මේ දඹාන නොවන්නේය. ඇමරිකාවය

 

මේ දඹාන නොවන්නේය. ඇමරිකාවය


ජ්‍යෝතිශ්ශාස්ත්‍ත්‍රඥයෙක් නිව් යෝර්ක් නගරයේ මධ්යම නගරයේ බටහිර පැත්තේ පිහිටි වෙළඳසැල් ඉදිරිපස චිත්රාගාරයක සේවාදායකයකුගේ වාසනාව කියයි. ආසියානු සැරසිලි සටහන් කරන්න කියා එහි ලියා තිබේ. මේ ලංකාවේ දඹානේ නොව ඇමරිකාවේය. රුසියාවේ මීටත් හපන්ය. එහි සැබෑ නොවන පැත්තකුත් සැබෑ දාර්ශනික පැත්තකුත් ඇත. මේවාට උත්තර දීමට හිටියේ කාලෝ පොන්සේකාය. අවසානයේ නලින් ද සිල්වා සමග මහා ගහ ගැනීමේ සංවාද වලින් කාලෝ සහ අනෙකුන්ද අයං කාලෝවිය. නමුත් වීදි ඡායාරූප ශිල්පියෝ මේවා ඩැහැගන්නා අයුරු ලෝකයට දායාද කරන්නේය. මිත්යාවද සත්යද යන්නට වඩා ලෝකය පවතින්නේ මෙතැනැයි කියා වීදි ඡායාරූප ශිල්පීන්ගේ ආලෝක දඩයම ඩැහැගන්නේය. මේ ‌‌‌ජ්යෝතිශ්ශාස්ත්ර සම්බන්ධව මිනිසුන්ගේ ආශාව හෝ කැමැත්ත හෝ දර්ශනයන් ගැන ආලෝකයෙන් වීදි ඡායාරූප ශිල්පීන් දඩයම් කරගත් පිටුවක තිබි ඡායාරූප වලින් එකකි. හෙට වෙන දේ දැන ගැනීමට මිනිසුන්ගේ ඇති ලැදියාව කෙබඳුද? අපි කවදා හෝ මැරෙනවා යන්න සියලු මිනිසුන් දන්නවාය. ඒත් හෙට ගැන ආශාවක් තිබේ. නැතිනම් ඒ මිනිසෙකු වන්නටද නුපුළුවන. වීදි ඡායාරූප ශිල්පියා යනු අහම්බය ජයගන්නා ඉතිහාසය ඉතිහාසය විදිහටම සටහන්කරන්නෙකුද වන්නේය. ආදරයේ නාමයෙන් ලෝකයේ සූර්යාලෝකය වෙනස් වන තප්පරයෙන් පංගුවක් ගැන සිතමින්ම ජීවත් වන වීදි ඡායාරූප ශිල්පීන් දිනේවා කියා මාරස පතමි.


Powered by Blogger.