අපි සන්තෝසෙන් ඉන්නේ !!! ‍

                                      අපි සන්තෝසෙන් ඉන්නේ !!!    ‍    ‍

      අපි මිනු/ නාලන්දේ කොල්ලෝ කියලා මේ බ්ලොග් සටහන ආරම්භ නොකලොත් මාරස කුහකයෙක් වෙනවා. අපේ අතීත ශිෂ්‍යයෝ කියනවා කොළඹ නාලන්දාවේ කෑල්ලක් කියලා. කවුරු කැලී වල ජීවත් වුනත් මිනු/ නාලන්දේ අපි කෑලිවල ජීවත්වෙනවා උනත් මාරසනම් එක එකාගේ කෑලි වල එල්ලිලා ජීවත් වෙන්නේ නැහැ. මොකද කොළඹ නාලන්දය මිනුවන්ගොඩට යුද්ධ කාලේ ගෙන ගියා කියන්න දන්නෙත් නැහැ. ඒ දන්නේ අපේ අම්මලා තාත්තලා විතරක්  වෙන්න ඇති. පසුව දෙගොල්ලම එකට දාන දුන්න හැටි මාරසටනම් අමතක නැහැ. 
     පනිනී කියන ආසියාතික වාග්විද්‍යාඥ්ඥයා කිව්වා දිව නැතිව තොල් නැතිව කතා කරන්න හැකි එකම වචනයයි කියලා ඕම් කියන්නේ. ඒක දේශපාලනික වචනයක්ක්. ආධයාත්මිකත්වයයි භෞතිකයයි දෙක දෙකක් කියන නිමේෂයක ඒක ගැන වෙනම ලිව්වත් වැඩක් නැහැ. මෙහෙම ලිව්වම මරු කියලා හිතුනා.
             කොහොමත් වේද වේදාන්තවල මුල් ශබ්දයටත් ‌මැද ශබ්දයටත් අවසාන ශබ්දයටත් දිව තල්ල හෝ තොල් ගෑවෙන්න බැහැ කියනවා කියලයි මාරසනම් අහලා කියවලා තියෙන්නේ. නමුත් සත්ගුරු සෘෂින් කියනවා ඒ ආම් කියලා. නමුත් එයා ශබ්ද නගලා ඒක වර නගන්න පෙර කියනවා ඒතැන් විතැන් කර ගායනා කළ හැක්කේ ආම් සහ ඕම් විතරයි කියලා. මේ ගැන වෙනම කතා කළ යුතු කුමට. 
       ම් කියලා ‌පනිනි කියන විදිහට තොල් දෙකද භාවිතා කළ නොහැකියි. මහාඉර්ෂි නම් තොල් දෙක තියලා තමා ඒ ශබ්දය ඉවර කරන්නේ. ඒක වැරදිද හරිද කියලා මාරස නම් කියන්නේ නැහැ. ඒක තමන්ගේ හෘර්ද ශාක්ෂියට ගැලපෙන ශබ්ද විදිහක්.  ඒකට තමා ගුරුවරයෙක් ඉන්න කිව්වලු. ගුරු ඇසුර කියන්නේ ඒකටයි කිව්වා සේ.
     මාක්ස් වාදීන්ට තියා කොයි කවුරුන්ටත් කියන්න තියෙන්නේ බේරාගන්න බැරි ගැටලු වලදි ඒකට තමා ගුරු  ඇසුරක් ඇවැසි කියලයි. ගුරු ඇසුරක් නැතිව ගුරුවරයෙක් විය නොහැකියි. එහෙම වූවානම් මාක්ස් දර්ශණයට හෙගල්ලා කොහෙද කීවා සේ.
              මන්දා ‌වේදයේ ඉන්න සෘෂිවරුන් කියන බුද්ධලාවත් පසුකාලිනව ඒ සම්බන්ධව බුදුනුවන් යොදා කතා කිරීම සාධාරණ නැහැ ලංකාවට. තාම තේරවාදයත්, මහායානයත්, ත්‍රන්ත්‍රයානයත් ගැටුම් කරගෙන ජීවත් වෙමින් දහසකුත් එකක් ප්‍රශ්න අහන බුදුන්ගේත් බුදුන් ඉන්න ලෝකෙකට කතා කරන්න තරම් මාරස භාෂාව පෝසත් මදි ඔබලා ඒ ගැන කතා කරනකන්. 
      නිකන් දඹුලු යන ගමන් තලගොයෙකුත් මරා ගත්තේ නැහැ රත්තරන්. ඔලුව අතගාලා යන්නේ මාරස නොවේ ඔය විහිළුවේ හිටියොත් නුඹලා නොසිතන අනාගත තරුණ පරම්පරාව මරා ගන්නවා නියතයි කියලා දැනුන නිසයි. 
     මේ ටික ලිව්වේ ඉතින් ලියන්නැතිව හිටියොත් නිකන් මාරසට රික්තකයක් සේ දැනෙන නිසයි.
මේ කියන්නේ අර ගම්පහ ‌මිනු/ නාලන්දය පිට්ටනියක් නැතිව අතරමංකර මධ්‍යමහා විදයාල සංකල්පයද කඩකර නන්නන්තාර කලාද වූ මාරසද ඇතුලු සිසු පරම්පරාවකට ආතා භූතා නැති කල  විද්‍යාලයක් ගැනයි.  කතා කරන්න ආවොත් කියන්න තියෙන්නේ මිනු නාලන්දය ගැන වචන ‌ටිකකයි.
      මිනුවන්ගොඩ ආසනය කියන්නේ ලංකාවේ ප්‍රථම අගමැති ඩී ඇස් සේනානායකගේ ආසනය කියලයි. ඊට පස්සේ බෙනට් ගුණසේකරගේ කතන්දර අහකට දැම්මත් එම් පී ද ඉසෙඩ් සිරිවර්ධන කියන්නේ දිවුලපිටියෙන් ආපු කම්කරු ඇමති. එයාටත් හලාගම ඡන්ද කොටසක් කැඩුනා කියලා දන්නවා. ඉතින් අනිත් මන්ත්‍රීවරුන්නම් වාට්ටුවක් හරි හැදුවා. මොනවා උනත් කම්කරු ඇමති සිරිවර්ධනකාර්මික විද්‍යාලයක් නොහැදුවත්, ආරක්ෂක ඇමති ආරක්ෂක විද්‍යා පීටයක් නොදැමුවත් ඒ අයට ඡන්දය දුන්නා. මොකද මිනුවන්ගොඩ කියන්නේ අග හිඟගම් ඇති නගරයක් නොවන නිසා බව මාරස ලිපි වල සඳහන්. ඒක වෙනම කතාවක්.
     ඔවුන් ‌ කොච්චර ජනජීවිතය  හැදුවාද කියනවානම් කලකට පසු ගමේ රෝහලට මාරස බේත් ගන්න ගොස් බිම පැදුරක සිටින පොටෝවක්ද ඊ පවුරට දැම්මා. මිනුවන්ගොඩ කියන්නෙ කුළ ගම්මානයක් සේ දැකිය හැකි වුවත් අත හිඟනැති ප්‍රභූන් සිටින සියනෑ කෝරලේ මාර ගමක් නගරයක් සැබෑවටම සකල කලා වල්ලභ රජුත් වටිනාපහක් තියනවා කියල දැකපු බව දයානන්ද ගුණවර්ධනයන්නම් දන්නා බව දන්නවා.
       දැන් අහන්නේ එක වචනයයි රනිල් කියලා අහන්නේ නැහැ. ධනේශ්වරය හෙලා දකින්න වාමාංශිකය මරේ මරු විය යුතුයි. වමට කියන්න තියෙන්නේ වැස්ස වෙලාවක ඇවිත් හමුවෙන්න කියන කතන්දරය පමණයි. පොඩ්ඩක් ඉවසන්න ‌ඔද්දල් වී කොඩිය ගලවන්න හදන ‌ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලකයෙනි. 
    අනේ මාරස මේ ලිපිය ලිව්වේ මේවා කියන අරමුනෙන් නොවේ. මේවා මාරස ලියනවානන් ලියන්නේ ඩබ්ලිව් එස් කරුණාරත්නයන් කියනවා වගේ ඔට්ට පහට මාත්‍රයෙන් සහ ලපිට ලාවන මාත්‍රයෙන්ම තමා.
       මේ දේවල් අද ලියන්න මතක් උනේ මා මිනුවන්ගොඩ නාලන්දේ විද්‍යාලයේ උසස් පෙල පන්තිවල ඉගෙනුම ලබද්දී රොඩ්නි අයියා හෙවත් මිනුවන්ගොඩ පොලීසියේ පාසැල් වියෙන් පසු කලක් සේවය කළ උසස් නිළධාරියෙකු වූ කුවින්ටස් රේමන්ඩ් නිසා බාලදක්ෂයෙක් වී ජනාධිපති ප්‍රධානය ලබා ඉන්දීය බාලදක්ෂ ජම්බරියටත් නියෝජනය කිරීමට සමත්කම් ලැබූ වයස හැට දෙකක් වයසැති මේ මාරසට වයස හැටක පමණ මිතුරෙක් හමු වූ නිසයි. ඒ මිතුරා මට වඩා වයස වසර දෙකකට වඩා බාලයි. නමුත් 39 වෙනි මීගමුව මිනුවන්ගොඩ බාලදක්ෂ කණඩායමේ උප නායකයෙක් වශයෙන් තමා මා කණ්ඩායමට බඳවා ගත්තේ. ඒක අපේ රොඩ්නි සර් හෙවත් රොඩ්නි අයියා දන්නවා ඇති. ඒත් රොඩ්නි අයියේ මාරේ පස්සේ ඒ ගැන කතා කරන්නම්
      ඉතින් ‌කෙසේ නමුත් පස්සේ අපි දෙදෙනා එකතු වී 39 මීගමුව මිනු බාලදක්ෂ සමූහ දිස්ත්‍රික් තරගාවලියෙන් මාර ජයග්‍රහනයක් විදුහලට ගෙන දුන්නා. ඒ විතරක් නොවේ මාරස නායකත්වයෙන් පසුවත් ඉන්දියාවට ජ්‍යාතන්තර ජම්බෝරියට මාරසට පසුව රජීව නම් බාලදක්ෂයා නියෝජනය කළා. මන්දා මීගමුවේ බාලදක්ෂ දිසාවත්  දිසා කොමසාරිස්  පීලික්ස් පොන්සේකාට පසු කළේ කෙනෙහිලිකම්ද කියලා. නැසීගිය කිසිවෙක් ගැන කතා කිරීමට බාලදක්ෂයන්ට අයිතියක් නැති සේම නැසී ගිය අයගේ අඩු පාඩු ආරක්ෂාකරමින් ඉදිරියට ගෙන යාමටත් නව අයටත් අයිතියක් නැහැ. 104 කියලා තමාලු කොටුගොඩ විද්‍යාලීය බාලදක්ෂ සමූහය වර්ග කරල තියෙන්නේ. ඒවාට කිසිත් සඳහන් නොකරන මාරස මෙසේ මේ ලිපිය අවසන් කරන්නම්. අද මිනු 39 මීගමුව බාලදක්ෂ සමූහයේ ගැමුණු කාණ්ඩ නායකයා ඇතුලත්ව සිටි මාරස මෙසේ කියනවා. අනේ උඹලා කරපු දේවල් උඹලා ගෙනියපන්ලා. අපට වචන දහයක් කීවොත් අපිනම් කිසිත් කියන්නේ නැහැ. අන් කිසි දෙයක් ‌නිසා නොවේ නාලන්දේ ඒ කාලේ සැබෑ ගුරුවරුන් කීප දෙනෙකෙුට විනා නාලන්දෙට ආදරය කළ ප්‍රදේශයේ ප්‍රභූරුන් ගැනවත් කතාකිරීමට දෙයක් නැති නිසයි. අදනම් ගොඩක් ඉන්නවා කියලා සමහරු කියනවා.
      මේ අද මාව හමුවෙන්න ආවේ 39 මීගමුව මිනුවන්ගොඩ නාලන්දා මධ්‍යමහා විද්‍යාලීය බාලදක්ෂ සමූහටය මා 1977 අවසාන භාගයේදී රොඩ්නි ‌රේමන්ඩ් හෙවත් රොඩ්නි අයියා විසින්  ලන්තෑරුමක් නිිිසා ඇතුලු කරගන්නා විට මගේ කාන්ඩ නායකයා වූත් පසුව මා ඒ පාරේම ගුරවරයෙක් වන විට මගේ ගෝලයා වූත් කියන කෙනා හමු වූු නිසායි. නැහැ ඒ නිල වාද කුල වාද පාසල් වාද පැත්තක විකාරයක් වෙච්චාවේ. දැන් ඌ විශ්‍රාමලත් හමුදා නිළධාරියෙක්. මාව මගේ හැම අවස්ථාවකදිම මතවාද නොසලකා බලන්න එනවා. මන්දා සංසාර පුරුද්දක්ද  කියලා.
      මට වඩා දෙවසරකින් පමණ බාල වුවත් අපි තාම එදා වගේම මාර සකියෝ. එයාලගේ ගෙදර බෝඩිමක් කරගෙන මම මිනු ඉස්කෝලයටත් කාලයක් ආවා. ඒක 1979 අවසන් වුනා. එයා හමුදාවට ගියා. මම මොකක්ද දෙයක් හොයන් පාරට බැස්සා. අදත් මහ පාරෙදිත් මාරයාව හොයන් එනවා.  අද එයා බාලදක්ෂ විදිහටම තමන්ම වවපු දේවලින් පමණක් නොවේ එයාම බතුත් උයාගෙන තමන් වවපු එළවලුත් අරන් මාරසව බලන්න ආවා. ඇවිත් බත් කටකුත් කැව්වා.
        ඒ අවස්ථාවේ මාරස නෙතින් ඉනූ කඳුළු බිඳු විනිවිද දැකපු දේ ලියන්න තමා ටිකක් මහන්සි වුනේ. මාරස ගැනනම් දන්න අය දන්නවා. ඒ හරිශ්චන්ද්‍ර මායාසිංහ කියන්නේ ගජබාරෙජමේන්තුවේ යාපනේ හිටපු ප්‍රධාන සිවිල් සම්බන්ධතා නිළධාරී. අර උපාධි මේ උපාධි කියන්න ගියොත් එයාට තරහා යනවා අනිවා. යාලු කමට මොකටද පට්ටම් යකෝ කියලා මගෙන් අසාවි. ‌දැන් උඹට මහා  දෙයක් මා කියන්නේ නැහැ. මේසේ වෙනසකින් කියලා සින්දුවක් දාන්නම්. නමුත් එදා වගේම මාරස මේ සටහනත් අවසාන කරන්නේ ආදරයේ නාමයෙන් පමණයි. ආදරය කියන්නේ මනුෂ්‍යත්වයේ මාර ජීවමාන සංකේතයක්.

රණ්ඩු වෙවී යාළු වෙවී දුව පැන නාලන්දේ
පුංචි කමට අපි හිටියා මතක් වෙනා මායෝ
පුංචි අතෙන් අල්ලාගෙන සක්මන් කළ සැමෝ
හුස්මක් හුස්මක් පාහේ මතක් වෙනවා මචෝ

ඉතින් මායාසිංහ මල්ලී. මචන්. මේ ගීතය දාලා මාරස නිහඬ වෙන්නම්. උත්තර නැති ප්‍රශ්න වලට උත්තර දෙන්න අපට ඉගැන්නුවේ අපේ විද්‍යාලයේ තිබ්බ ඒ නාගහ විතරක් උනත් මොකද? ඒ නා ගහේ ආධ්‍යාත්මික ශක්තියෙන්න් හරි අපට සැබෑ ආධ්‍යාත්මික ශක්තිය ආවා පමණයි. සැබෑ මිනිසුන්ගේ නාමයෙන් සියල්ලෝ දිනේවා. නාලන්දය අපට නැවත තහවුරු කළ මෙත්තා, කරුණා මුදිතා, උපේක්ෂා කවදාවත් අමතක නොවේවි. ඉතින් උඹ අද මාරස හොයා පැමිණීම මරුනේ මායාසිංහයෝ කියලා මාරසිංහයා මාරස සටහන අවසාන කරන්නම්.

අපි සන්තෝසෙන් ඉන්නේ දුක ශෝකය නෑ දන්නේ
අයියා මල්ලී වාගේ අයියා මල්ලී //
එක හැලියේ බත් කන්නේ එක සෙවනේ නිදියන්නේ
අයියා මල්ලී වාගේ අයියා මල්ලී

අපෙ හිත්වල නෑ ක්‍රොදේ විහිළුවටයි විවාදේ
අනුනට නෑ ඔරවන්නේ අවිහින්සක ලෙස ඉන්නේ //
සැපතේ විපතේ වේවා එක්වී එකටම ආවා
අයියා මල්ලී වාගේ අයියා මල්ලී

අපි සන්තෝසෙන් ඉන්නේ…..

සිංහල රජිදෙකු පෙරදා මිතුදමේ අගය පහදා
තම හිතවත්කම පෙන්වා මහ ගිනිමැලයට පැන්නා //
දුක සැප දෙකේම වාසේ ඇදි බිතු සිතුවම් රූසේ
අයියා මල්ලී වාගේ අයියා මල්ලී

අපි සන්තෝසෙන් ඉන්නේ…..

හැමදා උපදින වාරේ හමුවේවා සංසාරේ
කවදත් එකටයි ඉන්නේ කිසිවිට නැහැ වෙන්වෙන්නේ //
ජීවිතේ මිහිර විඳිමු ප්‍රීතියෙන් ගීත ගයමු
අයියා මල්ලී වාගේ අයියා මල්ලී

අපි සන්තෝසෙන් ඉන්නේ…..

https://youtu.be/X8GzytiMB6A

https://jagathmarasinghe.wixsite.com/mare

29 04 2023


Powered by Blogger.