Dog Got Wings

                                                              Dog Got Wings

මාරස සයිබර් වීදි රස්තියාදුවේ යන විට මේ ඡායාරූපයට ඇස හිටියා. මේක ඇහිඳගත්තේ කල්කටාවේ Subhran Karmakar: Dog Got Wings වෙබ් පිටුවක තිබී. වීදි ඡායාරූල ශිල්පියා කියනවා මේ ඡායාරූපය ගත්තේ කල්කටාවේ ශීත සෘතුවේ උදෑසනක කියලා. එයා දැක්කලු ජෝඩුවක් බල්ලෙක් සහ කුරුල්ලෙක් එක තැනකට එනවා. එයා ඡායාරූපය රචනා කරන්න ගත්ත විටම හදිසියේ කුරුල්ලා පැනලා ඉගිලෙනවා දැක්කලු. එයාගේ කැමරාවට බයේ පැන ඉගිලුන කුරුල්ලා සමගම ආලෝක දඩයම කරන් ගෙදර ගිහින් බලපුවාම පුදුමයට පත්වෙන මේ ඡායාරූපය දැක තිබෙනවා. අහමුව අනිවාර්ය වීමේ කාල නිමේශයක බල්ලෙකුට අත්තටු ඇවිදින් වගේ.

ඔබ දැක ඇති සමහර අහම්භීය වීදිඡායාරූප වල අංජනම් පේනවා. ස්වභාවයේ ආලෝක වීදි දඩයම් කරනකොට ශිල්පියාටත් පිටින් ස්වභාව ධර්මය සංස්කරණයත් අසුරු සැනින් එයාලගේ අතට ගන්නවා වගේ. පස්සේ බලද්දි රසිකයාට අංජනම් පේන අවස්ථා මතුවෙනවා. පසුබිමේ සිටින ආදර යුවලගේ අභිනයන් සහ කුරුල්ලාගේ සහ බල්ලගේ අහඹු අභිනයන් දැක්කම ස්වභාව දහමේ ආලෝකය හැසිරීමේදි සංකේතියව ‌ආලෝක සේයාවන් ඇති වීම විශ්මය දනවන තැන් එමටයි. කොහොම නමුත් බල්ලන්ව නිරීක්ෂනය කරන මිනිස්සු දන්නවා පුදුමාර අහඹු දේවල් වලින් බල්ලන්ට හරියට කරදර වෙනවා. සමහර සිදුවීම් හරිම විකටයි.
www.jagathmarasinghe.com
20 10 2022


Powered by Blogger.