ අපට දැන් රබහක් විදිහට විදින්න හරි ගූගල් පරිවර්ථනත් මාර අනාගතයක් පෙන්වනවා කියන කතා විතරක් නොවේ. ඒ ආරම්භයක් කියන කතාවමයි.
 භෂ්ම වලටත් වඩා මව් කිරි සමග තියන ලෝහමය සිතීම ප්‍රායෝගිකයි. කවුරු හරි ඇහුවොත් දෙන උත්තරය ඉතා සරලයි. අරක්කු බොන ඇල්කොහොල් යක්කුන්ට කිසිදු ආබාදයක් නැතිව වයස හැට පනින්නත් ඒ වෙදකමට පුලුවන් කියලා කිව්වොත් තොප කියන්නෙ කුමක්ද කියලා මාරස අත්දැකීමෙන් අහනවා තමා. හීන් බෝවිටියා ආවර්ථිතා වගුවෙන් විස්තර කරලා ඇවැසිනම් ඉන්ගිරිසි මහාචාර්යවරුන්ට මේ වගේ දේ වලට කතා කල හැකියි. හැම දෙයක්ම භාෂාවේ චමත්කාර කපටි වචන වලින් රින්ගා යා හැකියි සහෝදරවරුනේ. නමුත් ‌රෝගයක් සම්බන්ධවනම් එසේ රිංගා යන්න බැහැ කියලා දන්නවානේ. මොකද රෝගයක් ජයගැනීමට නොහැකීවීමේ අවසානය මරණය.
මේ කිසිම අවස්ථාවක මාරස ඉන්ගිරිසි වෙද ක්‍රමවේදය උස්සනවා විනා වාදයක් නැහැ. නමුත් මේ ලාංකේය හේතුවාදී උද්දචයන් සමග තියෙන්නේ වාදයක් වේදනාවක් පමණයි. වගකීමක් ඇති තැනකට තමා ඇස හිත යොමුවෙන්නේ. එතනදි සිංහල සාම්ප්‍රධායික වෙද්‍ය ක්‍රමය ගැනත් ඇතැඹුලක් සේ නන්දදාස කෝදාගොඩයෝ මිනිසුන්ට වෙද්‍ය විද්‍යාවේ ඒ දේ ඒ තමන් අසරණ වූ මොහොතේ කළ යුතු දේ සම්බන්ධව සමරහ විට මාරස කියවා තිබෙන්නේ පරණ නවයුගය සඟරා වලින්. කොහේවත් නැතිනම් පරණ නවයුගය සඟරා මාරයා කෙසේ හෝ එකතු කර තිබෙනවා. පුස්ථකන් වනිතාරත්තානි පරහස්තං ගතං ගතං කියන ‌ස්ලෝකය තාම යල් පැන නැහැ. පොතයි ගෑනියි පිටි අතට ගියොත් ඒක ගියා ගියාම තමා. කෙලින් කියනවානම් තාමත් එහෙම තමා ..
ඉතින් අපගෙන් සදා වෙන්වූ නන්නදාස කෝදාගොඩයානන් සමග ආධ්‍යත්මිකව හෝ කතා කළ යුතුයි. මම දන්නවා ඔබ තුමාත් කියා ඇති පරිදි කුස්සියෙන් මේ ගැටලුව විසඳා ගත හැකියි කියන දාර්ශනික ධර්ම කතාව. නමුත් අපේ රටේ ඒ ජීවිත දැන් තනකොල කෑවත් ලෙඩ සුවකරගත හැකියි කියා කියන්නේ සැබෑ වෙද්‍යවරු හෝ  විද්‍යාඥ්ඥයෝ නොවේ. ‌ජීවිතය කියන මෙලෝ මලදානයක් දන්නේ නැති දේශපාලනයේ සුවඳවත් නොදත් දේශපාලන පට්ට මහා පොරවල් වගේ පෙනී සිටින උන්ට රැවටුන පොඩි කොල්ලෝ කෙල්ලෝ ටිකක් කිසිම හැදෑරීමක් නෙැමැතිව. ඒවා සල්ලි වලට මෙහෙය වන උන් වයසක පැන්ෂන් ගිය ස්ත්‍රියක්ව හොද්ද ඉදෙන්න දානවා. කැමරා කාරයොත් ඒක මාරෙට පෝෂිත අවකාශයකින් ඡායාරූපකරණයේ ‌යෙදෙනවා. ඉතින් ඔහොම ගියොත් නම් වෙයි හොඳටම ආවිස වැඩිවීමක් කිව්වලු. අද යූ ටියුබ් තරම් බොරු කියන මාධ්‍ය සංස්කෘතියක් ඊ පවුරෙවත් නැහැ වගේ. කිසිදු වගකීමක් නැතිව පල් හෑලි ඇත්ත වගේ කියවනවා. කෙලින්ම කියනව අහුගෙඩි හතරක් පහක් කාලා බලන්න කියලා. උන දේ කියන්න ඇවැසි වෙන්නේ නැහැ. වෙන්නේ මොකක්ද කියලා බලා ගන්න. යූ ටියුබ් නාලිකා තරම් ආවිෂ වැඩි කරන නොවේ අඩු කරන වෙනත් නාලිකාවක් තිබේද යන්න සම්බන්ධව ඒ ප්‍රේක්ෂකයින්ම අනාගතයේ විරෝධය දක්වාවි.
ඒ පිස්සු කතා නොවේ දුක හිතෙන වෙළෙඳ විකල්ප පසකට තබා කොහේ හෝ සිට ඔබ අහන්ඉන්නවා කියන මගේ මිත්‍යාවාදී පැන්ටසිය වැරදි උනත් ඔබ අහන් නොසිටියත් පන තියන කොල්ලෝ කෙල්ලෝ අහන් ඉන්න නිසා මේ සිිදුවීම ලියනවා. මම බයිපාස් රෝගියෙක්. වේදනාවක් නැහැ පපුවේ. නමුත් නිකන් සැහැල්ලු බරක් තියලා තියනවා වගේ. මට ඉන්ග්‍රිරිසි වෙදමහතනුත් සිංහල වෙදමහතනුත් කිව්වා වූද මතක තියෙන්නා වූද සැබෑව සීහි වුනා. වහාම ගියා මිනුවන්ගොඩ මගේ පරණම ආත්මය තියන ගමේ රෝහලට. කියන්න කනගාටුයි. මිනුවන්ගොඩ කියන්නේ කුලවිාදීමත් හැම කුලකයෙන්ම පොහොසත් ගමක්. කොරෝනා සම්බන්ධවත් මාර වැඩක් කළ රෝහලක්. තාම කරනවා තමා. ගියා ගියාමයි ඇදන් නැහැ. මට පැදුරක් ලැබුනා. පැදුරු පේලියක් කොරිඩෝවේ රටාවකට ලතාවකට තිබ්බා.
. සියලු දේ ටෙස්ටින් වලින් හෙවත් ‌රෝග පරීක්ෂාවෙන් සොයා බලා ඒ පළමු දොස්තරයි දෙවැනි දොස්තරයි දෙන්නම එකම දෙයයි කිව්වේ. බීපුවාම එහෙම දේවල් එනවා තමා. ගිහින් හොදට කාලා නිදා ගන්න . සියල්ල නිවැරදිව ශරීරයේ වැඩ කරනවා. ඒක වැරදි කරගන්නත් ඒලෙසට පාටකයන්ට දැනෙන බව දන්නා නිසා. නිකන් මාරසට මොකක්ද දෙයක් වුනා කියන්නේ උනේ මොකක්ද කියන කතන්දරය අප පාටකයන්ට තතාවක් යථාවක් දැනෙන නිසා.
නමුත් ගෙදර ඇවිත් මෙහෙම ලිපියක් ලියනවා කියලා කියන්න දොස්තරලාට කෝල් ගත්තා. මිනුවන්ගොඩ රෝහලේ වාට්ටුවකට දුරකතන ක්‍රියාකරුට කෝල් එකක් දෙන්නවත් හැකියාවක් නැහැ. දුක හිතුනේ නැහැ තරහකුයි ඇති වුනේ. වැරදියි මචංලා. ලැජ්ජාවක් තමා ඇති වුනේ. මිනුවන්ගොඩ මධ්‍යමහා විද්‍යාලයෙන් ගොඩක් බිහි වුනේ ඉන්ජිනේරුවන්. ඉතින් මේ ගැන රජය පැත්තකින් තියලා ඒගැනවත් හොයා බල්ලන්න. මිනුවන්ගොඩ අපේ ගම. මිනුවන්ගොඩ අපේ ඉස්කෝලේ. රජය අදාල නැහැ. මොනවා හරි හිත හොඳ කොල්ලන් කෙල්ලන්ගෙන් ඉවර වෙයි.
මේ මිනුවන්ගොඩ සම්බන්ධව මාරස හොඳම මිසී වසම මිසී කියලා ලියපු බ්ලොග් සටහන්. එහි සිටි ඇත්තටම චීත්ත ඇඳගත් නැති නයිටින් ගේල් කුමරියන්ට ආදරයෙන් කියලා දැනෙන්න ඒ ලිපියත් කොමන්ටු වලට දානවා.
මා ආදරය කරන රෝහලක් වූ මිනුවන්ගොඩන් පටන් ගෙන රෝහල් 48 ගැන මාර අත්දැකීම් කියවගෙන කියවගෙන යන්න හැකි මාරස හොඳම මිසී වසම මිසී කියලා ඉස්සර ලියපු සටහන් ලිපි යට කොමන්ටු වල දාලා තියනවා. නමුත් මතක තබා ගත් රෝහලක් තියනවා. රෝහල් හතලිස් අටක ප්‍රතිකාර ගත් මාරයා මේ ලියන්නේ ගම අධිනිශ්චය කරන්නොවේ. ඊයේ ඇත්ත අත්දැකීම් ආදරයට ඒ වැඩකළ දොස්තරලාටත් මිසීලාටත් සියලු අනෙක් අයටත් කම්කරුවන්ටත් ආදරය කරමින්. හිතේ දුකක් තියනවානම් යන්න මිනුවන්ගොඩ රෝහලට. සකල කලා වල්ලබ නිසාද දන්නේ නැහැ නුඹලාව ආදරයෙන්ම පණ ගන්නනවා ඊයේ දවසටත් නියමයි. හෙට දවසටත් එසේම වේවා කියා පතන්නම්.

https://bit.ly/3zHH7cs
ජගත් මාරසිංහ
09 04 2023





Powered by Blogger.