සුරඟන වෙස් වලා-සලා උකුල් තලා

                                   සුරඟන වෙස් වලා-සලා උකුල් තලා

                      Dealing with Difficult Clients නැමති වෙබ් පිටුවක තිබී මෙම ඡායාරූපය අහුලාගන්නා ලද්දක්. මෙහි සිටින කාන්තා චරිතය ගමන් කරන්නේ හරියටම පාර මැද්දේ මහා මාර්ගයේ වම දකුන වෙන් කරන මාර්ග සලකුණ දිගේ. මෙයා තහනම් වැඩ කරන වගේ හැඟීමක් රසිකයාට දැනෙන්න ගන්නවා නියතයි. අනික පසුබිම අඳුරුයි. ඒ අඳුරු කලාපය හරියට අර නිරය වගේ. දැන් ආලෝකයෙන් අහම්භීයව සහ ශිල්පීය දක්ෂතාවයෙනුත් තාක්ෂණික කලා ඉතිහාසයෙනුත් මතුවෙන්නේ ස්වර්ගය කොහේද කියලා කියන්න. බටහිර නැගෙනහිර ගැටුමක් ඇතිවෙන්න ඉස්සර මාරස කියන්නම් ඒ දිව්‍ය ලෝකය කියලා.

කලුපාර මාර්ගයේ පැහැයද කලු වර්ණයේම ප්‍රභේද දෙකක් ඉදිරියෙන් තමා අරමුන ආලෝකයෙන් ශිල්පියා දඩයම් කරගෙන තියෙන්නේ. කෙටියෙන් කාල වර්ණයෙන්. කාලවර්ණ යනු ජීවිතය විඳි මිනිසුන්ගෙන් කුමක්ද වන් අමාවක දින, කාල තිඹිරි ගසක් මුල, කාලකාරාම සූත්රය දේශනා කරන ලද "කලුදිය පොකුණ" නම් සැබෑ ජීවිත දිලෙන පොකුනේ ආදරයයි. කමක් නැහැ. මේ පිස්සු කෙල්ල කියන්නේ පුරුෂ දේශපාලනයකින් අන්ධව දකින උන් කියයි මේ පිස්සියක් කියලා. නමුත් අනිත් උන් අනෙකුන් වගේම මේකිටත් ලව් කරන්න පොටක් පපුවෙන්ම හොයා ගනී. තවත් සමහරෙක් මාර මාර කතා ස්ත්‍රිය ගැන ලියයි. ස්ත්‍රීවාදීව කතා කරපු යුග පුරුෂයන් අද නැවත පන්සලේ ගීතිකා පටන් ගෙන විකාරයක් වූ සඳ ?

මට නම් මේ වීදි රස්තියාදුවේදී මේකිලා වන් පිස්සියන්මෙන් සිටින ස්ත්‍රීන් ගෙන් මෙසේ අසමි. නැගනියනි. තොප කොහි පලා යන්නේද? නැතිනම් වැඩකට යන්නේද? නැතිනම් ආතල් කිතල් කරමින් අර භගවතී ශක්තියේ ගර්භාෂ බන්ධනයේ දැනුම ලිහිල් කිරීමට පාගමනින් උපවාසයකින් ආදරය සොයා යනවාද? නැගනිය_ ජ්‍යාතන්තර මාධ්‍ය ජාලා කියන්නේ නුඹ නුඹගේ රැකියාවට යන බවය. මාරසටනම් හිතෙන්නේ නුඹ කුස ගින්නේ මිනිසුන් සොයා යනවා කියා නොව. නුඹ සොයා යන්නේ ආදරේය. වීදි ඡායාරූප ශිල්පියාට ජය වේවා මේ වගේ සැබෑ ගැහැනියක් අබියස ඇසට කඳුලු දුන්නාය. නමුත් පිරිමින්ට ලිංගික වහලියක් දුටු විගස ඇසට කඳුලු උනන්නේ ඇයි. මොන සංසාර පුරුද්දක්ද වල්කම නොවන්නේද කියා මාරස කිසිදා අහන්නේ නැත. ආදරයට සීමා මායිම් පමණක් නොව කිසිදු ඇලීම් බැඳීම් න්‍යාය යාම් නැත. ඇත්තේ උත්තරීතර මනුෂ්‍යත්වය පමණි.

සුරඟන වෙස් වලා..
සලා උකුල් තලා
රඟන ලියන් බලා
නෙත් බිඟු මත් වෙලා
.සුරඟන වෙස් වලා..
සලා උකුල් තලා

රඟන ලියන් බලා
නෙත් බිඟු මත් වෙලා
.තිසර පටින් ලැමා
කියන රහස කිමා
තිසර පටින් ලැමා
කියන රහස කිමා
සැලෙන මෙවුල් දමා
විසුතුරු නැත නිමා
සැලෙන මෙවුල් දමා
විසුතුරු නැත නිමා

සුරඟන වෙස් වලා..
සලා උකුල් තලා
රඟන ලියන් බලා
නෙත් බිඟු මත් වෙලා
සුරඟන වෙස් වලා..
සලා උකුල් තලා
රඟන ලියන් බලා
නෙත් බිඟු මත් වෙලා
ඉඳු දුනු බැමි නිලා
දෙනයන ලං වෙලා
ඉඳු දුනු බැමි නිලා
දෙනයන ලං වෙලා
රසයට මං බලා
දන මන මත් කලා
රසයට මං බලා
දන මන මත් කලා

සුරඟන වෙස් වලා..
සලා උකුල් තලා
රඟන ලියන් බලා
නෙත් බිඟු මත් වෙලා
සුරඟන වෙස් වලා..

සලා උකුල් තලා
රඟන ලියන් බලා
නෙත් බිඟු මත් වෙලා

K.D.K. ධර්මවර්ධනයන් විසින් රචනා කරන ලද මෙම ගීතය එතුමා විසින් කණ්ඩායමක් වෙනුවෙන් රචනා කරන ලද එකම ගීතයයි. ගීතයෙන් කියවෙන්නේ ගුත්තිල මූසිල වීණා වාදනයේදී සුරඟනන්ගේ රංගනය බව සමහර විචාරකයන් පවසනවාක්ලැරන්ස් විජේවර්ධන ප්‍රමුඛ ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායම මෙම ගීතය සංගීතවත් කර ගායනා කරනු ලබනවා. ගීතයේ පසුබිම් සංගීතයේ ඇසෙන්නේ ‘ගුඳ ගුඳ ගුඳ, තකිත තකිත’ නම් බෙර පද තාලයකිඑය වාදනය කරනු ලබන්නේ ක්ලැරන්ස් විජේවර්ධනයන් විසින් ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට හඳුන්වා දුන් ඉලෙක්ට්‍රොනික් ගිටාරය උපයෝගී කරගෙනයි.)
www.jagathmarasinghe.com
25 10 2022



Powered by Blogger.