අද කියන්නේ හෙට කියන අදහසේ ගර්භාෂයද මන්දා

                          අද කියන්නේ හෙට කියන අදහසේ ගර්භාෂයද මන්දා

   ටික කාලයකට මාරස සයිබර් රස්තියාදුවේ ගියත් පාර දිගේ චිත්‍රාගාරයක වාහන සංස්කෘතික ආදරය සම්බන්ධව නතර උනත් අනිත් පාරවල්ද මග අරිනනේ නැහැ. කලින්ම කියනවා අසූව දහකයෙ බෝට්ටුවේ නොවේ ඔරුවේ ඉන්න මාත් ඒ බෝට්ටුවේ යථාව දකිනවා තමා. නමුත් කුණුගොඩවල්ද දකිනවා. ඒ ගැන කතා කරන්න අසෝක හඳගමයන්ගේ සිනමාව සහ ඒවා ගොඩගන්න අසූවෙන්ම ආ විචාර ප්‍රමාණවත් කියලා කියන්නෙ ආවාට ගියාට නොවේ. ඉන් ඒහා ලියන්න ගිහින් හඳගමව හෝ තවත් කප්පරක් මිනිසුන් සමග කොමන්ටු වලින් වලි ඇද ගැනීමට මාරසට දැන් ගායක් නැහැ. ඡායාරූප ගැන කතා කරනකොට ලාංකේය චිත්‍රශිල්පීන් වෙනත් මානයකින් පොරවල් වෙනවා. නමුත් එක් දිසාවකින් මේ දෘෂ්‍ය කලාවේ සන්දර්භභයේ  තියන ආදරය දෙකක් නොවේ. ඒ ලාංකේය කුහකකමක් කියලා මාරසනම් කෙලින්ම ප්‍රකාශ කරනවා. කෙලින් කතා කළොත් ඒ කලාපයේ සමහර විට නොන්ඩි ගසන විචාරකයෙක් වගේ මහා ‌විචාරක පොරවල් වලට දැකිය හැකි විය හැකියි. කෙලින්ම කියනවා ඒ නිසාම මාරස වනාහි නොන්ඩි ගසන්නෙක්ම තමා කියලා උඹලට විඳවගන්න බැරි දේවල් කියන්න උඹලා ඉස්සරලා කතා කරපල්ලා කියලා. ඉතිරියේ හිස් තැන් පුරවන්න මාරස උත්සහා කරන්ම්. හිනා යනවා මචං

     අනේ මන්න්දා. මම දකින්නේ මේ කාන්තාවගේ සෙරෙප්පු දෙකේ පාට. තවත් විදිහකය හයි හීල්ස් වලින් ඇති කරන ශාරීරික හැඩයේ චලිතයේ ගැම්ම. ඒකෙන් අපට ඒකිගෙ මූනත් පේනවා.පිටුපස තියන රේඛා දැක්ක ගමන්ම මතුවන්නේ අපේ අතීත සංස්ස්කෘතියේ තියන ලිය වැල් කියන රේඛාමය දේවල්. නමුත් මේ පසුබිම් රේඛා රේඛා අන්නාසි මලත් නොවේ. රොස මළ් හෝ කිඳුරි රේඛාවද නොවේ. ඡායාරූප ශිල්පියා ඉතා හොඳින් මේ ඡායාරූපයේ පදිත වේදිකාවක් කියන කතාව සටහන් කරලා තියනවා. සමහර විට මේක සම්භාව්‍ය ඡායාරූප ශිල්පියෙක් ගත්ත ඡායාරූපයක් නොවන්න හැකියි. නමුත් සම්භාව්‍ය ඡායාරූප ශිල්පීන ගත්ත උසස් ඡායාරූප වලට වඩා වීදියේ දිවි ගෙවන නොවේ වීදියට ආදරේ උන්ගේ ආලෝක නිරාවරණ මරු තමා.
බලන්න මේ ඡායාරූපය දිහාබලාගෙන යමෙක් කියයි ඒ තමන්ගේ කෙල්ලව මෙහෙම හිටවලා ගත්තු ඡායාරූපයක් කියලා. තවත් කෙනෙක් කියයි වීදි ගණිඛාවක් කියලා. තවත් කෙනේ කියයි තමන්ගේ කොල්ලා එනකන් බලා හිටපු කාන්තාවක් පොටෝ ගහලා බලු වැඩක් කරලා කියලා.
නමුත් මාරස ප්‍රශ්නය ඊට වඩා සරලයි. ඒක කඳුලක්. සියලු පිරිමිත් සියලු ගැහැනුත ‌මේ දෙපා දැක්ක ගමන් දුක හිතෙනවා. ආදරය වැක්කෙරෙනවා. සේක්ස් වැක්කෙරෙන උන්ටත් තමන්ගේ අම්මා නංගී මතක් වෙනවා. මතක තබා ගත යුතතේ වීදි ඡායාරූප කරණය කියන්නේ ඇස් මුල් කරන් ගහන ආලෝක දඩයමක්. ඒත් ඒක විඳින රසිකයාගේ ඇස් හරහා හදවත කම්පනය කරනවා. ඇඬෙනවා. කැමරා කාචය කියන්නේ ඇසේ කාචය කියන්නෙ ආදරයේ සැබෑව දැනගත හැකි අංජනමක් නොවේ. 
එහෙනම් මොකක්ද? මොන රෙද්දක්වත් නොවේ සැබෑව කියන්නේ ආදරයම තමා යකුනේ.
තවත් සමහරෙක් සිතාවි මේ ඉන්නේ උභතෝ බියන්ජනකයෙක් කියලා.  ඒකත් මරු. හැම මිනිහෙකුගේම ශරීරයේ ගැහැනු ආත්මයක් තියනවා තමා. හැම පිරිමියෙකුගේමත් එහෙම තමා. ඒ සම්බන්ධව මහා චින්තන අවකාශයක මාර දඩයම් ගැන දේශපාලනිකව ලියවෙන නිසා මාරස නිහඬ වෙනවා. ලිවවෙ සයිබර් රස්තියාදුවේ ඇස හිටි තැනක් ගැන චූටි පරාගයක් ගැන සිතීමක් පමණයි.

අද පමණක් නොවේ අපට හෙටක් තියනවා...
අරුණළු කැන් හිනැහී නව දිනක් ලබනවා...
අඳුරෙන් බර ආකර තුළ මැණික් දිලෙනවා...
දෙස බස රැස අපේ අතින් එළිය වැටෙනවා...
උදාසීන ජාතිය නිදි කිරා වැටෙන්නේ...
උදාරතර හැඟුම් පැතුම් නැත ලියලන්නේ...
උදාගිරෙන් උදාවෙමින් හිරු එනවාසේ...
නවෝදයක් බිහි කරලමු අපි ඉතිහාසේ...
මුනි සිරිපා පියුම් පිපුණ මේ මහ දෙරණයි...
දිගන්තයේ ජය දද නැගු හෙළ දෑ වරුණයි...
එම බැතියෙන් අභිමානෙන් මුළු ලොව සුවඳයි...
මෙම නිදහන් දිවි හිමියෙන් අපහට උරුමයි...
https://youtu.be/EGTjecanHLc
https://jagathmarasinghe.wixsite.com/mare

05 04 2023


 


Powered by Blogger.