පුරුෂ ඇල්කොහොල් පැන්ටසි ස්ත්‍රීන්ට අදාලම නැත.

                              පුරුෂ ඇල්කොහොල් පැන්ටසි ස්ත්‍රීන්ට අදාලම නැත.

‌        ලියන්න ගත්ත  බය හිතෙන කතාවක්. ඒ නිසාම ජීවිතයෙන්ම පටන් ගත්තනම් මරු. ඇල් කොහොල් සමග මාරයා කියන්නේ කිසිම වෙද්‍යවරයෙකුවත් ආවොත් කතාවට මාරයි තමා. තවත් ෂොට් එකක් ගහලා ඒ කතා කරන්න එන එකාව බයිට් එකට ගන්නවා කියලා මිනිස්සු කියයි. නමුත් ඒකේ වරදක් නැහැ. ඒක ඇත්තක් තමා.

    මොකද මාරස "කැතකතුන්ගේ පතිවත පිළිබඳ  අධීක්ෂණ වාර්ථාව" කියන පොත ලිවිවේ නිකන් නොවේ. කිසිදු විචාරයක් නැති කොහෙන්වත් හොයාගන්න බැරි පොතක් තමා. මොකද ඒක ලියලා ඒක නම්කලේ මාරස කැත කතුන්ගේ  පතිවත පිළිබඳ අධීක්ෂණ වාර්ථාව කියලයි. ඒ ග්‍රන්ථයේ හතර පාදඩ චාරිකා නැමති වෙන් කිරීම් යටතේ මධුලෝලත්වයේ ව්‍යාකරණ  අර්බුදය සම්බන්ධව ලියා තියනවා. සිංහල බෞද්ධ කියන දේශපාලනයේ නියැලෙන සියලු විද්වතුන් දන්නවා මොනවා අඩු කළත් අරක්කු මිල අඩු කරන්න ටිකක් නොවේ ගොඩක් අමාරුයි කියලා. ලාංකේය ආර්ථික විද්‍යාවේ මහ බැංකු අධිපතිලාගෙන් අහන්න අවැසි ප්‍රශ්න මාධ්‍යවේදින් දන්නේ නැහැ. දන්නවානම් තැබෑරුම් නැතිනම් රේන්ද ආර්ථිකයේ  කැත වැඩේ ගැන කතා කළොත් නන්දලාල් වගේ විශිෂ්ටයි කියන මහ බැංකු  අධිපතිලටත් යන්න වෙන්නේ කලිසම් ගලවන් හෙළුවෙන් තමා.

    සූරාව යනු කුමක්ද යන්නත් කියන කතාවෙන් පටන් අරන් කැත කතුන් පොතේ කෙලින්ම ලිව්වා ගිලන්පසට නියමිත අටවන පානය මධූ හෙවත් මී ගෙඩි කියලා. පිරිවෙන් ගුරුවරයෙක් වශයෙන් ලියන්නේ බෞද්ධ සදාචාරයෙන් ඇල් කොහොල් ගැන  කතා කරන්න හැකියාවකටත් වඩා ආදරයක් තියන නිසයි. වැඩි දුර යන්න භික්ෂු භික්ෂුණී ප්‍රාතිමෝක්ෂ වර්ණාව කියවන ලද අත් පොත් කරණ ලද කිසිදු රාජකීය පණ්ඩිත ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉදිරි පත්වෙන්නේ නැහැ. නමුත් නව යුගයේ ඉදිරිපත් වුනොත් හොර කිරිමුට්ටියේ නොවේ වෙනත් ආකාරයක පණ්ඩිත හාමුදුරුවන්ලා ඒවට මාරසට උත්තර දෙන්න වෙන්නේ නැහැ. මොකද මාරස දන්නවා රාජකීය පණ්ඩිත කියන උපාධිය ගන්න තියන අමාරුව. ඒක නිකන් බී ඒස් සී වගේ උපාධියක් නොවේ. ශඩ් භාෂා පරමේශ්වර තමා. නිකන් බයිලා කියලා වැඩක් නැහැ. සියලු සමාජයට හිතැති වාමාංශික කල්ලි කණ්ඩායම් ‌ථේරවාදයට  දොස් පරොස් කිව්වට ඒ සියල්ල  සියයට හැටක් විතර යැපෙන්නේ ථේරවාදී පන්සල් වලට සාමාන්‍ය මිනිසුන් දෙන දාන මාන පින්කම් වලින්ම තමා. සියලු විප්ලව හර්තාල් වලට මුල් වුනේ ලාංකේය පන්සල් තමා. වල්පොල රාහුල මහා හාමුදුරුවෝ ගැනත් යක්කඩුවේ හාමුදුරුවෝ ගැනත් සිරි සුමංගල සිරිනිවාස හාමුදුරුවන්ලා ගැනත් පොල් වත්තේ බුද්ධදත්ත හාමුදුරුවන්ලා ගැනත් බඹරැන්දේ සිරිසීවලී හාමුදුරුවන් වහන්සේ විතරක් නොවේ අද සංඟ නායක මහා හාමුදුරුවන් වහන්සේ කෙනෙක් වූ‍ අපේ අදත් මහා නායක හිමි නමක් වන ඉත්තෑපානේ ධම්මාලංකාර හාමුදුරුවන් වහන්සේලාව කිසිදු විප්ලවවාදියෙකුට දැනුමෙන් ධර්මයෙන් පමණක් නොව මිනිස් ආදරයෙන්ද අමතක කළ නොහැකියි කියන කතන්දරය ඇත්තක් වගේම සැබෑවක්.

       නමුත් මේ කතා කරන්න ගත්තේ ස්ත්‍රියකට පිරිමින්ට වගේ බොන්න හැකිද කියන කාරණයයි. සර්කානි සූත්‍රයට ගිහින් දෝතනගේ පුතා සර්කානී ශාක්‍යසිංහයෝ මධු බී වැටී මිය ගොස් තිබි අවස්ථාවේ ගෞතම සිද්ධාර්ත ශාක්‍ය සිංහයෝ ශාක්‍ය වංශිකයෝ කසලසෝදකයන්ට බාර දී තිබි දේහය සිය බුදුනුවන්ගේ දෝතින්ම මිහිදන් කළ ආකාරය ත්‍රී පිටකයේද සඳහන් බව කියමින් නැවත ඒ කාරනය කියවා ලියන ලද සුජිත් අක්කරවත්තයන් කෙසේ නම් අමතක කරන්නද? කොහොමත් බුදුන්ගේ නිවහන අසල උද්ගෝෂන කළෙත් දානමාන දුන්නෙත් කොසොල් සහ කෝසල මල්ලිකාලා තමා. එදා ඇවිත් අහනවාලු ඇයි ඒ ‌ වංශිකයන් අතැර තිබූ සර්කානි කියන බේබද්දාගේ මිනිය බුදුබවට පත් ඔබ වහන්සේ මිහිදන් කළේ කියා. බුදුනුවන්ගේ උත්තරය හරිම සරලයි.

" සර්කානී සෝවාන් ගාමීය. ඔහු කිසි දෙයක් ඒක් රැස් කර නැත. ඒකා බුද්ධ රාජ්‍යයේය. මා මිහිදම් කලෙමි." 

      බුදුනුවන් ගැන මාරස මීට වඩා කිව නොහැකියි. කලු ගල් වල ඔලුව ගහගත්තොත් මොකද වෙන්නේ කියන දේ මාරසනම් ඉතා හොඳින් දන්නවා.

    කෙසේ නමුත් සුරාව බුදුන් එපා කියන කතාව මාරයි. ඒ සතිය නිසා. සිහිය නිසා. සිහිය සුරාවෙන් නැතිවෙනවා කියන කතාව අනිවා. නමුත් සෝමපානය සම්බන්ධව සයිමන්ලා පවා කතා කළ බව තැන් තැන් වල කියවෙනවා. විහිලු කරන්න එපා කියනවා. ඒ ගැන වෙනම කතා කරන්න. නීතියක් රීතියක් නැහැ ඕනෑම පිරිමියෙක් අනුන්ට කරදරයක් නොවී සිහිය ආරක්ෂාකරන් බොන්න කිව්වත් කාන්තාවන්ට ඒ අයිතිය නැහැ. කාන්තාවක් මත් සංස්කෘතියට ගියොත් එතන අම්මා නැතිවෙනවා තමා. යසෝධරාවතින් නිර්මිත ආදර විශ්වීය සන්දර්බය කුනාටුවකට අහුවෙනවා තමා.

   ඒ බුද්ධ වාක්‍ය වලින් තේරුන් ගත යුතු දෙයක් නොවේ. පශ්චාත්නූතන යුගයේ පිරිමියාට වඩා කාන්තාව නිකන් මාර උනත් ඇල් කොහොල් වල තියන පිරිමි සංස්කෘතික දේශපාලන බලය ගැහැනුන්ට තවම නැහැ. පශ්චාත්නූතන වාදයේ මොන ආර්ථික සහ මාධ්‍ය සීමා ඉක්මවා ගියත් ගැහැනියෙකුට ගැහැනියක් වගේ බොන්න තියා අනිත්වා කරන්නත් බැහැ. පුරුෂ මූලික චින්තනයේ බලය කියන්නේ මාර වනයක් කෙල්ලනේ. ඒක පරාජය කරන්නේ නැතිව නුඹලාට බියර් ‌උගුරක්වත් බී  ආතල් ගන්න බැහැ. ඒක පන්සලේ පල්ලියේ වරදක් නොවේ තොප ආදරය කරන තොපට නැතිවම බැරි අංග විකල පුරුෂ සංහතියේ තාමත් පවතින බලයක්. ඒක විනාශ වෙන මේ නිමේෂය ප්‍රාග්ධනයේ චලිත ස්වරූපයක්. ඉතින් මේ නිමේෂයේ උඹලට දුකක් උනත් අනාගත අපේ කෙල්ලෝ ඒක විසඳ ගනීවි. කෙසේ නමුත් ආදර ස්ත්‍රීන් වනාහී තමන්ගේ ජීවිතයම කැප කළ ආදර වන්තියන්ම වන්නීය. යසෝධරාවන්ලාම වන්නීය.  නැතිනම් පරපුරක් පරපුරක් විදිහට මිනිස් සමාජය ඉදිරියට ආවේවත් යන්නේවත් නැත. 

මල් මිටක් තියන්න ඔබ අතේමට කියා කොයින්ද මල් වනේජීවිතේ විසල් නදී තෙරේතුරු හිසත් මලත් ඔබයි මගේ
සොදුරු කවි ලියාන හිත් කොනේතාරුකා වහින රාත්රියේගෙල වටේ ගිලී හමා ඇදි නළරැළීඔබයි මගේ
මල් මිටක් තියන්න ඔබ අතේමට කියා කොයින්ද මල් වනේජීවිතේ විසල් නදී තෙරේතුරු හිසත් මලත් ඔබයි මගේ
තුරුලතා පවා දුකෙන් වගේඅතවනා සොයන්නෙ ඔබ කොහේහැන්දෑව වගේ සෞම්ය වී නිදා ඉන්නමගේ හදේ
මල් මිටක් තියන්න ඔබ අතේමට කියා කොයින්ද මල් වනේජීවිතේ විසල් නදී තෙරේතුරු හිසත් මලත් ඔබයි මගේ

https://youtu.be/msiaMwYcK0c

https://jagathmarasinghe.wixsite.com/mare

07 04 2023


Powered by Blogger.