ආදරය දනිමි. කුහකත්වය නොදනිම් සුනිල් අයියේ.

    ආදරය දනිමි. කුහකත්වය නොදනිම් සුනිල් අයියේ.


     ජීවිතයේ  වේදනාව ඇත්තාවූත් නොවන්නාවූත් මොහොතක නැතිනම් නිමේශයක සුනිල් අයියා නැතිනම් සුනිල් විජේසිරිවර්ධනයන් මා බලන්න ආවේ කෙලින්ම ආදරය නිසාමයි කියලයි මාරසට  දැනෙන්නේ. අපි බොහෝ දේ කතා කළා. නමුත් කතා නොකර ඉතිරි කළ මාතෘකාව වූයේ සුනිල් විජේසිරිවර්ධන සහ නලින්ද  සිල්වා එකම තැනක ඉන්නවා මෙන් පෙනුනත් ................ඒකතාව වෙන ලිපියකට කල් දානවා. අනේ මන්දා කියන්නේ නැහැ. ඒක ඇතුලේ තියන ඇත්ත තමා ඇත්ත. ආදරයේ ඇත්ත නොව ජාතියේ ආදරයට ඇත්තේ සීමාවන් සම්බන්ධව කුහක ගැටලු. ඒක පස්සට දාන්නම්.
             මාරස මීට පෙර දාපු පෝස්ට් එක සන්නස්ගලගේ  සිංහල හඬ. ඒකට අනෙකුන්ගේ ඊගෝවට වූ දේ කතා කරන්න මාරසට ඇවැසි නැහැ. මහපාරේ විසඳා ගත යුතු ප්‍රශ්න සයිබර් තාක්ෂණයෙන් යම් තරමකටත් වඩා විසඳා තියනවා.  ඉතා කාලකන්නි විදිහට කතා කරපු උන්ව බ්ලොක් කරලා දාන්න ‌මෘදුකාංග හදපු සකාට තුති.  ඒකත් නැත්නම් තවත් දේවල් ගොඩක් තියනවා කුහක සහෝදරයන් මෙන් ඉන්නා පේක් කාලකන්නියනි.
    මොනවා උනත් ඒ වගේ අචේතනික සිහින දකින යාමයක් අවසානයේ වසර ගානකින් පස්සේ මෙන්න සුනිල් අයියා මා ඉන්න තැන ගේ දොරකොඩ. ආදරය පෙරාගෙන. අපි ගියා විශ්වයට. අප දෙන්නම හිත් හදා ගත්තා. මේ ඒ කාලෙ 80 දශකයෙ මම හිරගෙදර ඉන්න කාලේ එන් ජී ඕ් කියලා මරන්න කස්ටියක් නියම කළ සහෝදරයෙක්. නමුත් ගාමිනී වන්නිආරච්චි අයියා නිසා මා මෙයා ගැන හොයාගෙන ගියා. ඒ චිත්‍රපට හරහා. චිත්‍රපට කියනනෙ මාර දෙයක් . ඒක දැන් භූපති නලින්ගෙන්වත් සරලව අහගනිල්ලා. 
     සුනිල් සර් සිනමාව හරහා ජීවිතයේ අතරමන් කළේ නැහැ. අපි දෙදෙනාම ජීවිතයේ  ආධ්‍යාත්මික ශක්තිය  භෞතික ශක්තිය ගැන කතා කරන්න ගත්තා. දිනන්න නොවේ. මාරසට නම් සුනිල් අයියාගෙන් ආදරයෙන් දිනන්න දෙයක් නැහැ. මොකද මට මතකයි මොරටුවට අංකූර් ගෙන්නුවෙත් සුනිල් අයියා කියලා. සුනිලා ගැන හෝ අන් අය ගැන කතාකරන්න ආවොත් ඒවායේ දයලෙක්තිකය හොයන්න මාරයාලාවත් ආයේ හමුවෙන්න වේවිද මන්දා?
ඉගෙන ගන්න දෙයක් තියනවා විතරයි.
ඉතින් සුනිල් විජේසිරිවර්ධන සර්. ... අයියේ.............. ඔබ උදෑසනම මාරසව  හමුවෙන්න ඇවිත් දී ගිය ශක්තියට ආදරයෙන් තියා මොකකින්වත් වදන් නැහැ. මට සිහි වුනේ ඔයාට කියන්න කාලය අවිනිශ්තව ගී කියන ඒ බව තාම ලියවී නැති නාරද දිසා සේකරයන්ගේ මේ ‌ශබ්දය පමණයි. ආදරෙයි ‌සර්. අහස තරම් නොවේ විශ්වය තරන්වත් නොවේ. එසේනම්!.....
කිසිත් නැතිව ඒ නැති තැනින් අප නොදන්නා තරම් ආදරයි  සුනිල් විජෙිසිරිවර්ධන සර්. කාට හරි තරහා ගියානම් කරන්න දෙයක් නැහැ.

චන්ද්‍ර බිම්බයුරු ඔබෙ වත පවසයි
මෘදු හදවතක තතු..
ඉන්ද්‍රනීල මිණි සේම දෙනෙත් යුග
නොකරමි දිනක රතු..
චන්ද්‍ර බිම්බයුරු ඔබෙ වත පවසයි
මෘදු හදවතක තතු..
ඉන්ද්‍රනීල මිණි සේම දෙනෙත් යුග
නොකරමි දිනක රතු..


අන්ද මන්ද දැඩි චන්ඩ සිතුම් ඇති

පුඟුලන් මැද දෙරණේ..
ඉන්ද්‍රඛීලයක් සේ මම ඉන්නෙමි
නිරතුරු ඔබ සෙවනේ...

චන්ද්‍ර බිම්බයුරු ඔබෙ වත පවසයි

මෘදු හදවතක තතු..
ඉන්ද්‍රනීල මිණි සේම දෙනෙත් යුග
නොකරමි දිනක රතු..

හඩ පටයට ගි පද සැකසිම



අදත් සිනාසී හමුවූ අයුරින්
භින්න රුචික මෙලොවේ...
හෙටත් උදෑසන පිබිදෙන දෑසින්
අප හමුවිය යුතු වේ...

චන්ද්‍ර බිම්බයුරු ඔබෙ වත පවසයි

මෘදු හදවතක තතු..
ඉන්ද්‍රනීල මිණි සේම දෙනෙත් යුග
නොකරමි දිනක රතු..

චන්ද්‍ර බිම්බයුරු ඔබෙ වත පවසයි
මෘදු හදවතක තතු..
ඉන්ද්‍රනීල මිණි සේම දෙනෙත් යුග

නොකරමි දිනක රතු..
https://youtu.be/f6T60ihRzJc
18 04 2023
https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.