ආදරයෙන් ඔබ්බට කාලගුණයේ අදේශපාලනය

                              ආදරයෙන් ඔබ්බට කාලගුණයේ අදේශපාලනය 

         ජ්‍යෝතිෂ්‍යය මිත්‍යවක් කියන සමහරු කියන තැන මාරසටද හිටගන්නට හැක. හැබැයි ඒ අම්මා විසින් තාත්තා යැයි හඳුන්වා දුන් මිනිසා වන තාත්තා ඒ අම්මා නොවන බව කියන තැනේදීය. සූර්යා පොළව වටේ ගියා කියා සම්මුතියෙන්ය ගත්තද අප පොලවේ ජීවත් වන මිනිසුන් දැක්කේ අනිත් ග්‍රහතාරකා අප වටේ යනවා කියාය. ඊට අනුව  දේශපාලනිකව හදාගත් ගණිතයෙන් නැතිව කියනවානම් සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් වන් ගානක  සූර්යාගේ පොළවේ අප ජීවත් වූවානම්  පිලිස්සී දැවී හළු වී හමාරය. අප ජීවත් වන්නේ ඊට ගොඩාරියක් ඈත පෘථිවිය කියා අපම නම තබා  ගත් පසුව  දේශපාලනිකවද, අද මොකක්ද පශ්චාත් නූතන කියන පොළවකය. කෙසේ නමුත් මාරසටද දැන් දැනෙන්නේ දැනුම කියන එහෙන් මෙහෙන් අහුලා ගත් දැනුම සහ මුදල් ගෙවා ලබා ගත් දැනුම පශ්චාත් නූතනවාදීන් ආරම්භයේම විනාශ කර හමාරයි වගේය. කෙලින්ම දැනුම වනාහී අද ගේම් වලින් විනා වෙනත් ලාභයක් තියා ජීවත් වීමටවත් පිටුවහලක් නැති විකුණුම් භාන්ඩයකට ඇති හුවමාරු වටිනාකම ගත් සිහින කල්පිත භාණ්ඩයක්ම වන්නේය. හරියටම ඒ සිහින කල්පිත සාහිත්‍යය වගේමය. වෙනසකට ඇත්තේ එදා අප සිහින කල්පිත සාහිත්‍යයෙන් රසයක් විඳි අතර අද නොදන්නා මංතීරුවක අතරමංවී සිගරටයක් නැති නිසා බීඩියක් බිබී ආදරය ගැහුනුන්ගේ නොව සමාජයේ ආදර සොයනා  එකදැයි ලිවිය යුත්තන් ලියන්නේ නැත. ‌
   මේ ලියන්නේ මේ කාලයේ දස දෙසින් මාධ්‍ය වලින් ඇහෙන උෂ්ණත්වයේ මාර කතන්දර ගැනය. ඒඩ්ස් වලට කොන්ඩම් සහ සීනි වලට සීනි නැති ආහාර හෝ මෙට්පෝමින් ඩයනින් ටැප්ලට් වන්, ආදරය නැත්නම් භාවනා , අම්මට සිරිවෙන කියා ලිව්වේ සිරි වන වචනයට නියම වචන නැති නිසා නොව අර නිකන් හිරේ ලගින්නට බැරි නිසාය. මේවා අම්මාට සිරි දේවල්ය. ඊටත් වඩා වැදගත් වන්නේ මාරසට දැන් වයස හැට දෙකකි.‌ ගෙවී ගිය මේ වයස හැට දෙක තුල මතක ඇති පරිදි  මාරස සිංහල අවුරුදු කෑවේ කාලයක ඉස්කෝලයේය. තවත් කාලයක ‌දේශපාලන රැඳවුම් කඳවුරු තුළය. තවත් අවස්ථාවක රෝහල් වලය. රෝහල්වල විශේෂ රෝහල් වන පිළිකා රෝහලේ නැතිව අන් හැම රෝහල් කුලකයකයම මාරස නවාතැන් ගෙන ඇත. සිංහල අවුරුද්දද ඒ රෝහල් වලම සිට සමරා තිබේ. ඒවා වින්දනය කිරීමට සහ ‌නිකන් මොකක්ද පොරක් වීමට මෙසේ ලියන්නේයැයි කියා ඇතැමෙක් සිතන්නට හැක. ඒ අගනේය. එසේවත් පොරක් වන්නට බැරි බව මාරස දන්නේ 1971 නොව 1989 පාවා දීම් හරහා වූ සංගෙදි ගැන ජීවිතයෙන්ම අත්දැකීම් තිබෙන නිසාය. 
      දැන් අර ‌කොන්ඩම් නැතිව සිය පෙම්වතියවත් සමග නිදා ගන්නට එපා කියපු මහා බුද්ධිවාදීන් කියන්නේ වතුර බොන්න කියාය. නැතිනම් ජීවනී ලඟ තබා ගන්නා ලෙසය. සමහර ලොක්කෝ මෙන් පෙනී සිටින මැට්ටෝද වන් පිරිසක් සංඛ්‍යා ලේඛන ඉදිරි පත් කරයි. පෙර දිනක ජේ ආර් පී සූර්යප්පෙරුම නැමති දේශපාලනිකව ඉතා දැනුමක් ඇති ජේ ආර් පී සූරියප්පෙරුමව මීඩියා වලට ගෙනවිත් විනාශ කළ දමපු අයුරු මතකය. මීඩියා පරයන්ට දැන් ඔහු ජීවත් වෙනවාද නැතිදැයි අදාල නැත. තොරතුරු නැතිව අල බතල වික්නානම් මීට වඩා මරුයි කියන්නට වාමංශික කුලක හැත්තේ කටක් ඇරෙන්නේද නැත. ඒ උන්ගේ ඕඩියන්ස් එකට ඇති ‌ලොල්කම නිසා මිස අන් කාරණයක් නිසා නොවන්නේය. මීඩියා ප්‍රාග්ධනය ගැන දැනගත යුතු කිසිම වාමංශික සංවිධානයක් මීඩියා වලට කට උස්සනවා මාරස දැක නැත( ආරම්භක එක්ස් කණ්ඩායම හැර. උන්ගේ කට පුක පියා ගැනීමේ දේශපාලනික තත්ත්වය කිසිවෙක් තවම විචාරාද නැත. උන්ද කිසිත් කියන්නේ නැත. කණ්ඩායම් කණ්ඩායම් වලට බෙදී විවිධ තර්කය, විතර්කය. ) මේවා ලියන මාරස කිසිදා වාසියකට නොලියන බව උන් දන්නවාය. එලෙසම නමක් හදා ගැනීමට මාරසට කිසිදු අවශ්‍යයතාවක් නැති බවද නොදන්නවා විය නොහැක. ඒ නිසා නොකියන්නන් වශයෙන් කියන්නට දෙයක් හදවතේ ඉතිරි වුනොත් කියා දමන්නේ ජොලියටම නොව  ගායටය කීවොත් මරුය. ගාය මරුය. ඒ අසූව දශකයේ උන්මාදනීය ආදරයෙනේ බං.
       කෙසේ නමුත් අර වරක් මේ සිංහල අලුත් අවුරුද්ද  ගැන නලින් ද  සිල්වා ලියා තිබි රසවත් හරවත් වැකියක් මතකය. එහි අදහස වන්නේ සූර්යාට සාපේක්ෂ කතාවක් නොව අප ජීවත්වන ‌පොලවට සාපේක්ෂකව ග්‍රහයින්ගේ චලිතය නොදකින්නේනම් උනට අලුත් අවුරුද්දදක්  නැති බවය. මේ සඳහා ඇවිලි ඇවිලී ගොස් සිංහල ජාතික දේශපාලනය උස්සන්නටවත් ඒ කඩා බිඳ දමන්නටවත් මාරසට ආශාවක් නැත. මන්ද මේ ජීවත් වන මිනිසුන් ගැනත් සමාජ සංවිධාන ගැනත් දැන ගැනීමට මාරසට වසර හතලිස් දෙකක් හොඳටෝම ප්‍රමාණවත් නිසාය.
      කෙසේ නමුත් ජ්‍යෝතිෂය නිර්මාණය වූයේ සූර්යාට සාපේක්ෂකව නොවන්නේමය. සුර්යා  වටේ පොළව වෘත්තාකාරව යනවාද නොව ඉලිප්සාකාරව යනවාද යන්න පමණක් නොව කුමන හෝ අණ්ඩාකාර විකාර ගමනක යනවාදැයි ජ්‍යෝතිෂයට ඇවැසි නැත. ඊට ප්‍රතිවිරුද්ධ වුනද නොවුනද අද පවතින ව්‍යාහාරික විද්‍යාත්මක දැනුමද ජ්‍යෝතිෂයට කම් කිම්. අප මිනිසුන් සූර්යා මත ජීවත් වී නැත. ජීවත් වෙන්නට බැරි බව සියලු සතුන් දන්නේ අත්දැකීමෙන්ය. ප්‍රත්‍යක්ෂ මතය. අම්මා ලිප ලඟ සිට ආප්ප උයා කන්න දෙන පොඩි කාලයේත් අප සිටියේ රස්නේ නොදැනෙන්න ඈතින්ය. ළඟින් සිටියහොත් අම්මා දාඩිය පිස දමා ඈතට පුටුවක් හෝ  ඇන බංකුව තබා දෙනවා මතකය. නමුත් ගින්දර නැතිනම් ආප්ප නැති බව අපි එදා දැන ගත්තේය. ඒ හපුයියා බවත් ආප්ප මාර බවත් කියා දුන්නේ අපේ පිට මැද්දට දඩෝං ගාමින් පහර දුන් විද්‍යාව ඉගැන්වූ පියදාස සර් නොවන්නේ ය කියා දැනෙන්නේ දැන්ය. තව බොහෝ දේ තිබේ. ලොකු විහිළු ගැන මාරස නොලියන්නේ මේ දැනුම උනගේ දේශපාලනයට උගන්වන දැනුමක් විනා නියම දැනුමක් නොවන බව වටහාගැනීමට අපට බාල පරම්පරාවටත් ස්වාධීනව වටහා ගැනීමට ඉඩ දිය යුතු නිසාය. 
  ඒකලා නිකන් ඔහේ ඉන්නා වූ වර්ගයක් වී තිබේ. ඒ අපේ නංගිලා මල්ලිලාය. පුතාලාය. මුණුබුරන්ය. ඔහේ හිටියාට මිනිසත්කමේ විදිහ කිසිවෙකුට නැවැත්විය නොහැක. කොයි වෙලේ හරි උන් ‌ජරා සමාජයකට නායකත්වයක් ඇතත් නැතත් කෙලවා දමන්නේ ඇඩ්රස් නැතිවවීම අනිවාය. කවුරුන් වහ ගන්නට හැදුවත් ගෝල්පේස් අරගලය දුන් ඉතිහාසික පාඩම ඒකමය. ඉස්සර ඉස්සරලා මුන් ගල්කිස්ස දුම්රියපලට ගැහැව්වේය. නායකත්වයක් නැතිව අතරමං විය. තව දේශපාලන පැත්තෙන් පොලීසිවලටද වැලිවේරියටද මේ ගින්න ඇවිලී ගියේය. එය ගෝල්පේසයෙන් අවසන් වී ගියේ නැත. ස්ථම්භ ප්‍රස්ථාරයක ප්‍රධාන සලකුනක් අර ආරක්ෂක තොරතුරු ගණිත විද්‍යාඥයන් විසින් ප්‍රස්ථාරගත කර ආරක්ෂක අංශවලටද බෙදා හරිනවා නියතය. ඒ මර්ධනය කියා කවුරුන් හෝ  දැකීම සාධාරණ වුවද මේ ක්‍රමයේ දැනුමේ විදිහ එයයි. දැනුම වනාහී ධනේශ්වර  හෝ කුමන හෝ පැවතුන රාජ්‍යවල දඩමීමෝ පමණි. අන් කිසි දෙයක් නැත. ඇත්තේ තමන් විසින් මේ මාරය සහ මට මාර දැනුමක් තියනවා කියා සිතා සිට අවසානයේ තනියම දුක්විඳ මරණයට යන විට බුදුන්ව සිහිකර ගැනීම හෝ බුදුන් වෙනුවෙන් පෙනීසිටීම පමණි. අතරමග පිලිකයක් හෝ හදිසි මරණයක් ඇතිවීම එවැන්නන්ට ඇතිවූ බව මාරස අත්දැකීමෙන් දනී . ඔබත් දන්නවා නියතය.
             කෙසේ හෝ මාරස 2019 සිට ග්‍රහයන් ගැන අනතුරු අඟවන ලද්දේ ග්‍රහ ක්‍රමවේදය මගින් මුදල් සොයන්නට නොවේම බව දන්නෝ දැන ගත්තාම ඇතිය. කෙලින්ම ඒ කොරෝනා කාල වකවානු කීවේ මාරස නොව පොලවට සාපේක්ෂකව ග්‍රහ පිහිටීම මත අතීත අත්දැකීම්වල සංඛ්‍යාන සම්භාවිතාවදත් මිනිසුන් ඊට අතීත පූර්වාදර්ෂ අත්දැකීම් මත සූත්‍රගතව ජ්‍යෝතිෂ දැනුම් පද්ධතිය පෝෂණ අවකාශයකට යොමු කල මිනිසුන්ය. නිව්ටෝනියානු ගණිතය ගෙන ලියන ලද දයලෙක්තික භෞතිකවාදයටත් කෙලවන ලද අයින්ස්ටයින් අද දුවලාගේ ඔඩොක්කුවල සහ සයිකල් පදිනවා බලා මාරස නම් වින්දනීය අවකාශ දෙකක් අවතැන් වී නොසිටින බව මිතුරන්ට කිව යුතුය.
        දැන් කාරණ්‍ය කෙටිය. නිකන් වෙළඳ දැන්වීම් කුමට. ගෝලීය උෂ්ණත්වය ගැන කතාව එකකි. මේ සිදුවන්නේ මේ ගිය 22 දා පොලවට සාපේක්ෂකව ගුරු ග්‍රහයා මේෂ රාශි ගත වීමය. ගුරු වනාහී සඳවල් විසි හතකටත් වඩා පායන විශාලම ග්‍රහයෙකි. පුරාණ ගණිතඥයෝ කියා ‌තිබෙන්නේ ඒකාට සඳවල් විසි හතකටත් වඩා වැඩි බවය. ඒකාව එක්  තරාදි තැටියකට දා අනෙක් ග්‍රහයන්ව අනිත් තරාදි  තැටියට දැම්මොත් ඒකා පහත් වී තමන්ගේ බර( ස්කන්ධය) පෙන්වන බවය. තමාගේ ස්කන්ධ බලය පෙන්වන බවය.
         සිංහල අළුත් අවුරුද්දේ දේශපාලනික සිංහල බෞද්ධ  අර්ශස්  අමාරුවක් තියනවා කියන කතන්දරය හමුවේ මාරස ගස්ලබු  සහ කොහිල කන නිසා ඒ නැතිවී ගියා සේය. ඉතින් සිංහල අවුරුද්දේ පොළවට සාපේක්ෂකව සූර්යා මීන රාශියෙන් මේෂ රාසියට පැන්නේය. පැන්නේ කියන්නේ ගියේය . ඒ දකින විදිහය. අපේ කෙල්ල වෙන එකෙක් සමග පැනලා ගියා කියන්නේ ගෙබ්බියක් වගේ පැන ගියා නොවේය. දැනුවත් කර තමා හැම එකාගෙම එකීගේම පෙම්වතා හෝ පෙම්වතිය ගියේ  ඉතා හෙමින්ය. ඉතින් හරියටම ඒ වගේම සූර්යා මීන රාශයේ සිට මේෂ රාශියට ගියේය. ඒකේ සාහිත්‍ය මාරය. දැනුමද මාරය. ප්‍රත්‍යක්ෂ අත්දැකීම් මිනිස් පරපුරට ගෞරව කරන්නට තවත් මාරම මාරය. 
          මීනය මාලුවා සංකේතයයි. ජලජ රාශියක් කියයි. සීතල දියකිඳුරෙක් මෙන් සූර්යා මීනයේ ඉන්නවා කියන්නේ භෞතික සිතීමකටත් වඩා භෞතිකව ආධ්‍යාත්මික ඇහැකින් බලන කළ මාර විරේචනයක්ම වන්නේය. අනේ ඒකා ඒකාගේ රැස් මාලා නැත්නම් තාපය විසරණය කරන්නට හැකි යාලුවෙකුගේ ගෙදරයක් හොයා වටයකට යන්නේය. ඔය චක්‍රීයත්වයෙන් මිදී ඇත්තේ බුදුනුවන් පමණක් යැයි නොසිතේ. වරදකට වරදක් හොයා යන කලනය සහ අනුකලනය ගැන මහා දැනුමක් ඒ ගැන කියන්නට ඒවායේ පරතෙරට පැමිනිය යුතු නැත. මන්ද කිසිදු විෂයකට පරතෙරක් නැති නිසාය. සීමාව හොයන්නට ගිය ඒ විෂයන්ට සීමාව අසලින් නතර වන්නට සිදුවී තිබේ කියනවාට වඩා නතර වීමට සිදුවේ සහ ඉන් පසු වෙනත් ඉසව්වකින් තවත් මගුලක් පටන් ගන්නවා කියන්නේ හරියටම අපේ ජීවිතය වාගේමය. ලෝකය යන්නේ එසේ තමා කියා මාරසනම් කිසිදා කියන්නේ නැත. පවතින විහිලු කතා වලට අනුව සිතුවොත් පමණක් ලෝකය යන්නේ එසේය.
         ඉතින් මිත්‍රය, මේෂය කියන රාශියේ අධිපති කුජ. රජත් ඒකේ . රජ කියන්නේ උෂ්නයේ අධිපති. කුජත් මිතුන කියන උභතෝ නපුංසක රාශිකයක. ඒකා මේවෙලේ නපුංශක රාශියක්වන මිථුනයේ . යලටත් නැහැ ‌මහටත් නැහැ.. ඒ කියන්නේ රතු ග්‍රහයා කුජටත් රවිටත් දෙන්නට කරන්න හැකි අග්නිය හෙවත් ගින්න නිපදවන කාරණය පමණයි. ලෝක ධර්මතාවකට වගේ අපට පේන පැරැන්නන් දැකපු විදිහට පොලව නිර්මිත පොළවට සාපේක්ෂකව 2023 අප්‍රියල් 22 අර මහා ග්‍රහයා බ්‍රහස්පතී හෙවත් කුජත් එතන්ටම ගියා. ඉතින් උන් දෙන්නගේ ඇවිලීමට සෙම සමගම වියලිකම විශාලත්වය නිසාම දරාගත හැකි ඒකා එතනට ගියාම තමා ජ්‍යෝතිෂ්‍ය දන්න අය කියන්නේ කාලගුනික වෙනස් කම් ගැන. අනේ මාරසටනම් තේරෙන්නේ නැහැ මේ කාලගුන විද්‍යා අනාවැකි. ප්ලේටෝලත් අරන් බටහිර සායන ජ්‍යෝතිෂ කතන්දර ගොඩක් දැක්කා. කිසි දෙයක් නැහැ. ඉතා සරලව දැන් කියනවා දැක්කා හෙටද අනිද්දටද මේක අඩුවෙනවා කියලා. ඉතින් ඒ කියන්නේ සූර්යා මුල්කොට ගත් කට්ටිය. නමුත් ඒ කියන කස්ටියත් පොලවට සාපේක්ෂ කතාව පිළිගන්නවා අනිවා කියා දන්නවා. ඒවා සම්මුති. දැනුම කියන්නේ සම්මුති තමා. නමුත් ප්‍රඥ්ඥාව කියන්නේ සම්මුති නොවේ. මුලු මනසම සම්මුති තමා එසේ වන්නේත් නොවේ නොවන්නා නොවේත් වන්නේත් නොවන්නාත් නොවේ කියලා කිව්වේ මාරස නොවේනේ. ගෞතම බුදුනුවන්ම තමා. මතක තියාගන්න ප්‍රඥ්ඥාව කියන දේ ගැන කිව්වේ මාරස නොවේ කියලා. ඒ ගැන හොයා ගන්න.
කෙසේ හෝ රවි මැයි මස 15 වෙනිදට වෘෂභයට යාවී. පැරැන්නන් කී වීදිහට සිද්ධාර්ථ ගෞතමයන් නාමයේ මාසය උදා වේවි. මේ කිව්වේ ඒ මාසයේ  විශේෂිතයක් තියන නිසයි. මේ කාලගුන තත්ත්වය ඒ මාසයේ බැලන්ස් කරන්නේ අද ඊයේ නොවේ. පැරණි පංචාංග පොත් අරන් ආතල් එකට බලපුවාම නියමෙට තරහා යාවි මේ තක්කඩි මාධ්‍ය සමග.
       පසුගිය වසර විස්සක කාලය තුළ දේශගුණික විපර්යාස 21 වැනි සියවස සඳහා මානව වර්ගයාගේ ප්‍රමුඛතම වැදගත් හදවතේ සාකච්ඡාවක් බවට පත්ව ඇත. පෘථිවි දේශගුණය එහි ඉතිහාසය පුරාවටම ස්වභාවික විපර්යාස චක්‍රවලට භාජනය වී ඇතත්, හරිතාගාර ආචරණය මගින් පුරෝකථනය කරන ලද පරිදි මෑත කාලීන උනුසුම් කාලය, අර්ධ වශයෙන් මිනිසා විසින් සාදන ලද කාබන් විමෝචනය හේතුවෙන් ඇති වූ බවට සාක්ෂි වැඩිවෙමින් පවතී. දේශගුණික විපර්යාස පිළිබඳ න්‍යාය විද්‍යාත්මක විවේචනයට යටත්ව පවතින අතර, බොහෝ දේශගුණ විද්‍යාඥයන් අතර ඇති එකඟතාව පෘතුවිය උණුසුම් වෙමින් පවතින අතර මිනිසුන් වන අපට එයට සම්බන්ධයක් ඇත කියාය. මෑත ඓතිහාසික දේශගුණික ප්‍රවණතා අවබෝධ කර ගැනීම මෙන්ම අනාගත දේශගුණික ප්‍රතිඵල පිළිබඳ ඉඟි ඉදිරිපත් කිරීම යන දෙඅංශයෙන්ම ජ්‍යොතිෂයට මෙම සංසිද්ධිය පිළිබඳ අද්විතීය කවුළුවක් ඉදිරිපත් කළ හැකිය.
           විද්‍යාත්මක චින්තනයන් කියූ පරිදි දත් බේරාගන්නට ගොස් අපට ඉතිරි වන්නේ දත් කීයක් පමණද කියා තම තමන්ටම විසඳා ගැනීම මේ කාලය මාරය. නුඹලා කියන හැමදේම වැරදියයි කියා මාරස කියන්නේ නැත. නුඹලාගේ ‌විද්‍යාව මාරය. නමුත් මාරස කියන්නේ ඒ මාරම මාර නොවන්නේ නුඹලාගේ චින්තනයේ ඇති මළ විකාරයක් නිසා නොව අධිරාජ්‍ය දේශපාලනය විසින් ‌විද්‍යාත්මක චින්තනය උන්ගේ ආයුධයක් කරගෙන ඇති බව දන්නා නිසාය. වසර හැට දෙකක් මාරස පොල් ගෑවේ නැත. ගෑවානම් මේවා ලියන්නේද නැත.
      ඒකට වග කිව යුත්තේද නුඹලා නොව නුඹලාව අදහමින් ඔළුවේ තියාගන්නා අපම වන්නේය. නමුත් ඒ තත්ත්වයට අපව පත්කළේද උඹලාය කියා ඩෙඟා නටන්නට මාරසට ගායක් නැත. නිකන් ඇතිවී නිවී යන අර පිරිමියාට ගැහැනිය ගේ ඇති වෛරයට සෙඩිසම් කිරීමට නුඹලාගේ මාධ්‍ය මෙහෙය වීම නැවැත්විය යුතුය. අපේ රටේ උන්නම් කිසිදා නවතන්නේ නැත. උන් බී ඩී ඇස් එම් වලට මාර ආදරය නොව ගිජුය. ‌මාරස මේ සටහන අවසාන කරන්නේද මෙසේය
"දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
තුට්ටු දෙකක් උඩ පෙට්ට ගමක් ඇත"
කියාය.

https://youtu.be/oMfnYJp4xYw
ජගත් මාරසිංහ
25 04 2023

https://jagathmarasinghe.wixsite.com/mare





Powered by Blogger.