පිරිමි ආදරයේ සැබෑව

පිරිමි ආදරයේ සැබෑව


මාරස වීදි රස්තියාදුවේදී Street Photography not street snapshots — zonefocus.net පිටුවක තිබී මේ ඡායාරූපය මා මොළය මොහොතකට විකාරක් කලේය. නමුත් මළ මිනිසුන් සොයා මාරසට යා නොහැක. මන්ද මාරස තවම ජීවත්වන නිසාය. ආදරය තිබෙන්නේ මළ මිනිසුන් අතර වීම මාර කැරැල්ලක් අප ඔලුවේ ඇතිකර තිබේ. ආදරයේ හැටි එසේමය.
මේක බලන කෙල්ලන් ගැහැනුන් විශේෂයෙන් දැනගත යුතු කාරණයක් ඇති බව පෙනේ. මේවා ලිවිය යුත්තේ චින්තන ධර්මදාසලාගේ පරපුරය. ඒකලා සිය දැනුම හංගාගෙන මාක්ස් සමග හැප්පෙන්නට යන පිස්සුව මාරසට අප්පිරියා නිසාම චින්තාට කෙලින්ම කිව්වේ මගෙන් අයින් වෙයන් කියාය. ඒකා අයින් වුනේය. නමුත් ඒ මට වේදනාවක් වන්නේ චින්තා අයින් වූ නිසා නොව නව පරපුර ගැන මාරස හදවතේ තිබි ආදරය විනාශවීම තවත් බොන්න වෙන ප්රශ්නයක්ම නිසාය.
මේ බලන්න මේ ඡායාරූපය. කෙලින්ම පිරිමින් වනාහී පූසන්ය. ආදරය ලබනවා මිස ආදරය කරන්නද දන්නේ නැති ජාතියකි. මා මිත්ර සමිතා ඇතුල්දොරආරච්චි යෙහෙලිය දවසක් මට කීවේ මාරේ උඹ පිරිමියෙක් නොව ගැහැනියක් කියාය. ඒ කතන්දරය මා අනාත නාත කළානොව සැබෑව තේරුම් ගත්තේය. මට හිතෙන්නේ මේ මහා පිරිමියන්ගේ හිතේ ඇති කාංසාව කුමක්දැයි මාක්ස් එංගල්ස්ලා ලෙනින් ලා ට්රොස්කිලාටවත් ප්රොයිඩ්ලාට පමණක් නොව පද්ධති මනෝ විද්යාව දේශනාකළ රුසියානු විගෝස්කිලාටවත් අහුවුනේ නැත කියාමය. කොටින්ම ත්රන්ත්රයානය ඇතැඹුලක් ලෙස හසුරවන ලද ඕෂෝද සම්පූර්ණයෙන්ම පරාජයි කියලාද ලිවිය හැක. සිද්ධාර්ත ගෞතමයෝ කෙලින්ම සියල්ල අයින් කර මාර පිරිමි සමාජයක් බිහිකර ගැහැනුන්ට ආදරය කරන්නට ගත්තේ ඊට පිටින්ය. නමුදු යසෝදරා වත කවි අහන විට සිද්ධාර්ථයන් තවමත් ඉදිරියෙන් මෙන් දැනේ. නමුත් ඉදිරියෙන්ද පිටුපසින්ද යනු මාරසටනම් තවම ගැටලුවකි.
පිරිමි තනිවූ විට පිරිමින්ගෙන්ම ආදරය සොයන කතාව මාරය. අද මගේ හොඳම පිරිමි මිතුරන් දෙදෙනා මිය ගොස්ය. එකෙක් අතුරුදහන් විය. අනිකා අක්මාවේ යකඩ හැදී මිය ගියේය. අද මා හද බැඳි පිරිමි මිතුරන්ගෙන් තනිකඩව උන් සොයා යන ගමනක නිරත වෙමින් සිටිනවා කියා සිතා ගත්තාටද කම් නැත
පිරිමින් තනි වූ විට පිරිමින් තුළම සිටින අම්මා තාත්තා නොව මාර දාර්ශනික ධර්ම මගුලක් දිගහැරෙනවා ඇත. කොටින්ම ගැහැනියක් පිරිමියෙක්ව අතහැර විනාශයක් කළහොත් කෙලින්ම සොයාගෙන යන්නේ කොතරම් ගැහැණු විකුණන කඩ තිබ්බද ගැහැනියක් නොව පුරුෂ මිතුරෙක්මය. අවසානයේ උත්තරය වන්නේ ඒ අනිකාද ඒ කාංසාවෙන්ම සිටිනා බවය. නමුදු උත්තරයට සිගරට්ටුවක් හෝ ඇල් කොහොල් උගුරක් ගත්තද ඒ පුරුෂ මිත්රත්වය මාරය. ඒ ගැන ඉතා හොඳින් දන්නේ ද ගැහැනුය. නැතිනම් හස්බන් ප්රෙන්ඩ් සෙක්ස් කියා ප්රවන තා ඇතිවිය නොහැක
නමුතු පිරිමින් පිරිමින්ට ඇති ආදරය සහ තනිකම සම්බන්ධව මේ ඡායාරූපයේ සමලිංගික හෝ අන් කිසි දෙයක් සන්නිවේදනය නොකරන බව මාරස බිය නැතිව කියමි.
අවසානය ටිකක් තදින කියන්නම්. මාරසටනම් පේන්නේ සිද්ධාර්ථ ගෞතමයන් සහ මහාවීර මේ ඡායාරූපයේ ආලෝක දඩයමට ගත්තා වැනිය. ඒදෙදෙනා අතරමං වීනැතිවාසේය. හරියටම අර මාක්ස් එංගල්ස් වාගේය. නමුත් පුරුෂ මිත්රත්වයේ අව්යාජ ආදරයෙන් අපි අතරමන් වී ඇත. කොටින්ම අපේ පුරුෂ ආදරයේ දුක් විඳින්නට සිදුවන්නේ ගැහැනියකට නොව. මෙලෝ මළදානයක් නොදත් පිරිමි යහලුවෙකුටම වන්නේය. ස්තුතියි කාල් මාක්ස් සහ එංගල්ස්. ඒ වගේම ගෞතම සිද්ධාර්ථයන්ටත් මහාවීරයන්ටත් මට එසේ කිව නොහැක. එසේනම් කියන්නේ කුමක්ද? ඒ සම්බන්ධව කතා කර කර විඳින්නටද මට මිතුරෙක් ඇවැසිය. මිය ගිය ඒකලාවත් නැවත ඉපදේවා කියා පැතීම විහිලුවක් බව දනිමි. නමුත මාරස එසේ ඒ ප්රාර්ථනය කර නිහඞ වෙන්නම්.
www.jagathmarasinghe.com
19 10 2022


Powered by Blogger.