මිය නොගියත් මිය ගිය මචං.

                                                    මිය නොගියත් මිය ගිය මචං.

             මාරස සමහර වෙලාවට සතුටින් සයිබර් රස්තියාදුවේ යනවා. සමහර වෙලාවකට අසහනයෙන් සයිබර් වීදි බහිනවා. තවත් සමහර වෙලාවකට වේදනාවෙන් දුකින් වීදි බහිනවා. අදනම් වේදනාවෙනුත් නොවේ දුකකිනුත් නොවේ ඒ වගේ නිමේශයක මනස චලිත වෙනකොට තමා සයිබර් වීදියට බැස්ස ගමන්ම මේ ඡායාරූපය ගාව ඇස හිටියා. කෙලින්ම අහුලා ගත්තා. වෙන කිසිදෙයක් සඳහා නොවේ විලාප ගහන්න. කාටද? කාටවත් නොවේ ඉතින් විලාප ගහන්නේ තමන්ටමනේ. මට මේ ඡායාරූපය දැක්ක ගමන් මතක් වුනේ මිත්‍ර වියෝගයක් ගැන. 
                  මේ ඡායාරූපය අහුල ගත්ත ගත්තේ HELLA+LIFE lකියන වෙබ් පිටුවෙන්. කෙනෙක් මැරුනනම් දුක්වෙන්නේ ඉතා සමීපයෝ. නමුත් මට මතක් වුනේ මළාට පස්සේ ඇතිවෙන දුකටත් වඩා මාරයි කියලා ජීවත්ව ඉඳගෙන තමන්ගේ හිතවතෙක් මැරිල ගියාම ඇතිවන දුක කියන කාරණයයි. එවන් අවස්ථාවල මේ වගේ සියක් මිනිසුන් උරීස පමණක් නොව හදවතට දැනෙන හැම තැනක්ම ස්පර්ශ කර කියාවී ඕවා ගනන් ගන්න එපා කියලා. ඒ වචන වායුගෝලය භාර අරන් තරංඟ නැති අවකාශයකට ගිහින් සැඟවෙලා යාවී. සැඟවෙලා කිව්වේ අර අයින්ස්ටයින්  නියමයට අනුව වෙන්නත්  හැකියි. අප කතා කරන කිසිදෙයක් නැතිවෙලාම යන්නේ නැහැ ඒ භාෂාවෙන්ම කියන කතන්දරය නිසා කියලා කවුරුන් හෝ හිතුවනම් සම්ර්‍පූර්ණයෙන්ම වැරදි තමා. මොකද එහෙම කියන්නේ බුදුනුවන් දැකපු ඉරත් මාක්ස් දැකපු ඉරත් අපේ මිය ගිය ආච්චි සීයා දැකපු ඉරත් තමා අදත් පායන්නේ කියන කතන්දරයට විරුද්ධව මහායානය ලොකු කරන් එකම ගඟකින් දෙපාරක් නාන්න බැහැ ගඟ ගලලා වගේ කතන්දර ගැන හිතල නොවේ හලලා කිව්වොත් ඒක තමා නියමයි කියලයි මාරසනම් දකින්නේ.
     කෙලින්ම ලංකාවෙ අපේ ජීවිත වලින් පටන් ගත්තොත් කෙල්ලෙක් කොල්ලෙක් සමග ආදරය කරන්න පටන් ගන්නවා. කෙලින්ම ඒ දෙන්නගේ අනාගත බබාලා ගැන ඒකලාව දාන ඉස්කෝලය ගෙයක් ගන්න හෝ හදන හැටි කතාකරන්න ගත්ත ගමන් ඒ දෙන්නගේ යාලුකම් අවසාන වෙලා කුටුම්භ ජීවිතයේ පූර්ව විවාහකයෝ බවට පත්වෙනවා. විවාහය කියන්නේ කේන්දරයකවත් ආදර ස්ථානය වූ පස්වැන්නට බාර දී නැහැ. කේන්දරයකත් පශ්චාත් දැනුම වාගේම ආදරය සහ විවාහය වෙනස් කරලා හවුල් ව්‍යාපාර ගැන හොයපු හත්වැන්නටයි බාර දීලා තියෙන්නේ.

    පස්වැන්නේ ආදරය සහ දරුවන් නිදැල්ලේ ඉන්නා අයුරින් තමා ‌ජ්‍යෝතිෂයේද දර්ශනය ශ්‍රේණි ගතකර තිබෙන්නේ. ආදරය පස්වැන්නේ කියා ‌සිකුරු හතේ කියලා කලාව කරන අයගේ මාරස හිතන්නේ සිකුරු තියෙන්නේ අටේ කියලයි. ඇයි වස්තිය හෙවත් ගුදයටද අදාල අට නිසා. කෙලින්ම අපහාසයට තමා කිව්වේ. ආදරය තියෙන්නේ තවත් තැනක. විවාහය කියන්නේ රජයේ පුංචිම  නිශ්පාදන මාදිලියක්. කෙලින්ම පොඩිම ‌ප්‍රාග්ධන කොම්පැනිය. ආදරය තියෙන්නේ වෙන තැනක. සාම්ප්‍රධායික ජ්‍යෝතිෂයත් ජීවිතයෙන් ඉතා බුද්ධිමත්නේ. ඒකලා කියන්නේ හවුල්ව ව්‍යාපාර ගැන කියන්න හත සෙට් කියලයි.
      නමුත් ආදරය කියන්නේ විවාහය නොවේ. විවාහය කියන බිස්නස් එකට ආදරය ඇවැසි තමා. නමුත් බිස්නස් තුළ කොහෙද යකෝ නිර්මල ආදරයක්. ආදරය කියන්නේ මනුෂ්‍යත්වය. ආදරය කියන්නේ මනුෂ්‍යත්වය කියන වචනය ඇතුලෙන්ම විහිදන විනිවිදින රැස් මාලාවක් වගේ දෙයක්.
             කොහොම උනත් තාත්තාව සහ පුතාව දාලා ගිය අම්මා සම්බන්දව දුකෙන්ද කියලා හිතාගෙන යම් කෙනෙක් හෝ දෙන්න තුන්දෙනෙක් ඒ පුතාට කියනවා අම්මා මැරුන දරුවොත් ජීවත් වෙනවා පුතේ කියලා. මේ මාරස කනට ඇහිලා තියනවා. එතකොට එවන් පුතෙක් කී කතාවක් තමා අම්මා මැරිලනම් ඒක එහෙම තමයි. ඒත් එයා තාම ජීවත්වෙනවානේ කියන කතාව. මේවා සජීවී කතා මිසක් වැල් බයිලා නොවේ.
       ආන්න ඒ වගේම තමා මිතුරෙක් මළොත් ඒක එතනින් අවසාන කළ හැකියි. නමුත් ජීවතුන් අතර මිත්‍රත්වය මළොත් උභතෝකෝටියක්ම තමා. මොන උරීසට අත තිබ්බත් කිසිවක් වෙන්නේ නැහැ. දුක වේදනාවක් බවට පත්වෙනවා විතරයි. 
    කළ්‍යාන මිත්‍රත්වය සම්බන්ධව බුදුනුවන් දේශනාකරන්නේ වෙනම දිග කතන්දරයක්. මේ අපි කතා කරන්නේ මේ අපේ මචංලා ගැන. මචං කියන වචන ඇතුලේ තියෙන්නේ අති පාරිශුද්ධත්වයක් වගේ දෙයක්. මචන් ගැන විශ්වාසය අසීමිතයි සාපේක්ෂකව කියමුකෝ. තමන්ගේ ආදරියව බාර දීලත් යනවා සමහර වෙලාවට බලා ගනින් කියලා. එකම සරම කටින් අල්ලන් තමා අඳින්නේ. වතුර වීදුරුව පමණක් නොවේ සිගරට් බටයත් එකට බොනවා. තමන්ගේ අම්ම මළොත් ඉන්න තැනක් නැතිවුනොත් මචං කෙනෙක් යන්නේ මචන් කෙනෙක්ව හොයාගෙන. මචං කෙනෙක් ඉන්නවානම් මචන්ලට කිසිදා බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ. ඒත් මේ ගෝලීය පශ්චාත් නූතන සමාජය මචංලගේ අවංකත්වයේ න්‍යාෂ්ටියට ගේමක් දුන්නා වගේ. ජවිපේ සමයේ පන දෙන සහෝදර කොකු වුනෙත් මචංලම තමා. කතාවට ආවොත් දිග හරින්න තියන දේ ගොඩයි කිව්වලු.
    කොහොම නමුත් මේ ඡායාරූපය බොහෝම වැදගත් ඡායාරූපයක්. මචන් කෙනෙක් කිට්ටුවන්තයෙක් සදහටම දාලා ගිය අවස්තාවකදි මචංව සනසන්න පිටට ගහන ආදර තට්ටුව. කතාවක් බතාවක් නැහැ පසුබිම කළු සහ අඳුරු කොට රෝස පාට අතේ තට්ටුව නිශ්චල   ඡායාරූපයක චලනය නාභි ගත කළා වගේ. ඒ සුපැහැදිලි ‌ලේ නහර ආදරය හදවතින්ම සන්නිවේදනය කරනවා තමා. 
       ඒත් මාරස මේ ලියන්නේ පන පිටින් මිතුරන් මිය ගියාම මේ මචංලාගේ තට්ටුවෙන් මචං කෙනෙක්ව සුවපත් කළ නොහැකියි කියලයි මචං. වමේ සහෝදරයන්ටත් කියන්න තියෙන්නේ මරාදමපු සහ මිය ගිය සහෝදරයෝ තාම ජීවත් වෙනවා. පන පිටින් ඉඳන් කැත වැඩ කළ සහෝදරයන්ගැන කියන්නට දෙයක් නැති වගයි මචං. ඒවා දරාගන්න බැරි මානසික සංවේදීතා. සයිබර් රස්තියාදුවේදි හරි ‌පණ පිටින් මිය ගිය මිත්‍රත්වයේ ආලෝක දඩයමක් හමුවුනොත් ඒකත් අනිවාර්යෙන්ම මාරස සයිබර් ලියවිල්ලකට එකතු වේවි. ආදරය කියන්නේ මිත්‍රත්වය නොවන්න හැකියි. ඒත් මිත්‍රත්වය කියන්නේ ආදරය කියන කතාවට අටුවා කුමට මචං.
සඳත් ඉරත් නැති තරුත් වැසී ඇති වනන්තරේ නැත තනියක් ඔබත් මමත් ඇති මටත් ඔබත් ඇති මිනිස් පුරේ ඇයි තනියක් ගලා ගලා යන ගඟේ පිරී දිය ඇලේ දොළේ ඇසුරට වී සිනා සිසී වන පෙතේ හිඳී රස බිබී මුවන් තුඩ ඇතිරී... සොබා දමේ දැඩි සිහිල් නිසංසල සුවේ විඳී ලොව සිතු සේ ඔබේ මගේ පැල බෙදී බිඳී යන සුළං කැරැල්ලේ දුක සේ...
https://youtu.be/512Yeh6y4Rg
ජගත් මාරසිංහ
09 04 2023
https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.