ආදරයේ වේදනාව නොව ආදරය නිල් වර්ණයම වන්නේය.

                  ආදරයේ වේදනාව නොව ආදරය නිල් වර්ණයම වන්නේය.

මොහොතකට පෙර වීදි ඡායාරූපකරණය කිය කිය හිටිය මාරස ප්‍රගීත් රත්නායක චිත්‍රශිල්පියා සමග දොඩමලු වුනා. ආදරය අර කිරි මුට්ටියක් උතුරනවා වගේ පිටාර ගැලුවා. ඇත්තටම ඡායාරූප කලාව සහ චිත්‍රශිල්පීීය කලාවන් නැතිනම් සකලවිධ කලාවන් අපට ප්‍රබේද වලට තනි රේකාවකින් වෙන් කරන්න හැකිද? ඒත් සමහර වෙලාවල් වලට ලඝුකර වෙන් කර කතා කරන්න වෙනවා. කලාව දාර්ශනිකත්වයටත් වඩා උඩින් තියන දෙයක් වගේ නේද? අපි දන්නේ නැති ලෝක වලට අරගෙන යනවා. ඇත්තටම ඡායාරූපයකින් කරන්න බැරි දෙයක් ඡායාරූපයකින් කළ හැකියි. අර මාක්ස්ලා කියනවා වගෙ ඒකේ අනිත් පැත්තත් එහෙමයි. බලන්න. මේ ශිල්පියා විකුනන්න දාල තියන චිත්‍රයක්. සල්ලි දෙනකන් ඇඩ්රස් නැහැ. නමුත් ආදරේ ඇස් නවත්වන්න වෙළඳපලට බැහැ. 
තද නිල් වරණය, කෙලින්ම වේදනාවේ ආදරය. කහපාටින් මතුවුන ශාරීරික අවයව. හරියටම උකුල ගාවින් කෙල්ලගේ ගවුම කඩා වැටිලා. සාද් ඈපානන්ව සිහිවෙනවා. සුගතපාල සිල්වගේ මාරා සාද් නැවත නරඹන්න හිතෙනවා. මන්ද ඒකේ රඟපාපු අය ඒක කියනවාට කැමතිද කියලා. සාද් කියන්නේ සේඩිස්ටික් නැතිනම් අනෙකා රිදවා තලාපෙලා වගේ දේ වලින් ලබන ලිංගික තෘප්තිය.මේ චිත්‍රයේ ඒ දේ වේදනාත්මක නිල් වර්ණය මැද්දේ තද අඳුරේ වේදනවාව මැද කළු වර්ණයේ අපි දුඹුරුයි කියන ප්‍රබේද වර්ණයකින් සටහන් වෙනවා. මාර කතන්දරයක් තියනවා කියල දැනෙනවා. අනෙකාට තලා පෙලා කරන සේඩික්ටික් කියන ලිංගිකත්වයෙත් සතුටක් තියනවා කියලා මේකා අඳිනවා. ගෙදර ගෙනත් ගහගන්නේ මොකටද? ආදරයේ කඳුළ කොතනද මේ සංකල්පයත් නැතිනම් ජීවිත ස්වභාවයත් එතන අනිවාර්යෙන්ම තියනවා.ආදරය කියන්නේ මාර දෙයක්. ඒකේ පදනම හංගන්න බැහැ. ලිංගිකත්වයම තමා. සිද්ධාර්තයන්ද දාලා ගියේ ලිංගිකත්වය. ඒ නිසා බුදුනුවන්ලා ගැනවත් ලිංගිකත්වයෙන් තොරව කතා කරන්න බැහැ. බලන්න මේ ප්‍රචන්ඩත්වයේ ආදරය. ආදර වන්තයින් සන්ඩු සරුවල් වෙද්දිත් මේ භාවයන් තමා තියෙන්නේ. සමාව අයදිනවා මේක නිර්මාණය කරපු කෙනා ගන්න බැරිවීම සම්බන්ධව. නමුත් එයාව හමුවුනොත් ප්‍රචණ්ඩ කියන ආදරයේ සීමාවන් ගැන මාරස කතා කරනවා අනිවා. ආදරය කියන්නේ හැමදාම ආදරය. වෙරයේදිත් සාමයේදිත් මරණයේදිත් ඊට පසුවත් ආදරය කියන්නේ ආදරය. වේදනාවේ නිල් වර්ණය මට පේන්නේ රතු සහ කහ වර්ණය වගේ. උඹලගේ සායම් ගාන්නේ කැන්වස් වල කොල වල නොවේ. අපේ හදවතේ. ආදරෙයි.
Slow Dancing II යනු Nik Helbig විසින් 2010 ඔක්තෝබර් 31 දින උඩුගත කරන ලද සිතුවමකි.
www.jagathmarasinghe.com
02 10 2022



Powered by Blogger.