සන්නද්ධ සන්නා මොනවා කළත් තනිකමක් උදා වෙන්න ඇති. ඒ ධනේශ්වරයේ කාලකන්නිම තැන. සන්හිඳ ප්‍රකාශකයෝ නැතිවෙලා ගියා. ඒ අහිංසක පොත් ලියන නව පරපුරේ කරුමයට කියලා මාරස කියන්න බය නැහැ. ඊට පසු සන්නා සංහිඳ වෙනස් කළාද නැතිනම් ප්රාග්ධනය වෙනස් කළාද යන්න ලියන්න මේ ලිපියට අදාල නැහැ. ඒක අනාගතයේ නියමෙට කියවෙයි. එදා සංහිඳ කියන්නේ අභයගිරියේ නව සුසංයෝගයක් වගෙයි මාරසටනම් එකල දැනුනේ. ඒ එකල කිවවේ පිස්සු හැදෙන තරඟකාරිත්වයක ඇති වූ මිනිසා නොමිනිසා වෙන යුගයක්.
එසේ වූයේ මන්දැයි සිතීමට සිතක් ඇත්තාවූත් මාරයා මේ බව ලියනවා. දේශපාලනිකව පාටකයෝ ඉල්ලනවා කියා දැන ගත්තොත් ලියන්න තරම් මාරසට හයියක් තිබ්බත් පල කරන්න හයියක් නැහැ. ලියන හැම දේකටම මාරස එකඟද නැද්ද කියලා අදාල නැහැ. පොතකින් බැහැ මචන් විප්ලවයක් කරන්නත් විප්ලවයකට උදව් දෙන්නත් කියලා උඹලත් මනාව දන්නවා. එසේ වූවානම් අද ආදරවන්තයන් සියල්ල ගොලුහදවතේ ධම්මිලා විය යුතුයි. නැතිනම් ආදරයේ සුගත්ලා විය යුතුයි. නැහැ කිසිම මොහොතක ඒක වින්දා විනා ඒකෙන් පෙරලියක් වුනේ නැහැ. ඒක දිග කතාවක්. උපුල් සාන්ත සන්නස්ගල ලියපු වස්සානේ සිහිනය ගැන මාරස කිසිදා විකාර ලීවේ නැහැ.
ඒකට මාරසට කියන්න තියෙන්නේ එකම වචනයක් පමණයි. එක පැත්තකින් ජාතික දේශපාලනය සහ වෙළෙඳ ප්රවනතා ගෝලීය වෙනකොට අනිත් පැත්තෙන් කලාවත් එසේම වෙනකොට තවත් පැත්තකින් දේශපාලනික නව ප්රවනතා එසේම වෙනකොට මේ චක්ක්රීය අර්බුදය තරුණ කෙල්ලෝ කොල්ලන් දහස් ගානකට බලපාලා තරුණ තරුණියෝ නන්නත්තාර වේශ ගන්නා විට ගුරුවර ගුරුවරියන්ට වදිනවා. උන්ට වැදුනත් සිංහල සිංහල විදිහට ගෙදර භාෂාවෙන් උගන්වපු සහ සමහර අවස්ථාවල හුණුවටය උගන්වද්දී රඟපා ඒ දේ හදවතටම උගන්නපු සන්නා නැමති මේ විදිමත් ගුරුවරයාට මේ කොල්ලන් කෙල්ලන්ගේ වෙනස පපුවටම වදිනවා තමා. ඒකාට ඒකේ නියම සන්නාමය ලැබුනේ නැහැ . මෙතනදී තවත් දෙයක් කියනවා. සන්නා විතරක් නොවේ ගමෙන් කොළඹට ආවේ. අර චාලි චැප්ලින්ගේ ගෝල්ඩ් රෂ් චිත්‍රපටයේ රත්තරන් සොයා ගිය හතර වටේ ගම් නියම් ගම් වල මිනිසුන්ගෙන් කොළඹ වරාය වටා වතු සංස්කෘතියක් බිහි වන්නට මූලික වුනා. ඒ කාලේ තමා පනීභාරතලා සෝමබන්ධු විද්යාපතිලාත් අමරදේව හෙවත් ඇල්බට් පෙරේරලාත් තව බොහෝ අයත් ඇවිත් වෙනම ජාන කුලකයක් ගෙන සංස්කෘතික බලය හදා ගත්තේ. කොළඹ මා තුන්වැනි පුරවැසියා කියා තිලංග සුමතිපාලයන්ට කියන්න වෙන කතා සිහි කරමින් මේ කතාව ලියනවා. නමුත් සන්නා කොළඹට ආවේ කෙසේද යන්න මා දකින්නේ ඒකාගේ දක්ෂතාවය පැත්තෙන්.
මාරස අද කියනවා චාපා කසුන්ගේ ප්රේමවෘත්ත්තාන්තය ගැන මොකා මොක කීවත් අද ඉන්නේ ධම්මිලා සුගත්ලා නොවේ චාපා කසුන්ලා වගේ පෙම්වතුන් කියලා. ඒකා ඒ කියන්නේ ලියපු සන්නා ඉඟි කලා වගේ මේ තාක්ෂණය මිනිසුන් වෙලා ගනිද්දි මක් වේවිද කියලා. නමුත් ඒ පොතේ එකම අඩුවක් අද මාරස දකිනවා. චාපා කසුන්ලාට වඩා ඒ දෙපලගේ අම්මලා තාත්තලා අපරදිග වෙළෙඳ ආකෘතියේ වෙස් නැට්ටුවො වුනා කියලා. මාරස දන්නේ නැහැ ඒ වෙස් බැන්දේ දළඳා මාලිගාවට ගොස් අවසර අරන්ද කියා. ඒවා කීමෙන් පලක් නැහැ. ඒක තමා දේශපාන චලිතය. ඒවල ඉන්න නිලමෙලාගේ දූවරුනුත් පුතුනුත් මේ ගෝලීය ආර්ථිකය විසින් වෙනස් කළ ද්‍රව්‍යමය පදනමේ හිර කාරයන් වූ බව ඒකලා ඒකිලත් දන්නේ නැහැ. දැනගෙන සිටි නලින්ද සිල්වා වන් සහෘදයන්වත් එදා අප සාහිත්‍ය සමාජයෙන් වෙන් වුනා. ඊට පසුව සාහිත්‍ය කුමක්ද යන්න මොහාන් රාජ් මඩවල දන්නවා නියතයි. ඒකා මේ ලබ්දි දෙකේම මැද සිට ඒ අවස්ථාවේ යථාව සෙවීමටත් තමා පොරක් වෙනවාට වඩා පොත් පත් විකුනා ගන්න වෙහෙසුනාදවත් මාරස දන්නේ නැහැ. නමුත් ඒකා මේ ආදරය ඉස්සරහට යන්න තල්ලු කළා.
කේකේ සමන් කුමාර නැමති අමුතුම ලේඛකකයා නොවේ දේශපාලනයේ ආධ්‍යාත්මිකත්වය හොයනවාටත් වඩා ආදරයේ විශේෂයෙන් ගැහැනු ගැන සැබෑව ලියන සිහින කල්පිත නැතිනම් අභිතාත්වික ලේඛකයා පොත් අහුරු ගනන් ලිව්වත් චාපා සහ කසුන්ගේ පශ්චාත් නූතනවාදි ව්‍යුහාත්මක දේශපාලනයට සේන්දු වෙන්න බැරිව ගියා. සන්නා ඒක කලින්ම දැක්කා. චාපා සහ කසුන්ලාගෙන් ගැබ් ගත් නව පරපුරට දැන් බුද්ධිමතුන් කියන්නේ හසරක් නොදත් පිස්සෝ වගේ ලෝකය නොදත් අමුතුම මිනිස්සු කියලායි.
මෙන්න මෙතනදී කේකේ සමන්ගේ සාහිත්‍ය ස්ත්රීත්ව දේශපාලනික සංකල්ප විභවය නැවත ලාංකේය සාහිත්‍ය කාමීන්ට සෙට් වෙනවා.
සමහර විට මේව ලියපු ඒ යුගයේ ඒකලාගේ සහෘදයන්ගේ තාත්තලා අම්මලාත් අද අරගල කරන්නේත් දේශපාලනික වන්නේත් මේ සන්දර්භයේම සිටද දන්නේ නැහැ. ගොඩක් අය නව අගනාගරික වාම දේශපාලනය කරන්නේත් සටන් කරන්නේත් අවසාන විග්රහයේ සන්නාගේ චාපා සහ කසුන්ගේ අතර මැදි ලව් හෝ දරු ලව් සින්ඩ්රෝමයකට මැදිවිද නැතිද යන්න කාලය විසින් විසඳනවා විනා කලා කාරයන්ගේ හෝ දේශපාලන කළලයන් වන් කිසිවෙකුට විසඳිය නොහැකියි. භෞතිකත්වය නැතිනම් භෞතිකවාදයෙන් නිපන් සියල්ල ඒ මත සිදුවේවි. එසේම භෞතිකවාදීන් සමහර තැනක සන්නද්ධ සන්නාත් මේ ගැන සිතන්නට ජීවිතයෙන්ම පටන් ගනීවි. මොකද අනිවාර්යෙන්ම සන්නා සිංහයෙක්. වචනයක් තව කිව යුතුයි. ලංකාවේ සිංහයෝ හිටියාද නැතිද වෙනම කතන්දරයක්. නමුත් ලංකාවේ සාහිත්‍ය සිංහයෝ ඉන්නවා. මෙතනට මාරස සිංහබාහු ගීතයක් එක් කරනවා.
ආදර ගීතය.
මෙන් කමලේ දෙන රැව් මිහිලොල්
මුදු තෙපලින් රඳනා හැම කල්
පෙම්බරියේ නුඹ දුන් මෙ වදන්
දොම්නස පහ කරවයි සිත් සතන්
https://youtu.be/9Ax5YO8NtmI
ඉතින් මචන් සන්නා. උඹත් සමග මගේ මහා ඇසුරක් කාලය පැත්තෙන් බැලුවොත් තිබී නැහැ. නමුත් දැන් තේරෙයි ආදරයෙන් තිබිලා තියනවා කියලා. නුඹ ඒකත් දැනන් සිටි බව මා දන්නේ නුඹ ප්‍රතික්ෂේප කරන ආධ්‍යාත්මික දෘෂ්ටියකින්.
පොත් ප්‍රකාශකයන් ගොඩයි. නමුත් උඹ වගේ කිසිදු කෙනෙක් තමන්ගේ ප්‍රාග්ධනයෙන් පාඩු ලබමින් පොත් ප්‍රකාශ කලේ නැහැ. නමුත් අද පවතින සමාජය ගැන පොත් ප්‍රකාශ කර ඇත්තේ නුඹයි සන්නද්ධ සන්නා. සතුටු වෙයන්. ආන්න ඒකට තමා කියන්නේ විලම්භීත ආදරය කියා. ඒ කාවෙනුවෙනුත් නොවේ සමාජය වෙනුවෙන්. අවසානයේ සමාජය ඒක තේරුන් ගන්න කිසිදු අමාරුවක් නුඹ දරා ගත යුතු නැහැ. ඒවා වෙලා ඉවරයි කියලා සතුටු වෙන්න අවශ්‍යතාවකුත් නැහැ තමා. ඒ මොහොතේ ප්‍රකාශක පැත්තෙන් නුඹ පොරක් කියලා මාරස කියන්නේ නොබියව.
මාරස ලියන මාරයා කිසිවෙකුනේ කිසිත් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා දන්නවා ඇතැයි කියා සිතනවා. ආදරය කියන්නේ ආදරය සන්නද්ධ සන්නා. ආදරයට නියම අදහස දුන්නේ සිද්ධාර්ථ ශාඛ්‍යසිංහ හෙවත් ගෞතම බුදුනුවන්ම තමා. ඒක එච්චර දුර ඇවැසි නැහැ. තව වසර සියයකින් අපි දැකි කිසිවක් නැහැ තමා. නමුත් මේ මාරස කියන නිමේශයේ නුඹ වැඩක් කළා කියලයි ලිව්වේ. ඒකට කුමට ප්‍රසිද්ධිය. කුමට මුදල්. කුමට බලය. ඒ සියල්ල වනාහී සැබෑ වැඩක ජල බින්දුවක්ම වනු ඇත ජල බින්දුව වාෂ්ප වී ගොස් නැවත මේ පොළවටම වැටෙනු නියතය.
උඹ කැමති උනත් අකමැති උනත් මේ ලබපු ශකරාජ වර්ෂ 1945 වසර උඹට මචන් එළ කිරි වේවා. දරුවන්ටත් බිරිඳටත් උඹ ආදරය කරන අන් සැවොමටත්. කෙනෙක් කියන්න හැකියි යාන්ත්‍රික භෞතිකවාදයෙන් පැතුමක් කියන්නේ විඥ්ඥානවාදී මගුලක් කියලා. තවත් කෙනෙක් කියාවි යුතෝපියා පැත්තෙන්. මොන මගුලෙන් කිව්වත් මාරස දකින්නේ හදවතේ පැතුමක් ඇවිත් ආදරය කියලා. ආදරය කියන්නේ පැන්ටසියක් වුනත් භෞතිකයි තමා. පැතුමත් ඒකමයි. පැතුම කෙලින්ම භෞතිකයි. එසේ වන්නේ හේතු ඇතුව කිව්වොත්. ප්‍රශ්න වලට උත්තර සපයන්න හැකි නමුත් ආදරය වගේ පැතුමකදි එච්චර දුර යන්න මාරස මෝඩ වුවත් මාරයා මෝඩ වෙන්නේ නැහැ.
උපුල් සන්නස්ගලට තියන ආදරය තියෙන්නේ ආදර කලාවේ අකුරු අස්සේ සහ සංකල්පීය රූපරාමු තුල. උපුල් ශාන්ත සන්නස්ගල සහෘදයා. ආදරෙයි අහස තරම් . කිසිදා නුඹ ගැන නොලියූ මාරයා සන්නද්ධ සන්නා කියා ලිව්වේ ඇයි. සන්නද්ධ නිසාමයි. ඒ ලිවීම ලියන්නාට අයිති කාර්යක්. තේරුන් ගැනීම පාටකයාට අයිති කාර්යක්. හරි වැරදි කීම විචාරකයන්ට අයිති කාර්යක්.
කිසිවෙකුට අයිති නැති දේ කුමක්ද
සංහිඳ නැත. ඇත. ඇත්තේත් නැත. නැත්තේත් නැත.
"නමුත් සංහිඳ දිනේවා."
ජගත් මාරසිංහ
15 04 2023
https://jagathmarasinghe.wixsite.com/mare