රථ ගායේ සුන්දරත්වය සහ ගොඩ සිට නැව් පෙරලීම

              රථ ගායේ සුන්දරත්වය සහ ගොඩ සිට නැව් පෙරලීම

         මාරස සයිබර් රස්තියාදුවේ යන හිතුවක්කාර ලාබයක් නැති තනිකරම තමන්ට පේන දේ හොයමින් යනකොට දුටු දේ මෙසේ ඒ වීදියේ තිබි තවත් වීදියක් මෙසේ නම් කළාද කියා සැකයක් තිබ්බා. ඒ වීදියේ නම ගහලා තිබුනේ රථ ගායේ සුන්දරත්වය කියලයි. දැක්ක ගමන් අතීතය සිහිවුනා. නමුත් ඒ සිහිනකල්පිත සාහිත්‍යය හෝ අභිතාත්විකවාදී හෝ මැජික්වාදී සාහිත්‍ය නොවේ. මන්දා ජනක ඉනිමන්කඩ වනන කිසිදා දුරකතනයකින් කතා කරන්න බැරි විදර්ශන කන්නන්ගර සහෘදයානම් වරක් කිව්වාලු ඒ සිහින වාද නිසා සාහිත්‍යයට යම් හානියක් වුනා කියලා. විදර්ශනත් අවසාන වයසේ බුද්ධ හොයා යන නියම මාවතකදී සයිබර් රස්තියාදුවේදීවත් මුහුණට කතා කරලා දෙයක් ගැන විසඳගන්න ලැබෙයි කියලා මාරස හිතන්නේ නැහැ මාක්ස්වාදී න්‍යායෙන්නම්. ඇට කටු අහුරක් හොයාගෙන පරිනාමවාදය කියලා මොකක්ද දේවල් යම් විද්‍යාත්මක පදනමකින් ලියපු චාල්ස් ඩාවින්ටත් වඩා අර්නස්ට් හෙමින්වේ ලියපු " මහල්ලා සහ මුහුද" ‌කියන සිංහල පරිවර්ථනයේ මහල්ලාට ටයිටැනික්  මුහුදු විද්‍යාඥයන්ට වඩා ආදරේ හිතෙන මාරසට කවදාවත් විදර්ශන විතරක් නොවේ දර්ශනවත් හමුවෙන එකක් නැහැ නොවේ හමුවුනත් අප හඳුනාගන්න පදනමක් ඇති විය නොහැකියි. නමුත් හඳුනා ගන්න දේකුත් නැහැ. හරියට අර බිලින් වලට කාමරංගා  හමුවුනා වගේ වෙයි කිව්වලු.

        මේ රථගායේ සුන්දරත්වයේ මාවතේ යන විට වේගය ජයගැනීමට තාක්ෂණය විතරක් මිනිස් චින්තනයට ප්‍රමාණවත් නොවන බව දැනෙන නිර්මාණාත්මක චලිත රථයක්. කෙලින්ම නැවක ආකෘතියක් වගේ. අර අලියා සහ කෝච්චියක් විතරක් නොවේ සම්මත විදිහට ඉතා කැත ගැහැනියක් දිහා හෝ ඇස හිටිනවා වගේ තමා නැවක් දැක්කත්. මාත් වසර විස්සකටත් වඩා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මොරටුවේ සිට කොටුව දක්වා ගිය ගමන්වාර බොහෝයි. ඒ අතර දැකපු දෙයක් තමා මුහුදේ නැවක් ඈතින් හරි නැංගුරම් ලා තියනවානම් ඒ දිහාම බලාගෙන තමා කාන්තා කස්ටියනම් ගමනේ පැද්දි පැද්දී යන්නේ. තවත් සමහරුනම් ඒ අර රනිල් සන්නස්ගලට ගෙනාපු කොල නැව කියාවි. නැතිනම් හොරෙන් කලු සල්ලි සුදුකරන්න ආපු නැවක් කියාවී. නැතිනම් අර මාධ්‍යවේදී රිචඩ්ද සොයිසාගේ ඇට කටු ගොඩ ගන්න රිචඩ්ගේ මෑනියන්ගේ කාන්තා හඩ නිසා  ජ්‍යාතන්තරෙන් ආපු නැවක් කියාවී. මාරස නම් වරක චර තවත් වරක තිර එසේම උභය ජීවී භවයකට හෝ ආත්මයකට උරුමය නැති උනත් එසේ වීමට ඊගෝව බල කරණ නිසාද මුහුදට වඩා බලන් හිටියේ සහ අහන් හිටියේ මේ මිනිස් යක්ෂාත්මයන් නාගාත්මයන්ද යන්න තේරුම් ගැනීමට වෙන්න ඇති කියලා ඒ මොහොතේ නොසිතුනේ සමහර විට පිස්සුද කියලත් නොසිතෙනවා නොවේ.

            කෙසේ උනත් මිනිස්සුන්ගේ දේවල් විඳවීමේ කලාව මොන යථාර්තවාදය උනත් මොන නූතන වාදය උනත් රොමැන්ටික් කියන ජානමය බැම්මෙන්නම් ගලවන්න බැහැ. ඒකෙත් ප්‍රාතමිකම සිද්ධි සිද්ධාන්ත ගොඩයි. ඉතින් ඒ ආශාවට අපිට කිව හැකියි මිනිස්සු මුහුදේ යන නැව් වලට ආස කරන්නේ අප දූපතක ජීවත් වූ ජාතියක් නිසා නැව් එනකන් බලාහිටපු මුතුන් මිත්තන්ගේ ජාන කියලා. 

              අහලා තියනවා කවියක දෙවන පැරකුම්භාවන් අරාබියෙන් ගැහැනියක් ගෙනාවා කියන කතාවත් ඒ ගෑනිගේ අරාබි පියා පාර්සලයක් දුවට ආදරේට නැවක් මගින් ඒව්වා කියලත්. සේද මාර්ගය ගැන වැඩියෙන්ම විද්‍යාත්මකව කතා කළේ එක්තරා මොහොතක හෙළ කියන නම් ලත් චම්පික බවත් සිහියේ තියනවා. හෙළයන් කියන පරපුරම මුහුදේ ආත්මයන් බව කොදෙව් වාසීන්ගේ ජාන වගේදත් හිතෙන වාර අනන්තයි තමා.

      දෙවන පැරකුම්බා නිරිඳුන් ඒ පාර්සලය ‌දේශීය වෛද්‍ය විශේෂඥයන් ලවා පරීක්ෂා කරන කළ ඒ එවා ඇත්තේ වාජීකරනයද රූප ලාවණ්‍යද වඩන රට ඉඳි පාර්සලයක් බවත් දැන ගත්තා කියා. මේ කතාව මාරසට කීවේ බොරුපන රුහුනු වෙද මහතා. ‌(කොටින්ම ගර්මකලාපීය දූපතක මුහුදෙන් වටවුන අවකාශයක ජීවත් වෙන මිනිසුන්ට ව්‍යාග්‍රා කුමට කිව්වලු.) 

     පැරකුම්බා නින්දා වෙන්කත පරදන බිරිඳක් සරණෙට අරගත්තා කිය කියා යන කවි මාලාව ගැන දිග වැඩි නිසා සෙස්ස පස්සට තියමු. රට ඉඳි ඇටය ලංකාවට ආපුවාම පිටරට වලින් ගෑනු උස්සන ගතිය රාජකීය පෙලපතට අඩු නෙවේ වැඩි වෙන්න ඇති. දන්නවානේ අන්තිමට රජ පෙලපතේ පුරුෂ වාසගම් වෙනස් වූ හැටි විතරක් නොවේ ලාංකේය කුල සංස්කෘතියේ පවා පැටලිලා තියන කතන්දර ගැන. පෙරහැරවල් වල තියන වඩිග පටුන සහ සලාගම කුලය ගැන පමණක් නොවේ තව බොහෝ දේවල් සම්බන්ධව මේ කොදෙව්වේ මිනිසුන් මුහුදින් නැව් එනකන් බලා සිටියා තමා. මොන්ගෝලියන් ආක්‍රමණය කාලේ පැත්තකින් තියලා මුහුදින් විජය ආපු හැටි මහා වංශය වැරදි හෝ හරි හේ සුජිත්ගේ වාම කුල සංස්කෘතිය ඇතිවෙනවාට පිටින් සිංහ වංශය සම්බන්ධ කරමින් නිවිති බලා ලියන ලද පත පොතේ ඇති ආකාරයට බුදුන්ගේ වාසගම සිද්ධාර්ථ ශාඛ්‍යසිංහ බවත් සත්සියක් සිංහයත් පැමිණීම ගැන ලිව්වා වූ කතාවෙත් අහක දැමිය යුතු දේ බොහෝ උනත් කැලණි විහාරයේ කොටා ඇති පරිදි රනිල් වික්‍රමසිංහ පරපුරේ ආච්චි සීයලා මුතුන් මිත්තන් ගැනත් කැලණි විහාරයේ නාගයන් සහ යක්ෂයන්ගේ ගැටුමත් මාර කතා මතුකරන බවත් මාරස වාචාල කමට සිහිගන්වමින් නැවත මුහුදට යන්නේ රථගාය හොයා ගියත් මාරස අනාගත පටුනේ ලියන්නට බලාපොරොත්තු වන දේ පාඨක ඔබට සිහි ගන්වමින් තමා. 

              ඉතින් කැලනි විහාරයේ බිතුසිතුවම් අතරත් තියනවා මහා නැවක්. සෝලිස් මෙන්ඩිස් නම් බිතුසිතුවම් ඇඳි මහා චිත්‍ර ශිල්පියාට නැවක් අඳිනවා කියන කාරණය කජ්ජක් නොවන බව හේමමාලි සහ දන්ත කුමරුන්ගේ චිත්‍රය නොවේ ඒ චිත්‍රවල එක ඉරිකෑල්ලක් ඇති කියලත් හිතෙනවා

             කොහොම හරි දූපත් වැසියන් වූ අපට නැව් ගැන ඇති දැක්ම මාරයි. කොටින්ම මුහුද සම්බන්ධව ඇති පැන්ටසි දැක්මත් පිස්සු හැදෙන සඳම තමා කිව්වලු. සිරි ගුණසිංහයන්ගේ සත්සමුදුර මේවා ලියාගෙන යද්දි සිහියට එනවා. සේකරගේ සිනිදු සුදු මුදු තලාවෙන් පටන් අරන් මුහුදු පුත්තු නාටකයේ දිගක් පලලක් යොදුන් ගණනින් මනින්නට බැරි සාගරේ කව් ගීතත් පසුබිමෙන් දෝංකාර දෙනවා තමා.

          කෙසේ නමුත් අපට මුහුද සහ ඈතින් යන නැවුත් දැකලා නැව් නිකන් නිකන්ම වුනාට නැව් නැති රට වල කුටුම්භ වාහනයක් වූ කාරයේ හැඩයේ ආතල් දැක්ම මුහුදේ නැවක් අයිති කරගැනීමේ ආශාවට ධන කුවේරයන්ගේ බිරින්දෑන්ගේ ආශාව වුන බව පුරාන අතට අහුවන  පොත පත කියවන අයනම් නොදන්නවා විය නොහැකියි. 

          ඉතින් කොහොමත් ‌බටහිරුන් ගොඩක් දක්ෂ ගොඩ ඉඳන් නැව් පෙරලන්න තමා. ඒක තාමත් එහෙම තමා. ඉතින් ඒකලා මුහුදට බයයි. මොකද දූපත් වැසියන්ට තරම් මුහුද පුරුදු නැහැ. වත්තල ගැමුනු සිනමා ශාලාව ඉදිරි පසින් මෝදර පැත්තට ගිහින් මුහුදු කොල්ලකරුවන්ගේ අත්දැකීම් විඳපු කාලයකුත් මාරසට තිබ්බා. ලංකාවෙත් ඉන්නවා ඇඟ හිරිවැටෙන මිනිස් චංඩි. ඒ ගැන හිතනකොටනම් ශ්‍රී ලංකා පොලීසිය ගැන ධනාත්මක අදහස්ද ඇති නොවනවා නොවේ. ඒත් ඒ ධනාත්මක රාජකාරි ඍණාත්මක කරගන්න ආකාරයත් සෙස්ස පස්සට තියමුකෝ. 

ඉතින් බටහිර මුහුදට බය සහ මුහුදේ ප්‍රචන්ඩත්වය පැන්ටසියක් කරගත් ආත්මීය පිරිමින් සහ පිරිමින් වන්නාද වූත් නොවන්නාද වූත් සකල පරාණ මනුෂ්‍ය ජීවීන් ගොඩ සිට නැව් පෙරලන්නා සේම තමන්ගේ ආශාවට කාර්මික යුගයට සමගාමීව නිපන් කාර් රතයේ කලාත්මක හැඩය නැවක් ආකාරයෙන්ද නිර්මාණය කරන්න මොටර් රථ ව්‍යාපාරිකයන්ට සිදුවූවන්ටත් වඩා ලාබය සඳහා එසේ නිර්මාණය කරන්න සිදුවුනා තමා.

           මේ ලංකාවේ ගම්පහ දිස්තිරික්කයේ මාරස ඉස්කෝලේ යන කාලේත් පාරේ නැවක් ගියා මතකයි. ඒ වල්පිට මුල්ලේ රාලහාමිගේ නැවක් කියලා අපේ අම්මා කිව්වත් මතකයි. පසු කාලයක එයාගේ පුතා පොලීසියේ නැවක් උනා කියලත් වාර්ථා පත්තර වල තිබ්බා මාරසට මතකයි. ඒවා ඒ කාලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ටනම් ගොඩක් මතක තියනවාද දන්නේ නැහැ. මොකද කලක් විප්ලවීය සටන්කාමීන් තවත් කළක සිවිල් පොරවල් වෙන්නේ නැව් වගේ කාර් බාර් ගෙවල් දොරවල් හිමිකරගෙන වූවා කියා නොලියා ඉන්නම්. උත්තර පත්තර අහන්න ආවොත් ඉතින් මාරසට මාරයා වැහේවි කිව්වලු ‌..........අනේ මේ!

             ඉතින් මෙන්න මේ මුහුදු නාවික පැන්ටසියේ නැවක් ගැනීමට අර රත්තරන් කරේ ඒල්ලා ගත් යුරෝපියන් ගැහැනු මිනිසුන් රන් පවුම එංගන්ත මුදල් ඒකකයක් වූවා සේ, අර ගජමන් නෝනලාගේ යුගයේත් පසු යුගයේත් තාම චාල්ස් කුමාරයන් සමග සෙක්ස් කිරීමට පිස්සු වැටුන නාකි ගෑනුන් මාරස බලපිටිය ගුරු විද්‍යාලයට ගොස් පැන එන කාලයේත් බලා සිටිනවා දැක්කා සේ  චාල්ස් කුමාරයා එනතෙක් පොන්ස් ක්‍රීම් පවුඩර් වත තවරා ඒ මහළු කාන්තාවන්  බලා සිටිනවා මෙන් නැති නැව් මහ පාරට ගැනීමේ ආශාව සංසිඳවීමට ගෝචර වුවද නොවූවද පුරුෂ දේශපාලනය ආදරය නිසා හෝ කරදරය නිසාම හෝ අන් කරුනක් නිසා මුහුදේ යන නැව් ගොඩ බිමට ගත්තේ මෝටර් කාර් යාන්ත්‍රිකත්වය වසන වැස්මේ හෙවත් ‌කාර් බොඩියේ සැකිල්ලේ හැඩයේ පෙනුමෙන්ම වූවා සේය. එකම අනංග පිළිමය පැරෑලිය පදුමගබ්බාරාමය අසල තොටගමුව විහාරයේ පිහිටා තිබීම ගැන සර්පයාගේ හෙවත් කේ කේ සමන්ගේ සිහින ගවේෂණ චාරිකාවේ සැබෑවක් වූ හැටිද මතකයේ තිබේ. අහෝ ඒ කාලයේ ඒ නාකිච්චියන්සා ගැන හොයන සර්පයාගේ කරදරය තවමත් මතකයේ දෝංකාර දෙනවා සේය. වේගය පමණක් නොව දැක්මද කලාත්මක මෙන්ම තමන්ට නැති පැන්ටසි විකාරයක්ම වූවා සේය. මේවා ලංකාවේද ගම් කීපයකට එක බැගින් ලංකේය ඉතා පටු පාරවල් වලද ධාවනය වුනේය. ඒවාට කියන්නේ කාර් නැව් කියා නොව අහවලාගේ නැව එනවා කියා බව මතකයේ තිබේ. රතගායේ සුන්දරත්වය වනසන ලද දේශපාලනික උද්දච්ච කම් සම්බන්ධවද ලිවීමට  දේශපාලනික සිහින දොරටුවේ අගුලු අරිමින් බ්ලොග් සටහනක් බැවින් සෙස්ස පස්සට දමා  රථ ගායේ සුන්දරත්වයේ පළමු මාරස සටහන මදකට නවතා දමමි.

ජගත් මාරසිංහ

03 04 02023

https://jagathmarasinghe.wixsite.com/mare





Powered by Blogger.