සුළං හමයි විදුලියද කොටයි...............

            සුළං හමයි විදුලියද කොටයි...............!!!

මාරස සයිබර් රස්තියාදුවේ යද්දි විවිධ සමාජ ජීවිත භාවයන් හමුවෙනවා. මේත් ඇස හිටි තැනක්. 20. අප්රේල් 2019 Martin U Waltz විසින් පලකරන ලද ඡායාරූපයක්. මහ වැස්සක්. නමුත් ගැහැනියක් වැස්සෙන් ආරක්ෂාවට රතුම රතු කුඩයක් ඉහලාගෙන ඉදිරියට යනවා දැනෙනවා. සියලු පසුබිම කලු සුදු වර්ණ අන්තරයක්. නමුත් මේ කුඩය ඊට කෙලින්ම ප්රතිපක්ෂයි. කෙලින්ම වර්ණ උෂ්ණත්වයක් නොවේ කලු සුදු සහ වර්ණාවලියටත් කෙලවෙන්නම කැමරාව හසුරවලා. අනිවාර්යෙන්ම වීදියේ අහම්බය අනිවා වෙනවා උනත් මේකා මේ දඩයමේදී කැමරාවේ විවිධ ප්රභේද ඉතා දක්ෂ ආකාරයකට හසුරවලා තියනවා. රතු කියන්නේ ලේ වර්ණය. මෙරුන් වර්ණයට බර වීම නිසා වේදනාවද කියනවා. කෙලින්ම රතු කියන්නේ විමුක්තියේ වර්ණයක්. ගැහැනුන්ගේ ආරක්ෂිතයා වෙන්නේ පුරුෂ මූලික සමාජයක පුරුෂ දේශපාලනයම තමා. ඒක අලයක් බව දන්න අය දන්නවා. ගැහැනු ගොඩක් දන්නැති වීම ‌ඛේදවාචකයක්. සැබෑව සිතන මිනිසුන්ට ඒක කවදත් වදයක්. ඒක මේ කාන්තාවගේ අඳුරු මුහුනින්ම සාධනය වෙනවා. එතන එලිය අඳුර මාරයි තමා. අපේ ආදරවන්තියන්ගේ මුහුන දිහා බලන්ම භාවනා කලත් කිසිදා ඒකිලාගේ හැඟීම් තේරුන් ගන්න බැහැ කියන කතාවත් මාරයි. කාල්මාක්ස්ලට විතරක් නොවේ ප්‍රොයිඩිලටත් වැරදුනාද කියලත් ‌හිතෙන අවස්තා එමටයි.
රතු පාට විමුක්තිය උනත් ඒ ආරක්ෂාව ගැහැනියෙකුට වදයක් කියන කතාව ලස්සනට මතුවෙලා. නමුත් ගැහැනියක් අභියෝග දෙකකට මැදිවෙලා ඉන්නවා. එකක් පවතින මජර ධනේශ්වර දේශපාලනය. අනික ඒතුල ඇති පුරුෂ මූලික කාලකන්නි දේශපාලනය. වැස්ස කියන්නේ ස්වභාවයාගේ හැටි. නමුත් ඒ මැද්දෙන් රතුපාට සහ රතු ප්‍රභේදයක්ම වන මෙරුන් වර්ණය නේත්රාකේන්ර්දීයව මේ ඡායාරූපය ඉස්මතු කරල තියනවා. පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදෙන්නේ නැහැ. පිරිමින්ගේ පිස්සු සනීප වෙනවා වගේ. පිස්සු සනීප වුනාම තවත් පිස්සුවක් හැදෙනවා.. ඒ කියන්නේ ඩිප්ප්රෙෂන් හෙවත් රත්පිත් උන්මාදය. යකෝ වර්ණ විබේදනය කියන්නේ ඒ සියල්ල කළ හැකි දෙයක්. වර්ණ ඡායාරූප ලෝකයට ආපු ගමන් මිනිස්සු කලබල උනා. කලු සුදු වලින් හැර වර්ණ වලින් වැඩ කරන්න බැහැ කියලා. අද නිකන් ඒක ගැන කියන්න වෙන්නේ ලෙස්බියන්ලා හරහා. මොකද ලෙස්බියන්ස්ලාටත් පුරුෂමූලිකව කෙනෙක් මිනිහෙක් විය යුතුයි. ඒ එදා. අද ඒගොල්ල කතාබහ කරලා අනන්ය තාවය කාලයෙන් කාලයට මාරු කරගෙන අප්ඩේට් වෙනවා කියන්නේ මාර කතාවක්. ඒ වගේම තමා අද කලු සුදු සහ වර්ණත්. බලන්න කලුසුදු පසුබිමට ගෙන මේ වීදි ඡායාරූප ශිල්පියා රතු මිශ්ර රතුවේම සහෝදරයෙක් වන් මෙරුන් වර්නයෙන් කතාවක් ගොඩ නගලා අපිව ප්රශ්නාර්තයකට ලක් කරන අපූරුව.
කොහොම උනත් ලෝක කැලැන්ඩර හෙවත් දිනදර්ශන ඉතිහාසය ස්ත්‍රී යෝනියට සමානුපාතිකයි. චන්ද්‍රගමනයි සූර්ය ගමනයි ශරීරයෙන් පෙන්වන්නේ ඒකිලාගේ යෝනිය තමා. රතු පාටත් මරු. මොකද කන්‍යාසිවිය නැති වෙද්දිත් දරුවෙක් බිහිකරනකොටත් ‌බගමගෙන් ගලන්නේ රතු ලේ. මාස් සුද්ධියේදිනම් ගලන්නේ මෙරුන් වර්න රතු ප්‍රබේදයේම ලේ. කෙලින්ම කුනු පාට රතු ලේ. වේදනාව. ඒක තමා නෘත්‍යාගාර වල තිර රෙද්දට ගන්නෙත්. තද කොල පාට සහ මෙරූන් ගැන අපි වෙනම වැස්ස වෙලාවක කතා කරමු. ඒක සතුට හෝ දුක කියන සංකල්ප වලට ඔබ්බෙන් යන කතාන්දරයක් නොවේ ජීවිතයේ පැත්තක්. ඒ රතුපාට කියන්නේ විමුක්තියේ කෙහෙල්මල් වර්ණයක් නොවේ ලෝක පැවැත්මේ වර්ණ කියලයි මාරසට හිතෙන්නේ. වැස්ස රතුපාටයි තමා. සමහර වෙලාවට මෙරුන්ම තමා. මාරසට සුනිලයන් වර්ණාකරන සූර්ය ශංකර් මොල්ලිගොඩව මේ ඡායාරූපය විඳිනකොට සිහිවුනා.

අක්කේ අක්කේ අර බලන්නකෝ
වැස්සක් නොවැ එන්නේ
හෝ හෝ හෝ ගාගෙන එන්නේ
ගස් ගල් පෙරලෙන්නේ
සුලන් තදයි
විදුලියද කොටයි
හෙන හඬ පැතිරෙයි
මහ වලාකුලක් මේ එන්නේ
අක්කේ වී පැදුරත් මිදුලේ
අකුලා ගෙට ගන්නේ ...//
අම්මත් අර නාගෙන එන්නේ ...//
මල්ලි තවම කුඹුරේ...//
සුලන් තදයි .....
නංගි සුදෝ මගෙ අඬන්නෙපා
අම්ම හනික දැන් එයි...//
බිල්ලො නොවේ ඔය ගොරවන්නේ...//
අහසේ හෙන නාදේ...//
සුලන් තදයි .....

අක්කෙ දර ටික ගෙට ගනිමු
වැහි පොද වැටෙනවනේ...//
වතුරත් ඉවරයි කල ගෙඩියේ...//
හනික ලිඳට යමුකෝ...//
(සූර්ය ශංකර් මොල්ලිගොඩයන් වී පී ලීලාවතිගේ සුගායනයකි. සුනිල් ශාන්තයන් සූර්ය ශංකර් මොල්ලිගොඩයන්ව වර්ණා කළේ ඇයි දැයි සිතන්නට අපේ පරුරද කල්පසුවූවා සේය.)
www.jagathmarasinghe.com
17 10 2022

1 comments:

ජගත් මහත්තයෝ අරගෙන ආවට දානේ
පිං දෙන්නං නිවනට යන්නට සංසාරේ
මටත් තාත්තෙක් හිටියා නම් නුඹ වාගේ
මොනවා නැති උනත් කමක් නැහැ සංසාරේ


Powered by Blogger.