සූසැට මායම් සහ සැබෑවේ බගවතියෝ

                                    සූසැට මායම් සහ සැබෑවේ බගවතියෝ


        මේඅන්තර්ජාල රස්තියාදුවේදී වීදි ඡායාරූප පිටුවල බොහෝවර නෙත ගැටෙන නෙත හිටින ඡායාරූපයකි. මේ ඡායාරූපය දකින විට මාරසට සිහිවූයේ වර්ෂ හත අටක් කල්පසුවී මාරස විසින් රාජ්ය වර්ෂ2000දී ලියා පල කළ “ කැත කතුන්ගේ පතිවත පිළිඹඳ අධීක්ෂණ වාර්ථාව” ග්රන්ථයට මාරස ලියා පල කළ අදහසකි.
හැටහතර මායම් යන අදහසින් කාලයයක් ස්ත්රීන්ව යම් ආකාරයක බාල්දුවකට ලක්වී තිබුනද හැට හතර මායම් වනාහී දරුවෙකු ඇතිදැඩි කිරීමේදී ඉතිරියකගෙන් මතුවන බගවතී ශක්තියන්සේද සාධාරණී කරණය කිරීමටද කාරනා ඒ කාලයේ ලියා තැබුවාද මතකයේ තිබේ. එලෙසම එක් පසකින් දරුවන් ඇතිදැඩි කිරීමේ සහ ආදරය උපාය මාර්ගිකව ප්රකාශ කිරීමේ ස්ත්රි හැටහතර මායම් යම් අභිනය ක්රවේදයක් සේද ගැත හැකි බවද සඳහන් සඳහන් කළ බවද මතකය. ස්ත්රී සූසැට මායම්, සූසැට ආභරණ, සම්බන්ධව පමණක් නොව සූ සැට නිලස්ථානයන් පවා සුසර කළ හැකි ජීවිත කලාවක් බව සූසැට කලාව සම්බන්ධව හදාරණ විට පෙනීයයි. සූ සැට කලා ශිල්ප ග්රහතාරකා ක්රමවේදයෙන්ද විනිවිදිය හැක. ග්රහයෝ හතයි, වර්ණ හතයි, ස්වර හතයි, පමණක් නොව නෙළුම් මල් හතේ පත්තිනි මෑනියන්ව සහ කාලි මෑනියන්ව අවතාර හතකට කණ්ඩනය කර සිතීමත් ග්රහයන් හත්දෙනා මතින් සිතන්නට ගෙන තිබෙන ආකාරයත් ඉඟි කර ඇති බවද මතකයේ තිබේ.
දරුවන්ට පමණක් නොව වැඩිහිටි පුරුෂ සූ සැට මායම් ආදරයේද විශ්මිත ප්රකාශනයක් නොවන්නේද යන්න සටහන් කිරීමට මේ සටහනද උපයෝගි කරගැනීමට සිතුනේ කැතකතුන් ග්රන්ථය දැන් වෙළෛඳපොලේ සොයා ගැනීමට නැති නිසාම නොවන්නටද පුළුවන. තව දුරටත් පවසන්නේනම් බාල වියේදී දරුවන්ට ආදරය සමග පෝෂණයද බෙදා දී ලෝකයේ පරිසරය සමග දරුවාව සම්බන්ධකිරීම මෙන්ම වැඩිහිටි පුරුෂයන්ටද ආදරයේ අසීමන්තික සංඥාවක් වන්නේද ස්ත්රී පියවුරු ලෙසද සංඥාකාරකව ගත හැකි කාරණාද බොහෝ තිබේ.
“සිසි වන උවන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුළුලුකුළ රිය සක යුරු තිසරතන
දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන
ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙවඟන"
ඒ කෝට්ටේ යුගයෙහි විසූ කවියකු වන ෂඩ්භාෂාපරමේශ්වර ත්රිපිටකවේදී තොටගමුවේ ශ්රී රාහුල හිමියන් ලියූ සැළලිහිණි සන්දේශයේ කවියකි.
මේ ඡායාරූපයේ ස්ත්රියක් දකුණු පාදය පිට වම් පාදය දමාගෙන සීටී. ජායාරූපයේ ප්රධාන සංඥාව වී තිබෙන්නේ ස්ත්රී දෙපාය. බත්කෙන්දේ සහ කළවාවලද දනිහිස් වර්ණයන්ගේද ප්රකාශිත සුමට බව හේතුකොට යෝජිත ස්ත්රී රූපයේ වයසේ සංකේතීය අගයට වඩා රසිකයාට වැදගත් වන්නේ පුරුෂ ආශාවේ නිලය අල්ලා ගැනීමට ඡායාරූප ශිල්පියා සමත් වී තිබෙන බවය. එසේම ස්ත්රී පාද තලෙලු වර්ණයක් නොගෙන මිලේනියම් වර්ණය මතුවූවානම් ඒ සුමට බව සමග ඇති අඳුරකට ආශාවේ ඇති කැමැත්ත ගිලිහී යන්නටද ඉඩ තිබුන බව පෙනේ. නමතු මේ ඡායාරූපය සමහර ඉතිරියන්ට වටිනාකමක් ලෙසද තවත් සමහරුන්ට දේශපාලන පරාජයක්සේ ද තම තම නැන පමණ දැනෙන්නට පුළුවන. දේශපාලන කාරණයක් සේ දැකීමද කිසිසේත්ම අහක දැමිය නොහැකි දැනුමක් බවද සටහන් කළ යුතුය.
ඡායාරූපය තවදුරටත් රසවිඳින කල අපට පෙනී යන්නේ ශරීර අවයවයක් නොනැමී මිනිස්රුවක් ඡායාරූප ගත් කල ඒ මළමිනිසෙකුගේ ඡායාරූපයක් මෙන් පෙනෙන්නට ඉඩ තිබීමද ලෝක සරදමක් බවය. නැටුම් කලාව ගැන ලියන්නට ගියොත් බ්ලොග් සටහනකින් පිට පැන විමර්ෂණ ග්රන්ථයක් සරලව ලියන්නට ගියා මෙන් වෙනත් පල් හෑල්ලක් වීමට ඉඩ තිබේ. එසේම ශරීර අවයවයන් විශ්ලේෂණය කරමින්රහස් සෙවීමේ නිරත ෂර්ලොක් හෝම්ස්ලා සේ අළුතින් හිතන මිනිසුන් දකුණු පාදය උඩ වම්පාදය මත තබා ගනිමින්ඇය සිටීමෙන් යමක් වහගන්නට උත්සාහ කරනවා යන දේශලක්ෂණ හෙවත් ශාරීරික චලනයන් අනුදැක සිතන මිනිස් හැඟීම් සිතන රහස් පර්යේෂණ දැනුමද හොල්මන් කරනු ඇත.
“රන් රසේ එක් වෙන ලෙසේ වෙන නාද නු පා තබ තබා” යන වෑත්තාවේ හිමියන්ගේ ගුත්තිල කාව්යයේ රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා” කවිපන්තියද දැන්නම් ප්රාග් බෞද්ධ දෙවියෙකු සේ සලකන ව්යාධදේවයෝ මහ හඩින් ගයනවා සේ දැනේ. හැට හතර මායම් සංඥා ක්රමවේදයක් සේ ගත හැකිවුවද භගවතී වන් ශක්තියක භෞතික සහ ආත්මීය ප්රකාශනයක් සේ දකිත හැකි බවද යෝජිත ලියවිලි වල සටහන් කර ඇති බවද සැබෑවකි.
කෙසේ උවද මේ ස්ත්රියගේ දකුණු අත මෙරූන් වර්ණ හැට්ට අත් කෑල්ලකින් වැසී ඇත. ඒ හරියටම ආශාවේ ආදරය සහ අනංග රංග මතුකිරීමට රඟ මඩලක මැද සිය භාවයන් ද්වනිත කරන පරිතත නිලියකට නාභි ගතකරණ ලද ආලෝක කදම්බයක් වූවා සේය. මෙරූන් ආලෝක කදම්බය ආශාවේ ආදරයට කොටින්ම ලිගිකත්වයේ භාව නිරූපනයට කදිම වර්ණයයි. මේ කුඩා රතු හැට්ට කෑල්ලෙන් රසික ඇස් විනිවිද මිනිස් මනසේ කලා වින්දනයට මහා මානුෂික කාර්ය භාරයක්ද ඉටු කර ඇති සේ පෙනේ. කොටින්ම මහා කතන්දරයක් ආලෝකයෙන් දඩයම් කරගැනීමට වරණ සංයෝජනයෙන්ද ශිල්පියා සමත් වී තිබේ.
පසුබිම බිත්ති සහ දොර ජනෙල් සිමින්ති පොළවෙන් නිකුත් වන කොළ නිල් සහ අළු පාට පමණක් නොව කලු වර්ණයද කිලිටී වී ඇති සැටියකි. ආදරය ලිංගිකත්වය ආශාව මහා කේදවාචකයකින් හිරකර ඇති බව දැනී වේදනාවක්ද නැග එයි. ඒ වේදනාව හැට හතර මායම් පිළිඹඳව බගමතී ශක්තීන් ලෙස වහරන ඉතිරියන්ට කරන ලද බාල්දු පාසානම් වන් කතාවලට කෝපයක්ද නැග නොඑනවා නොවේ. මෙම කෝපය සහ වේදනාව එකි නෙක සමබර කර සමනය කිරීමට ඡායාරූපයේ ආලෝක සංකලනය මහා මෙහෙයක් ඉටුකර තිබේ. චරිතයෙන් මතුකරන්නා වූ ආශාවන්ද සාධාරණ සිතන්නෙකුට දැනෙන්නා වූ කෝපය විසින් සමහන් කර දැමුවාසේය. එහෙත් අසරණ කාන්තාවක් හට අනුකම්පාවක් හරහා නැවත ආශාවේ වස්තුවක් වීමද ස්වභාවයේ සරදමක් බවද සිහි තබා ගත යුතුය.
තද කලුපාට අඩි උස පාවහන් යුවල සහ රතු පැහැ හැට්ටා උරීස වටා පසුබිම් වී තිබෙන කලු පැහැ ඡායාව ත්රීකෝණාකාර හැඩයක් නිර්මාණය කරයි. කළු ලක්ෂ්යන් ඇති කළාප තුන මැදිකර ත්රිකෝණාකාර කලාපයේ ඇති ස්ත්රී දෙපා ඡායාරූපයේ වැදගත් න්යාෂ්ටිය ඉස්මතු කරයි. කෙසේ හෝ කළු වර්ණයෙන් ඇති පාවහන් දෙකද රතු හැට්ටා අතට පසුබිම් වූ කළු වර්ණයේ සේයාවද ඡායාරූපයේ වැදගත්ම දැක්ම තවදුරටත් බලයක් කර ඉස්මතු කිරීමට සඟල වරහන් තුනක් දැම්මා සේය. කොටින්ම ඉලක්ක චරිතයේ වත කමලවත් ලැම මත ඇති පියවුරු වල හෙවනැල්ලක්වත් රසික අපට දකින්නට නැත. නමුදු ඒ සියල්ල ඡායාරූප ශිල්පියා ඉතා පරිනත අයුරින් අපේ හදවතේ පරිකල්පනීය සංකල්ප ඇසුරින් දැනෙන්නට පටන් ගනීමද විශ්මිතය.
කෙසේ වෙතත් ආශාව, ආදරය, කරුණාව, කෝපය, ලිංගිකත්වය අතරින් විප්ලවීය දේශපාලන සැබෑ අරුත් පවා මතුවන්නේ ඉඳිකටු වලින් ඇන ආලෝක දඩයම රසිකයාට පෙන්නවාසේය. මේ වීදි ඡායාරූපය මේ වන විට අන්තර්ජාලයේ වානිජ ලිංගික සේවිකාවන් සටහන් වන ලිපිවල සංකේත ඡායාරූපයක් වී තිබේ. එහෙයින් මේ ඡායාරූප ශිල්පියා සම්බන්ධව ලියා සටහන සාර කිරීම මතු සටහනකට කල් දැමීමට සිදුවීම සම්බන්ධව කමත්වා.
(කාට කාටත් මෙන් මාරසටද මාරසේ පමණක් නොවඅතීතයේ මාරස වටා පිටාවේ අයත් සමග සැනසිල්ලක් ලැබූ රූප ජීවිතයේ රූප රාමු මතකයේ හොල්මන් කිරීම සිරිතක් වී තිබේ. මේ මොහොතේ නින්නාද මේ ගීතය සහ බොහෝ ගීතයන් අපද යම් යම් කාල වළ මෙවන් දසුන් දුටු විට රහසින් මුමුනන්නට ඇත. )
රත්තරන් නෙත් දෙකින්
සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝ තැවුල්
නිවන්න රත්තරන්
රත්තරන් නෙත් දෙකින්
සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝ තැවුල්
නිවන්න රත්තරන්
හා-හහා-හ්ම්-හ්ම්-හ්ම්
තාරකා සිනා දැලේ රන් කැළුම් දිගේ
ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ
පාළුවේ වෙලී හඬා වැටෙද්දි ජීවිතේ
මා දිහා ලඟාව ඉන්න රත්තරන් මගේ
රත්තරන් නෙත් දෙකින්
සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝ තැවුල්
නිවන්න රත්තරන්
රත්තරන් නෙත් දෙකින්
සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝ තැවුල්
නිවන්න රත්තරන්
හා-හහා-හ්ම්-හ්ම්-හ්ම්
මාරුතේ හමා වනේ මල් උයන් දිගේ
පාවෙනා වලාකුළේ සිසිලසක් වගේ
වේදනා නිවී ඔබේ සුනීල නෙත් විලේ
ජීවිතේ සිනා නඟාවී සෙනෙහසින් හදේ
රත්තරන් නෙත් දෙකින්
සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝ තැවුල්
නිවන්න රත්තරන්
රත්තරන් නෙත් දෙකින්
සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝ තැවුල්
නිවන්න රත්තරන්

www.jagathmarasinghe.com

21 10 2022

සූසැට කලා......

අක්ෂරලිඛිතගණිතගාන්ධර්ව
තර්කව්‍යාකරණඡන්දස්නිඝණ්ඩු
අලඬ්කාරශාලිහොත්‍ර‍මන්ත්‍රතන්ත්‍ර
යන්ත්‍රආත්මොදයජ්‍යාතිර්ඥානයඉතිහාසය
පුරාණඅග්නිස්තම්බයජලස්තම්බයකෞමාරය
කූප ශාස්ත්‍රයසූප ශාස්ත්‍රයකාම ශාස්ත්‍රයශස්ත්‍ර ව්‍යාසය
ශසත්‍ර කර්මයඅශ්වාරෝහණයගජාරෝහණයඅංකුශ මාරණය
මාරණයමොහනයස්තම්භනයඋච්චාටනය
ත්‍රොටනයදූරගමනයදූරදර්ශනයහෙරිත්‍රොටනය
පත්‍රච්ඡෙදනයචිත්‍ර කර්මයමාලාබන්ධනයගන්ධ යුක්ති
දූතයහරතයස්ත්‍රී ලක්ෂණයපුරුෂ ලක්ෂණය
නපුංසක ලක්ෂණයපරහිත ඥානයකනක පරික්ෂාථෙනක පරික්ෂා
චතුර්වේදයධාතු වාදයබිල වාදයකන්‍යාඛාදය
ආකර්ෂණයආකාශ ගමනයසිස කර්මයකාෂ්ඨ කර්මය
ගෙම කර්මයරත්ත පරික්ෂාකක්ධරණයශ්‍රායානය
ආදෘශ්‍යකරණයපරකාය ප්‍රවේශයවෙණු විණායාද්‍යවිෂහරණය
සූ සැට මායම්....!

 

01. ඇස් නටවා බැලීම

02. බොරුවට කැසිම

03. ඇස් වසා බැලීම

04. ඇස් නෙරවා බැලීම

05. හයියෙන් සිනාසීම

06. හොරෙන් බැලීම

07. යම් දෙයක් ළඟ තබාගෙන සිඹීම

08. සුසුම් හෙළීම

09.ඇස් අඩවන්කොට බැලීම

10. දිවෙන් තොල් පිරිමැදීම

11. දිව දික් කිරීම

12. දිව හැපිම

13. දිව නැටවීම

14. හඩින් කෑරීම

15. අත් දෙක බැඳගෙන සිටීම

16. තමනගේ බඩ අතගෑම

17. තමනගේ කකුල කැසීම

18. තමනගේ අත කැසීම

19. ළමැදෙහි අත තබා සිටිම

20. තොල් එකිනෙක පෙරළමින් සිනාසීම

21. මහපට ඇඟිල්ලෙන් පොළොවේ ඉරි ඇඳීම

22. දෙපා ගස්ස ගස්ස ඇවිදීම

23. පයින් පය ගැටීම

24. එක් ඇසක් වසා ගෙන සිටීම

25. වෙන පැත්තක් බලාගෙන සිටීම

26. නාසය හකුළා ගැනීම

27. අවේලාවේ නිදා ගැනීම

28. උඩ බලාගෙන සිටීම

29. මඳක් නැමී බැලීම

30. අතක් වැනීම

31. කටේ කොනකින් සිනාසීම

32. ‍දොරකඩ රැකගෙන සිටීම

33. පියයුරු නැටවීම

34. ඇඳිවත ලිහා නැවත හැඳීම

35. ශරිරය හිරවන සේ ඇඳුම් ඇදීම

36. කකුල් විහිදාගෙන සිටීම

37. තාලයකට උරහිස් නැටවීම

38. විකට වචන කියවීම

39. ඉඟටිය නැටවීම

40. ආපසු හැරී බැලීම

41. ලස්සන දේවල් වලට වැඩි ආසවක් ඇතැයි මවාපෑම

42.නිශ්ෂබ්ධව සිටිම

43. කාන්තාවන්ගේ වැරදි කීම

44. බොරු නෑකම් කීම

45. නෙත් අගින් බැලිම

46. ඉක්මණින් ගෙතුළට ද්ව යාම

47. ශබ්දයෙන් කතා කිරීම

48. බොරුවට ඇනුම් යැවීම

49. නිශ්ෂබ්ධව නිසොල්මන්ව සිටීම

50. කතාවේදී සුරතල් කියා පෙන්වීම

51. තමන්ගේ සිරුරේ අවයව පෙනෙන අයුරින් නිදා ගැනීම

52. දරුවන්ව බොරුවට සුරතල් කිරීම‍

53. තම කොණ්ඩය කඩාගෙන ඇවීදිම

54. පැලඳන් ඉන්න ආභරණ ස්පර්ශ කිරීම

55. තමන්ගේ සිරුරේ අවයව පෙනෙන අයුරින් සිටීම

56. තමන්ගේ සිරුරේ අවයව පෙනෙන අයුරින් ඇවිදීම

57. පොඩි දේකට වුවත් බියසුලු බවක් මවාපෑම

58. ඇදුමේ කොනක් අල්ලාගෙන ඇවිදීම

59. ජනෙල්, දොර, කවුළු වලින් එබි කතා කිරීම

60. කෝප වූ අයුරින් කතා කිරීම

61. බුලත් විට කෑමට ආසඅයි කියා දැක්වීම

62. පුරුෂයන්ගේ වැරදි කීම

63. පෙකනිය පෙනෙන සේ වස්ත්‍ර ඇඳීම

64. හිටි හැටියේ ක්ලාන්ත ගතියක් මවාපෑම

www.jagathmarasinghe.com

21 10 2022



Powered by Blogger.