මර්ධනය වනාහීද පැන්ටසියකි.

                                              මර්ධනය වනාහීද පැන්ටසියකි.


පුනරුත්ථාපනය කියා වදනක් තිබේ. මේ ඉතා අහිංසක මිනිසුන්ට සුවසෙත සැලසීම සඳහා තියන අහිංසක වචයක් අහිංසක ක්‍රියාදාමයක් මෙන් දැනේ. නමුදු එහි කිසිසේත්ම අහිංසකත්වයක් නැත කියා මාරස කියන්නේ වගකීම් විරහිතව නොවන්නේය.

පුනරුත්ථාපනය සම්බන්ධව විකීපීඩියා නොව මොන ජ්‍යාතන්තර රෙද්ද අස්සෙන් ගත්තත් පුනරුත්ථාපනය කියන කතන්දරය වැදගත් වන්නේ පාලකයන්ටය. ඒ තමන්ගේ පාලනය ගෙන යාමට ඉඩ නොදී උන්ගේම ප්‍රජාත්‍රන්ත්‍රවාදයට නතු මිනිසුන් උන්ගේ පාලනයට කරදරයක් වෙනවානම් කෙලින්ම පවතින මිනිසුන් පිලිගත්තා කියා උන්ම තහවුරු කළ නීතිය ඉදිරියට ගෙන යන්නේය. දෙවැනුව නීතිමය දඬුවම් දෙන්නේය. නමුත් ඊට ජනතාව කැළඹෙනවානම් ඒකුන්ව පුණරුත්ථාපනය කිරීමට හිර ‌ගෙදරට දමන්නේය. ඒ මිනිසුන් අච්චුකාරයෝ වන්නේය. ඒ අතරේද තව නිළ ‌බොහෝමයකි. හිරකාරයා යනු හිරගෙදර වචනයෙන් අච්චුකාරයාය. දඬුවම් නියම නොවූ එකා වනාහී රිමාන්ඩ් කාරයාය. 

අපේ හිරගෙවල් වල අච්චු සහ රිමාන්ඩ් පිළිනොගන්නා වූ පිරිසක්ද සිටී. ඕනෑම හිරගෙදරක උන්ට රැග් නැත. උන් මාර සේවයක් කළා සේ අච්චුකාරයෝද සිරකාරයෝද පිලිගත්තේ 1971න් පසුවය. ඒ නිසාම මේ සටහනින් කියන්නේ ජේ වී පී කාරයන්ට වනාහී හිර ගෙදර ඇතැඹුලක් සේ මාර විශ්වවිද්‍යාලයක්ම වී තිබිණ. දැන්නම් ඒ ඉගෙන ගන්නේ මොනවාදැයි මාරස දන්නේ නැත. එක්තරා කාලයකනම් ලෝක ඉතිහාසයේ සියලුදේම ඉගන ගත්තා කියා කියන්නට සාධක තාම තිබේ. 

 1980 අපව අල්ලන් ගියේ අමුතුම නීතියකටය. ඒ හදිසි නීතිය යටතේ 17/1 කියන වගන්තිය යටතේය. ඒ වනාහී රැඳවියන්ය. හදිසි නීතිය පවතින තාක්කල් රඳවා තබා ගත යුතුය. මාරසද වසර දෙකකට ආසන්න කාලයක් රැඳවියකු යන නාමය යටතේ කෑවේ සිරබත්ය. නමුත් යම් අපහසුතාවයකදී හදිසි නීතිය සම්මත කරන්නට දින දෙකක් පමණ ඉන්දු ලංකා ගිවිසුම හමුවේ සිදුවිය. ඒ අවස්ථාවේ ඒ හිර කරුවන් තියාගෙන සිටියේ උන්ගේ අම්මලාගේ නීතියෙන්දැයි එදා රැඳවියන් අතර සිටි නීතිඥයෝ  ඇතුලේ තර්ක කළහ. ඒත් ඒ දේශපාලන රැඳවියන්ගේ පක්ෂය සුලුපිරිසක් හෝ දැන් පාර්ලිමේන්තුවේය. ප්‍රමාණය සහ ගුණය ගැන අපද දන්නා බව කෙලින් මාරස පැවසිය යුතුය. උනද 17/1 ගැන වචනයක් හරියට අරගලකාරීව කතාකලානම් මාරස දැනගන්නට කැමති බව කියන්නේ වසර දෙකක පුණරුත්ථාපනය නිසාය.

ඉතින් පාලකයෝ දේශපාලනික හෝ සමාජයට පීඩාකාරීයැයි මහා සංස්කෘතික න්‍යායන්ට  අනුව දැනෙන හැම එකාවම එකීවම  කරදරකාරයෝ කියා  පුනරුත්ථාපනය කිරීමට ව්‍යුහයක් නිර්මාණය කරගෙන ඇත. උනට පොදුවේ සමාජ ක්‍රමය වෙනස් කරන්නට ප්‍රතිපක්ෂයට නොහැකි වුවද මාර ගේම් දෙන්නේය. අනෙකුන් කූඩුවල පුණරුත්ථාපනයේ සිටින විට එලියේ පවුල් පිටින් ඝාතනය වී අන්තිමට ටයර් යුගයක්ද ඇතිවිය. ඉතින් පාලක පන්තිය. නැතිනම් මාක්ස්වාදීන් හෙවත් වම්මුන්ගේ සංස්කෘතියට අනුව ධනේශ්වරයේ මිනිසුන් සඳහා ඇති එකම ආදරය පුණරුත්ථාපනයම වන්නේය.

මේ දේශපාලන පුනරුත්ථාපනයක වීඩීයෝවක් නොවන්නේය. මත්ද්‍රව්‍ය සම්බන්ධව වීඩියෝවකි. මධුලෝලත්වය ගැන ‌විචාර වසර විස්සකටත් වඩා විචාර අහිමි ගන්දබ්බ ලෝකය තුල මාරස මධුලෝලත්වය ගැන කතා කිරීමට බිය නැත. මධු ලෝලීන්ගේ නොමග ගිය කොටසක් කියා වර්ග  කර උන්ව පුණරුත්ථාපනය කරමින් මධු හෙවත් ඇල්කොහොල් වලට බදු ගසමින් අන්ත කුපාඩි ලෙස හිඳින්නේද ධනේශ්වරයමය. ඉතින් උන්ව පුනරුත්ථාපනය කරනවා කියන්නේද දස වද දීමක් පමණි. නොමග ගිය ඇත්තන් ලෙස වර්ග කරමින් ඒ පුණරුත්ථාපනය ඇමරිකානු ක්‍රමයකට යටත්ය. ඒවා ඒ ඒ් පුණරුත්ථාපන මධ්‍යස්තාන වලට ගොස් ටී සී සිස්ටම්  කියා ඇහුවානම් ප්‍රමාණවත්ය. ටී සී යනු තෙරපි ඔප් කොමනියුටිය කියා ඒකලා කියනවා ඇත. කොටින්ම තෙරපි ඇන්ඩ් කොමනියුටි කියන්නේ සමාජය විසින්ම සමාජ ගැටලු විසඳන ක්‍රමවේදයකි. ඒකද මාක්ස්වාදීන් කියන මාක්ස්ලාගෙන්ම කොපි කරගෙන අද මාක්ස්වාදීන්වද පුණරුත්ථාපනය කරන ක්‍රමවේදයක් බවට පත්වී තිබෙන්නේය. දලයි ලාමාද මේ පුණරුත්ථාපනයේ දර්ශනයට මාර වැඩ කොටසක් කරන්නේය. ඒ දලයි ලාමාවද ඒකුන් පාවිච්චි කරන නිසා වන්නට හැක. මේ අත්දැකීම් පොතකට ලියන්නට බලාපොරොත්තු වූවද පොත් ප්‍රකාශකයන්ගේ ඒකාධිකාරී ප්‍රතිපත්ති මත නොලියමි. නිකන් මාරස බ්ලොග් ලිපි විදිහට ඔහේ ලියවෙනු ඇත

මත්ලෝලීන්ව පුණරුත්ථාපනය කරනවා යන්න ‌විප්ලවීය දේශපාලනයේ තරුණයන්ව පුණරුත්ථාපනය කීරීමට හපන් ජෝක් එකක්ම වන්නේය. මන්ද මේ මාන ඒ කියන්නේ මහාමානය සහ හීනමානය පමණක් නොව බුදුනුවන් කී පරිදි මහාමානයද ඇතුලුවය. ඒවා සමාජ ක්‍රමයක් නිසි ආකාරයක නැති නිසා පවුල් සංස්කෘතියට කෙලවෙන විට ඇති වන අතුරු සාධක බව විශ්ව විද්‍යාල තුල ලැජ්ජා නැතිව උගන්වන්නෙත් උන්ය. කෙසේ උවද ඊට සාසනයද වග කිව යුතුය. බුද්ධගෝෂ මහාහාමුදරුවන්ගේ නාමයෙන් හෝ ඉන් පිටින් ගත්තත් මහා විහාරයද අභයගිරියද මේවාට වග කිව යුතුය. 

වගකීම් පසක තබා මේ අප රට නොවන ගීතය දාමි. ඇල් කොහොල් මානසිකත්වය හඳුනා ගන්න මේ ගීතය මාරය. පෙර දිගටද මේ ගී එකල තිබිණි

රා බී සත පහක
වෙරි වී පණම් දහයක
ගොරවා රුපියලක
අහෝ ගුටි කති පනම් විස්සක

නමුතු ඒ කාලයේ පුනරුත්ථාපන ලාබ ලබන ව්‍යාපාර සහ මර්ධනීය දේ තිබ්බ් නැත. අද එවන් තත්වයක මේ ගීතය රස විඳින්න. ඔබට ඇතිවන හැඟීම කෙලින්ම පුණරුත්ථාපනයත් පැන්ටසි වෙනු ඇත. මේ සිංහල මාරසේ උප සිරැස් නොව යූ ටියුබයේ ඇති ස්වංයංක්‍රීය ඒවාය. බාගන්නා ලද්දේ මාර ආතල් නිසාය.
https://jagathmarasinghe.wixsite.com/mare
ජගත් මාරසිංහ
19 04 2023


Powered by Blogger.