වේගයේ ආදරය = ආදරයේ වේගය (TAXI)

                              වේගයේ ආදරය = ආදරයේ වේගය (TAXI)


1961 උපන් අප පරපුර 1971 කැරැල්ල දැක්කේ පහේ පන්තියේ ඉගෙන ගන්න කාලේ. ඒ කාලේ ටැක්සි කිව්වේ අපි මයිනර් කාර් වලට. අපේ ඉස්කොලේ බාලාංසයේ විදුහල්පතිනියට අපි කිව්වේ ලොකු නෝන මහත්තයා කියලා. ඉතින් එයාගේ කාරයත් මොරිස් මයිනර්ම තමා. ඒක හරවද්දි අත වගේ කෑල්ලක් හරවන පැත්තට රතුපාටින් මතුවෙනවා. මේක බලන් ඉන්න අපි හැම දාම ලොකුනෝන මහත්තයා එන වෙලාවට ගේට්ටුව ගාවට යනවා. මම හිතනවා මේ මුහුණු පොතේ තාමත් ඉන්න නැතිනම් ජීවත්වෙන හැරල්ඩ් සේනානායකට සහ හේමන්ත වික්‍රමසිංහ යන එදා සිට මාරස සමග ජීවත්වෙන සංසාරික මිතුරන්ට මතක ඇති. කොහොමත් ඒ කාලේ ටැක්සි කියන්නෙත් වේගය ජයගත් වෙනම පැත්තක්. අපි 5 -6 පන්ති වලට එනකොට ඒකේ වහල කහපාට ගෑවා මතකයි. මීටරක් තියනවා රියැදුරු අසුනේ එළියෙන්. ඉතින් අපි මොකට කියනවාද. ඒකාලේ බයිලා වල ඒවා ලියලා තියනවානේ. පොදු ප්‍රවාහනයට වඩා වේගයෙන් යන්න ඇවැසිනම් ටැක්සි කාරයන්ගේ සහ ටැක්සියේ පිහිට තමා. මාරස අයත් තාත්තා නැති මාරසත් අම්මලා සමග මොරටුවට ගියත් මාරසව කොළඹ ලොකු ඉස්කෝල වලට දාන්න සියලු වැඩිහිටියෝ තැත් කළත් නාහෙට නාහන ඒ වයසේ මිනුවන්ගොඩ නාලන්දය දාලා මාරස හෙල්ලුනේවත් නැහැ. නමුත් ඒ කාලේ ද සොයිසාපුරයට යන්න බසයෙන් බහින්නේ ගොලුමඩම හන්දියෙන්. ඒ රත්මලාන අවසාන බස් නැවතුම. එතන තිබුනා ‌වේගය ජයගන්න මොරිස් මයිනර් වහලය කහපාට ටැක්සි. එතන ගනන් කාරයා සෝමෙද කොහෙද. පසු කාලයක එයාට වෙඩි තිබ්බේ ද සොයිසා පුරයේදී. මාරස වාසනාවන්ත උනාද අවාසනාවන්ත වුනාද විස්තර කරගන්න තරම් දැන් සිතිවිලි තියනවාද මන්දා. මොකද මාක්ස්වාදය ඔලුවට ආවට පස්සේ අප හිතන්න ගත්තේ ස්වභාවයෙන්ද නැතිනම් දයලෙක්තිකය කියන ‌ලාංකේය පැන්ටසි කෙහෙල්මලෙන්ද කියලා දැන්නම් ඉතා හොඳට තේරෙනවා. නමුත් ඒකලාට තියන ආදරයත් ලේසියෙන් ගලවන්න හැකි දෙයක් නොවේ. ඒ අන් දෙයක් නිසා නොවේ අපව පොඩි කාලේ සිට හැදුවේ ‌බෞද්ධ ආකල්ප සමග. ඉතින් ඒකට සිංහල බෞද්ධ ආකල්ප කියලා මාක්ස් මිත්‍රයන් පිරිසක් වෙන් වුනත් මාරස මේ දෙකෙන්ම වෙන් වුනේ නැහැ. තනි වුනා තමා. ඒත් වෙන්වුනේ නැහැ. කෝම හරි සනත් බාලසූරිය නැමැති මිතුරානම් මේ දේ තේරුන් ගන්න ඇති. ඒකත් දේවිකාත් මා ජාතික වාදියෙක් කියා තනි කළේ නැහැ. මාක්ස්වාදීන් කිසිවෙක් මාව තනිකළේ නැහැ. අදටත් මාරසට වචනයකින්වත් ‌‌දොසක්වත් කියලා නැහැ. න්‍යායිකව නොවේ නිකන්වත්. ඒක මාර ආදරයක්. ඉතින් මාරසට සිංහල බැරිනම් මොන බෞද්ධ වුනත් නිදහසේ මට හිතෙන දේ කියමින් අදටත් ජීවත් වෙනවා. මා ආදරය කරණම චරිතයක් වූ මංජුුල වෙඩිවර්ධනව අන්තිමට හමුවුනේ මාරස හෝම් කමින් නාටකය කරලා ගෙදර ආපු වෙලාවේ ඒකත් එක්ක නිලංගත් ආවා මතකයි. මුන්නක්කරේ ගැන මට ඒකත් සමග කොහේදී හෝ නිදහසේ කතා කරන්න ලැබුනොත් ඒකට මම කුනුහරුප කියනවා කිව්වට ඒකා ලියාවී මාරසේ කඳුළු ගැන කිව්වලු.

ඉතින් වේගය , ආවේගය , ප්‍රවේගය කියන කතා සාපේක්ෂ විදිහට කෝච්චියක්වත් හරි වෙලාවට බැලන්ස් එකේ දුවන්න බැහැ. මොකද ඒවට ඒකලාම කියන්නේ අතුරු ප්‍රතිවිරෝධතා කියලයි. ඒ සියල්ලන්ටම වඩා මනසේ වේගය මරු. සියලු පණ්ඩිතයන්ට වඩා ඒ කාලේ එම් ඒස් ප්‍රනාන්දු නම් ගල්කිස්සේ උපත ලත් ගායකයා වේග රිද්මයෙන් පාර දිගේ පසුබිම් කරන් දුවන ටැක්සි කාරයන් ගේ වේගය ගැන කියන කතාව මාර දයලෙක්තිකයිනේ උඹලගේ න්‍යායන්වලට වඩා ලාංකේය දයලෙක්තිකයි කියන වාමාංශික පොරවල්නේ. යකෝ සුරතාන්තයත් වේගයට යටත්. වේගයත් අවකාශයට යටත්. ඒත් වේගය තියෙන්නේ අපේ ඔලුවේ කිව්වම ගහගන්න මරාගන්න එන දයලෙක්තික් මිත්‍රයිනේ. තොපේ වේගයත් මන්දගාමිත්වය පමණක් නොව තොප ගැන හිතන හැම දෙයක්ම තිබෙන්නේ මගේ ඔලුවේ බව හැඟෙන තත්ත්වයට මුල් තැන දී තොප එන තුරු මාරසනම් බලා සිටින්නේ හෙල්මට් දාගෙන නොවේ. අපේ රටින් වේගය හොයා පලා ගිය සියල්ලන් ගැන කිව යුත්තේ එක් දෙයක් පමණයිද මන්දා. ගොඩෝ උන්නැහේ නාට්‍යය සිහිවෙනවා සුගතපාද සිල්වා සහෘදයානෙනි. ගොඩෝ එන්නේ නැහැ. නාට්‍ය ඉවර වෙනවා. සමහර විට මේ ගොඩෝලා ලංකාවට ඇවිත් ගියත් මාරසට හමු නොවූවත් කවදා හරි හමුවේවි. ඒත් අර ත්‍රාන්තික කතා වල කියවෙන පරිදි ඒකම ගඟකින් දෙපාරක් නාන්න බැහ. ගඟ ගලලා. අපි නාකිවෙලා තමා. උඹලා මාක්ස් කියන පරිදි කාලය අවකාශය ගැන දන්නවුන් වන්නේය. උඹලා ගිහින් දැන් ගොඩක් කල්ය. උඹලා දැන් ලියන්නේ ලංකාව ගැනදැයි මාරස ප්‍රශ්න කරමි. හඳ ගැන ලියන්නට හඳට යන්නට ඕනෑ නැත. අන්තර් ජාලය මාර දියුනු වුවද කොළඹ ගැන ලියන්නට ගම්පහ එකෙකටවත් බැරිය. දෙමල සිංහල දේශපාලනයේදී ලංකාව දමාගොස් ඉන්නේ අති සංවේදීව අසූව දශකයෙන් පසු ලියන්නට දකින්නට පමණක් නොව සකල කලා වල්ලබයන් වූ ආදර වන්තයන්ය. අද මාරස කෙලින්ම කියන්නේ කාරණා ඇතිවය. නුඹලා රට දමා යාම ධනේශ්වරයේ සාපයක් වීම අනිවාර්ය බව දනිමි. නමුත් නුඹලා පිටත සිට දේශපාලනය ලිවීම වනාහී මාර වන්නට හැකිය. සාවස්තියෙන්ද කොහෙද හමන සුලඟ සැපක් කියා සිද්ධාර්ථ ගෞතමයෝද කීවා කියා මා අසා ඇත. ඒ නිසාදෝ නුඹලාගේ හදවත පමණක් නොව භාෂාගේද හදවත දැනෙනවා නියතය. මන්ද අර නිව්යොක් නුවර සිට සේකර හඳ ගැන කීවා සේ අප දකින්නේද ඒ හඳමය. ‌හදාගත් වෙලාවට වෙනස් වෙලාවල් වලට පායන සූර්යා දකින්නේද අප එකම සූර්යාය. මම දේවිකාවන්ට මෙසේ කියමි.

ඒත් දේවිකා නංගියේ. ඒ සූර්යාද දවසින් දවස මිය යන්නේය. ඒ මාක්ස් නියමයන්ගේ චලිතය යන්නටත් සිද්ධාර්ථ ගෞතමන්ගේ අනිත්‍යය සැබෑවටත් අනුලෝමකව සමානුපාතයැයි එක් කෝණයකින් දැකිය හැකිය. නමුත් එසේ දැකිය හැකි නොවන ‌පැත්තක්ද ඇති බව කියන්නේ නුඹලාට ගොඩක් ආදරය කළ දොඩා වන් පිරිසකටය.

දේශපාන කරුණු කාරණා නිසා ලංකාව හැර ගොස් ලංකාව මත්තේ දුකෙන් කඳුලෙන් දිවිගෙවන නුඹලා ලංකාව නැති බුද්ධි මතුන් වූවා විනා නුඹලා නැති ලංකා දේශපාලනයක් වන්නේ නැත. ඒ ගැන කතා කිරීමට තිරය විවෘත කරමින් දේවිකා නංගියේ මිනිස් මනසේ පුරුෂ වේගයේ ආදරෙයේ වේගයම සිහිවූ බැවින් මේ ලිපිය නන්නත්තාරේ ලියපු ලියවිල්ලක් ලෙස ගත්තද කම් කිම්. මිනිසුන් හේතු ඇතිවද නැතිවද වෙන්වීමේ දුකට මළ ගිය වුන්ටද පලු යන්න බනිනවා නියතය. මේ දුක දුක සේ පැන්ටසියක් කරගැනීමක් නොව.

ආදරයේ විලාපය නම් මේය. ආදරය පවතින්නේ විෂම හෝ සම ලිංගිකයන් අතරය කියන්නේ ලාංකේය මචං යන වදනේ ආදරයවත් හරි හැටි නොදන්නා වුන්ය. අසූවේ ඒ වචනය දැන දැනත් .....

නිහඬ වෙන්නම් මචන් ආදරය නිසා. වේගය තියෙන්නේ නොවේ ආවේගය තියෙන්නෙත් අපේ ඔළුවේ කියන කතාව මාරයි වගේ දැනෙනවා. කලක් තිස්සේ දුකක් පතුලේ වගේ යල් පැන ගිය කතා වලටත් වඩා යල් පැනගියත් උඩින්ම සිහියට ආපු ටැක්සි කාරයාගේ වේගයත් වේග රිද්මයත් මරුනේ කියලා හිතුනා. ඒකට උත්තරයත් සරලයි. පිස්සෙක් හිතන හැටි එහෙම තමයි කියන්නම්.

මම කතා කළේ ටැක්සි ගැනය. ඒ කතා කළේ පාර දිගේ පසුබිම සයිකෝරාමාකරන් වේගය ගැන නාටකයක් ලියන්නටය. දැන් පසුබිම් සංගීතය සිහිවුනා සේය. අර පැරණි වමයයි කියන යුගයක මහපාරේ ජීවිත වූත් මහා සංස්කෘතියක් බවට පත්කල යුගයක සමහර විට පීචන් වූත් ගල්කිස්ස පලාතේ ජීවත් වූ ඇම් එස් ප්‍රනාන්දුව මට සිහි ගැන්වූ රංචා ගොඩ ලමයාට තුති. මනසේ පමණක් ජීවත් වන රංචාගොඩ ලමයාමෙන් නුඹලාවද මට සිහිවෙන බව පුන පුනා ගයනු කුමට.

*************

මම ටැක්සි කාරයා මම ඇරල යන්න හරිම සූරයා

කව්ද මිත්‍රයා මම නොදන්න කොළඹ හාදයා
මම කොළඹ හාදයා මම ටැක්සි කාරයා
මම ඇරල යන්න හරිම සූරයා
මම ටැක්සි කාරයා මම කොළඹ හාදයා
මේ මම නොදන්න කව්ද මිත්‍රයා

චිත්රපටිය රෑට ඇරෙන වෙලාවේ
සද්දෙ ඇසෙයි මගෙ කාරෙකෙ නලාවේ
මම දාන්නෙ නෑ කෙනෙකුව මුලොවේ
කොයි කව්රැත් මා සමගින් හිනාවේ

දහයෙන් පසු ඩබල් එකට කඩන්නෙ

දන්න අයට එහෙම නෑනෙ කරන්නේ
ගිඩි ගිඩිගා මීටර් එක වැටෙන්නේ
සමහර අ⁣ය මට බැනලයි බහින්නේ

මම ටැක්සි කාරයා මම ඇරල යන්න හරිම සූරයා

කව්ද මිත්‍රයා මම නොදන්න කොළඹ හාදයා
මම කොළඹ හාදයා මම ටැක්සි කාරයා
මම ඇරල යන්න හරිම සූරයා
මම ටැක්සි කාරයා මම කොළඹ හාදයා
මේ මම නොදන්න කව්ද මිත්‍රයා

ලෙඩා අරන් රෝහලට යන්නට
දොස්තර මහතව කැදවන් එන්නට
මෙන්න මේ වැනි වැඩක් කරවා ගන්නට
බාර දෙන්න ඕන වෙන්නෙ මේ මට

දුප්පත් පොහොසත් කාටත් එක වගේ

සේවය සිදුවෙයි හරියට මේ මගේ
වෙරි කාරයො දැක්කම පණ ගැහෙන්නේ
මම යන ගමනත් බයෙන් තමයි යැවෙන්නේ

මම ටැක්සි කාරයා මම ඇරල යන්න හරිම සූරයා

කව්ද මිත්‍රයා මම නොදන්න කොළඹ හාදයා
මම කොළඹ හාදයා මම ටැක්සි කාරයා
මම ඇරල යන්න හරිම සූරයා
මම ටැක්සි කාරයා මම කොළඹ හාදයා
මේ මම නොදන්න.. කව්ද මිත්‍රයා..




Powered by Blogger.