පිරිමිය? අප ඒකීට යටත්ය

                                                             පිරිමිය? 

                             අප ඒකීට  යටත්ය

                            Picasso Portrait of a women | Pablo picasso art, Picasso portraits, Picasso art


            යසෝදරා ජීවතුන් අර සිටියැදැයි පිරිවෙන් ගුරුවරයෙකුව සිටියදී පවා යම් යම් දෘෂ්ටි හරහා ත්‍රී පිටකය කියවන ලද මාරසනම් නොදනිමි. නමුත් සිංහල හෝ බුද්ධගෝෂ හිමියන්ගේ අත් වැරදීමකින් හෝ අනිච්ච දුක්ක අනාත්ම හෝ අනන්තද යන්න හිතා මතාම පැහැර හරින්නේ යසෝධරාට ඇති  පිරිමි ආදරය නිසා දැයි නොදනිමි. අප 80 පරපුර යසෝදරාව සෙව්වා කියා දන්නේ මාද සෙවූ නිසාය. අනේ පසු කාලීන යසෝලා කොතරම් මේ පිරිමින් යසෝව හොයන නිසා දුක් වින්දාද යන්න යසෝලා විනා මාරස වන් පුරෂ ආත්ම කුමක් පවසන්නේද. මහා ස්ත්‍රීවාදීන්ද රෝසා හොයා ගියේය. ලාංකේය පිරිමින් සොයා ගියේ සිද්ධාර්ථයන්ය. සියලු මාක්ස්වාදීන් අද සිද්ධාර්යථන්ගේ ත්‍රීපිටකය කියවන්නේ යසෝලාගෙන් වෙන්වූ නොව යසෝව හොයා ගොස් හමුවුනේ නැති නිසා කීවොත් ඒකලා කුමක් කියන්නේද? කේ කේ සමන් කුමාරයෝ ගැහැනියක් බුදුවීම සම්බන්ධව ‌සොයන කළ මා ආදරය කළේය. නමුත් ඒකාටද ‌මේක හරියට කරන්නට බැරි වුනා සේය. සදාකාලිකවම ඒක හරියට කරන්නට බැරි වූවානම් උගේ සාහිත්‍යම සදහටම සිහින කල්පිතව වෙනවා නියතයි. 

කෙලින් කියන්නේනම් යසෝ කවුද?

ඒ කිසිදා පිරිමින්ට තේරුම් ගන්නට බැරි වූ ස්ත්‍රියම වන්නේය කිව්වොත් නුඹලා කුමක් කියන්නේද?

බුදුන්ට බැරි නිසා ඒකිව දාලා ගියාද නැතිනම් මගධ රාජ්‍යයේ දේශපාලනික හේතුන් මත ‌දමා ගියාද

නැත.

ගැහැනියක් තේරුන් ගන්නට නොහැක. නැත- පිරිමින් තේරුන් ගන්නට උත්සාහ කරන්නේ ගැහැනුන්වමය. ඒ වල්කම නැතිනම් ලිංගිකත්වය නිසාදැයි නොදනිමි. මේ සම්බන්ධව උත්තර දී ඇත්තේ තන්ත්‍රයානයෙන්මය. නමුත් ඒ දැනුමත් ඉන්දියාවෙන් හොරකම් කළ නොව මුදල් දී අරන් ගිය දැනුමකි. මේ ගැන අහන්නට එක්තරා රත්තරන් මනුෂ්‍යයුකු සිටී. නමුත් කතා කළ නොහැක. කතා කළොත් තද වන්නේය. අනෙකුන් නිශ්ශබ්දය. නමුත් යසෝදරාවන් හැම චැනලයකම විකුනමින් සිටී.     මාර කකුල්ය. මාර පියවුරුය, මාර ආදරය හිතෙන උකුල්ය. ඒ සියල්ලන්ටම වඩා අම්මා මතක්වන ශරීරයි. අවසානයේ පිරිමියා ආදරය කරනවා කියන්නේ අම්මා මතක් කර බවුන් වඩනවා සේය.

එවිට ඇයද මේ කුටුම්බ  දේශපාලන ගැටුමේ අම්මා වන්නේය. මාරස මේ සටහන දේශපාලනික අවසාන සටහනක් වෙන් වන්නටද හැකිය. මොන දකෂතා පෙන්නුවත් ස්ත්‍රිය දේශපාලනිකව පෙරමුන ගෙන පුරුෂයන්ට නායකත්වය නොව දේශපාලනික ‌ආදරය දෙන දවස ජය ගන්නා තුරු මේ ලෝකය මෙහෙම තමාය. පුරුෂ සීමාව කියන්නේ ගැහැනියක් මුල්කොට ගත් දේම වන්නේය. ගැහැනියට ඒ කිසිත් නැත. ජ්‍යෝතිෂයෙන්ද කාලය උන්ගේය. වැදීමද උන්ගේය. නිකන් ස්ත්‍රීවාදී  පරන බයිලා කියන්නට මාරසට අදාලනැත . අද සිටින ස්ත්‍රී ආත්ම උඩු යටි කරන්නට මාරසගේ ජීවිතය තුල යන්නේ ලියන කාලය පමණි. නමුත් මේ ලිව්වේ ඇත්තය. ඒ කිව්වා වූ ස්ත්‍රීන් කිසිදා ස්වභාවයෙන් පෙළ ගැසෙන්නේ නැතිබව ජ්‍යෝතිය නම් ලත් අතීත පූර්වාදර්ශ වලින් සැබෑවකි. ඒකට කිව යුත්තේ බුදුනුවන් කී ඒක් වචනයක් කියන්නටවත් මාක්ස් කිවූ වචනයක කියන්නටවත් මාරසට ඇවැසි නැත. ඒකලා දෙන්නාඅපේ වචන නොව අපේ සිතීමද අත්අඩංගුවට ගත්තා සේ කියා මාරස කීවේ සුජිත් අක්කරවත්තගේ කතිකාවක මහා නායක හිමියන් ඉදිරිපිටය.

අද කෙලින්ම මාරසේ කියන්න වෙනවාය.

ගැහැණිය දේශපාලනයේ පෙරමුන ගැනීමෙන් විනා මේ දේශපාලන වෙන මගුල් සංස්කෘතික ශිශ්ටාචාරයක්වත් වෙනවස් නොවනවා නියතය. ඒ සම්බන්ධව පෙනී සිටින උන්ටත් කෙලවා ඒ එසේ සිදුවනු ඇත

මේ ලිපිය අවසානයේ යසෝධරාවත දාන්නේ අහන් ඉන්නය. පුරුෂ මූලිකව ඒ මාරයයි කියා සිතෙනු ඇත. නමුත් යසෝගේ ප්‍රාර්ථනාවේ ආදර දේශපාලනය කියන්නේ මේ මාරස කියන ලද්දා වූ දේමය.

යසෝදරා. මාරස දන්නේ නැහැ තවත් ආත්ම සහ පුනර්බව ගැන. තිබ්බොත් ඔයා කියන මේ කවියට යටින් ඇති කතන්දරය මට ඇස් දෙකට භෞතිකව දකින්නට හැකි වේවි. ඇවැසි නැහැ යසෝදරාවෙනි. මේ යසෝධරාවතින්ම මාරස දැකලා ඉවරයි යසෝධරාවෙනි.

https://youtu.be/x7_-vSTTLk4



Powered by Blogger.