පෙරලෙන ලෝකයේ ආදරයට කාලය කම් කිම්!!!

පෙරලෙන ලෝකයේ ආදරයට කාලය කම් කිම්!!!

             ලාංකේය සමාජයේ තමන්ට හිතෙන දේ කියන්න ගියාම වැඩියෙන්ම කෙලගන්න එන්නේ වමේ උන්ම තමා. නමුත් මාරයා කොච්චර බැන්නත් විවිධ ආකාරයෙන් පහර දුන්නත් මාරයා අද වෙනකම්ම මාක්ස්වාදීන්ගෙන්වත් හේතුවාදීන්ගෙන්වත් වචනයක බැනුමක් අහලා නැහැ. ඒ ආදරය කුමක්ද කියලා හොයනකොට ගොඩක් දේවල් හිතට එනවා. ඒ වගේම උන්ගෙන් ලෝකෙට යමක් වෙන්වෙන්න සිද්ධ වෙලා තිබ්බත් කොහොමද ඒක කරන්නේ වගේ ආදරයේ විලම්භීත අදහසුත් උනගාව තියනවා කියලා හිතට එනවා තමා. කවුරු මොනවා කිව්වත් මාක්ස්වාදය සහ හේතුවාදයට යන එදා සැබෑ තත්වයන්ට යට වූ කොල්ලො කෙල්ලො අදත් එතනම පැලපදියම වී නාකි වූ වමේ මිනිසුන් පවා අදටත් මාරසේ මාර ආදර වන්තයෝ.

මාක්ස්වාදය ට්රොස්කිවාදය පමණක් නොවේ හේතුවාදයත් ඉදිරියට ගෙන ගිය මිනිස්සුත් තවම ගෙන යන මිනිස්සුත් අළුතින් එකතුවන නව රැල්ලත් මාරසේ මාර ආදර වන්තයෝ. ඒක ගැන වෙනම ගවේෂණය කරන්න මාරසටනම් අමාරුවක් නැහැ. මොකද ඒ අමාරුව අදට ඒ පරපුරට ගෑස්ටික් වගේ ජීවිතයේ ජීවිත චලිතය රෝගයක්ම බවට අද පත්වී ඇති නිසා. යූ ටියුබ් නාලිකාවන් දිහා බලා හොයාගත්තම තනකොළ කෑවත් සකල රෝග සුව වෙන බව මාරයි කියන ආතල් නූතන වෙළඳ ආතල් කතා තව ටික කාලෙකින් චැප්ලින්ලා වගේ මාර පොරවල් බිහිකරන්න උප සංස්කෘතියක් හදාවි.
මේවා ගැන සීරියස් ලියන හෝ කතා කරන අයට මේ දොර අරිමින් උනට මාරසද මරණයෙන් පසුවත් ආදරෙයි කියන්නේ අල්ලස් දීමක්ද, නැතිද යන්න තම තමුන්ම හිතා ගන්න. ආදරය කියන්නේ වෙන මගුලක් නොවේ යකුනේ. ආදරයම තමා. ආදරය කියන්නේ සරලව කියනවානම් කිසිත් නැති තැනද? තමන් විසින්ම ඒ සූන්යාත්වයද නැතිනම් වෙන කෙහෙල් මලක්ද කියලා හිතා ගන්න. හැබැයි අමතක කරන්න එපා. කෙහෙල් මලත් මලක් කියන කාරණාව. කෙහෙල් මලත් ඉතා ලස්සන මලක්.
මාරසට ඇඩ්රස් නැහැ නොවේ තියනවා. කිසිදා හැංගිලා ලියලා නැහැ. මේ ඡායාරූපය මාරස දැක්කේ සයිබර් රස්තියාදුවේ යන ගමනෙදි එක්තරා වීදියක *Street Photography in Milan by Leica Ambassador Eolo Perfido.* කියන වෙබ් පිටුවක්ද ‌වෙබයක්ද හොයාගන්න බැරි ආතා භූත පිටුවක තිබිලා. කෙසේ හෝ මේ ආදරය. මේවා 1980 කාලේ නොවේ අදටත් අපට පොදු අත්දැකීම්. මීට වඩා දේ ලියන්න තියනවා. කොටින්ම දෙහිවල බ්රොඩ්වේ එක ගැන ලිව්වොත් ආදරයේ විරහවල් ගැන ලියන්න මාරසේනම් ශබ්ද කෝෂයේ වචන නැහැ. අනික එදා ඒ තැන්වල ආදරය කළ පිරිමි ආත්මාර්ථකාමි මාරස වන් ආත්මයන්ම කෙසේ වුවද දිවිනසා නොගත් ඒ කාන්තාවන් අද දරුවන් හදා වඩා ගෙන හිටියත් උනගේ ඊගෝව ගැන තවමත් හරිහමන් කලා කෘතියක්වත් බිහිවුනාද නැත්ද යන කාරනයම කේදවාචකයක්. ඒක එහෙම තමා නැත්නම් ඒ කරුමේ වගේ කතා අදාල නැහැ. යුගයක කේදවාචකය පිළිගත යුතුයි. මේක සිනමා තිරයක් මැද පෙන්නන්න හැදුවේ අසෝක හඳගම විතරද මන්දා. ඒක කියන්නෙ ගොඩක් දුරින්. කේ කේ සමන් කුමාරගේ සාහිත්යය මේක පෙන්වන්නේ හරියටම ගැටපද සිහින මගින්. ඒ පෙන්වවන්න උත්සහා නොකලත් කලාවේ නාමයෙන් ඒකගේ නිර්මාණ ගැන පේනනේ ඇස් තියන මිනිසුන්ටත් වඩා අන්දන්ට පමණක්ද කියලත් හිතෙනවා. සිහින කල්පිත සාහිත්ය වනාහී බයින් පෝල්ඩ් සෙක්ස්ද යන්න විචාරන්න කිසිවෙක් ඉදිරි පත් වෙන්නේ නැත්තේ 80 දශකයේ පොරවල් වලට තියන බය හින්දද කියලා අහන්නේ අසූව උස්සන්න නොවේ. මාරසටද ගැටලුවක් නැතිඋනත් අළුත් එකාලා අළුත් කියලා පරණ මගුල් බාරගන්න කාරණය නිසාම තමා.
කෙසේ නමුත් මේ ඡායාරූපය ගැන කියනකොට පිස්සු හැදෙන වීදි ඡායාරූපයක් කියලා දැනෙන්නේ අපේ ජීවිත කාලයේ කාල අවකාශ තත්ත්වයන්ට සෙට් නිසා තමා. ඔව් මෙතන පදිතයන් මග මාරුවෙන තැනක්. එහෙන් වාහන. මෙහෙන් වාහන. මහා ජන ගඟක් බලාගෙන ඉන්නවා. ඒ අස්සේ පොඩ්ඩ මිස් වුනොත් මහා සංස්කෘතික වගේ පෙනීසිටින සංස්කෘතික නොවන අම්මලා තාත්තලාට මේ ආදර සිහින ආරංචි උනොත් මළ කෙලියයි. නමුත් ඒ කෙලියේ ඇත්ත මගේ දුවට සහ මගේ ප්රතාට කුල සහ ආර්ථික බලයෙන් යුත් අනෙකා හමුවෙලා තියනවාද, ඉක්මනට දෙන්නාව සම්බන්ධ කරලා ගහලා දානවාද කියන කතන්දරය පමණයි නේද ? ඒ අසූවේ අද පොරවල් වූ දෙමාපියන්ටත් අද තියෙන්නේ.
නමුත් ඒ මැදපන්ති ‌අම්මා තාත්තගේ දෙපවුල් සංස්කෘතීන් පොදුවේ නොවේ පුද්ගලිකවත් කවුරුන් හෝ නම් කරනවා නම් මාරසට ලිවිය හැකියි. හැබැයි අනාත සාගරේ කියන මාතෘකාව යටතේ තමයි. 80 දශකයේ මාර විප්ලව කරලා දැන් අර පරණ කරත්තයේම නැගලා ඉන්න අයගේ දුවලා පුතාලාගේ ආදර සම්බන්දතා වල විකාර හොයන වුන් මාරයි. ඒ ඇවිත් ‌මාක්ස් වාදී නොවන්නා වූත් වන්නා වූත් හේතුවාදීම වන්නාවූත් කුලකයක අද්වීතීය භෞතික වාදී පොරවල් වලින් සැදුම් ලත් කුලකයක්. ඇවැසිනම් කතා කරන්න මාරස සූදානම් නැති උනත් ඒ කතන්දරය අද සැබෑවක්. කොටින්ම උනට කියන්න වෙන්නේ අනාත නාත කියලා නොවේ අනේ අනාතයන්ගේ දර්ශනය කියලා.
කොහොම උනත් මේ ඡායාරූප ආලෝක දඩයම නගරයක විශේෂිත රූප රාමුවක්. පදිතයන් මාරුවන ස්ථානයක්. එතන වාහනයක් නතර ‌කරලා තියනවා ඈතින්. පසුබිමේ තියන වෙළඳ පුවරු මරු. සිග්නනල් ලයිට් තියනවා. නමුත් වමේ කිට්ටුවෙන්ම පසුබිමේ තියෙන්නේ තනි රෝදයක්. ලෝකය කැරකෙයි කියන අතීතයේ ගීතයකුත් සිහියට ආවා වගේ ඒ රෝදයත් නිකන් හයිලයිට් නොවී ඔහේ ඔහේ තියනවා. ඒ ඡායාරූපයේ ඉලක්ක ඡායාරූපය ලඟින්ම තියන විදුලි රැහැන් ඇඳ ඇති කනුවේ පෝස්ටර වලින් කිසිත් මතු කරගත නොහැකියි. ඒ කියන්නේ පසුබිමෙන් තාරුණ්යයේ සැබෑ ලිංගික යුගලන ආදරයේ මහිමයට අන් සියලු සන්නිවේදන යටත් කියන කතාවම තමා. ඒක එහෙම තමා යකෝ කියලා කියන්නේ ඒ වගේ යුගයක තරුණයන් වුවද අද වයස හැට ඉක්මවූ මහල්ලන් තමා. ඒක තමා මරු කියලා අද ඉන්න කොල්ලෝ කියන්නැති බව දන්නවා. මන්ද මහා විශාල තරුණ සංහාරයකට පසු අද කොල්ලන් වනාහී කොල්ලන්ද එසේ නොවන්නේද කියලා කියන්නේ තව පරපුරු දෙකක් විතර ගියාට පස්සේ බිහිවන කොල්ලන් කෙල්ලන් විනා මේ අපේ නූතන කොල්ලන්ම නොවේ. ඒකලා වැඩ දැම්මට ඒ වැඩවල සීමාව හරියටම අනාගත පරපුරේ කොල්ලන් දැනුම් දේවි. වැඩිය දඟලන්න එපා කියලා උඹලාට කියාවී. ඒත් දඟලපල්ලා. අනාගතයේ නුඹලාගගේ පුතුන් සහ මුනුබුරන් විසින්ම අධ්යතන සමාජ චලිතයේ හැටි මේ තමා ඒක අනිවාර්යයි කියලා සාධනය කරාවි. හැබැයි ආදරය නාමෙන් ඒත් මේකම විය හැකියි.
කෙසේ වුවත් මේ‌ වීදි ඡායාරූපය ආදරයේ ප්රතිමූර්තියක් වගේ. ආදරය අන්ධයි කියනවා. මාරසට මතකයි දෙහිවල බ්රෝඩ්වේ එකේ මාරස‌ ආදර වන්තියත් සමග කිස් කරමින් ඉන්නකොට පොලීසියෙන් පැන්නා. ඒකලා මාරසගෙන් ඇහැව්වා මොකද මේ කරන්නේ කියලා. අපි අසූවේනේ. කෙලින්ම කිව්වා සෙක්ස් කරනවා තමා අපි දෙන්නගේ අම්මා තාත්තලාද දන්නවාකියලා. ඉතිරිය දුරයි. ඒ කාලයද මේ කාලයද ඇවැසිනැහැ. ආදරය කියන්නෙ අන්ධ කියන්නේ මුලාවක් නොවේ. බලයින්ඩ් පෝල්ඩ් සෙක්ස් කියන්නේ තවත් ශානරයක් නොවේ. ඔක්කොම ආදරය කියන්නේත් සෙක්ස් කියන්නේත් ‌මේ දේශපාලන විකාරයේ බලයින්ඩ්පෝල් සෙක්ස් ලව් තමා. නමුත් ඇස් බැඳගෙන ඉන්නේ හෝ බැඳ දමන්නේ ඉස්සරනම් ගැහැනුන්ගේ උනාට අදනම් ඇස් බැඳගන්නේත් ඇස් බැඳ දමා ඇත්තේද පිරිමින්ගේ නොවන්නේද යන්න ස්ත්රීවාදය ගැන ආදරයක් ඇති ඒකිලාම කියනවානම් මරේ මරු කියා සටහන් කරන්නම්. අද තරුණ පරම්පරාවේ පිරිමින් බයින්ඩ් පෝල් සෙක්ස් වල චරිතම තමා කියලාත් විකාර රූපී වගේ පේන සැබෑ සාහිත්යය භාෂාවෙනුත් ලිවිය හැකියි.
මේ ගැන හොයන බලන උන්ට ඇස් නැත්තේ හින මානය, මහා ‌මානය, නැතිනම් සෙයිසා මානය නිසාද කියලා ප්රොයිඩ් ආත්ම වලින් අහලාවැඩක් නැහැ. සිද්ධාර්ථයන්ගේ හෝ බුදුනුවන්ගේ සෙයිසා මානය ප්රොයිඩ්ලාගේ දැනුමේ ඇත්තෙම නැහැ කියන්න ඉන්ගිරිසි ඇවැසි නැහැ කියලා ඒවා හංගන පරපුරත් දන්න බව දන්නවා. ඒ වුනාට ඒ යක්ෂ ආත්ම වලට මාරස ආදරෙයි. මොකද උන්ගේ ඇම්ම විතරයි අද සැනසෙන්න තියෙන්නේ හින්දා වෙන්න ඇති.

කොහොම උනත් කමක් නැහැ. මේ වීදි ඡායාරූපය මාරසව අතීතයට ගෙන ගියා. මේක නිකන් අසූව දශකයේ ආදරයේ සහ ආදරයේ පරමාත්වයේත් වේදනාවේත් ශිලා ලිපියක් වගේ. නැහැ කෙලින්ම කියනවා කැත කතාවක් විදිහට ලස්සන කතාවක්. අසූව දශකයේ ආදරය සම්බන්ධව 2020 ‌වෙනකොටවත් ආදර කෘතියක් තාම සිනමාවේ තියා කෙටි කතාවක නොවේ කවියකවත් තියනවාද කියලා මාරස නොබියව අහනවා. ඒ ඇයි කියන කතාව මාරයි. තියනවානම් හැකිනම් විචාරාත්මකව පෙන්වන්න කියා ඉල්ලමින් ලෝකය වෙනස් කළ 80 ආදරය ගැන සංකල්පීයව ලියන්නේ අද දවසේ වයසක නාකි වූ පරපුරට සිහිකර දෙමින් මාරස නිහඩ වන්නේ උඩ බලාගෙන කෙලබෙට්ටක් ගසාගෙන බවද කියමින් සටහන අවසාන කරන්නම්. මොක උනත් ආදරය කියන්නේ ආදරය.  

ලෝකය පෙරලෙයි...

කාලෙ ගෙවී යයි....
මරුවා ලඟා වෙනවා....
සිතු දේ නොම වෙයි..
නොසිතු දෙයක් වෙයි...
ලොව දම් කැරකෙනවා....

ලෝකය පෙරලෙයි...
කාලෙ ගෙවී යයි....
මරුවා ලඟා වෙනවා....
සිතු දේ නොම වෙයි..
නොසිතු දෙයක් වෙයි...
ලොව දම් කැරකෙනවා....

පොහොසත් දරුවා කැලේ පැලේ

දුකසේ දැඩි වෙන්නා පවේ බලේ ...
පොහොසත් දරුවා කැලේ පැලේ
දුකසේ දැඩි වෙන්නා පවේ බලේ ...
දුප්පත් දරුවා සුව යහනේ මත
සැපසේ වැඩෙනා පිනේ බලේ...

ලෝකය පෙරලෙයි...
කාලෙ ගෙවී යයි....
මරුවා ලඟා වෙනවා....
සිතු දේ නොම වෙයි..
නොසිතු දෙයක් වෙයි...
ලොව දම් කැරකෙනවා....

මනුබව මත් මේ ඉපදීමත් මරනෙත්

එක වාගේයි ඔබේත් මගේත්...
මනුබව මත් මේ ඉපදීමත් මරනෙත්
එක වාගේයි ඔබේත් මගේත්..
දුප්පත් පොහොසත් දෙකක් මොකද මේ..
මෙලොවේ ලොකු පුදුමයක් වගේ...

ලෝකය පෙරලෙයි...
කාලෙ ගෙවී යයි....
මරුවා ලඟා වෙනවා....
සිතු දේ නොම වෙයි..
නොසිතු දෙයක් වෙයි...
ලොව දම් කැරකෙනවා....

කර්මෙහි සධරා උපදිනවා අපි කවුරුත් එකා වගේ
දුක හා සැපතාක් ලැබේවී

අපේ පවත් පිනත් වාගේ...
කර්මෙහි සධරා උපදිනවා අපි කවුරුත් එකා වගේ
දුක හා සැපතාක් ලැබේවී
අපේ පවත් පිනත් වාගේ...

ඇතත් නැතත් පරලොවක් තිබීලා..

පවින් මිදෙව් මේ ලොවේ සැමා..
නැතෙයි සිතා පව් කලොත් විපාකේ
දුකා ලැබේමයි නැතේ සමා..

ලෝකය පෙරලෙයි...

කාලෙ ගෙවී යයි....
මරුවා ලඟා වෙනවා....

සිතු දේ නොම වෙයි..
නොසිතු දෙයක් වෙයි...
ලොව දම් කැරකෙනවා....

දොයි.. දොයි.. දොයී බයි... බයි.. බයී

දොයි.. දොයි.. දොයී බයි... බයි.. බයි
දොයි.. දොයි.. දොයී බයි... බයි.. බයී
දොයි.. දොයි.. දොයී බයි... බයි.. බයී
දොයි.. දොයි.. දොයී බයි... බයි.. බයී

දොයි.. දොයි.. දොයී බයි... බයි.. බයී

https://youtu.be/xE9xh0r389g

06 04 2023




Powered by Blogger.