ගින්දරද ආදරයද පතුරන්නේ සුළඟ බව වලාකුළු දන්නේය !!!

               ගින්දරද ආදරයද පතුරන්නේ සුළඟ බව වලාකුළු දන්නේය !!!

    ආදරය කියන්නේ කුමක්ද යන්න මාරසත් එදා සිටන්ම හොයනවා. සමහර දේවල් නොවේ සෑම දෙයක්ම වගේ හොයා ගන්න බැහැ කියලා හිතෙනවා. ඒක හරියට අර අප විමුක්තිය හොයනවා වගේ කියලා කියනවා. එක්තරා කාලයක් තිබ්බා 80 දශකය සාන්දෘෂ්ටිකවාදය මාරයි කියන. ඒ යුගයේ මාරසත් එතන හිටියා තමා. මාරේව මැගසින් බන්ධනාගාරයේ හිරගත වුනෙත් ඒ සාංදෘෂ්ටික වාදී යුගයේ තමා. ඒක කේ කේ සමන් හෙවත් සර්පයා විසින් මිතුරන් මිතුරන් අතර ප්‍රකාශයට පත්කළ යුගයක්. නමුත් සාංදෘෂ්ටිකවාදය සහ ජීවිතයේ පෝෂණ අවකාශය  මාරයි බන්. ඒක ආදරයේ පරාජිත යුගයක්. කල් පසුවන විට මාර පෝෂිත යුගයක්. මිනිසුන් වයසට යනකොට මෑත කාලීන මතක අමතක වෙනවා. නමුත් විස්සෙන් පෙර මතකනම් මාර විදිහට සිහියට එනවා තමා කියලා ජීවිතයේ අත්දැකීම් වලින් හැදුන ජ්‍යෝතිෂයත් කියනවා. නමුත් මාරසටනම් මේක වෙනස්.

   මතකය හරිම කරදරයක් වෙනවා. නින්ද ගියත් ඒ අවස්ථාවේ අම්මලා අක්කලා බලන ටෙලි නාටක මතකයි වගේ. ඉතින් කොච්චර බීලා නිදා ගත්තත් මේක එහෙම තමා. ඉතින් නිදිපෙති ගොඩක් බීලා නිදා ගත්තොත් මරණය බව දන්නවානේ. මැරෙන්න කවුද කැමති. ජීවිත තන්හාව නිසා නොවේ කිසිසේත්ම මැරෙන්න බය නැත්නම් ඉතින් ඒක ලෙඩක් කියාවි. ඒ ගැන කතා ඇවැසි නැහැ. කවුරුත් මැරෙන්න බය නිසා.  

   අතීත මතක කියන්නේ අර කියන නොස්ටැලිජියාවවන් සෙක්ස් හෝ ‌වාම දේශපාලනික ටැලිජියාවක් ගැන නොවේ මම කියන්නේ. 

    මේ ඡායාරූපය මාරස අහුල ගත්තේ නමක් කියන්නට නොහැකි ‌‌වෙබ් පිටුවක දමා තිබි තැනකින්. ‌ඒක හරියටම විහාරමහා දේවි පාක් එකනම් නොවේ වගේ. නමුත් පේරාදෙනියටත් වඩා හග්ගලටත් අනුලෝමව සමානුපාතිකයි වගේ.

      අදටද ඒ මල් පිපුණ උද්‍යාන වල ආදරය සැරි සරණවා. මාරසට දැනෙනවා මේ මහා මහප්‍රාණ බකපණ්ඩිත දේශපාලන මහා පොරවල් වලටත් වඩා ඒ පොරවල් අනුදකින දුහුනන්ගෙන් අහනවාට වඩා ඒ පාක් වලට ගිහින් සුළඟින් අහන්න ඒ ආදර වලට මොකද උනේ බන් කියලා. අනිවාර්යෙන්ම ඒ සුළඟත් මේ සුළඟත් දෙකක් නොවේ. විද්‍යාත්මකවද මොකක්ද මගුල් වලින් ගත්තොත් ඒ වගේම දාර්ශනික ධර්ම පදනම් වලින් ගත්තොත් ආදරය නැතිව සිද්ධාර්ථ ගෞතමයන්ද අමතක කර දැමිය හැකි කතන්දර  ගැන හිතන්න සිදුවේවි. අවසානයේ ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසයත් පැත්තකට දා මක්කමට විරුද්ධව කැරලි ගසන්නට සිදුවේවි. මහායානය ත්‍රන්ත්‍රයානය පටලවාගෙන කුණුහරුප දේශපාලන බණ නොවේ අධිපති කාලකන්නි දේශපාලන බණ අසන්නට හෝ කියන්නටද සිදුවේවි. මහා මුද්‍රා ගීතය ලියපු තිලෝපා පමණක් නොව මාර්පා මිලේරේපලා ගාවාගෙන භගවාන් රාජිනීෂ්‌ හෙවත් ඕෂෝගේ රෙදි ගලවන්නත් සිදුවේවි.

   නමුත් මේ ඡායාරූපය දැක්ක ගමන් මේක කවුරුත් දන්නා ඉතා ජනප්‍රිය ශානරයක ඡායාරූපයක් වගේ දැනුනා. නමුත් මේ වගේ දෘෂ්‍යමය ඡායාරූප ආලෝකයේ ප්‍රවේගයට සාපේක්ෂකව තාම යථාවක් හෝ ඒ ආලෝක සටහන් විශ්වයේ භෞතිකවම කොහේ හෝ ඇති නේද අයින්ස්ටයින්............!

 ඒ නිසාම මාරස මේ ඡායාරූපය ගැන කිසිත් නොකියා මෙසේ කියන්නම්. තාම අපට වලාකුලක් දකින්න හැකිනේ. වැඩි දුර ගියොත් කියන්න හැකියි ඒ වලාකුල නොවේ මේ වලාකුල කියලා. නමුත් ඒකමයි කිව්වත් කිසිවෙකුට සැබෑ ලෙස විරුද්ධ විය නොහැකියි. බුදු අම්මේ කාලි දාසව මතකයට එනවා වගේ. මේඝ දූතය කියන්නේ මාර ආධ්‍යාත්මික කතන්දරයක්. කාරි නැහැ අපි සුළඟින් හරි වලාකුලකින් හරි අහමු මේ ජීවිත තාම ජීවතුන් අතරද කියලා නොවේ. ඒ කාලයේ තිබ්බ සැබෑ ආදරය තාම ‌විශ්වයේ අප නොදන්නා තැන්වලින්වත් හිස්වෙලා නැහැ නේද කියලා. කාලි දාසයෝගේ මේඝ දූතය මතක් වෙනවා වගේ වෙනවා මේවා ලියන්න. කෙසේද එවන් විශ්වීය සුගායනා කෙටියෙන් ලියන්නේ. වලාකුළු පැත්තකින් තියලා අපි අපේ අතීතයට ගියාම ඉතින් සුළඟ මතක් වෙනවා. ‌මොනවා උනත් වලාකුළුයි සුළඟයි කාගේ කාගෙත් ආදරය ගීත සුසර කරනවා තමා කියලා මාරස මේ සටහන අවසාන කරන්නම්. 

එන්න මද නලේ
ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි
හිර ගෙයට ඇගේ

දිවා රැයේ වැලපිලා
දෑස ඈගේ රතුවෙලා
කියන්නකෝ මගෙ දුක
ඇගෙ කනට ළංවෙලා

සෝක පණිවුඩය යවන්න ආදරිය බලා
කාලිදාස කිවිදු මේඝ දූතයක් කළා
මට කොයින්ද එම වලා
ආමි සුළගෙ ඔබ බලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කනට ළංවෙලා

සංදේශයකින් යවන්න මෙ දුක උන් අතේ
හංස ගිරා ලිහිණි කොවුල් කුරුල්ලන් නැතේ
සුළගේ මා අසරණයි
මට ඇති වස්තුව ඇයයි
කීවොත් මගෙ දුක සදහට ඔබට මා ණයයි 

පද - කරුණාරත්න අබේසේකර
ස්වර - තිලකසිරි ප්රනාන්දු
හඬ - තිලකසිරි ප්රනාන්දු

https://youtu.be/D_dD4-Dc27I

ජගත් මාරසිංහ

26 04 2023 

https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.