සුරතාන්තයක කතන්දරයක් නැති වීදි ආලෝක දඩයම්

                        සුරතාන්තයක කතන්දරයක් නැති වීදි ආලෝක දඩයම්

         සියළු දේශපාලන වැඩකාරයෝත් ශරීර වැඩකාරයෝත් ධනේශ්වර වැඩකාරයෝත් චිත්‍ර ශිල්පියෝත් ඉන්නේ ගෙවල් ඇතුලේ තමා. තව කීවාවූත් නොකීවාවූත් සියලු කලාවට සම්බන්ධ පොරවල් ඉන්නේත් ගෙවල් ඇතුලේම තමා. ඊට පිටින් පන්තිකාමරය එලියට ගෙනිච්චේ අප්‍රිකාව අල්ලපු යුධ නායකයෙක් වූ බේඩන් පවල් තමා. ඒකා අප්‍රිකානුවන්ගේ සචේතනික දැනුමේ දැක්මෙන් වල්මත් වෙලා තමා ස්කවුටින් පෝ වර්ල්ඩ් නැතිනම් බාලදක්ෂ විද්‍යාව කරන්නේ. එයාගේ යුධ මෙහෙයුම් වලට සහ පසුකාලීනව ඔත්තු බැලීම් වලට මාරස කැමති නැති උනත් ස්වභාවය සමග ජීවිතයේ තිබෙන මිහිරි භාවනාව සහ අපි පුළුල් ලෙස බලමු, සූදානම්ව සිටිමු, වගේ දේවල ඇත්ත. මේව ගැන විස්තර මාරස ඉදිරියට ලියනකොට ජනාධිපති පදක්කම් ලීපද්කම්ලත් අහංකාරවාදී බාලදක්ෂ සමාජ පොරවල් වලින් ඒවා ගැලවිලා යන්නේ ෂර්ලොක් හෝම්ස් කියන රහස් පරීක්ෂකයාගේ හදවතේ රුධිරය සිහි කරමින් විය හැකියි. 
         සෑම මිනිසෙකුටම රහස් පරීක්ෂක දැනුමක් ඇවැසියි. වීදි ඡායාරූප ශානරයේ විශේෂිතම දෙයක් තමා ශිල්පියා ඒකාගේ නිර්මාණයෙන් රසිකයාව ප්‍රශ්න කරන කාරණය. මේ ඡායාරූපය වීදි ඡායාරූපයක්. DANI OSHI කියන වෙබ් පිටුවෙන් තමා ආදරයෙන් අහුලා ගත්තේ. ඉතින් වීදි ඡායාරූප ශිල්පීන්ගේ ආත්මීය ලක්ෂන වලින් ප්‍රධානම දේ තමා රසිකයාගෙන් ප්‍රශ්න අහන එක. මේ කවුද මොනවද කරන්නේ කියනවා වගේ අර එක්තරා යුගයක පිනික්ස් කියන වෙළෙඳ ප්‍රකාශකයොත් සිහි වෙලා මාරසට හිනා යනවා ඇති. මොකද මේ කවුද මොකද කරන්නේ කියන වෙළඳ ප්‍රකාශන සමාගමේ ඉලක්කය වුනේ හිරු. හිරු හරහා කරු ආවා මතකයි. ඇඩ්වටයිසින් ජය ගත්ත ඕවන් සහෝදරයා මාර ගේමක් දුන්න බවත් දන්නේ හිරු හොයන්න ගිහින් කියන්නම්. දැන් හිරුත් ඉවරද කරුත් ඉවරද රනිල්ද පොර කියලා ඕවන් ගේ පිනික්ස් එකෙන් අහන්න මාරස විතරක් ඉතිරි වෙලා කියලා වෙළඳ අවකාශයේ හැංගුනත්ත හැංගෙන්න බැරි පොරක් වන මාරසට ආදරය කරන චින්තන ධර්මේගෙන් අහන්න කිසිදා මාරස බය වෙන්නේ නැහැ තමා.
    ඉතින් වීදි ඡායාරුපකරණයේ මේ ඡායාරූපය වීදියේ ඉඳන් ඒ ශානරයට අදාල ප්‍රශ්න කෝටියක් මේ ශිල්පියා අපෙන් අහනවා. ලස්සන කකුල් දෙකක්. කාන්තා පාද වගේ වදිනවා. එවා දැක්ක ගමන් පිරිමි විලම්බීත වෙනවා අනිවා. සපත්තු දෙකේ පතුල් මාරයි ඒවා තියෙන්නේ දාන්කොටු වගේ ගල් අල්ලපු මහ පොලවේ. මේ දේවල් රසිකයාව හිර කරනවා වගේ වදිනවා. කතන්දරයක් ගොඩ නගා ගන්න බැහැ. හැකිනම් ගොඩනගාගත් කතන්දරය ලියන්න. පොඩි අත් බෑගයක්ද තියනවා වගේ. පිස්සු හැදෙන වීදිඡායාරූපයක් වෙන්නනම් ඒක රසිකයාගේ හදවතටම වැදිය යුතුයි. ඒත් කිසිම කතන්දරයක් ගොඩනගාගෙන දෙයක් හිතන්න බැරිනම් රසිකත්වයේ සුරතාන්තය අහෝසියි තමා. ඒක ජයගත් මාර වීදි ඡායාරූපයක්. වදිනවා කොල බොක්කටම. ඒත් ඒ මොකක්ද කියලා කතන්දරයක් හිත්න බැහැ. හිතන්න ගියොත් ආයෙමත් රසිකත්වයේම අතරමන් වෙනවා. හරියටම අර තාවෝවාදීන් සෙක්ස් කරනවා වගේ තමා මේ වගේ වීදි ඡායාරූප විඳින්න වෙන්නේ. ඒ කියන්නේ සුරතාන්තය ජීවිතය කරන් අවසාන සතුට ජීවිතයම කරන් සුරතාන්තයේ කෙලවර කියන විකාරය අයින් කරලා. මාරස දකින්නේ එවන් වීදි ඡායාරූප සැබෑ තාවෝ භාවනාවල කමටහන් වගේ කියලා. ලියන්න. හිතන්න. හැකිනම් අවසාන සුරතාන්තයක් විග්‍රහ කරන්න. හැම ඡායාරූපයකම චලිතයක් තියනවා. ඒක නිශ්චල උනත් රසිකයාගේ මනසේ චලිතයක් තමා. මෙන්න මේ යක්ෂ ඡායාරූප ශිල්පියා ඒ මනසේ චලිතය නවත්තලා අපෙන් අහනවා වගේ දැන් කෝ මේ ඡායාරූපයේ වින්දනයේ සුරතාන්තය කියලා. වීදි ඡායාරූප කියන්නේ සෙල්ලමක් නොවේ. පිස්සු හැදෙන සඳ කියලා සටහන නවත්වන්නේ සෙස්ස පස්සට තියලයි.

කියන්න කවුද ඔබ කියා..
අහන්න උනිමි සොය සොයා..
කියන්න කවුද ඔබ කියා..
අහන්න උනිමි සොය සොයා..

නෙළුම්‌ මලක්ද නිල්‌ විලේ..
නැවුම්‌ සුළං ද ලෝ තලේ..
මුවැත්තියක්ද මහ කැලේ..
කැලුම්ද චන්ද්‍ර මණ්ඩලේ. .

නෙළුම්‌ මලක්ද නිල්‌ විලේ..
නැවුම්‌ සුළං ද ලෝ තලේ..
මුවැත්තියක්ද මහ කැලේ. .
කැලුම්ද චන්ද්‍ර මණ්ඩලේ. .

කියන්න කවුද ඔබ කියා..
අහන්න උනිමි සොය සොයා..

රුවක්ද ගල්‌ කුළේ නෙළු..
ගඟක්ද සීතලේ ගැලූ..
දැලක්ද සල්‌ ගසේ වෙළු..
සුගන්ධයක්‌ සිත්කලු..

රුවක්ද ගල්‌ කුළේ නෙළු..
ගඟක්ද සීතලේ ගැලූ..
දැලක්ද සල්‌ ගසේ වෙළු..
සුගන්ධයක්‌ සිත්කලු..

කියන්න කවුද ඔබ කියා..
අහන්න උනිමි සොය සොායා..
කියන්න කවුද ඔබ කියා..
අහන්න උනිමි සොය සොයා...

https://youtu.be/8LeshQxp834

https://jagathmarasinghe.wixsite.com/mare
07 04 2023

 



Powered by Blogger.