ශක යුගය සහ ශක රාජ වර්ෂ

                                                 ශක යුගය සහ ශක රාජ වර්ෂ 

                     1973 වර්ෂය කාලයේ මිත්‍යාවට විරුද්ධව යාන්ත්‍රික භෞතිකවාදී ප්‍රවනතාවන් අපරදිග  විද්‍යාත්මක පර්යේෂණයන් හරහා මිත්‍යාවාදීන් ලෙස දෙපිරිසක් වර්ග කර වාග් සටනකට ප්‍රවිශ්ට වූ කාලය විය. ඒ කාලය ජ්‍යෝතිශ්ශාස්ත්‍රයටද බරපතල ලෙස ප්‍රහාර එල්ල කළ කාලයම වන්නේය. අපේ අයියලා අක්කලාද මේ සටනේ මිත්‍යාවට එරෙහි ඉදිරිපෙලේ සටන්කාමීන් විය. මේ නිසාම එවකට හය හත පන්තිවල සිටි මාරසද අක්කලාගේ අයියලාගේ කතා අසා පත පොත ‌කියවා පාසැලේ මිතුරන් සමග පැතිබෙදී දබරකරගත් කාලයක් විය. ‌මේ සටනේ පෙරමුණේම සිටියේ හේතු වාදීන් ලෙස පෙනී සිටින පිරිසකි. යම් මාක්ස්වාදී ප්‍රවනතාවක් මේ ප්‍රවනතාවන් යාන්ත්‍රික භෞතිකවාදීන් කියා පසු කාලයක හැඳින්විය. මතකයේ විදිහටනම් කලක් ගතවන විට  සියලු වාමාංශික සංස්කෘතියේ වැඩි දෙනක් ඒ අර්ථයෙන් ගත් කල යාන්ත්‍රික භෞතිකවාදීන්ම විය. දයලෙක්තික බෞතිකවාදය හෝ අපෝහක ‌භෞතිකවාදය යනුවෙන්ද ද්වාන්දනාමක බෞතික වාදය යන චින්තන විදියන්ද එක තලයක සිට ඔවුන් කළ තර්ක විතර්ක කාලයක් ගතවන ජාතික වාදයදයද යම් ජවයකින් හිස එසවූ අතර මේ වාද විවාද බරපතල දෙදරීමකට ලක්වූයේ බට විද්‍යාවෙන් උසස් දැනුමක් ලත් නලින්ද සිල්වාගේ මහාචාර්ය වරයාගේ හඬ විද්‍යාවේ මිත්‍යාව ගැන විවේචනාත්මක දෘෂ්ටිය උගත් බුද්ධිමත් පිරිසට පමණක් නොව සාමාන්‍ය ජනතාවටද බලපෑමක් ඇති කළ අවධියෙන් පසු බව මතකයේ තිබේ. ඒ වාද විවාද තවමත් පෙර ආකාරයෙන්ම වාගේ මාධ්‍ය ප්‍රාග්ධනය හරහා මාධ්‍ය සංදර්ශන යුගයක් මේ ගෝලීය ආර්ථිකයේ චින්තන මාධ්‍ය වෙළඳ ප්‍රජාව විසින් ඇති කර තිබේ. අවසානයේ හේතුවාදී සමහර චින්තකයන් හොරෙන් කේන්දර බලන ආකාරය සහ සමහර මාක්ස්වාදී න්‍යායාචාරවරයන්ද හේතුවාදයට යාන්ත්‍රික භෞතික වාදීන් කියා යම් ගැඹුරකින් ගිය සංවාදද මතක තියෙන්නේ මාරසට ඒ දැනුම ජීවිතය වූ නිසා වන්නට පුළුවන. කෙටියෙන් කියනවානම් අසූව දශකයේ නැග ආ විවිධ ප්‍රවනතාවල නව දැනුමද යුගයක අත්දැකීම් මත ජීවිතයෙන්ම ගිලගත් දැනුමක් මත ප්‍රසාරණය වූ මිනිස් චිංතනයේ දේශපාලනික වූත් දාර්ශනික වූත් දැනුමක් යන්න පසුකාලයක වැටහෙන්නට විය. 

    නමුත් තවමද මේ විවිද චින්තන ප්‍රවනතා වල මේ ගැටුම විවිධ වේශයන්ගෙන් සිදුවන වගත් මාධ්‍ය ප්‍රාග්ධනයේ ආර්ථික පෝෂණයට ඒවා දඩමීමා කරගන ඇති බවත් මාරස පරපුරේ බොහෝ දෙනෙකුට නොවැටහෙනවා නොවේ. නොවැටහෙනවා සේ ඉන්නවා වීමටද පුළුවන. නමුත් මේ ලිපිය ලියන්නේ හෙට ශකරාජ වර්ෂ 2045 ‌ඇරඹෙන්නට මිනිස් ඉතිහාසයේ ඓතිහාසික දැනුම් පද්ධතියකට අනුව නිසාය. ජන සංස්කෘතියේ ඇති ප්‍රත්‍යක්ෂ තත්ත්වයන් මත එ ගැටුම් කවදා කුමණ ආකාරයෙන් කෙලවර වේද, නොවේද යන්න සඳහා මෙම සටහන නොලියන නමුත් ඊටද යම් තරමකින් දායක වීමට හැකි බව හඟිමි. නමුත් හෙට ලබන  අතීත දැනුමේ රිද්මයට සම්මුති ගත නියමයන් පරිදි මිනිසුන් උස්සවාකාරයෙන්  1945 ශකරාජ වර්ෂය සමරණ බැවින් යම් සටහනක් තැබීම මාරසේ වගකීමක් ලෙස දැනුණි. නමුත් මේසටහන මේ තත්වයන් සම්බන්ධව ගැඹුර විස්තර කිරීමට තරම් නොවන බවද නොදන්නවා නොවේ. 

       පෘතුගීසීන් මෙරටට පැමිණි කාලය සම්බන්ධව දැක්වෙන මූලාශ්රවල විවිධ මත පළ වී තිබේ. ඉන් පළමු වැන්න වන්නේ අට වැනි වීර පරාක්රමබාහු රාජ්ය සමයේදී පෘතුගීසීන් ලංකාවට පැමිණි බවයි. දෙවැන්න වන්නේ නව වැනි ධර්ම පරාක්රමබාහු රජ සමයේදී බවය. අටවන වීරපරාක්රමබාහු රාජ්ය සමය 1484 - 1508 බව ඉයර් නොඩ්රිව්ටච් මතයයි ලියවී තිබේ. පරණවිතාන මතය අනුව ධර්මපරාක්රමබාහු රජ සමය 1491 - 1513 සමයයි. මේවා සම්බන්ධ විවිධ මත ගැටුම් තවමත් තිබෙන බව සැබෑවකි. කෙසේ උවත් ‌2023 අප්‍රියල් මාසයේ 14 දා උදාවන 1945 ශක රාජ වර්ශය සිංහල අළුත් අවුරුදු උදාව යනුවෙන්ද ඇතැම් විට යම් යම් මතමේද මත සිංහල සහ හින්දු නව අලුත් අවුරුද්ද ‌ලෙසද හඳුන්වනු ලැබේ. කෙසේ හෝ මේ 14 හෙට ව්‍යාහාරික පැය 14 විනාඩි 59ට උදාවන්නේ 1945 ශක රාජ වර්ෂයයි. ශක රාජ වර්ෂමානන ක්‍රමය සම්බන්ධව ඇති ප්‍රත්‍යක්ෂ සාම්ප්‍රධායික ස්වභාවයා සමග ඇති ගනුදෙනු සම්බන්ධව ‌බ්ලොග් ලිපියකින් කතා කිරීම පහසු කාර්යක් නොවන බවද මාරස නොදන්නවා නොවේ. එහෙත් කොහෙද යන්නේ කියා යමෙකු අතර මගදී පැනයක් ඇසුවහොත් වැදගත් ගමනක් යනවා පස්සේ කියන්නම් වගේ සාම්ප්‍රධායික සාමාන්‍ය වචනයක් කීම දැනට ප්‍රමාණවත්ය. වර්ෂ මානන ක්‍රම අතර ප්‍රධාන වන

01. ශ්රී බුද්ධ වර්ෂ ක්‍රමය
02. ක්රිස්‌තු වර්ෂ ක්‍රමය ( රාජ්‍ය වර්ෂ ක්‍රමය)
03. ශක වර්ෂ ක්‍රමය
04. ක්රිස්‌තු පූර්ව වර්ෂ ක්‍රමය
05. ශත වර්ෂ ක්‍රමය
ප්‍රධාන බව විශ්ව කෝෂ වල සඳහන්ය. තවත් වර්ෂ මානන ක්‍රම බොහෝ තිබෙන නමුත් ඒවා නිරවුල් කරගැනීම සහ පරිවර්ථනය කරගැනීම සඳහා පරිගණක තාක්ෂණික ඇප් මෘදෘකාංග වෙළඳ පොලක්ද අද පිමි පනිමින් ගෝලීව වර්ධනය වනු පෙනේ.
ශක රාජ වර්ෂ මාන ක්‍රමය අසා නැති අය ඉතා අඩුයි කියා සිතෙන්නේ බොහෝ දෙනෙකුට උපන් කේන්දරයක් ඇති නිසාය.
පන්ඤ්චාං ලිත් පත් පොත් වල මේ සම්බන්ධව කෙටියෙන් සඳහන් වන්නේ මෙසේය.

" ප්‍රභවාදී ශෂ්ටියේ විෂ්ණු විංශතියට අයත් වශ්ව දේව යුග පඤ්චාබ්දයෙහි දෙවන පරිවත්සර භේදනාමධාරී අර්‍ක දේවාධිපති ශෝභන නම් සංවත්සරය රාජ්‍ය වර්ෂ 2023 අප්‍රියල් මස 14 වෙනි කිවි දින ලංකා සම්මත වේලාවෙන් හෙවත් ව්‍යාහාරික වේලාවෙන් අපර භාග 02 පසුවී මිනිත්තු 59ට ආම්භ වන්නේය" කියාය.
කෙසේ වුවද ශක වර්ෂ (හෙවත් ශාලිවාහන ශක වර්ෂ) යනු සූර්ය වර්ෂ සඳහා සිංහලයන් භාවිතා කරන වර්ෂ ක්‍රමයයි. (ශක වර්ෂය ගණනය කරන්නේ ක්රිස්‌තු වර්ෂයෙන් වසර 78 ක්‌ අඩුකර බැලීමෙනි. )
අර වාද මේ වාද පසක තබා ගණිතයට ඇති ඇල්මක් නිසාදෝ ජ්‍යෝතිෂය ගැන සොයා ගිය ගමනේදී අර පූජ්‍යාචාර්ය බට්ලර් තුමා ජෙයා්තිශ් ශාස්ත්‍රය ඉගෙන ගන්නට බටන් ගත්තේ එය විසිකර දැමීමට අදහසින් බවත් බට්ලර් තුමාට ඒ ඉගැනීමෙන් ගැලවීමට නොහැකි වූ බවත් ‌කියවා ඇති නිසා ගැත්තෙකු නොවී ඒවා ඉගෙන ගැනීමට කොතෙක් උත්සාහ කළද ගැත්තෙක් නූනත් ස්වභාවයාට ජීවමාන භාෂාවක් ප්‍රත්‍යක්ෂ වන බව පෙනේ. ඒ තත්වයන් ගැනද වැඩි දුර කතා කිරීමට මේ සටහන තරම් නොවන වග සැබවි.
ශකරාජයා ගැන තවත් වටිනා අදහසක් සයිමන් නවගත්තේගමගේ සාපේක්ෂණී නවකතාවේ ප්‍රස්ථාවනාවට පෙර සටහන් කර තිබූ දෙයක් මාරස මතකයේ තිබේ. ඒ මෙසේය.
" පළමුවන ශක වර්ශයේදී මහා යුද්ධයක් විය. ශක රාජයෝද අරණ්‍ය සේනාපතීහුද බිහිසුණු සේ යුධ වැදුනහ. ඔවුන්ගේ අශ්ව කුරයෙන් සියලු කෙත් වතු පාලු විය. ඉන්පසු ගොවීහු මෙසේ ඇසූහ.
" කවුරුන් සඳහා වන්නේද මෙම යුද්ධය. "
ඔබ සඳහා යයි ‌දෙගොල්ලෝම හඬ නගා පිළිතුරු දුන්හ. අනාගතයේද අප වැනි වීර පුරුෂයෝ ඔබ සඳහා නියතයෙන්ම බිහිවන්නේය. "
(ශක රාජාවලිය)
සයිමන් නවගත්තේගමයන් සාපේක්ෂණී නවකතාව ආරම්භයේම මේ ශකරාජාවලියෙන් උපුටාගත් කොටස පල කරන්නේ ඇයිදකියා සාපේක්ෂණී කියවූ පාටකයන්ටනම් නොඹදව දැනී යනු නියතය. මෙලෙසම තවත් මතකයක් මාරස කටුසටහනක සටහන් කරගෙන තබේ. ඒ අධිරාජ්‍යයෙකු හෝ ජනප්‍රිය විද්වතුන්ගෙන් පසු යුගවල ඇතිවූ කට කතාවක් යැයි ඇතමෙක් කියන්නට පුළුවන. නමුත් ඒසේ සරල ඉඩක් නැත්තා ‌පෙනෙන කතාවකි. ඉන් තවත් දෙයක් කියවෙන බවටද කාරණා බොහෝ ඉදිරි පත් කළ හැක. ඒ කතාව මෙසේය.
"ඉන්දියාවේ බරණැස්‌නුවර බුද්ධ වර්ෂ පන්සීයේදී පමණ විසූ විවාහක බමුණු තරුණයෙක්‌ ජ්යෙතිෂ ශාස්‌ත්රය හොඳින් ඉගෙනුම ලබා එම ශාස්‌ත්රය පිළිබඳව භාරතයේ විශාල කීර්තියක්‌ දිනා ගත්තේය. මෙසේ සිටින ඔහු නිවසින් බැහැරව ගොස්‌ හිමාල වනයට ඇතුල්ව සෘෂිවරයෙක්‌ වශයෙන් පත්ව වනාන්තරයේ වෙසෙන විට ඔහු ජ්යෙතිෂ පර්යේෂණයක යෙදුනි. එම පර්යේෂණය වූයේ මතු කල මුළු මහත් භාරතයටම අගරජ වන දරුවෙකු උපදින වේලාවක්‌ කාලයක්‌ තිබේද යන්න සෙවීමයි. මේ අනුව ඔහු කළ තියුණු පරීක්‌ෂණයක ප්රතිඵලයක්‌ ලෙස එවන් දරුවකු උපදින වේලාවක්‌ සොයා ගන්නට හැකි වූ බව සඳහන්ය. ඒ අනුව එම දරුවා මව්කුස පිළිසිඳගන්නා මොහොත ද සොයා බැලුවෙන් එම දරුවාට පියාවීමේ ආශාව ඇතිකරගත් මෙම බමුණු ඉසිවරයා වහ වහා තම නිවස කරා පිවිසෙන්නට පැමිණියේ තම බිරිඳගේ කුසේ මෙම දරුවා පිළිසිඳ ගැන්වීමටය. මෙම නැකත උදාවෙන කාලයට හරියටම තිබුණේ දින තුනක්‌ පමණ වන නිසා ඔහු ආ ගමන් වේගය මද බැවිනුත් හිමාලයේ සිට තම නිවෙසට තිබෙන දුර ප්රමාණය දීර්ඝ වූ නිසාත් ඔහුට ගෙදරට යා ගන්නට වේලාව නොමැතිවන බව පෙනී ගියෙන් එම බමුණු සෘෂිවරයා ගෙදරට යැම නවතා දමා තමා දැනට ගමන් කරන මාවත අසල නිවෙසකට සේන්දු වූයේ නැකත ලබන්නට තිබෙන්නේ තවත් හෝරා කිහිපයක්‌ නිසාය.
එම නිවසේ වෙසෙන ප්රධානියා හමුවී තමා ගැන සියලු පුවත් පවසා තමා සිය නිවෙස බලා පිටත්වන කාරණයද පැවසීය. නමුත් එම දරුවා පිළිසිඳගන්නා සුබ වේලාවට ප්රථම තම නිවෙසට යා ගන්නට නොහැකි වන නිසා මුළු භාරතයටම අගරජ වන මහ පණ්‌ඩිත රජ කෙනකුගේ උත්පත්තිය වැළකී යන බවට පවසා එවැනි දරුවකු බිහිකරවා ගැනීම සඳහා සුදුසු තත්ත්වයේ කාන්තාවක්‌ සිය නිවසේ නොමැතිදැයි මෙම බමුණාගෙන් විමසුයෙන් මතු භාරතයේ මහරජකු තම දරු පරපුරෙන් බිහිවනවා දකින්නට කැමති වූ මේ නිවස හිමි ගැමියා තමාගේ තරුණ වියේ පසුවන දියණිය මෙම බමුණා සමග ගත කරන්නට ඉඩ ලබා දීමට කැමති විය.
ඉන්පසු සියල්ල බමුණාට රිසි පරිදි සිදුවිය. දස මසක්‌ ඇවෑමෙන් බමුණා සමග ගත කළ එම කාන්තාව ඉතා රූප සම්පන්න පින්වත් පුත් රුවනක්‌ බිහි කළාය. එම දරුවාට නම් තැබීමේ දී "ශක" යන නම තැබිණි. දිනෙන් දින මෝරා වැඩුන දරුවා අධ්යාපනය ලබන්නට රුසියෙකු විය. විසිවන විය පසුවන විට ඔහු තරම් උගතෙකු වියතෙකු භාරතයේ ම නොවීය. විවිධ ශිල්ප ශාස්‌ත්ර ඉගෙනුම ලබා පිරිවර ශක්‌තියෙන්ද ධන ශක්‌තියෙන්ද ඥන ශක්‌තියෙන්ද වර්ධනය වූ මෙම තරුණයා උපාය මාර්ගයෙන්ද ශක්‌තිමත්ව අවසානයේ රටේ රජකමට පත්විය. ඔහුගේ ධනය බලය නිලය හා උසස්‌ ගති ගුණ හා මිනිස්‌ ධර්මයන් අගය කළ දෙවියෝද ආශිර්වාද කරමින් සත් රුවන් පහළ කර දුන් අතර රජුට විවිධ උපකාරයන් සිදුකරන්නට යෙදුන බවද ලියවී තිබේ. රජුගේ පාලන යුගයේදී භාරතයේ අධ්යාපන දියුණුව ඉතා ඉහළ ගිය අතර ඔහුගේ අමාත්ය මණ්‌ඩලයද මහ බලවත් උගත් අයගෙන් පිරී ඉතිරී ගියහ. "
මේ විස්තරය සිත නිවන බණ යන වෙබ් පිටුවකින් කියවා ලියා ගත් බවද මතකයේ තිබේ.
රාජ සභාවේ විසූ පඬිවරුන් අතර වරාහමීර, පරාසරය, ධන්වන්තරී, මහා කාලිදාස යන අයද විසූහ. මෙලෙස උගතුන් වියතුන් පිරිවරා දැහැමෙන් සෙමෙන් භාරතය පාලනය කළ ශක රජු ක්රි. වර්ෂ 78 දී ලෝක ධර්මතාවට අනුව පරලෝක ප්රාප්ත විය. රජු අනුස්‌මරණය කරමින් එම වර්ෂයේ සිට ශක රාජ වර්ෂ ක්රමය බිහිවිණි. මෙම නව වසරට හෙට ශක රජු මියගොස්‌ වසර 1945 කි. මේ වරහමීර, පරාසරලා, ධන්වන්තරී සහ ‌කාලිදායන්ලා කියන්නේ ජ්‍යෝතිෂය ගණිතප පැත්තකිිින් තිබ්බද සිතීමේ ලොක විෂයන් ගැන සිතීමේ ශක්තියෙන් මහා පොරවල්ම වන්නේය. ශක වර්ෂ ක්රමය ඇරඹුණේ එලෙසය. එහෙයින් මිනිස් දැනුම්පද්ධතීන්හි ඉතිහාසය සම්බන්ධව විමසන කළ අදටද මෙවැන්නෝ ‌ලේසියෙන් හලා ගමන් කළ නොහැක. ඉතින් හෙට උදාවන 1945 ගැන මේ සටහන බලා මේ ගැන තව තවත් සෙවිය යුතුදැයි සිතීම ඔබට ප්‍රීතියක් වනු ඇතැයි සිතීමෙන් මාරසට සතුටක් ඇතිවේ. මේ කියන ලද කතා කතාවේ යටිපෙලේ දේශපාලනයේ ස්වභාවය අදටද කිසිවෙකුට හලා දා ඉදිරියක් ගැන සිතිය නොහැක්කා සේය. ඉතින් උදාවන 1945 ශක වර්ශය යම් විදිමත් ස්වභාවයාගේ චලිතයේ විශ්වීයත්වකට අනුව ගණනය කර ඇති බැවින් පමණක් ගත්තද උදාවන ශක වර්ෂය ඔබ සැමට යහපතක් වේවා කියමින්ද, යහපතක් කරගැනුමට සිතිවිලි පහල වේවා පතමින්ද මේ සටහන අවසාන කරමි. එසේම මේ පුරාණ කතා මිත්‍යාවන්සේ නොදකින්නේදැයි යමෙක් මාරසෙන් ප්‍රශ්න කළ හැක. උත්තරය සරලය. හාවා සහ ඉබ්බාගේ තරඟයේ ඇත්ත සොයායාමට ගායක් මාරසට ‌නැති බවය. ඉන් කියවෙන්නේ එකක් බවත් කියන්නේ තවෙකක් බවත් මාරස නම් උගත්තේ බාල කාලයේ ආච්චිලාගේ සීයලාගේ කතාන්දර වලින්මය. ඒ ඉතිහාසයේ භාෂාවේ සුසරතාවයේ හැටිය කියාදැනට ලිව්වාම ප්‍රමාණවත්ය.

                                ගොර්කාලි රජුගේ මෝහර් ප්‍රිත්වි නාරායන් ෂා 1685 ශකා යුගයේ (ක්‍රි.ව. 1763)

ජගත් මාරසිංහ
13 04 2023
https://jagathmarasinghe.wixsite.com/mare






















Powered by Blogger.