පිම්පියන්ගේ දේශපාලන ආර්ථිකයේ මහා පොදු සාධකය
අද ලෝකයේ නවීන ගෝලීය වෙළෙඳ පොළ විනිවිදින විට ඉතා බරපතල සහ භයානකවූත් නමුත් ප්රියජනකවූත් විකිනීම වී තිබෙන්නේ ශරීර වෙළඳාමය. ඒ භයාංකාර වන්නේ ඒ කාන්තා අපයෝජනය සමග බැඳී පවතින නිසාය. අප රට බොහෝ දෙනෙකු ශරීර වෙළඳාම දකින්නේ සම්භාහන ආයතන සහ ගණිකාමඩම් වලට ඒ තත්ත්වයන් ලඝුකර වීමට හැකිය. සැලකිය යුතු බුද්ධිමය තත්ත්වයන් ගැන වමේ බුද්ධිමතුන් කතා බහ කළද ශරීර ලෝකයේ ශරීර වෙළඳාම සම්බන්ධව මහා බලයක් ඇති ලෝක ලිංගික කර්මාන්තයේ (Sexindustry) ප්‍රාග්ධන මෙහෙයුම් ගැන කතාකරන්නේ නැත. සමහර විට ඇතැම් පරංගි කොටසක් විසින් මේ තත්ත්වයට අපගේ ඇති නොදියුණු ලිංගික ශරීර මිනිස් වෙළඳාම පත්වීමට අදාල නීති රීති වෙනස් විය යුතු බව කියන දාර්ශනික ලිපිනම් මාරසද කියවා තිබේ. ඒ අයගේ සයිබර් රස්තියාදුවේ පරිනතකම ගැන මාරස පුදුම වන්නේ නැත. ඔවුන්ට ඒවා ලියන්නට නොහැකි වී තිබෙන්නේ ථේරවාදී බුදු සමය නිසා බව ඔවුන් මහා පරිමානයෙන්ම සටන්කාමීව තහවුරු කිරීමට මාධ්‍ය යුද්ධයක්නම් දියත් කර තිබේ. නමුත් මේ ශරීර වෙළඳාම සහ එහි ඉතිහාසය සම්බන්ධව හෝ අද එහි ලෝකයේ පවතින ප්රචන්ඩ බලහත් කාරිත්වය සම්බන්ධව බී ඩී ඇස් ඇම් වැනි නව ලිංගික සංස්කෘතීන් මාරසාද්හි සාද් ඈපානන්ගේ ඉතිහාසයට අමුණා ලිස්සා පැන යන කාරණා ගැන වග උත්තර දීමට ඔවුන්ටද සිදුවන වග කවුරු කවුරුත් ඉතා හොඳින් මතක තබා ගත යුතුය.
වැඩිහිටි විනෝදාස්වාදයට ලිංගික වෙළඳාම මිනිසුන් විසින් කරගෙන යනවා කියන්නේ පට්ටපල් බොරුම තමාය. මෙම කර්මාන්තය වනාහී ජ්‍යාතන්තර වානිජ ව්‍යාපාරයක්ම වන්නේය. අප රට ජනමාධ්‍ය වලද මේ වෙළඳාම වක්‍රෝතියෙන් කරගෙන යන බව සේවාදායකයන් දන්නේ නැත. ඒ අන් කරුණක් නිසානොව තමන්ගේ මතයට පිටුපස මහ ජනතාවක් ඇතැයිද ඒ ආරක්ෂා කරගැනීමට මීඩියා මාරයැයි සිතා සිටින බුද්ධිමතුන් මෙන් මගේ ශරීරයට මාර ආකර්ශනයක් ජනතාව අතර ඇතැයිද ඒ ජනතාව තවදුරටත් දිනා ගැනීමට මාධ්‍ය මාරයැයිද කවුරුත් හිතනවා මෙන් මා මාර ලස්සනය කියා හීනමානය මුල්කොට බොහෝ කාන්තාවන් සිතන පතන විදිහ ඉතා හොඳින් මාධ්‍ය ප්රාග්ධනයේ මෙහෙයුම් දන්නා නිසාය. ජනමාධ්‍ය තුලද වක්‍රෝතියෙන් ශරීර වෙළඳාම සිදුවන්නේ සිය ශරීරයේ අයිතිකාරයාගේ ප්‍රසිද්ධියට තමන්ගේ මාධ්‍ය ප්රාග්ධනය වැඩි සේවයක් සපයන නිසා තොප සත පහක්වත් නැතිව අපට සේවය කරව් කියන මතයෙන්ය. තවත් පැත්තකින් ඒ කතන්දරය සාධාරණය වන්නේ බුද්ධිමය සාකච්ඡාවලට සහභාගි වන බුද්ධිමතුන්ටද මේ තත්ත්වය සමගාමී නිසාය. ඉතින් සිය ශරීරය සමාජ මාධ්‍යයේ නොමිලේ පෙන්නමින් ජනමාධ්‍ය සමග සම්බන්ධකම් ඇති කරගැනීමට වෙහෙසෙන අය සහ ඒ දඩමීමා කර තමන්ගේ ආශාවන් නොමිලේ සන්තර්පනය කරගැනීමට පේක් හෙවත් අන්වර්ථ නාම ඊ පවුරු ගිණුම් ප්‍රමාණය ගැන පේස්බුක් මෘදෘකාංග වල නම් ඉතා හොඳින් සටහන් වී ඇතුවාට සැකයක් නැත. සරළව කිව යුත්තේ මහ පොළවේ මහා දේශපාලනය සහ ඒ වෙනස් කරන ඇත්තන්ට මේ මිනිස් ජාවාරමද අප සමාජයේද මහා පෙත්තක් බවය. කොටින්ම මේ අපේද මහ පොළව බවය. ජනප්‍රිය නාමයකට තලා පෙලා සමාජ ජාලා හෝ මාධය විසින් සිදුවන්නේද තකතීරු ජාවාරම් ප්‍රචාරණ තත්ත්වයන් මිස මානවීය කියා සිතා ඉන්නා බී ඩී ඇස් ඇම් ලිංගික සංස්කෘතියද නොවන්නේමය.
(ලෝක ලිංගික කර්මාන්තයේ මහමග සිටින බාල තරුණ කාන්තාවන් පැහැරගෙන ගොස් වද දෙන ආකාරය ආතල් ගැනීමටනම් නිල් වෙබ් අඩවි මරුය. නමුත් මේවා සම්බන්ධව මානව අයිතිවාසිකම් සංවිධාන සහ බී බී සී වැනි විදෙස් ජනමාධ්‍යය වැඩසටහන් ඊටත් වඩා මාරය. පසුගිය දශකය තුළ එක්සත් ජනපදයේ අත්අඩංගුවට ගත් ළමා ලිංගික ජාවාරම්කරුවන් 1,416 ක් පිළිබඳ 2017 විශ්ලේෂණයකින් හෙළි වූයේ ජාවාරම්කරුවන්ගෙන් 75.4% ක් පිරිමින් වන අතර 24.4% ක් කාන්තාවන් බවයි. පිරිමි ජාවාරම්කරුවන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 29.2%ක් වූ අතර කාන්තා ජාවාරම්කරුවන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 26.3% කි. ජාතිය හඳුනාගෙන ඇති අයගෙන් 71.7% අප්‍රිකානු ඇමරිකානුවන්, 20.5% කොකේසියානුවන්, 3.7% හිස්පැනික්, සහ ඉතිරි අය පැසිෆික් දූපත් වැසියන්/ආසියානුවන් සහ වෙනත් වර්ගීකරණය කර ඇති බව මානව අයිතිවාසිකම් සංවිධානයෝ පැහැදිලිවම වාර්තාකර තිබේ. අද වන විට තත්වය තවත් ඔඩු දුවා තිබේ.)
ලිංගික ශරීර ජාවාරමයි කියා අත සෝදා ගැනීමට මාරසට අවශ්‍යතාවක් නැත. මේ වනාහී කෙලින්ම මිනිස් ජාවාරමක්ම වන්නේය. ලිංගික අල්ලස් ගැනීමේ සිට ඇතැම් කලාකරුවන්, දේශපාලකයින්, ජනමාධ්‍යවේදින් පමණක් නොව ශ්‍රී ලංකාවේද බලය බලයක් කරගෙන බොහෝදෙනා කාන්තාවන්ගෙන්ම ආරක්ෂාව දිනාගෙන වංචාකාර මුහුණුවරකින් ආදරය යන වචනයට විවිධ දේශපාලන සහ දාර්ශනික පමණක් නොව ආගමික අර්ථකතන සපයමින් සමාජයේ හීනමාන බලයටම වහන් වී නොමිලේ කරගෙන යන ඒ මනුෂ්‍ය හෙවත් ඊනියා ආදරයේ මිනිස් කාන්තා ජාවාරම සියල්ලන්ටම හපන්බව සැබෑවකි. බොහෝ බලවන්තයන් රාජ්‍ය නොවන සංවිධාන වලට දෝෂාරපනය කිරීමට සැබෑ කාරණා ඇතත් තිරය පිටුපස ප්‍රධාන කාරණාවද මේ තත්වයම බව වටහා ගැනීමට අටුවා ටීකා ඇවැසි නොවන්නේය.
පිම්පි පාලක ජාවාරම- කල්ලි පාලක ජාවාරම - රූපළාවන්‍ය ජාවාරම- වෙළඳ නාම කරණ ජාවාරම- පවුල් ජාවාරම- සයිබර් සෙක්ස් ජාවාරම- බලහත්කාර විවාහ- ආදී ජාවාරම් තත්ත්වයන් ගැන මාරස ඇස ගසා සිටියේ තිරය අරින්නට ලණුව කවදා හෝ කොහෙන් හෝ කොනකින් අල්ලා ගැනීම මාරස ගායට මරු නිසාය.
මේවා මාරස එකින් එක දිග හරින්නේ ලියැවෙමින් තිබෙන පොතක කොටස් වල පරිකතා වගේය. තවත් ජාවාරමක් වන පොත් ප්‍රකාශක ජාවාරම් හමුවේ මාරස ලියන්නා වූ පොතක් ප්‍රකාශ කරගැනීම සිහිනයක් බව දන්නා නිසා නොමිලේ ගාය නිසාම පරිකතා ලියන්නට මාරසට හිතුනා වන්නට ප්රළුවන.
සයිබර් රස්තියාදුවේ වීදිය ඉතා භයානක වීදියකට අවතීර්ණය වූ බව මාරස ඉතා හොඳින් දන්නවාය. දැන් දැන් ඉතින් කවුරු කවුරුත් තමන් ඉන්නේ ලිංගික යන්න නාමිකව භාවිත නොකළත් ශරීර වෙළඳාමකද කියා තමාගෙන්ම අසා ගන්නවානම් මරුය. ලෝකයේ මිනිස් ජාවාරම පිටුපස පූජ්‍ය පක්ෂයද, දාර්ශණිකවූත් එසේ නොවූත් තවත් අර්ධයකින් දැවැන්ත වැඩකොටසක් සිදුකරන බව නොදන්නේ කවුද? ලෝක තත්ත්වයන්ගෙන් අපේ රටටද ගැලවී වෙනම දෙයක් කිරීමට කිසිසේත්ම හැකියාවක් නැත. වෙස් මුහුණු දමා මුහුණ වෙනස් කළ හැක. නමුත් මුහුණ මුහුණමය. දෙබිඩි චින්තනයක ඉතිහාස පදනමක් ඇති ජනසමාජයක මිනිසුන්ට මහා ජනගංගාවක් මැද හැංගි මුත්තන් කෙලීමට ජ්යාතන්තරයටවත් ඉගැන්විය නොහැක. ඇවැසිනම් ජ්යාතන්තරයටද ඉගැන්වීමට මෙයාලා ලෑස්ති බව සැබෑවකි.
මාරස මිත්‍ර අජිත් කුමාරසිරිගේ ගීතය මෙවර සිහිවූයේ සිංහල අළුත් අවුරුදු මස අවසාන වී ජ්‍යාතන්තර කම්කරු දිනය සමරමින් වෙසක් මස සමරන්නට පැය කීපයකට මත්තෙන් රාත්රියකය. ඒ මේ ලිපියට ගීතයකට ඇත්තේ ඒ පමණදැයි සිතීම මීට පෙර මාරස ලියා අවසාන කර තිබේ.