නිවුන් දරුවන්ගේ ඒකත්වය සහ ප්‍රතිවිරෝධය

                                    නිවුන් දරුවන්ගේ ඒකත්වය සහ ප්‍රතිවිරෝධය


වීදියේ පින්තූර ගනිමින් සිටියදී, මුහම්මද් ඉමාම් හසන් බොහෝ නිවුන් දරුවන් දුටුවේය මෑත වසරවලදීය. ඔහු තම පෞද්ගලික වෘත්තීය පුහුණුවීම්වලදී බොහෝ නිවුන් දරුවන් ද දැක තිබේ. මක්නිසාද, ඔහු ළමා රෝග විඥේෂඥ වෛද්යවරයෙකි - මෙය වර්ධනය වන සංසිද්ධියක් බව ඔහු දුටුවේය. මිනිස් උපත් 90 න් 1 ක් පමණ - 1.1% - නිවුන් ගැබ් ගැනීමක් හේතුව ඔහුට සිත්ගන්නා කරුණක් විය. ඒ සමාන මුහුණු වලට අමතරව, ඔවුන්ට යම් යම් සමාන හැසිරීම් සහ රෝග රටා ද ඇති බව ඔහු හදාරන්නට ඇත.
කෙසේ වෙතත්, නිවුන් දරුවන්ගේ මුහුණු සමාන වුවද, ඔවුන්ගේ පෞරුෂය වෙනස් වන බව සැබෑවකි. නමුත් බොහෝ විද්වතුන් මේ සම්බන්ධව තවත් මත පවසා ඇති බව ‌ඕෂෝ කියවීම් හරහා විවිධ මත මතකයේ තිබෙන්නේ නිවුන් දරු උපතක් සම්බන්ධව ජ්යෝතිෂ හැදෑරීම් වලට ඒවා ප්රයෝජනවත් වූ නිසාය. ක්රිෂ්ණ මූර්ති ජ්යෝතිෂය සම්බන්ධ වෙනම තලයක දැණුම් පද්ධතියක් නිර්මානය කරමින් මේ සම්බන්ධව අපව කරකවා අතහැර තිබෙන අවස්ථාද නැත්තා නොවේ. මේ ඡායාරූපය ආලෝක දඩයමිකින් ඒ වෙනස්කම් ඇඟිල්ලෙන් ඇන අපට පෙන්වනවාසේය. කෙසේ නමුත් ඔහුගේ ඡායාරූප හරහා මෙවැනි තත්ත්වයන් වීදියේ නරඹන විට රසිකයාට පිස්සු හැදී ආයෙත් පිස්සු හැදෙන්නට ඉඩ තිබේ. කොහොමත් වීදි ඡායාරූප රසවිඳීමේදි අප හිස තුළ ඇති පැලපදියම් වී ඇති මතවාද වලටද බොහෝ බලපෑම් එල්ල කර හිනැහෙන බවක්ද ඇති බව දැනේ.
www.jagathmarasinghe.com
10 10 2022



Powered by Blogger.