තිලොවග බුදු සමිඳේ (Thilowaga Budu Saminde)

 

      අපි අසූව දශකයේ කියලා කියන්නේ අපි උපන් දශකය නොවේ. ඒක අපි තාරුණ්‍ය ගතකළ අවධිය. කොටින්ම අපේ කොදෙව්වට කෙලවුන අවධිය කියලත් කියන්න පුළුවන්. අපි දැක්කේ සතුට නොවේ. සමස්ථ විග්‍රහයේ විදහට දුකම තමා. නමුත් අපේ උන් ඒ දුක සතුටක් කරගන්න පටන් ගත්තා. සියල්ල විනාශවෙනවා අපි බලන් හිටියා. ජේ ආර් ගේ 77 විවෘත ආර්ථිකයේ සමාජ චලිතය අවසානයේ සියලු යතාර්ථයන් බිඳවැටෙන කල අපේ ඒ කාලකන්නි කියන යුගයේ උන් පශ්චාත් නූතනවාදය කියලා වෙනත් පැත්තකින් තේරුම් අරන් නැවත කලාවට ආවර්තිතා වගුවක් හඳුන්වා දුන්න. මට මතකයි මූලද්‍රව්‍ය කීපයකට හිස්තැන් තිබ්බම ඒක අනිවාර්යෙන්ම රටාව පිරෙන්න මූල ද්‍රව්‍ය එකතුවේ කියලා ලෙනින් කියනවා. මන්දා අද වමේ දේශපාලනය කරන විප්ලවීය කට්ටිය ආවර්තිතා වගුවවත් දන්නවාද කියලාකැලේ ගියා වැඩී.

     . මේ පොඩි නම ඉන්නේ ලොකු ගිහියෙක් සමග. මේක ශ්‍රී ලංකා වීදි ඡායාරූප වෙබ් අඩවියෙන් ඇහිඳගත්තේ. මගේ ඇඟේ මවිල් කෙලින් වුනා. මොකද මාරස ඉතා උසස් රැකියාවලට ඒ කාලේ යන්න උපරිම තත්වයේ සුදුසුකම් තිබ්බත් මම තොරගත්තේ පිරිවෙන් ගුරුකම පඩි නැතිව වැඩ කරන්න. ඒ ඇයි කියන එකට සටහනක් මදි. පොතක් ලියන්න වෙයි. නමුත් ඒ ටික කිව්වේ කෙලින්ම මේ පොඩි උන්නාසේ ගැන කතාකරන්න අයිතිය පැහැදිලි කරන්නයි

      මේ ලඟකදී වමේ පක්ෂ නායකයෙක් කියලා තිබ්බා ආගම රජයෙන් වෙන් කළ යුතුයි කියලා. සරලව කියනවානම් එක ප්‍රශ්නයක් ඒ මතය දරන අයගෙන් ඇසිය යුතුයි. බුද්ධ ධර්මය කියන්නේ එකක්. දර්ශනය කියන්නේ තව එකක්. නමුත් බුද්ධ සාසනය කියන්නේ තවත් එකක්. නමුත් බුදු සමය කියන්නේ සාමාජීයයි. ඒ පැත්තෙන් ගත්තාම සියල්ල ගත්තම බුද්ධ සාසනය කියන්නෙත් සමාජයෙන් පෙත්තක්. කතා බතා නැහැ සියලු මානව අයිතිවාසිකම් ඒ හාමුදුරුවරුන්ටත් හිමිවිය යුතුයි. තව කෙනෙක් කියන්න පුලුවන් ඒගොල්ල සැප විඳිනවා කියලා. නැහැ. සමාජයේ විදිහටම මහා ලොකු පන්සල් වල අහක දාන දාන ඉතා විශාලයි. නමුත් දුප්පත් පන්සල් තියනවා. දාන උයාගන්න නැතිව බඩගින්නේ දවස් ගෙවන. 77න් පසු බිහිවුන පිරිවෙන් අධයාපන පනත යටතේ තමා මාත් පිරිවෙන් ගුරු වෘත්තිය තෝර ගන්නේ. ඒක දිග කතාවක්. අවසානයේ ඒ දීමනා ගන්න පිරිවෙන් හදලා ඒවල මහන කරන්න දරුවෝ හොයා ගත්තෙත් කන්න බොන්න නැති ඇති දැඩි කරන්න බැරි පවුල් වලින්. නිකන් පවුල් පන්සල් කතාවතවත් පැත්තකින් සැබෑවක් වෙන තැනක්.

ඉතින් සිවුරක් දාගත්තා කියල ගිහියන්ට අයිති කිසිම අයිතියක් ඒ අයට අයිති නැහැ. අපිට පේන්නේ අනේ පව් කියන මානසිකත්වයෙන්. අනේ පව් කියන මැද පන්ති මානසිකත්වය ලිංගික මානසිකත්වයක් කියලත් කතා කළ හැකියි. ඒගැන මාරස ලිව්වේ වෙනත් අටුවාවකට මුල පුරන්න වෙන්න පුලුවන්. මොකද මේ සමහර නව ලිබරලුන්ට ප්‍රධානම ප්‍රශ්නය වෙලා තියෙන්නේ පොඩි උන්ව මහන කරන එකයි පෙරහැර වලට ගෙනියන අලින්ට දම්වැල් දාලා තියන කතන්දරය. නමුත් මෙතනදි ආරාධනයක් කළ යුතුයි. පිරිවෙන් පනතට කලින් ඒ බඩගින්නේ දුක්විඳින එක දරුවෙකුට මාසයක්වත් කන්න බොන්න දෙන්න සහ පොත් පත් අරන් දෙන්න නුඹලාට හැකිද කියලා.

මේ පොඩි නම අතේ තියෙන්නේ සරුංගලයක්. හරියටම අර හීනයක් වගේ. සරුංගලේ උඩ ඇරියම නූල අපේ අතේ. සරුංගලෙත් සමග අපේ ලෝකේ භෞතික සියල්ල අහිමි වෙලා විශ්වයේ සංකේතයක් බවට සරුංගලේ හරහා අපේ සිතනිරාමිස වෙනවා. මෙතනත් ඒ පොඩි නම සරුංගලයක් උඩ යවලා. පසුබිමේ ඉන්න පෙම්වතුන්, ලෝක වෙළඳපොළ, ලංකා බැංකුව බොඳ කරලා ඡායාරූපය අරන්. පාර්ලිමේන්තු ක්‍රමයේ සංකේතීය පාර්ලිමේන්තුව අනේ පව් වගේ පේන්නෙවත් නැහැ. අපට පේන්නේ මේ පොඩි නමගේ සිහිනයේ විශ්වීයත්වය පමණයි. ඡායාරූප ශිල්පියා කවුද දන්නේ නැහැ. මේ සටහන දැක්කොත් මාරසට කතා කරන්න. පොඩි හාමුදුරුවනේ මේ ආකාශයේ පාවෙන සරුංලය දෙස බලාගෙන ඔබ මොහොතකටපරිභෝජන කාලකන්නි ලෝකෙන් නිදහස්වෙලා. මාරස නිවන බුද්ධත්වය ගැන දන්නේ නැහැ. එතනට මාරසට යන්න බැහැ කියලා විතරක් දන්නවා. නමුත් ඒ මොහොත විඳින්න හැකියි. කොටින්ම සියලු කාමයන්ගෙන් මිදුන නිමේශයක සිටින පොඩි නමගේ භාවයන් දඩයම් කරගත්ත ඡායාරූප ශිල්පියත් ඒ මොහොතේ මොහොතකට නිවන් දකින්න ඇති. ගොඩක් ආදරේ හිටිය තැනක්.

ගිලෙම් ඔබේ ගුණ මූදේ
විඳිම් ඔබේ දම් සාදු
වඳිම් වඳිම් ඔබ පාදේ
තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ

සිඳ බිඳ මොහඳුර පාප

සිඳ බිඳ මොහඳුර පාප
දැල් වූ දහම් ප්‍රදීප
දැල් වූ දහම් ප්‍රදීප
සිඳ බිඳ මොහඳුර පාප

ැල් වූ දහම් ප්‍රදීප
හෙළි කළ අප හෙළ දීප
තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ

සිල් ගත් දිනිඳුන් සේම
සිල් ගත් දිනිඳුන් සේම
සිල් තෙද ගුණ ඇති සෝම
සිල් තෙද ගුණ ඇති සෝම
සිල් ගත් දිනිඳුන් සේම
සිල් තෙද ගුණ ඇති සෝම
සත හට පෑ මවු ප්‍රේම
තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ

ගිලෙම් ඔබේ ගුණ මූදේ

විඳිම් ඔබේ දම් සාදු
වඳිම් වඳිම් ඔබ පාදේ
තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ

තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ

                                                                                                    www.jagathmarasinghe.com

                                                                                                                               12 10 2022

1 comments:

කන්න බොන්න නැති නිසා මහණ වෙනවා වෙනුවට ළමා නිවාස වගේ විකල්ප හොඳ නැද්ද ඇත්තටම🤔

එහෙම නැත්නම් වෙනත් විකල්පයක්🤔


Powered by Blogger.